September, 26, 2022
‘Be Healthy, Be Active’ තේමාව කෙරෙහි ශ්රී ලාංකිකයන් තවත් දිරිගැන්වීමක්
සෞඛ්ය සම්පන්න ආහාර පාන නිෂ්පාදන රැසක් සමග ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ Prima Stella Dairy පෝෂණ සන්නාමයේ ‘Be Healthy, Be Active’ තේමාව තවත් සවිබල ගන්වමින් නව සන්නාම තානාපතිවරයා ලෙස ජනප්රිය ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න මහතා පත්කොට තිබේ.
Prima Stella Dairy පෝෂණ සන්නාමය සමග අත්වැල් බැඳගැනීම පිළිබඳ චාමික කරුණාරත්න මහතා සිය අදහස් දක්වමින් ‘ක්රියාශීලී සෞඛ්යසම්පන්න ජීවිතයක වටිනාකම ගැන පුංචි කාලයේ ඉඳලම මම ඉගෙනගෙන තියෙනවා. පුංචි කාලයේම ඉගෙනගත්ත ඒ හොඳ පුරුද්ද නිසා මට අද ජීවිතයේ මේ තරම් දුරක් එන්න පුළුවන් වෙලා තියෙනවා. Prima Stella Dairy සන්නාමයේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරන්නට ලැබුණ ආරාධනාව මම සතුටින් භාරගත්තේ ඔවුන් සැමවිටම සෞඛ්යසම්පන්න ක්රියාශීලී ජීවිතයක් ගත කිරීමටත් ශ්රී ලාංකිකයන් දිරිගන්වන නිසයි.’
වත්මන් ජාත්යන්තර ක්රිකට් පිටියේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ශ්රී ලාංකීය ක්රිකට් තරුවක් මෙන්ම ජාතික බැඞ්මින්ටන් ක්රීඩකයෙකු ලෙසත් හෙල්ල විසිකිරීමේ කණිෂ්ඨ ජාතික ශූරයෙකු ලෙසත් ක්රීඩාලෝලී හදවත් දිනූ චාමික කරුණාරත්න මහතා ශ්රී ලාංකීය ක්රීඩා ක්ෂේත්රයේ ජවසම්පන්න ක්රියාශීලී තරුණ ක්රීඩකයෙකි. පාසැල් සමයේ ද කොළඹ රාජකීය විද්යාලයේ කැපී පෙනෙන ක්රීඩා තරුවක් වූ චාමික මළල ක්රීඩා, බැඞ්මින්ටන් හා ක්රිකට් කණ්ඩායම් තුළ නායකත්ව ලක්ෂණ ප්රකට කරනු ලැබීය. පාසලේ ක්රීඩකයෙකු ලෙස ලබාගත හැකි ඉහළම කීර්තිය අත්පත් කරගත්තේ “Royal Crown Award” හෙවත් රාජකීය කිරුළ දිනාගැනීමෙහිලා සියළු තරකාරී අවශ්යතා සපුරාලූ රාජකීය විද්යාල ක්රීඩා ඉතිහාසයේ එකම ක්රීඩකයා බවට පත් වෙමිනි.
වැඩෙන දරුවන් හට සෞඛ්යසම්පන්න ක්රියාශීලීත්වයක් අත්කරදීමෙහිලා අත්යවශ්ය ප්රෝටීන් ඇතුළු පෝෂණ සංඝටක සහිත දේශීය එළකිරි යහගුණය සපිරි Prima Stella යෝගට් SLS සහතිකය දිනූ Prima Stella Dairy නිෂ්පාදන අතර කැපී පෙනෙන නිෂ්පාදනයකි. Prima Stella යෝගට් ඇතුළු Prima Stella Dairy නිෂ්පාදන දේශීය කිරිගොවියාගේ ජීවන තත්ත්වය උසස් කරමින් ශ්රී ලාංකිකයන් වෙත නැවුම් දේශීය එළකිරි යහගුණය සමීප කිරීමෙහිලා කීර්තිමත්ය.
Prima Stella Dairy වෙත නව සන්නාම තානාපතිවරයෙක් පත් කිරීම පිළිබඳ ප්රීමා ශ්රී ලංකා සමූහයේ සාමාන්යාධිකාරී ලෝරන්ස් චෑන් මහතා අදහස් දක්වමින් “ශ්රී ලංකාවේ අනාගතය භාරගැනීමට සිටින තරුණ පරපුර සෞඛ්යසම්පන්න ක්රියාශීලී ජීවිතයක් වෙනුවෙන් දිරිගැන්වීමට සැමදා වෙහෙසුනු Prima Stella Dairy වෙනුවෙන් නව සන්නාම තානාපතිවරයෙක් පත් කිරීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්ව සිටිනවා. අලූත් පරම්පරාවේ ආකර්ෂණය දිනාගත් ක්රීඩකයෙකු වන චාමික කරුණාරත්න මහත්මයා අප සමග අත්වැල් බැඳගැනීමත් සමග Prima Stella Dairy සන්නාමයේ තේමාව තවදුරටත් ජනතාව අතරට රැගෙන යන්න අපට හැකිවෙනවා.” යැයි පැවසීය.
Ceylon Agro Industries, ප්රීමා ශ්රී ලංකා සමූහයේ නියෝජ්ය සාමාන්යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින් “අලූත් පරම්පරාවේ ජවසම්පන්න ක්රියාශීලී ක්රීඩකයන් අතර චාමික කරුණාරත්න මහත්මයා දීප්තිමත්ව කැපීපෙනෙන ක්රීඩා පෞර්ෂයක්. Prima Stella Dairy සන්නාමයේ Be Healthy, Be Active තේමාව සමග චාමිකගේ ක්රීඩාශීලී ප්රතිරූපය හොඳින් මුසුවෙනවා. නව සන්නාම තානාපතිවරයෙක් පත් වීමත් සමග සෞඛ්යසම්පන්න ක්රියාශීලී ජීවිතයක වැදගත්කම අවධාරණය කරන Prima Stella Dairy අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් වුණා. ඒ හරහා අපේ රටේ ක්රීඩා ක්ෂේත්රයට තවත් දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් බිහිවේවි යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසීය.දේශීය එළකිරි යහගුණයෙන් දේශය පෝෂණය කිරීමෙහිලා කැපවෙමින් Prima Stella Dairy උසස්ම තත්ත්වයේ හොඳම නිෂ්පාදන පමණක් තම පාරිභෝගිකයන් වෙත ගෙන එයි.





September, 26, 2022
දශකයකට අධික කාලයක් පුරා දිවෙන සිය පරිවර්තනීය ගමන්මගේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයා කේන්ද්ර කරගත් බැංකුකරණය සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු නව සන්නාම අනන්යතාවය හඳුන්වා දෙන බව නිවේදනය කර සිටී.
HNB හි ප්රධාන බැංකු පද්ධති සඳහා වන පුළුල් වෙනස් කිරීම් සහ පරිපූර්ණ කුසලතා සංවර්ධන වැඩසටහනකින් HNB හි නව සන්නාම අනන්යතාවය සවිබල ගැන්වී තිබේ. සෑම බැංකු අවශ්යතාවයක්ම විශ්වසනීය ලෙස ඉටු කිරීමට අමතරව ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති පහසු, බාධාවකින් තොර විසඳුම් ලබා දෙන, බැංකුකරණය සඳහා නව, යාවත්කාලීන ප්රවේශයක් ප්රදර්ශනය කිරීම සඳහා මෙම නව සන්නාම අනන්යතාවය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”අපගේ නව සන්නාම අනන්යතාවය එළිදැක්වීම පිළිබඳව අප අතිශයින් සතුටු වනවා. ඒ සමඟින් අපගේ බැංකු සේවාවන්ට නව අරුතක් හා හැඟීමක් එක් කිරීමට එයට හැකිව තිබෙනවා. මෙම වෙනස්කම් අපගේ ශාඛා ජාලය හරහා ඔබට පැහැදිලිවම දැකගත හැකියි. ශ්රී ලංකාවේ බැංකුකරණයේ මීළඟ විප්ලවය සිදු කිරීම සඳහා දශකයක කාලයක් තිස්සේ අපගේ කණ්ඩායම්වල වෙහෙස මහන්සි වී වැඩ කිරීම හා කැපවීම ප්රතිඵලය මේ තුළින් පෙන්නුම් කරනවා.
”මේ මොහොත වන විට ශ්රී ලංකාවේ ආර්ථිකය අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකට පත්ව තිබෙනවා. අපගේ පරිවර්තනීය ගමන්මගේ තවත් වැදගත් පියවරක් වන මේ තුළින් අප අරමුණු කරන්නේ අපගේම කණ්ඩායම පසුගිය දශකය තුළ අත්කර ගත් අද්විතීය ප්රගතිය සැමරීම පමණක් නොව අපගේ ගනුදෙනුකරුවන්ට සහ අපගේ පාරිභෝගිකභවතුන්ට හා රටට ඒ තුළින් තව තවත් සේවාවන් සැපයීමයි. මෙම නව සන්නාම අනන්යතාවය දියත් කිරීමත් සමඟම මේ දක්වා බැංකු ක්ෂේත්රය වෙනුවෙන් අප විසින් සිදු කර ඇති පරිවර්තනීය වෙනස්කම් තුලින් අපගේ පණිවිඩය පැහැදිලි ඇති බව අප හිතනවා. ඒ සියල්ල තිබියදීත්, HNB ශ්රී ලංකාවේ අනාගතය කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව සිටින අතර සියලූම ශ්රී ලාංකිකයින්ගේ ප්රගතියේ සැබෑ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව සේවය කිරීමට කැපවී සිටිනවා.’’ යනුවෙනි.
HNB හි පරිවර්තනීය න්යාය පත්රය මගින් ව්යාපාර තිරසාර රාමුවක් තුළ ඇති ව්යාපාරයක දියුණුව, පාරිභෝගික අත්දැකීම්, ඵලදායිතාවය, පුද්ගල සංවර්ධනය සහ තාක්ෂණික හැකියාව යනාදි ප්රධාන සාධක කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඒ අනුව, බැංකුව එහි පාලනය, විශ්වාසය, අනුකූල වීම සහ අවදානම් කළමනාකරණ ව්යුහයන් උපායමාර්ගික ප්රතිසංස්කරණයකට ලක් කළ අතර 2004 දී ISO 9001 සහතිකය ලබා ගැනීම සඳහා පියවර රැසක් ද ගනු ලැබීය. පසුව, පාරිභෝගික ණය, එකතු කිරීම්, නැවත අයකර ගැනීම්, ණය මෙහෙයුම්, ණය පරිපාලනය සහ ආරක්ෂිත ස්ථාන ආදිය සඳහා මධ්යස්ථාන පිහිටුවමින් බැංකුව ප්රධාන බැංකු මෙහෙයුම් ඉතා කඩිනමින් මධ්යගත කළේය.
