• Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanka

කොමර්ෂල් බැංකුවට ඒෂියාමනි සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ගෞරවණීය සම්මාන ද්විත්වයක්

September, 24, 2022

ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ජාත්‍යන්තර තලයේ කැපීපෙනෙන ජයග‍්‍රහණ යුගලක් වාර්තා කළේය. සැප්තැම්බර් 21 සිංගප්පූරුවේ ෂැංග‍්‍රිලා හෝටලයේ ටවර් බෝල්රූම් හි පැවති 2022 ඒෂියාමනි සම්මාන උළෙලේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සඳහා හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන සම්මාන ද්විත්වය බැංකුවට පිරිනමන ලදී. සේයාරුවෙන් දැක්වෙන්නේ සම්මාන උළෙලට සහභාගි වූ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතායි.

  • Ada Derana BIZ Sinhala
  • MediSearch
  • PayMaster
  • sri lanka

ඖෂධ පහසුවෙන් සොයාගන්න PayMaster වෙතින් MediSearch හදුන්වා දෙයි

September, 23, 2022

ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයන් අතර රිලෝඞ් ලබාගැනීම විවිධ බිල්පත් ගෙවීම මුදල් හුවමාරුව වැනි අවශ්‍යතා රැුසකට සහය වන ලංකාවේ ජනප‍්‍රියම ජංගම දුරකථන යෙදවුමක් වන PayMaster විසින් රටේ පවතින වත්මන් තත්වය හමුවේ ඖෂධ පහසුවෙන් ඖෂධ ඇති ස්ථාන සොයාගැනීම සදහා MediSearch නමින් විශේෂාංගයක් එළි දක්වන ලදි.

MediSearch විශේෂාංගය හරහා PayMaster පරිශීලකයින්ට අවශ්‍ය ඖෂධ ඔවුන්ට අවශ්‍ය මොහොතේදීම ලබා ගත හැකි දැයි යන්න ළඟම ඇති ඔසුසැල්වලින් තොරතුරු ලබාගත හැකි අතර MediSearch ජංගම යෙදවුම භාවිතා කරන සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට MediSearch විශේෂාංගය සදහා නොමිලේ පිවිසිය හැකිය.

මෙය දියත් කිරීමෙන් පසු එළඹි පළමු සති දෙක තුළ ඔසුසල් 350 කට අධික ප‍්‍රමාණයක් ඵැාසීැ්රජය ජාලයට සම්බන්ධ වී ඇති අතර ඉදිරි මාස දෙක තුළ දිවයිනේ සියලූම ප‍්‍රදේශ ආවරණය වන පරිදි මෙම ජාලය ඔසුසල් 3,000ක් කරා ළඟා වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ එදිනෙදා ජීවිතයේ නිතර භාවිතා වන සුලබ ඖෂධ වර්ග පවා සොයමින් ඖෂධ සැල් සොයා යන ජනතාවට සහයක් වීම සදහා PayMaster හදුන්වා දෙන ලද මෙම MediSearch යෙදවුම පවතින ඉන්ධන ගැටළුවට විකල්පයක් නිසා බෙහෙත් වර්ග සොයාගැනීමට දුෂ්කරතා මතුව තිබෙන ජනතාවට ද සහනයක් ලබාදෙයි

PayMaster යනු පෙරගෙවුම් ජංගම Top ups උපයෝගිතා බිල්පත් ගෙවීම්, බැංකු අතර මුදල් හුවමාරුව, රක්ෂණ වාරික ගෙවීම්, Rider settlement, වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීම් සහ තවත් බොහෝ විස්මිත විශේෂාංග සපයන සම්මානලාභී සහ ඉහළ පිළිගැනීමක් ඇති ශ‍්‍රී ලාංකික යෙදවුමකි.