බැංකුවේ කණ්ඩායම් තුළ ධාරිතාවය වර්ධනය කරමින් අනාගතයට සූදානම් වන පරිදි එහි සේවා සංස්කෘතිය නවීකරණය කරන අතරතුර සේවාවන් සැලසුම් කිරීම මගින් බැංකුකරණය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා 2018 දී Project Everest හඳුන්වා දීම වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. COVID-19 වසංගතය හමුවේ ඇති වූ දැඩි බලපෑම් මධ්යයේ සබඳතා රහිත බැංකු විසඳුම්, ගෙවීම් සහ පියවීම් සඳහා පුළුල් ප්රවේශයක් ලබා දීම සඳහා HNB සිය ඩිජිටල් පරිවර්තනය තවදුරටත් වේගවත් කළේය. එම කාල පරිච්ෙඡ්දයේදී HNB විසින් අත්යාවශ්ය බැංකු සේවා සැපයීම සඳහා නිවසේ ආරක්ෂිතව හිඳිමින් රැකියා කටයුතු කිරීම සඳහා ඩිජිටල් වේදිකා සකස් කරන අතරතුර සිය ජංගම මුදල් පසුම්බිය වන HNB SOLO වැඩිදියුණු කිරීමට ද කටයුතු කළේය.
”දශකයක පමණ කාලයක සිට ශ්රී ලංකාවේ පමණක් නොව, ආසියානු කලාපය පුරා බැංකු විශිෂ්ඨත්වයේ නව ආදර්ශයක් සනිටුහන් කිරීමට HNB අප අධිෂ්ඨානශීලී ගමනක නිරතව සිටිනවා. සාඩම්බර උරුමයකට ද හිමිකම් කියන කීර්තිමත් බැංකුවක් වීමේ සිට අනාගතය සඳහා සූදානම් බැංකුවක් බවට පත් වීමට අවශ්ය අභියෝගාත්මක තීරණ ගැනීමට අපට අවශ්ය වුනා.
”අපගේ මෙම නව සන්නාමය අනන්යතාවය අනාගතය සඳහා වන සලකුණක්. එමගින් පාරිභෝගිකභවතුන්ගේ සිට ව්යවසායකයින්, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සහ විශාල සමාගම් දක්වා වූ සෑම ශ්රී ලාංකිකයෙකුටම ඕනෑම තැනක, ඕනෑම වේලාවක අපගේ සේවාවන් වෙත ප්රවේශ විය හැකි අතර කාර්යක්ෂම, කඩිනම් හා ඵලදායී සේවාවක් ද සහතික කරනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් අලස් මහතා වැඩිදුරටත් පැවසුවේය.
HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ඨත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.
තවද එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB ශ්රේණිගත කර ඇති අතර 2021 ජාත්යන්තර මූල්ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි කරගැනීමට ද බැංකුව සමත් විය. මීට අමතරව අඛණ්ඩව සිව්වන වරටත් ශී්ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට ද HNB තේරී පත් වී ඇත.
මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්රමුඛයින් සම්මානයට පාත්ර කිරීම සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.
September, 26, 2022
DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම තම බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන AIA රක්ෂණ සමාගමේ සහ මෙරට ප්රධානතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ හවුල්කාරීත්වයක් ලෙස ක්රියාත්මක වන බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයෝ පිරිසක් ඇගයීමට ලක් වූහ. 2019, 2020 සහ 2021 වසර වලදී මෙම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයේ සාර්ථකත්වයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ විශාල පිරිසක් වෙත මෙලෙස සම්මාන පිරිනමන ලදි.
DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ AIA රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය ඇතුළුව දෙපාර්ශ්වයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම හවුල්කාරීත්වය අන්යොන්ය වශයෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා හවුල්කාරීත්වයක් වන අතර, 2016 නොවැම්බර් මාසයේ සිට DFCC බැංකුවේ දීපව්යාප්ත ශාඛා ජාලය හරහා ගනුදෙනුකරුවන්ට AIA රක්ෂණ සමාගමේ රක්ෂණ සේවා මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
“ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවන්ට හොඳින්ම ගැළපෙන රක්ෂණ විසඳුම් සහ බැංකු සේවාවන් එකම වහලක් යටදී තරගකාරී මිලගණන් යටතේ ලබාදීම සඳහා අප මෙම දීර්ඝකාලීන බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වය පවත්වාගෙන යනවා. පසුගිය කාලය තුළ අපට සමාගම් දෙක තුළින්ම විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණා. එම දක්ෂතා නිසි ඇගයීමකට ලක්විය යුතුයි. එම නිසාම මේ ආකාරයට බැංකු රක්ෂණ සේවා සම්මාන උළෙලක් පැවැත්වීමට අප තීරණය කළා. ජයග්රාහකයන්ට සුබපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම, මෙම ජයග්රහණ අනෙක් සියලුම දෙනාට ආදර්ශයක් වනු ඇතැයි කියා මා සිතනවා. එමෙන්ම මෙය අපගේ සමාගම් දෙක අතර පවතින සමීප සම්බන්ධතාව ඇගයීමට ලැබුණු අගනා අවස්ථාවක්. තනිව වැඩ කරනවාට වඩා, සමාන ආකල්ප ඇති පාර්ශ්වයන් එකට එක්වී වැඩ කිරීම තුළින් වඩාත් ඉක්මනින් සාර්ථකත්වය ළඟා කරගැනීමට පුළුවන්.” DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
Annual CEO’s Club Awards, Central Sales Team Highest Volume Generated Team Leaders, MDRT Winners, Best Financial Planning Executive, Million Club Awards, Best New Entrant Branch, Most Productive Branch, Highest Long-Term Branch, Best Bancassurance Sales Manager, Best Regional Manager, Best Branch සහ Top Introducer Awards යන කාණ්ඩ යටතේ මෙහිදී සම්මාන පිරිනමන ලදි. ඇතැම් කාණ්ඩ වලට අදාළ සම්මාන DFCC බැංකුවට සහ AIA රක්ෂණ සමාගමට වෙන් වෙන්ව පිරිනැමුණු අතර, අනෙකුත් කාණ්ඩ සඳහා වූ සම්මාන දෙපාර්ශ්වයට පොදුවේ පිරිනැමිණි.
“මෙය අප සමාගම් දෙකේ දීර්ඝකාලීන හවුල්කාරීත්වය මෙන්ම එහි සාර්ථකත්වයට උරදුන් දක්ෂයන් ඇගයීමට ලැබුණු මහඟු අවස්ථාවක්. ශ්රී ලංකාවේ පැරණිතම මෙන්ම වඩාත්ම ඉදිරිගාමී ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් සමග මෙවැනි හවුල්කාරීත්වයක් පවත්වාගෙන යාමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය දෙපාර්ශ්වයේ ශක්තීන් එක්තැන් කරමින් සාමූහිකව ජයග්රහණය කරා යන ගමනක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම සම්මාන උළෙලේදී ජයග්රහණ හිමිකරගත් සියලුම දෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා. මෙය අප සියලු දෙනාම විශිෂ්ටත්වය කරා යාමට දිරිමත් කරනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.” AIA රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය පැවසුවා ය.
සමස්තයක් වශයෙන්, ශ්රී ලංකාව මුහුණ දී සිටින මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ වත්කම් කළමනාකරණය, විශ්රාම සැලසුම්, සෞඛ්ය රක්ෂණ සහ උසස් අධ්යාපන සැලසුම් ප්රවර්ධනය කරමින් සිදුකළ සුවිශේෂී කාර්යභාරය අගයමින්, දෙපාර්ශ්වයේ විශිෂ්ටයන් වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී සම්මාන 182 ක් පිරිනමන ලදී. සම්මාන උළෙලේ ප්රධාතම සම්මාන කාණ්ඩයක් වූ ‘විශිෂ්ටතම ශාඛාව’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාව, මාතර ශාඛාව සහ බණ්ඩාරගම ශාඛාව වෙත හිමි විය. මෙහි තවත් ප්රධානතම කාණ්ඩයක් වූ ‘Top Introducer’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාවේ සමිත ජයතිලක (2019), කළුතර ශාඛාවේ විරාජ් උඩුගම (2020) සහ මාතර ශාඛාවේ ධනංජය නන්දසිරි (2021) විසින් දිනාගන්නා ලදි.
ඉදිරියටත් තම විශිෂ්ටතම විසඳුම් හා සේවාවන් දිවයින පුරාම ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම ලෙස පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම එක්ව කටයුතු කරනු ඇත. පවතින අභියෝග සහ ආර්ථික ගැටලු හමුවේ වුවද බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා දෙපාර්ශ්වය මේ වනවිටත් ක්රමෝපායික පියවර රැසක් ගෙන තිබේ.

ඡායාරූපය: DFCC බැංකුවේ මාතර ශාඛාවට 2021 වසර සඳහා (පළමු කාණ්ඩය යටතේ) විශිෂ්ටතම ශාඛාව සම්මානය හිමි වූ අවස්ථාව
September, 26, 2022
සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප්රකට Great Place to Work® විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ශ්රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයා මෙම විශ්ලේෂණයේදී පසුගිය වසරේදී මෙන්ම 2022 වසරේදී ද පිට පිටම විශ්වාසවන්ත දර්ශකයේ (Trust Index) ලකුණු පහක් වැඩිපුර ලබාගෙන Great Place to Work®සමස්ත වර්ගීකරණයෙහි සමාගමේ ස්ථානය ශක්තිමත් කර ගැනීමට සමත්වී තිබීම කැපී පෙනේ.
මෙම විශ්ලේෂණය සිදුකිරීමට විශ්වාසවන්ත දර්ශක සමීක්ෂණයක් (Trust Index© Survey) මගින් මූලධර්ම පහක් (විශ්වාසවන්තභාවය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය සහ මිත්රශීලීභාවය) පදනම් කරගනිමින් සේවකයින්ගේ අත්දැකීම පිළිබඳව තක්සේරුවක් සහ සංස්කෘතික විගණන (Culture Audit©) කළමනාකරණ ප්රශ්නාවලියක් මගින් දැනට සිටින පිරිස්වල ක්රියාමාර්ග පිළිබඳව තක්සේරුවක් සිදුකරයි.
Great Place to Work® සහතිකකරණය ලබාගැනීම සඳහා අවශ්ය ගෝලීය තක්සේරු ප්රමිතීන් සෙලින්කෝ ලයිෆ් 2020 සහ 2021 වසර වලදී ද ලබාගත් අතර ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ අංශයේ (BFSI) සමාගම් අතුරින් 2021 වසරේදී හොඳම සේවා ස්ථාන 10 අතරට පත්විය.
නවතම සමීක්ෂණයේදී ‘ආයතනික ප්රතිරූපය’, ‘අර්ථවත් වටිනාකම්’ සහ ‘අවංකභාවය’ යන සලකා බැලූ ප්රධාන අංශ යටතේ සෙලින්කෝ ලයිෆ් සමාගම ඉහළම වර්ගීකරණයක් ලබාගෙන තිබෙන අතර ‘කළමනාකරණ හැකියාව’, ‘සේවය කිරීමට කායිකව සුරක්ෂිතභාවය’, ‘කළමනාකරණ දැක්ම’ සහ ‘විශ්වසනීයත්වය’, යන කරුණු අතරින් හොඳම සේවා ස්ථාන අතර ප්රමුඛස්ථානයකට පත්වීමටද සමාගම සමත්වී තිබේ. සමාගම සඳහන් කරන්නේ කාන්තා පිරිමි සියළු සේවකයින්ට සමාන අවස්ථාක් ලබාදෙන සේවා ස්ථානයක් ලෙසින් මෙහිදී සෙලින්කෝ ලයිෆ් ඇගයීමට ලක්වී තිබෙන බවයි. මෙම සමීක්ෂණය සඳහා සමාගමේ 100% ක්ම පූර්ණ කාලීනව සේවය කරන සේවකයින් සම්බන්ධ කරගෙන තිබේ.
‘සේවකයින් සහ කළමනාකාරීත්වය අතර විශ්වාසය තහවුරු කරගෙන කටයුතු කිරීම වැදගත් වන අතරම අභියෝගාත්මක කාලයක එහි වැදගත්කම තවත් වැඩි වනවා.’ යනුවෙන් මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘මේ නිසා, අපගේ විශ්වාසවන්තභාවය පිළිබඳ දර්ශකය විශාල අභියෝග පැවති පසුගිය වසර දෙකක කාලය තුළදී අඛණ්ඩව වර්ධනය කරගැනීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. සෙලින්කෝ ලයිෆ් විසින් සේවා ස්ථානයේ සංස්කෘතිය වඩාත් යහපත් අයුරින් දියුණු කිරීමට කැපවී සිටින බව මෙම සමීක්ෂණය මගින් නැවතත් සහතික කර තිබෙනවා.’
Great Place to Work® ඉහළ විශ්වාසය සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයීම සඳහා ගෝලීය වශයෙන් නායකත්වය ලබා සිටී. විශිෂ්ට සේවා ස්ථාන දර්ශක සහ සේවා ස්ථාන සමාලෝචන ඇතුළු හිමිකාර ඇගයුම් මෙවලම්, උපදේශන සේවාවන් සහ සහතිකරණ වැඩසටහන් ඔස්සේ Great Place to Work® විසින් තිරසාර සහ පිළිගැනීමට ලක්වන සේවා ස්ථාන සංස්කෘතීන් පිළිබඳ විශේෂත්වයන්, ආකෘතීන් ආදිය ලබාදේ.
2022 වසරේ දී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සහ 2021 වසරේ ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
September, 26, 2022
ඡායාරූප ශිල්පයේ කලාත්මක වටිනාකම, ශිල්පීය වැදගත්කම, විද්යාත්මක බව සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳ අවබෝධ කර ගනිමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC විසින් පසුගියදා ජාත්යන්තර ඡායාරූප දිනයට සමගාමීව සමාජ මාධ්ය ජාලය හරහා තරගයක් පවත්වන ලදි.
මෙම තරගය පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC අලෙවි ප්රධානී උදාර ගුණසිංහ මහතා ”අපගේ ගනුදෙනුකරුවන්ට උසස් මූල්ය සේවාවක් සහතික කිරීමට අප කටයුතු කරන අතරම ජීවිතයේ වැදගත් අවස්ථා අත්විදීමටද අවස්ථාව ලබාදෙනවා. මෙවර ජාත්යන්තර ඡුායාරූප දිනයට සමගාමීව සංවිධානය කළ මෙම තරඟාවලිය තුළින් අප බලාපොරොත්තු වුණේ වැදගත් අවස්ථා ඡුායාරූපගත කළ ඔබට ත්යාග දිනා ගැනීමට අවස්ථාවක් උදාකර දීමයි.”
තරඟයට ඇතුළත් වීම සඳහා සහභාගිවන්නන් HNB FINANCE හි Facebook සහ Instagram ගිණුම් වෙත පිවිස එහි උපදෙස් පරිදි තරගයට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලදි. ඕනෑම අයෙකුට DSLR කැමරාවක් හෝ දුරකථන කැමරාවක් හරහා තම කැමැත්ත මත හෝ වෘත්තීයමය වශයෙන් අහඹු ලෙස ලබා ගත් පවුලේ අය සමඟ ගතකල විශේෂ අවස්ථාවක් හෝ ත්රාසජනක මොහොතක් සහිත ඡුායාරූප මේ සඳහා ඉදිරිපත් කළ හැකි විය.
තරඟය 2022 අගෝස්තු 18 වන දින අවසන් වූ අතර ජයග්රාහකයින් 2022 අගෝස්තු 19 වන දින ප්රකාශයට පත් කළේය. ඒ අනුව නිර්මාණශීලීත්වය සහ එක් ඡායාරූපයක් වෙනුවෙන් ඔවුන් දැක්වූ කුසලතාව සහ දායකත්වය මත පදනම්ව ජයග්රාහකයින් තෝරා ඔවුන්ට වටිනා ත්යාග පිරිනමන ලදී.

September, 26, 2022
ශ්රී ලංකාව විදෙස් රටවලට පියවීමට ඇති සමස්ත විදේශ ණය ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 14 ක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියි.
මන්ත්රීවරයා මේ බව පවසා සිටියේ සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීමට පසුගිය දා එක් වෙමිනි.
ආණ්ඩුව මේ පිළිබඳව ජනතාවට අනාවරණය කරේ ප්රථම වරට බව ද, ඔහු එහි දී පවසා සටියේය.
"පලවෙනි වතාවට ආණ්ඩුව කියනවා මේ ණය ප්රමාණය බෙදිලා තියෙන්නේ කොහොම ද කියලා. ඇත්ත වශයෙන්ම මමත් මේක දැනගත්තේ ඊයේ හැන්දෑවේ. මොක ද මෙච්චර කල් අපිත් මේක දැනගෙන හිටියේ නැහැ. නොයෙකුත් රටවල්වලට අපිට තියනවා ණය ඇමරිකන් ඩොලර් බිලියන 14 ක්. මේ ණය වලින් බිලියන 7.3 ක් හෙවත් 52% ක් තියෙන්නේ චීනයට. ජපානයට බිලියන 2.7 ක් හෙවත් 19.5% ක්. ඊට පස්සේ ඉන්දියාවට තියනවා බිලියන 1.7ක් හෙවත් 12% ක්. කොහොම ද මේක අපි ගෙවන්නේ, මේ අවුරුද්දේ මේ රට 8.7% කින් අවම වශයෙන්වත් ආපස්සට යනවා. කර්මාන්තශාලා වැහෙනවා. රැකියා අඩු වෙනවා."
September, 26, 2022
තිරසාරභාවය සඳහා ඇති කැපවීම යළි යළිත් තහවුරු කරමින් ශ්රී ලංකාවේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා වන හේලීස් සමූහයට අනුබද්ධිත Alumex හරිත හෙටක් සඳහා වූ සිය මුලපිරීමෙහි එක් පියවරක් ලෙස ඉවතලන ඇලූමිනියම් බීම කෑන් (UBCs) එකතු කර නැවත භාවිතා කිරීමේ නියමු ව්යාපෘතියක් මෑතකදී දියත් කරන ලදී.
Alumex විසින් විශාල වශයෙන් ජනාකීර්ණ දිස්ත්රික්කයන්හි ප්රධාන ස්ථාන වල භාවිත කරන ලද ඇලූමිනියම් බීම කෑන් එකතු කිරීමට විශාල බහාලූම් පිහිටුවා ඇති අතර දිවයින පුරාම මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම මුලපිරීම මගින් ඇලූමිනියම් අපද්රව්ය නැවත භාවිත කළ හැකි පරිදි ප්රයෝජනවත් ලෙස බැහැර කිරීමට ජනතාව දිරිගන්වන අතර එමඟින් අප අවට වටපිටාව පිරිසිදුව සහ සිත් ගන්නා සුළු ලෙස පවත්වාගත හැකිය. එමෙන්ම ජල සම්පත අපවිත්ර වීම පාලනය කිරීමටද මෙය කඳිම විසදුමකි.
”ආයතනික හර පද්ධතියක් මත ගොඩනගා ඇති Alumex හි ප්රධානතම වටිනාකමක් වන්නේ යහපත් පුරවැසිභාවයයි. Hayleys Lifecode අනුව ඉදිරියට යන අප ජාතික දළ දේශීය නිෂ්පාදිතයට දායක වන තිරසාර ව්යාපාරයක් ගොඩනැගීමට පමණක් උත්සහ නොගන්නා අතර පරිසරය සුරැකීම වෙනුවෙන් ද සකී්රයව දායක වෙනවා.”