PayMaster විසින් පිරිනමනු ලබන සුවිශේෂී අංගයක් වන්නේ In-App ණය පහසුකම වන අතර එමගින් පරිශීලකයින්ට රුපියල් 50,000 දක්වා ණය ලබා ගැනීමේ විකල්පය සපයයි. මෙම යෙදවුම ඉහළම ජාත්‍යන්තර ආරක්ෂක ප‍්‍රමිතීන්ට අනුව සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව ^CBSL& විසින් සකසා ඇති යෙදවුම් සඳහා වන ආරක්ෂක ප‍්‍රමිති මාර්ගෝපදේශයන්ට ද අනුකූල වේ. එමෙන්ම PayMaster යෙදවුම Google Play Store" Apple App Store සහ Huawei Store වෙතින් පහසුවෙන් බාගත කළ හැක.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ සුළු පසුබැස්මක්

September, 23, 2022

සතියේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,964.80 ක් ලෙසින් වාර්තා විය. එය සතිය ආරම්භයේ සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම වූ ඒකක 10,061.09 ට සාපේක්ෂව සුළු පහළ යාමකි.

S&P SL 20 දර්ශකයෙහි ද පසුගිය සතිය තුළ දී ඒකක 3,237.32 සිට ඒකක 3,203.01 ක් දක්වා සුළු වශයෙන් පහළ යාමක් දක්නට ලැබිණි.

පසුගිය සතිය තුළ වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 21.13 ක් වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 17.13 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 20.92 ක් ලෙසින් වාර්තා විය.

පසුගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින්ගේ වෙළෙඳපොළ සහභාගීත්වයද සක්‍රීය මට්ටමක පැවතුණ අතර මෙහිදී රු. බිලියන 4 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් සටහන් විය. පසුගිය සතිය තුළ වාර්තා වූ සමස්ත විදේශීය විකුණුම් ප්‍රමාණය රු. මිලියන 215.38 කි.

සතිය තුළ මිල ඉහළ ගිය සමාගම් අතුරින් ඒසියා සියක කොමොඩිටීස්, ගෝල්ෆේස් කැපිටල් පාට්නර්ස්, රේඩියන්ට් ජෙම්ස් සහ ටී ස්මෝල් හෝල්ඩර් ෆැක්ටරීස් යන සමාගම් කැපී පෙනුණි.

 

  • Ada Derana BIZ Sinhala
  • insurance
  • migrant workers
  • sri lanka

විගමණික ශ්‍රමිකයින්ට රක්ෂණාවරණ සලසන්න සමාගම් 6ක්

September, 23, 2022

ශ්‍රී ලංකා විගමණික ශ්‍රමිකයන් සඳහා රක්ෂණාවරණය සලසා දීම සඳහා සුදුසු රක්ෂණ ආයතන තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම සඳහා 2021.05.17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

යෝජිත රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වැය නොකරන අතර ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයකන් විදේශගත වීමේ දී ඔවුන් වෙත රැකියා ලබා දෙනු ලබන සේවායෝජකයා විසින් ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන රක්ෂණ ආයතනයක් මගින් එකී රක්ෂණාවරණය ලබා දිය යුතු වේ.

ඒ අනුව, යෝජනා ඉදිරිපත් කරන රක්ෂණ ආයතන 09ක් අතුරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් රක්ෂණ ආයතන 06 ක් නිර්දේශ කරනු ලැබ ඇත.

එකී රක්ෂණ ආයතන සමඟ විධිමත් ගිවිසුම්වලට එළඹීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත බලය පැවරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • MAS Holdings
  • sri lanka

MAS Holdings, කෙන්යාවේ වනජීවී පදනම සමඟ අත්වැල් බැඳගනියි

September, 23, 2022

මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් ආරක්ෂා කිරීම අරමුණු කරයි

දකුණු ආසියාවේ ප‍්‍රධානතම ඇඟලූම් නිෂ්පාදකයා වන MAS Holdings කෙන්යාවේ වනජීවී පදනම (TWF - The Wildlife Foundation) සමඟ අත්වැල් බැඳගනිමින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අක්කර 25,000ක වාසස්ථාන නැවත ඇති කිරීම සඳහා වූ MAS හි සැලැස්මට අනුකූලව මෙම වැඩසටහන හරහා MAS සහ TWF ට පුද්ගලික ඉඩම් ආශි‍්‍රතව වන සතුන්ට නිදහසේ හැසිරීමට ඉඩ හසර ලබාදීම වෙනුවෙන් ඉඩම් හිමියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබේ.