”අමුද්රව්ය චකී්රය ලෙස භාවිතා කිරීම යනු ලොව පුරා කර්මාන්ත ක්ෂේත්රය තුළ කතා බහට ලක්වන ප්රධාන මාතෘකාවක්. අපගේ අත්දැකීම් හරහා ගෝලීය මිශ්ර ලෝහ ප්රමිතීන් පිළිපදිමින් අපගේ නිෂ්පාදන ක්රියාවලියේදී ඉවතලන ඇලූමිනියම් බීම කෑන් නැවත භාවිතා කරන්න පුළුවන්. මේ තුළින් ගෝලීය වෙළඳපොළට කාබන් පියසටහන් අවම කළ නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට හැකි වීමද සුවිශේෂීතාවයක්.” යනුවෙන් Alumex හි කළමනාකාර අධ්යක්ෂ ප්රමුක් දැදිවෙල මහතා පැවසුවේය.
Aluminum Stewardship Initiative හි නිෂ්පාදන හා පරිවර්තන අංශයේ නවතම සාමාජිකයා වන Alumex යනු ප්රමිතීන් සහතික කිරීම වෙනුවෙන් කැප වූ පළමු ශ්රී ලාංකික ඇලූමිනියම් නිෂ්පාදකයා වන අතර වගකීම් සහිත නිෂ්පාදන, මූලාශ්ර සහ භාරකාරත්වය පෝෂණය කිරීම සඳහා සාමාජිකයින් සමඟ එක්ව කටයුතු කරනු ඇත.
Alumex ඉතා මෑතක දී Asia Integrated Reporting Awards හි විනිවිදභාවය සහ පාලනය සඳහා වූ දැඩි කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක් වූ අතර තම වටිනාකම් නිර්මාණය කිරීම පිළිබඳව පාර්ශවකරුවන්ට සංක්ෂිප්තව සන්නිවේදනය කිරීම වෙනුවෙන් Integrated Report (SME) කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඡායාරූපය: (වමේ) ඉවතලන කෑන් එකතු කිරීම සඳහා සකස් කරන ලද බඳුන්, (දකුණේ) Alumex කළමනාකාර අධ්යක්ෂ ප්රමුක් දැදිවෙල මහතා ප්රථම වරට ගම්පහ ප්රදේශයේ සකස් කරන ලද බඳුනක් භාවිතා කරමින්.
September, 26, 2022
ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්ය සහ නියෝජිත කණ්ඩායමේ ප්රධානී ගරු එම්. අලි සබ්රි මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්රකාශය
සභාපතිතුමනි,
මහලේකම්තුමනි,
සම්භාවනීය අමුත්තනි,
නෝනාවරුනි, මහත්වරුනි,
වසංගතයෙන් අනතුරුව වසර දෙකකට පසු ලෝක නායකයින් පුද්ගලිකව රැස්වීමක් සඳහා එක්රැස් කරන සැසියක් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා ශ්රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි.
වත්මන් සැසියේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ ක්සාබා කොරොසි මැතිතුමාට සුබපැතුම් පිරිනැමීමේ ගෞරවය මට ලබා දෙන්න. සභාපතිතුමනි, ඉදිරි වසර තුළ දී ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ සමීපව කටයුතු කිරීමට ශ්රී ලංකාව අපේක්ෂා කරයි.
මාලදිවයිනේ අබ්දුල්ලා ෂාහිඩ් මැතිතුමා 76 වැනි සැසිවාරය සඳහා ලබා දුන් විශිෂ්ඨ නායකත්වය වෙනුවෙන් අපගේ ප්රශංසාව ද පුද කරමි. මාලදිවයිනේ සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස, අපට නව ශුභවාදී බවක් සහ ජවයක් ලබා දුන් එතුමාගේ අපේක්ෂාවේ සභාපති ධූරය පිළිබඳව අපි විශේෂ කෘතඥතාව පළ කරමු. මෙය මත ගොඩ නඟමින්, සහයෝගීතාවය, තිරසාරභාවය සහ විද්යාව තුළින් විසඳුම් සෙවීම සඳහා වූ අපගේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව සභාපතිවරයාගේ දැක්ම වෙත අපි ගමන් කරමු.
සභාපතිතුමනි,
මීට වසර හැත්තෑ හතකට පෙර, දෙවන ලෝක සංග්රාමයේ සටන් බිම නිහඬ වූ නමුත් එහි භීෂණය ලොව පුරා දෝංකාර දෙන අතරතුර දී, පැරණි ලෝක පිළිවෙලෙහි නටබුන් අතරින් නව ලෝක පිළිවෙලක් මතු විය. සැන් ෆ්රැන්සිස්කෝ සමුළුවේ දී ජාතීන් 50ක් විසින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය මගින් එම නව ලෝක පිළිවෙල ප්රකාශයට පත්විය. සෑම රාජ්යයකටම අසුන් ගත හැකි මේසයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, සැමට සවන් දිය හැකි සහ සැම දෙනාම එක හා සමානව වැදගත් වන සංසදයකි. බහුපාර්ශ්වික සංකල්පය වන මෙය රාජ්යතාන්ත්රිකභාවයේ මූලික දේශපාලන මූලධර්මයකි. බහුපාර්ශ්වික රාජ්යතාන්ත්රිකභාවය ගෙවතු වගාවට සමාන බව කියනු ලැබේ; ඔබ සිටුවන්න, බලා සිටින්න, බීජ වපුරන්න, බලා සිටින්න, යම් අවස්ථාවක දී ඔබ අස්වැන්න කපා ගන්න. බහුපාර්ශ්විකවාදයේ දී, අපි එකිනෙකා සමඟ කතා කරමු, අපි විශ්වාසය සහ පැහැදීම පිළිබඳ සම්බන්ධතාවයක් වර්ධනය කර ගනිමු, යමක් සිදුවුවහොත්, ඒ පිළිබඳව කටයුතු කිරීමට අවශ්ය පදනම ඔබ සතුව පවතී.
සම්භාවනීය මැතිවරුනි,
ලෝකය සංකීර්ණ, අන්තර් සම්බන්ධිත අභියෝග රාශියකට මුහුණ දී සිටී. වර්තමාන ගෝලීය අර්බුද හේතුවෙන් වසංගතයේ දුරදිග යන බලපෑම් තවදුරටත් උග්ර වී ඇත. අනෙකුත් කරුණු අතර, “දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ ඉහළ යන පරිසර දූෂණය යන ත්රිත්ව ග්රහලෝක අර්බුදයේ” අන්යෝන්ය ප්රතිඵලයක් ලෙස “ගෝලීය ගින්න පිළිබඳ පංචවිධ අනතුරු ඇඟවීම” ලෙස මහලේකම්වරයා විසින් සඳහන් කර ඇති කරුණුවල විනාශකාරී ප්රතිවිපාක මගින් මෙම අවදානම් උග්ර වී ඇත. ඊට අමතරව, ආන්තික කාලගුණික රටාවල ප්රතිඵලයක් ලෙස ජීවිත, දේපළ සහ වාසස්ථාන අහිමි වීම, ස්වේච්ඡාවෙන් සිදුවන මිනිස් අවතැන්වීම් සහ ඒ සමඟ ඇති වන ආහාර හා බලශක්ති අර්බුදයක් ද අපි අත්දකිමු.
මෙම ප්රවණතා මඟින්, රාජ්යයන් තුළ සහ රාජ්යයන් අතර අසමානතාවයන් ගැඹුරු කිරීමට තුඩු දෙන බව සිතීම අපහසු නොවේ. ප්රමාණවත් ප්රාග්ධනයක් සඳහා ප්රවේශය නොමැතිකම හේතුවෙන්, රජයන්ගේ ණය පැහැර හැරීම් සහ මූල්ය කඩාවැටීම්වලට මුහුණපාමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ඒවායේ ආර්ථිකයන් දැඩි අවදානමකට ලක්ව ඇති අතර, ජනතාව ඉහළ යන දරිද්රතාවයට, විරැකියාවට සහ කුසගින්නට මුහුණ දෙති. එහි ප්රතිඵලයක් ලෙස, විශේෂයෙන් දරුවන්ගේ පෝෂණ මට්ටම කෙරෙහි බලපෑම් එල්ල වෙමින් ඔවුන්ගේ අධ්යාපනය හා බුද්ධිමය දියුණුව අඩාල වේ. අපගේ උපරිම උත්සාහය පැවතියද, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හෝ දැනටමත් ලබාගෙන ඇති ජයග්රහණ පවත්වා ගැනී සඳහා වන අපගේ සාමූහික හැකියාව, වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතී.
සභාපතිතුමනි,
පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමෙන් අනතුරුව, ශ්රී ලංකාව තුළ සැලකිය යුතු අන්දමේ වෙනස්කම් සිදුවී ඇත්තේ මෙම අභියෝගාත්මක ගෝලීය පසුබිම තුළ ය. අප මුහුණ දෙන බාහිර හා අභ්යන්තර අභියෝග මඟින් අපගේ ජනතාවට ප්රකෘතිමත් වීමට සහ සමෘද්ධියට තුඩු දෙන දේශපාලන, සමාජ හා ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් සපයයි. අනාගතය සඳහා අපගේ සාමූහික දැක්ම වන, සියලුම ශ්රී ලාංකිකයන් සඳහා වඩාත් සාධාරණ, තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් ‘වඩා යහපත් ලෙස නැවත ගොඩනැගීම’ සඳහා අවස්ථාවක් සාක්ෂාත් කරගත යුතු මොහොත මෙය බව ශ්රී ලංකාව විශ්වාස කරයි. අප මේ ගමන ආරම්භ කරන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්යන්තර ප්රජාවේ සහයෝගය සහ සහයෝගය අපි අපේක්ෂා කරමු.
රට තුළ පැවති දීර්ඝ කාලීන සමාජ නොසන්සුන්තා සහ විරෝධතාවලින් පසුව, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාවේදී ප්රකාශ කළේ, (උපුටා දැක්වීම) “ජාතිය ඉල්ලා සිටින සමාජ හා දේශපාලන ප්රතිසංස්කරණ මම ක්රියාත්මක කරමි” (උපුටා දැක්වීම අවසන්) යනුවෙනි. මෙම ක්රියාමාර්ගවලට, වත්මන් ක්රියා පටිපාටි සමාලෝචනය, ප්රජාතන්ත්රවාදී පාලනයේ ආයතනික රාමුව ශක්තිමත් කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ප්රතිෂ්ඨාපනය කිරීම සඳහා හදිසි ක්රියාමාර්ග අනුගමනය කිරීම ඇතුළත් වේ. මෙය කළ හැක්කේ අප විසින් මූල්ය විනය හා දුරදිග යන ආර්ථික හා ආයතනික ප්රතිසංස්කරණ දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් බව අපි තේරුම් ගෙන ඇත්තෙමු.
සභාපතිතුමනි, අපි ඒ ක්රියාවලිය සඳහා කැප වී සිටින්නමු.
යෝජිත ව්යවස්ථාදායක සහ ව්යවස්ථාමය සංශෝධන හරහා ස්වාධීන අධීක්ෂණ ආයතන මෙන්ම වැඩි දියුණු කරන ලද මහජන පරීක්ෂාවක් තුළින් ප්රජාතන්ත්රවාදී පාලනය ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. යුක්තිය සඳහා ප්රවේශය ලබා දීමේදී විනිවිදභාවය, අඛණ්ඩතාව, වගවීම සහ සියල්ල ඇතුළත් බව සහතික කිරීම සඳහා නීතිමය සහ පරිපාලන රාමු ශක්තිමත් කෙරේ. මෙම ක්රියාවලියේ දී කාන්තාවන්ගේ සහ තරුණ තරුණියන්ගේ වැඩි සහභාගීත්වයක් සහතික කෙරෙනු ඇත.
සභාපතිතුමනි,
මෑත අතීතයේ සිදු වූ සිදුවීම් පිළිබඳව අපි දැනුවත්ව සහ දැඩි ලෙස සංවේදීව සිටිමු. අපේ ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික දුෂ්කරතා පිළිබඳව රජය අතිශයින් සංවේදී ය. ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ අවබෝධයකට පැමිණීම පිළිබඳව අපි සතුටු වන්නෙමු. සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීම සඳහා අප පියවර ගෙන ඇති අතර, මෙම ආර්ථික ප්රතිසංස්කරණ මඟින් ඔවුන්ගේ ජීවිතවලට අවම බලපෑමක් ඇති කරන බවට සහතික කිරීම සඳහා උත්සාහ දරන්නෙමු. අපගේ ආයතන සහ සමාජය ඉතා දුෂ්කර තත්වයන් හමුවේ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත.
අප සැවොම පරිශුද්ධ යැයි සලකන, අදහස් ප්රකාශ කිරීමේ නිදහස සඳහා කෙනෙකුට මූලික අයිතියක් ඇති බව අපි කොන්දේසි විරහිතව පිළිගනිමු. කෙසේ වෙතත්, මෙම නිදහස ආණ්ඩුක්රම ව්යවස්ථාමය අනුපිළිවෙල තුළ පැවතිය යුතු වන අතර, නීතියේ සීමාවන් තුළ තම අදහස් ප්රකාශ කිරීම පිළිබඳ මූලික යුතුකම සැලකිල්ලට ගනිමින් එය ක්රියාත්මක කළ යුතු බව ද වටහා ගත යුතුය.
සභාපතිතුමනි,
කොවිඩ්-19 වසංගතයෙහි මානව සෞඛ්ය බලපෑම පාලනය කිරීම සඳහා වූ ශ්රී ලංකාවේ ජාතික ව්යාප්ත උපායමාර්ගය රජය විසින් ක්රියාශීලීව සහ වෙනස් කොට සැලකීමකින් තොරව ගන්නා ලද ක්රියාමාර්ගවල ප්රතිඵලයක් ලෙස සහ අපගේ ශක්තිමත් සෞඛ්යය රැකවරණ යටිතල පහසුකම් ඵලදායී ලෙස ලබා දීමේ හැකියාව හේතුවෙන් බොහෝ දුරට සාර්ථක වී ඇති බව මෙම උත්තරීතර සභාවට දැනුම් දීමට මම සතුටු වෙමි. අපගේ එන්නත් කිරීමේ මෙහෙයුම, ලෝක සෞඛ්ය සංවිධාන ඉලක්ක ඉක්මවා ගොස් ඇත. කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපි වසංගතයේ ආර්ථික බිඳවැටීමට විශාල වශයෙන් ගොදුරු වූයෙමු. ගෝලීය සෞඛ්ය ජාල හරහා වන බහුපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරමින්, අප විසින් ප්රයෝජනයට ගත යුතු අනාගතය සඳහා කවුළුවක් වෛරසය විසින් විවෘත කොට ඇත.
සභාපතිතුමනි,
දේශගුණික විපර්යාස පිළිබඳ අංශය දෙසට මොහොතකට හැරෙන්නට මට අවසර දෙන්න. දේශගුණික අවදානම් සහිත රටක් ලෙස, දේශගුණික විපර්යාස ශ්රී ලංකාවේ සමාජ-ආර්ථික ප්රගතියට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට සහ ජීවනෝපායන් කෙරෙහි අහිතකර ලෙස බලපෑමට හැකියාවක් පවතී. 2050 වසර වන විට කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීම සඳහා විමෝචනය අඩු කිරීමේ අරමුණින් යුතුව, පසුගිය වසරේ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය වෙත වෙත ඉදිරිපත් කරන ලද පැරිස් ගිවිසුමේ සහ අපගේ යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයේ (NDC) ඉලක්ක සපුරාලීම සඳහා ශ්රී ලංකාව ප්රතිඥා දී ඇත. මෙම කැපවීම් මඟින්, හරිත ආර්ථික සංවර්ධන අරමුණු කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු. ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයේ ඉලක්ක සපුරා ගැනීම සහ පුනර්ජනනීය සහ තිරසාර බලශක්ති සහ බලශක්ති කාර්යක්ෂමතා පියවරයන් වෙත අනුරූප බලශක්ති සංක්රමණය ක්රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු අන්දමේ දේශගුණික මූල්යකරණයක් අවශ්ය වන බව අපි වටහාගෙන ඇත.
සභාපතිතුමනි,
අපට මෙය තනිවම කළ නොහැක්කක් බව ඔබට වැටහෙනු ඇත. අපගේම උත්සාහයට සමගාමීව, ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් ඔවුන්ගේ කැපවීම් ඉටු කළ යුතු වන අතර, පොදු නමුත් වෙනස් වූ රාමුවක් යටතේ අනුවර්තනය වීමේ සහ අවම කිරීමේ පියවරයන් සඳහා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සහාය විය යුතු බව අපි විශ්වාස කරමු. දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලින් සාධාරණ, තිරසාර, ඔරොත්තු දෙන සහ සියල්ල ඇතුළත් ප්රකෘතිමත් වීමක් කරා සහ බලශක්ති සංක්රාන්තිය සඳහා අප කටයුතු කළ යුතුය.
සාගරය දෙසට හැරෙන කල, සභාපතිතුමනි, දූපත් රාජ්යයක් වශයෙන් අප සාගර පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සංවේදී වීම ඔබ අගය කරනු ඇත. ගොඩබිම් සම්පත් මත ඇති වන ශීඝ්ර පීඩනයත් සමඟ ආහාර සුරක්ෂිතතාව සඳහා පමණක් නොව කර්මාන්ත සහ බලශක්ති සඳහා වන අමුද්රව්ය ප්රභවයක් ලෙස, පැවැත්ම සඳහා ලෝකය සාගර දෙසට හැරෙමින් තිබේ. තිරසාර සංවර්ධන ඉලක්ක 14 ට අනුකූලව සාගර සහ එහි සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා අපි කැපවී සිටිමු. මේ වසරේ මැයි මාසයේදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී, දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම සඳහා කුඩා නමුත් සැලකිය යුතු අන්දමේ ස්වභාවධර්මය පාදක වූ විසඳුමක් ගෙන ඒම ගැන අපි සතුටු වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 1 වන දින ලෝක මුහුදු පැලෑටි දිනය ලෙස ප්රකාශයට පත් කිරීම සඳහා එය හේතු විය. වැදගත් කාබන් අවශෝෂකයක් වන මුහුදු පැලෑටි, නිවර්තන වැසි වනාන්තරවලට වඩා සැලකිය යුතු ප්රමාණයකින් කාබන් අවශෝෂණය කරයි.
සභාපතිතුමනි,
2030 වන විට ලෝකය ‘කුසගිනි ශූන්යය’ සාක්ෂාත් කර ගැනීම සඳහා නියමිත සන්ධිස්ථාන කරා නොපැමිණීමේ සම්භාවිතාවක් ඇත. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව විශාල අවදානමකට ලක්වනු ඇතැයි පුරෝකථනය කොට ඇත. ශ්රී ලංකාව මෙම අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලද අංශයක් බවට තිරසාර පරිවර්තනයක් සඳහා ශ්රී ලංකාව සහාය දෙන අතර, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ ආහාර නිෂ්පාදනය දිරිමත් කරයි. ශ්රී ලංකාව ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කර ඇත්තේ කිසිදු පුරවැසියෙකු ආහාර හිඟය නිසා පීඩාවට පත් නොවිය යුතු බවත්, කිසිදු දරුවෙකු මන්දපෝෂණයට ගොදුරු නොවිය යුතු බවත් සහතික කිරීමේ ද්විත්ව අරමුණු සහිතවය.
සියලුම සමාජ-ආර්ථික පසුබිම්වල දරුවන්ට හොඳ සෞඛ්යයක් භුක්ති විඳිය හැකි බව සහතික කිරීම සඳහා ප්රමාණවත් පෝෂණය අත්යවශ්ය සහ ඉතා වැදගත් වේ. සැමට ගුණාත්මක අධ්යාපනයක් සහ සෞඛ්ය සේවාවක් සැපයීම, ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්රතිපත්තිවල හරය වන අතර, කොවිඩ්-19 වසංගතය තුළ ‘ගෝලීය ඉගෙනුම් අර්බුදවල’ බලපෑම් අවම කිරීමට ශ්රී ලංකාවට හැකි වූ පදනම එමඟින් සපයන ලදී. අධ්යාපනය ලබා දීම ඩිජිටල් පද්ධති වෙත සීඝ්ර ලෙස පරිවර්තනය වීම, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්යාපන ක්රමය තුළ විශ්වීය ප්රවේශය, සහභාගීත්වය සහ පැවැත්ම සඳහා තර්ජනයක් විය. ශ්රී ලංකාවේ ඉලක්කය වන්නේ මෙම ඩිජිටල් බෙදීම සමනය කිරීම සහ කිසිදු දරුවෙකු අතහැර නොයන බවට සහතික කිරීමයි.
සභාපතිතුමනි,
දැඩි අභියෝග මධ්යයේ වුවද, තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්යාය පත්රය සාක්ෂාත් කර ගැනීම සඳහා අප ලබා ඇති සැලකිය යුතු ප්රගතිය දිගටම පවත්වා ගැනීමට අපි උත්සාහ දරන්නෙමු. තිරසාර සංවර්ධන දත්ත ලබා දීම පිළිබඳ අපගේ ප්රයත්නයන් මගින් ආසියා-පැසිෆික් කලාපයේ ප්රමුඛ ස්ථානයකට අපව පත් කර ඇති අතර, එමඟින් අනාගතයේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ප්රතිපත්ති සම්පාදනය පිණිස සාක්ෂි දැනුවත් කිරීමේ ශ්රී ලංකාවේ හැකියාව වැඩි දියුණු කරයි. මානව ප්රාග්ධනයේ ආයෝජනය අපේ රටේ අනාගතය සඳහා අත්යවශ්ය දෙයක් බව අපි පිළිගනිමු. සභාපතිතුමනි, ශ්රී ලංකාව ගෝලීය වශයෙන් රටවල් 191ක් අතරින් 73 වැනි ස්ථානය හිමිකර ගනිමින් ඉහළ මානව සංවර්ධන කාණ්ඩයේ ශ්රේණිගත කිරීම සහ කලාපයේ ඉහළම ස්ථානය ලබාගැනීම, පුදුමයට කරුණක් නොවේ.
එසේ පැවසීමෙන් අනතුරුව, කෙසේ වෙතත්, වර්තමාන අභියෝග මඟින් ප්රගතියට බාධා කර ඇති බව පිළිබඳව අපි කනස්සල්ලට පත්ව සිටිමු. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බරපතල අනතුරු ඇඟවීමක් කරමින් “තිරසාර සංවර්ධන ඉලක්ක මුදාගැනීම” පිළිබඳව සඳහන් කොට ඇත. මෙම අනතුරු ඇඟවීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කරන ලද නිරීක්ෂණයක් මගින් වසර 32 කට පසු ප්රථම වතාවට මානව සංවර්ධන දර්ශකය ගෝලීය වශයෙන් වසර දෙකක් තිස්සේ අඛණ්ඩව පහත වැටී ඇති බව දක්වයි.
සභාපතිතුමනි,
ගෝලීය ආරක්ෂාව පිළිබඳව යමක් සඳහන් කරමි. ජාතීන් අතර භූ දේශපාලනික ආතතීන් මඟින් රාජ්යයන් අතර අනාරක්ෂිතභාවය සහ ධ්රැවීකරණය ඇති කිරීම ඉහළ නංවා ඇත. ආයුධ පාලනය, ප්රගුණනය නොකිරීම සහ නිරායුධකරණය සඳහා එකඟ වූ රාමු බිඳෙනසුලු වී ඇත. ගෝලීය න්යෂ්ටික නිරායුධකරණයේ සහ ප්රගුණනය නොකිරීමේ පාලන තන්ත්රයේ කේන්ද්රස්ථානය ලෙස පවතින ප්රගුණනය නොකිරීමේ ගිවිසුමේ 10 වැනි සමාලෝචන සමුළුවේදී, අපට නැවත වරක් සම්මුති ප්රතිඵලයකට පැමිණීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.
අපි සමකාලීන අභියෝග පිළිබඳව කටයුතු කරන අතරම, කලක් තිස්සේ පවතින පලස්තීන ප්රශ්නය අප අමතක නොකළ යුතුය. පලස්තීන ජනතාවට තම භූමියේ ඇති ස්වභාවික සම්පත්වලට සහ රාජ්යත්වයට නීත්යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතියක් ඇති බවට ශ්රී ලංකාවේ ස්ථාවර සහ ප්රතිපත්තිමය ස්ථාවරය යළි ප්රකාශ කරන අතරම, පලස්තීන සහ ඊශ්රායල ජනතාවගේ නීත්යානුකූල ආරක්ෂක අවශ්යතා සහ රාජ්ය දෙකක විසඳුම සාක්ෂාත් කර ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවේ පදනම මත මෙම කරුණ පිළිබඳ හදිසි විසඳුමක අවශ්යතාවය අපි තවදුරටත් හඳුනා ගනිමු.
සභාපතිතුමනි,
සයිබර් අවකාශයේ සහ කෘත්රිම බුද්ධියේ නව තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණ පාලන තන්ත්රයක් නොමැතිකම කෙරෙහි වහා අවධානය යොමු කළ යුතුව ඇත. මහා පරිමාණ කඩාකප්පල් කිරීම්, සාවද්ය තොරතුරු සහ විද්යාත්මකව ස්ථාපිත සොයාගැනීම් වලක්වාලීමට ඔවුන්ට ඇති හැකියාව සත්ය වශයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් හා අප සැවොම මුහුණ දෙන අනතුරකි. ජාතියේ පළමු තොරතුරු සහ සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්රියාත්මක කරමින් පවතින ශ්රී ලංකාව, බහුජාතික සයිබර් තර්ජනවලට මුහුණ දීම සඳහා සයිබර් අවකාශය ආරක්ෂා කිරීම සඳහා හවුල්කාරිත්වය පදනම් කරගත් ප්රවේශයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත.
සභාපතිතුමනි,
ත්රස්තවාදයේ ව්යසනය ගැන මම කෙටි සඳහනක් කළ යුතුය. දශක ගණනාවක් තිස්සේ, ශ්රී ලංකාව ත්රස්තවාදයේ ගොදුරක් විය. ත්රස්තවාදීන්ගේ ඉලක්ක තෝරා ගැනීම, මූල්යකරණයේ ක්රම සහ රැඩිකල්කරණය මෙන්ම නව තාක්ෂණයන් ආයුධ ලෙස භාවිතා කිරීම නිරන්තරයෙන් විකාශනය වෙමින් පවතී. ප්රචණ්ඩ අන්තවාදයට තුඩු දෙන රැඩිකල් මතවාදයන්ට එරෙහි වීමට සහ ත්රස්තවාදීන් විසින් අන්තර්ජාලය සහ සමාජ මාධ්ය වේදිකා භාවිතය සහ අපයෝජනය මැඩපැවැත්වීම සඳහා ව්යවස්ථාදායක ක්රියාමාර්ග සහ නීතිය ක්රියාත්මක කිරීමේ යාන්ත්රණයන් ක්රියාත්මක කළ යුතුය. ඒ අතරම, ත්රස්තවාදයට තුඩු දෙන ප්රචණ්ඩ අන්තවාදී මතවාදයේ බලපෑම් සහ බලපෑම් අවම කිරීම සඳහා තරුණයන්ගේ විවේචනාත්මක චින්තන හැකියාව වර්ධනය කිරීම, ප්රජා බැඳීම් ශක්තිමත් කිරීම, සිවිල් වගකීම පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සහ ප්රජා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට අවශ්ය වේ.
සභාපතිතුමනි,
ජාත්යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අපගේ දායකත්වය ලෙස, එක්සත් ජාතීන්ගේ සාම සාධක නිලධාරීන් ලෙස සේවය කිරීම සඳහා වෘත්තීය පිරිමින් සහ කාන්තාවන් යෙදවීමෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා අපගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමට ශ්රී ලංකාව අපේක්ෂා කරයි. දශක ගණනාවක් තිස්සේ නිල් හිස්වැසුම යටතේ සිදුකළ ගැටුමේ සිට සාමය දක්වා වූ දුෂ්කර මාවතේ ගමන් කිරීම සඳහා රටවලට උපකාර කළ දහස් ගණනක් පිරිමින්ට සහ කාන්තාවන්ට ගෞරව කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි. ත්රස්තවාදයට එරෙහි සහ කැරලි මර්දන මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති ශ්රී ලංකා සාමසාධක භටයින් මානව හිමිකම් ප්රවර්ධනය සහ ආරක්ෂා කිරීම ඇතුළුව සාම සාධක කටයුතු සඳහා අවශ්ය සියලුම කාර්යයන් පිළිබඳ න්යායික හා ප්රායෝගික දැනුමෙන් පුහුණුව ලබා ඇති බව සහතික කිරීම පිණිස අපි බොහෝ ක්රියාමාර්ග ගෙන ඇත.
සභාපතිතුමනි,
මෙය සැබවින්ම ජාත්යන්තර ප්රජාව සඳහා දිය පහරක් වන මොහොතක් මෙන්ම, විශාල අභියෝගයක් සහ අවස්ථාවක් පවතින මොහොතකි. අප මුහුණ දෙන සංකීර්ණ සහ අන්තර් සම්බන්ධිත අර්බුද ජාතීන් විසින් තනිවම ක්රියා කිරීමෙන් විසඳිය නොහැක. එය ගෝලීය සහයෝගීතාවය, රාජ්යතාන්ත්රිකත්වය සහ සාමූහික ප්රයත්නයන් ප්රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් වන අතර, අපගේ සියලු මිනිසුන්ගේ සහ අපගේ සමාජයේ සියලුම කොටස්වල අදහස් සහ කුසලතා උපයෝගී කරගනිමින් කිසිවකු අත් නොහරින පරිවර්තනීය විසඳුම් සෙවීම සඳහා අවස්ථාවක් වේ. බහුපාර්ශ්විකත්වය, සභාපතිතුමනි, එවැනි අභියෝග අභිබවා නැගී සිටින රාජ්යතාන්ත්රිකත්වය සඳහා වූ මෙවලමකි. විදේශ ගමන් බලපත්ර පාලනය මඟින් ගැටුම්, ව්යසන සහ අර්බුද නතර නොවේ. බහුපාර්ශ්විකවාදය අඩුපාඩුවලින් තොර වූවක් නොවන අතර, එය සමකාලීන අභියෝග විසඳීම සඳහා ශක්තිමත් රාමුවක් සපයන බවට සැකයක් නැත.
සභාපතිතුමනි,
මෙම උත්තරීතර සභාවෙහි මෙහෙවර මෙය වන අතර, සමහර විට වසර 77 කට පෙර එය ස්ථාපිත කිරීම සඳහා වූ ඒකීය හේතුව ද විය හැකි බව මම කියමි. මෙහි සාමාජිකයින් වීමට, සහභාගී වීමට, දෘශ්යමාන වීමට, සවන් දෙනු ලැබීමට, අපගේම රසයන්, ඉදිරිදර්ශන, ඉතිහාසය සහ දැනුමෙන් මෙම සංවිධානය සහ මෙම කදිම ඒකාබද්ධතාවය අලංකාර කිරීමට සහ අප සම්බන්ධ වන පොදු කටයුතු සාකච්ඡා සහ ආරවුල් තුළින් වර්ධනය වීම සඳහා ශ්රී ලංකාව සහ තවත් බොහෝ අය අයදුම් කිරීමට හේතුව එය විය හැකිය.
විවිධ මතවාද සහ සමාජ ක්රම නොතකා, සියලු රටවල් සමඟ මිත්රත්වය මත පදනම් වූ නොබැඳි සහ ස්වාධීන විදේශ ප්රතිපත්තියක් සඳහා සමාජවාදී ප්රජාතන්ත්රවාදී මාවතට ශ්රී ලංකාව කැප කළ, අපගේ දිවංගත අගමැතිවරයෙකුගේ නිරීක්ෂණ උපුටා දක්වමින් මගේ කතාව අවසන් කළ හැකිය. එතුමා පැවසුවේ, ‘අපි අප වෙනුවෙන් නව සමාජයක් ගොඩනගා ගත යුතුයි; මම කියා ඇති ආකාරයේ අපේ රටේ බුද්ධිමතුන්ට වඩාත් ගැලපෙන එකක්. අද පවතින වෙනස් වන ලෝකයක සන්දර්භය තුළ, අපගේ මිනිසුන්ට ගැලපෙන සමාජයක සංගත ස්වරූපයක් සාදනු ලබන තෙක්, අපි මේ පාර්ශ්වයෙන් අදහස් සහ මූලධර්ම සහ තවත් සමහරක් අනෙක් පාර්ශ්වයෙන් ලබා ගැනීමට කැමති විය යුතුයි. අපි මේ බලමණ්ඩලයේ පක්ෂයේ හෝ අනෙක් පක්ෂයේ නොසිටින්නේ එම නිසාය’ යනුවෙනි.
සභාපතිතුමනි,
මෙහි නියෝජනය කරන ජාතීන් 193 යුක්තිය ස්ථාපිත කිරීමට, සාමය පවත්වා ගැනීමට සහ පෙර නොවූ විරූ ලෙස කරදරයට පත් වූ ලෝකයක ප්රගතිය සහතික කිරීම සඳහා ඒකාබද්ධව වගකීම බෙදා ගන්නා බව සඳහන් කිරීමට මට අවසර දෙන්න. ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ අපගේ උත්තරීතර නීතිය සහ අනෙකුත් දේශීය ප්රඥප්ති ඇතුළත් ප්රඥප්තියක් සහ ජාත්යන්තර නීතියේ ප්රබල දේහයක් අප සතුව ඇත. මේ සියලු විදග්ධතාවන් තිබියදී ද, බහුවිධ අභියෝග පවතින බවටද අපි තදින්ම සචේතනිකය. මෙම අභියෝග ජය ගැනීමට ශ්රී ලංකා රජය කැපවී සිටී.
අප මුහුණ දී ඇති අර්බුදය උපයෝජනය කරමින්, කිසිවකුත් අත්හැර නොදමා, වඩා හොඳින් නැවත ගොඩනඟා, නිදහසේ සහ ප්රගතියේ නව ක්ෂිතිජයන් කරා නැඟීමේ අවංක බලාපොරොත්තුවෙන් යුතුව එම කැපවීම සඳහා ශ්රී ලංකාව අද ප්රතිඥා දෙයි.
ස්තුතියි.
September, 26, 2022
අයදුම්පත් භාරගැනීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 25 දක්වා
ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්රමුඛතම ආයතනය වන ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝම්බර් 25 දක්වා සිදු කරනු ලැබේ. ඩිජිටල් තලයේ විශිෂ්ඨ දක්ෂතා දක්වන්නන් ඇගයීමට ලක් කිරීම SLIM DIGIS හි අරමුණ වන අතර මෙම වසරේ සම්මාන උළෙල, සම්මාන කාණ්ඩ දෙකකින් සමන්විත වේ. විශේෂ සම්මාන කාණ්ඩය සහ ප්රධාන සම්මාන කාණ්ඩය යටතේ, විශේෂයෙන් තෝරාගත් කාණ්ඩ කිහිපයකින්, ශ්රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ අංශයේ සංවර්ධනය සහ වර්ධනය පිළිබිඹු කරනු ලබන හොඳම ඩිජිටල් අලෙවිකරණ ව්යාපාර ඇගයීමට ලක් කිරීමට ඔවුන් සුදානම්ව සිටී.
SLIM හි සභාපති නුවන් ගමගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “පසුගිය වසර 3 තුලදී අපේ රටට, ඉතිහාසයේ කවරදාකවත් මුහුණ දීමට සිදු නොවූ ආකාරයේ අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුනා. මේ හේතුවෙන් පාරිභෝගික හැසිරීම් රටාවන්ද වෙනස් වීමට ලක්වුණු අතර, ඒවාට සරිලන ආකාරයට ඉක්මන් ප්රතිචාර ලබා දීමට හැකි වූ ව්යාපාර වලට පමණක් ඔවුන්ගේ ගමන පහසුවෙන් යාමට හැකි වුනා. මේ කාලසීමාවේදී ඩිජිටල් අලෙවිකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අපට දැකගන්නට හැකි වුනා. සංචාරය කිරීමට, ආයෝජනය කිරීමට සහ ජීවත් වීමට සුදුසු රටක් ලෙස ගෝලීය වශයෙන් ශ්රී ලංකාව ස්ථානගත කිරීමට අප දැනට ක්රියාත්මක කරමින් සිටින ජාතියේ සන්නාමකරණ ජාතික වැඩසටහන ඉතා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා. මෙම අභියෝගාත්මක පරිසරය තුළ ඔවුන් විසින් සිදු කල විශිෂ්ට ඩිජිටල් ක්රියාත්මක කිරීම් අප වෙත ඉදිරිපත් කරන ලෙස සියලුම ඩිජිටල් අලෙවිකරුවන්ට සහ සන්නාම හිමිකරුවන්ට මම ආරාධනා කිරීමට කැමතියි."
SLIM හි උප ලේකම් සහ SLIM DIGIS 2.2 හි ව්යාපෘති සභාපති නුවන් තිලකවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "අපගේ ඩිජිටල් ව්යාපාරවල ශක්තිය, උපාය මාර්ග සහ ක්රියාකාරිත්වය මෙම තරඟය තුළ දී පරීක්ෂා කරනු ලබනවා. අද වනවිට අපි මුහුණ දී සිටින අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ඩිජිටල් අලෙවිකරණය විසින් ප්රජාව සහ සමාගම් අතර පවතින පරතරය අවම කිරීම සඳහා ප්රධාන කාර්යභාරයක් ඉටු කර තියෙනවා. එසේම සන්නාමයන්හි වර්ධනයට සහ ව්යාපාර ලාභ උදෙසාද ඩිජිටල් අලෙවිකරණයෙහි සේවාව ඉතා විශාලයි. ඩිජිටල් අලෙවිකරණය යනු අලෙවිකරණයේ අනාගතය බවට විවාදයක් නොමැති අතර මෙම ක්ෂේත්රය තුල යහපත් තරඟකාරීත්වයක් ඇති කිරීම තුලින් ශ්රී ලාංකීය අලෙවිකරුවන්ට උපකාර කිරීම අපගේ යුතුකම ලෙස අපි දකිනවා."
IESC ශ්රී ලංකා හි සන්නිවේදන අධ්යක්ෂ සහ ජූරි ප්රධානී අරෝෂ පෙරේරා මහතා ද මෙසේ සිය අදහස් බෙදා ගන්නා ලදී. "SLIM DIGIS යනු අලෙවිකරණයේ අති නවීනතම අංගය කෙරෙහි අවධානය යොමු කර ඇති සුවිශේෂී සම්මාන වැඩසටහනක්. ඩිජිටල් අලෙවිකරණ පරිණාමය සහ කර්මාන්තයේ අනාගත ගමන් මගට අනුකූලව තරඟකාරී මට්ටම වැඩිදියුණු කිරීම අප වෙත පැවරී තියෙනවා."
“අලෙවිකරණ කර්මාන්තය තුල ඩිජිටල් අලෙවිකරණය විසින් ඉටු කරන කාර්යභාරය හඳුනා ගැනීම උදෙසා මෙවැනි තරඟයක් පැවැත්වීම ඉතා වැදගත්. ඩිජිටල් ක්ෂේත්රය අඛණ්ඩව විකාශනය වන බැවින්, කර්මාන්තයේ සැබවින්ම කැපී පෙනෙන අය හඳුනාගෙන ඔවුන්ව ඇගයීමට ලක් කිරීම ඉතා වැදගත්" SLIM හි උප සභාපති ගයාන් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
SLIM විසින් SLIM DIGIS සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ඩිජිටල් අලෙවිකරණය විසින් ඉටු කරනු ලබන ප්රධාන භූමිකාව හඳුනාගැනීම සඳහාය. ඩිජිටල් කර්මාන්තය සඳහා ඇති ඉල්ලුම සහ වැදගත්කම සීඝ්රයෙන් වර්ධනය වී ඇති අතර, කර්මාන්තයේ ප්රමුඛයෙකු ලෙස SLIM විසින් ජාතියේ ඩිජිටල් විෂය පථය වැඩිදියුණු කිරීම සඳහා කැපවන්නන් හඳුනාගෙන ඔවුන්ට අවැසි ප්රතිලාභ ලබා දීමේ අවශ්යතාවය හඳුනාගෙන ඇත. මෙම තරඟය, ජාත්යන්තර ප්රමිතීන්ට අනුව සහ කර්මාන්තයේ වඩාත්ම ගෞරවනීය ව්යාපාරික, අලෙවිකරණ සහ ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයන් විසින් විනිශ්චය කරනු ලැබේ.
SLIM DIGIS යනු ඩිජිටල් අලෙවිකරණ සහ ප්රචාරණ අංශයට තමන් දක්වන දායකත්වය ප්රදර්ශනය කිරීමට ආයතන සඳහා ලැබෙන කදිම අවස්ථාවක් වන අතර වසර ගණනාවක් පුරා එය විශිෂ්ට සාර්ථකත්වයක් ලබා ඇත. SLIM DIGIS 2.2 පිලිබඳ සියලු තොරතුරු සඳහා www.slim.lk වෙත පිවිසෙන්න.
ජයාරූප විස්තරය: (වමේ සිට දකුණට) SLIM හි සභාපති නුවන් ගමගේ; SLIM හි උප සභාපති ගයාන් පෙරේරා; ජූරි ප්රධානී අරෝෂ පෙරේරා; SLIM හි උප ලේකම් සහ SLIM DIGIS 2.2 හි ව්යාපෘති සභාපති නුවන් තිලකවර්ධන
September, 24, 2022
ශ්රී ලාංකීය පුද්ගලික රෝහල් සේවයේ පුරෝගාමී නාමය මෙන්ම අනාගත ලෝකයේ රෝහල් සේවාව වෙත ශ්රී ලංකාව රැගෙන යන නවලෝක රෝහල් සමූහය සිය විශිෂ්ටත්වයේ 37වැනි සංවත්සරය සැප්තැම්බර් 20වන සහ 21 යන දෙදින තුළ මහත් අභිමානයෙන් යුතුව පවත්වන ලදි. නවලෝක රෝහල් සමූහයේ 37වැනි සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය ව තිබුණි. ජාත්යන්තර ඇගයීමක් සහිත අති නූතන වෛද්ය උපාංග සහ වෛද්ය ප්රතිකර වෙත ප්රවේශ වීමේ පුරෝගාමී මෙහෙවර නවලෝක රෝහල් සමූහය විසින් සිදු කළ අතර මෙරට පවතින අති නවීන ප්රතිකාර සහ විශිෂ්ටතම වෛද්ය සහ හෙද වෘත්තික කාර්ය මණ්ඩලය ද නවලෝක රෝහල් සමූහය සතු වේ.
රෝගීන්ගේ සෞඛ්ය යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහය සිය උසස් සහ නවතම මූලික ප්රතිකාර ඒකකය වන Serene Center සහ එම ගොඩනැගිල්ලේම නව විකිරණ අංශයක් විවෘත කිරීමත් සමඟින් සිය සංවත්සර සැමරුම ආරම්භ කරන ලදි. එමඟින් එකම වහලක් යටින් විවිධ රෝගීන්ගේ අවශ්යතා සපුරාලීමට හැකිව ලැබෙයි. මෙම අවස්ථාවට නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, උප සභාපති අනීෂ ධර්මදාස මහතා සහ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ද එක්ව සිටියහ.
ඉන් අනතුරුව රෝහල් හෙද පුහුණු පාසලෙන් අධ්යාපනය ලැබූ හෙද හෙදියන් 38 කට අධික පිරිසක් වෙනුවෙන් සහතිකපත් ප්රදානය කල අතර එම සහතිකපත් ප්රදානෝත්සවයට ඔවුන්ගේ දෙමාපියන් ද එක් වූහ. නවලෝක රෝහල් සමූහය සිය කාර්ය මණ්ඩලය සහ යටිතල පහසුකම් යන අංශ දෙකම හරහා තම රෝගීන් සඳහා හොඳම සෞඛ්ය පහසුකම් සහ සත්කාර ලබාදීමට කටයුතු කරයි. සෞඛ්ය සේවා විශේෂඥ ප්රමිතීන් වැඩිදියුණු කිරීමට ගන්නා උත්සහයක් ලෙස මෙම වාර්ෂික නිපුණතා ඇගයීම් ප්රදානය සාක්ෂි දරයි. වසර 25කට වැඩි කාලයක් රෝහලට කළ සේවය අගයමින් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 කට අධික පිරිසකට සම්මාන ප්රදානය කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදි.
මෙදින දවස පුරාම නවලෝක රෝහල විසින් රෝහල් පරිශ්රයේ දී වෛද්ය කඳවුරක් සහ විවිධ ප්රවර්ධන වැඩසටහන් ද පවත්වනු ලැබූ අතර එහිදී පළමු රෝගීන් 100 දෙනාට සම්පූර්ණයෙන්ම නොමිලේ සේවා පිරිනැමිණි. සැප්තැම්බර් 21 වැනි දින රෝහල විශේෂයෙන් එහි සේවකයින් වෙනුවෙන් තවත් වෛද්ය කඳවුරක් පවත්වන ලදී. ඒ නිමිත්තෙන් ඔක්තෝම්බර් 2 වැනිදා කාර්යය මණ්ඩලය වෙනුවෙන් විශේෂ ක්රිකට් තරගාවලියක් පැවැත්වීමට ද රෝහල අපේක්ෂා කරයි.
”අපගේ මෙම සාර්ථක ගමන් මඟ ආරම්භ වූයේ කොළඹ තෘතීයික සුවසේවා සැපයීම සඳහා දිවයිනේ ප්රථම පෞද්ගලික රෝහල ආරම්භ කිරීමත් සමඟයි. වසර ගණනාවක් පුරා නවලෝක රෝහල් සමූහය එහි ඉහළ මට්ටමේ වෛද්ය සත්කාර සහ සායනික ප්රතිඵල ලබා දීමට හැකි වන පරිදි වැඩිදියුණු කළ ජාත්යන්තර තලයේ යටිතල පහසුකම් වෙනුවෙන් ජාත්යන්තර පිළිගැනීමක් ලබා තිබෙනවා. ලෝකයේ දැවැන්ත ආයතන සමඟ සසඳන විට අප රෝගීන්ට දැරිය හැකි මිලකට උසස් සේවාවක් ලබාදීමට කැපවෙන අතර එය අපගේ සාර්ථකත්වයේ රහසයි.” යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ සභාපති, ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසුවේය.
1985 දී දේශමාන්ය එච්.කේ. ධර්මදාස මහතා විසින් ආරම්භ කරන ලද නවලෝක රෝහල ගොඩනඟා ඇත්තේ සරල මුත් ප්රභල ආචාරධර්ම පද්ධතියක් වටා ය. ආරෝග්ය පරමා ලාභා (යහපත් සෞඛ්යය උත්තරීතර ධනයයි) එහි මූලික හරයයි. දේශමාන්ය ධර්මදාස මහතාගේ අරමුණ වන්නේ ද එවන් උත්තරීතර ධනයක් හැකිතාක් ශ්රී ලාංකිකයන් වෙත ලගාකර දීමයි.
සමූහ ව්යාපාරයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ නවලෝක රෝහල් සමූහය ආසියාවේ කීර්තිමත් රෝහල් අනුගමනය කරමින් උසස් වෛද්ය තාක්ෂණයේ සහ විශේෂඥ වෛද්ය ප්රතිකාරවල උපායමාර්ගික සංයෝජනයන් සමඟින් ඉන් ඔබ්බට යාමට උත්සාහ කළේය. එනිසා සමූහය ශ්රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපය පුරා සෞඛ්ය සේවාවේ විශිෂ්ටත්වය සහතික කර ඇත. රෝග විනිශ්චය කිරීමේ ගුණාත්මක භාවය සහ නිරවද්යතාවය ඉහළ නංවමින් මෙරටට දියුණු තාක්ෂණික ක්රම කිහිපයක් හඳුන්වා දීමට පුරෝගාමී වී ඇත. මේවාට නවීනතම ක්ඔ, CT, MRI ස්කෑනර් යන්ත්ර, මැමෝග්රැෆි ඒකකයක් සහ හෘද කැතීටරකරණ රසායනාගාර දෙකක් ඇතුළත් වන අතර ඒ සියල්ල ශ්රී ලංකාවට ප්රථම වරට හදුන්වාදුන් ඒවාය. පෞද්ගලික රෝහලක පළමු කිරීටක බයිපාස් ඒකකයක්, ශ්රී ලංකාවේ පළමු අක්මා සෞඛ්යය පරීක්ෂා කිරීමේ ක්රමය වන Fibroscan, දකුණු ආසියාවේ පළමු 640 ස්ලයිස් CT ස්කෑනරය හඳුන්වාදීම ප්රමුඛ විශේෂත්වයක් වනු ඇත.
අද නවලෝක රෝහල් සමූහය සායනික ක්ෂේත්රවල අසමසම ප්රවීණතාවයකින් යුත් විශේෂඥ උපදේශකයින් 500 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සේවයේ යොදවයි. ඔවුන් සමඟ නවලෝක අංගසම්පූර්ණ හෙද පුහුණු පාසලේ පුහුණුව ලැබූ මෙරට හොඳම හෙදියන්ගෙන් සමන්විත සුදුසුකම් ලත් මණ්ඩලයක් රෝගීන් වෙනුවෙන් ඉහළ සේවාවක් පිරිනමයි.
නවලෝක රෝහල ආරම්භයේ සිටම හෘද සැත්කම් 13,500කට අධික ප්රමාණයක් සාර්ථකව නිම කර ඇති අතර හෘද රෝග සත්කාර සඳහා විශේෂිත ඒකකයක් ද ක්රියාත්මක කරයි. මීට අමතරව ආහාර ජීරණ සෞඛ්යය, පපුව සහ නින්ද පිළිබඳ සෞඛ්ය, රූමැටොලොජි සහ වේදනා සමනය, විකිරණවේදය, ලසික් සැත්කම්, භෞතචිකිත්සාව සහ චර්ම රෝග සහ ආලේපන සඳහා අංගසම්පූර්ණ විශේෂිත මධ්යස්ථාන රෝහල සතුය. නවලෝක රෝහල විසින් පැය 24 පුරා ක්රියාත්මක වන OPD මධ්යස්ථානයක්, විවිධ සෞඛ්ය අවශ්යතා සඳහා ප්රභූ මධ්යස්ථානයක්, නවීනතම ETUපහසුකමක්, ජංගම ICU ඒකකයක් ඇතුළු ගුවන් වෛද්ය සේවාවන් මෙන්ම නිවසේදී ද වෘත්තීමය හෙද සේවා සපයන ගෘහ හෙද සේවාවක් ද පිරිනමයි. එමෙන්ම මෙම පුළුල් සේවාවන්ට සහාය වීම සඳහා රෝහලේ ශල්යාගාර 12 ක් ද ඇත.
හොඳම වෛද්යවරුන් සහ හෙදියන්ගෙන් සමන්විත වෘත්තීය කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන නවීන තාක්ෂණයෙන් යුතු සහ දැරිය හැකි මිලකට ලබාදෙන සෞඛ්ය ආරක්ෂණ විසඳුම් සමඟින් නවලෝක රෝහල් සමූහය සෞඛ්ය සම්පන්න, ශක්තිමත් ශ්රී ලංකාවක් ගොඩනැගීමේ ප්රතිපත්තිමය දැක්ම වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටියි.

Video Story