මෙම ව්‍යාපෘතිය 2022 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද අතර Athi-Kaputei ප‍්‍රදේශයේ ඉඩම් හිමියන් 58 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඔප්පු ප‍්‍රධානය කිරීමේ උත්සවයක් පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය TWF හි දැනට ක‍්‍රියාත්මක වන සංරක්ෂණ ආකෘතියේ දිගුවක් වන අතර වනජීවී සංරක්ෂණය සහ වඩා හොඳ ඉඩම් පරිහරණ භාවිතයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා TWF දේශීය අයිතිකරුවන්ගෙන් ඉඩම් බදු ගනු ලබයි. මෙම හවුල්කාරිත්වය හරහා TWF හි දැනට පවතින අක්කර 5,000 ක සංරක්ෂණ වැඩපිළිවෙල අක්කර 11,250 ක භූමි ප‍්‍රමාණයක් දක්වා පුළුල් කිරීමට MAS හට හැකි වී තිබේ.

වන සතුන් සඳහා වනෝද්‍යානයේ මායිම් ඉඩම්වල නිදහසේ ගමන් කිරීමට ඉඩම් හිමිකරුවන් සහ ප‍්‍රාදේශීය ප‍්‍රජාවන් දිරිමත් කිරීම සඳහා මූල්‍යමය සහ මූල්‍යමය නොවන දිරිගැන්වීම් භාවිතා කරයි. මෙය ජනතාව මූලික කරගත් සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම, මිනිසුන් සහ වන සතුන් අතර ඇති වන ගැටුම් අවම කිරීම සඳහා ප‍්‍රජා ආරක්ෂකයින් ස්ථානගත කිරීම, මීමැසි පාලනය, ජීව වායුව වැනි වැඩපිළිවෙලවල් පිළිබඳව තරුණයින් සහ කාන්තාවන් පුහුණු කිරීම සහ සංරක්ෂණ අභියෝග සඳහා විසඳුම් නව්‍යකරණය උදෙසා තාක්ෂණය භාවිතය ආදිය මේ වැඩසටහන හරහා ප‍්‍රවර්ධනය කරනු ලබයි.

MAS හි උපායමාර්ගික ව්‍යාපාරික ඒකක වන MAS Intimates සහ MAS Kreeda විසින් සහයෝගීව අරමුදල් සපයන මෙම සංරක්ෂණ වැඩසටහන හරහා MAS සහ TWF ඉඩම් හිමියන්ට පුද්ගලික සතුන්ට එහා මෙහා ගමන් කිරීමට පහසුවන පරිදි සිය ඉඩම් විවෘතව සහ වැටකින් තොරව තබා ගැනීමට මූල්‍ය දිරිගැන්වීම් සපයයි. මෙහිදී සිංහයන් සහ අනෙකුත් විලෝපිකයන්ගෙන් සිදුවන හානි අවම කිරීමට මෙම මුදල් යොදාගත හැකි අතර දරුවන්ගේ පාසල් වාර ආරම්භයට සමගාමීව ඉඩම් හිමියන්ට මූල්‍යමය ආධාර ලබා දීමෙන් ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ද සහාය වේ.

MAS එහි අනුබද්ධ MAS Intimates හරහා 2020 දී කෙන්යාවේ සිය නිෂ්පාදන පහසුකම ස්ථාපිත කළේය. අද MAS Intimates Kenya (EPZ) Ltd යනු එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ වෙළඳපල වෙත සමීපතම ඇඟලූම් නිෂ්පාදනය හා අපනයනය කරන ප‍්‍රමුඛයෙකු වන අතර කෙන්යානුවන් 3,200 කට රැකියා අවස්ථා ලබා දෙයි. සංරක්ෂණ වැඩසටහනට අදාල ඉඩම් කෙන්යාවේ MAS Intimates කාර්ය මණ්ඩලයේ බහුතරයක් වාසය කරන Machakos සහ Kajiado ප‍්‍රාන්තවල පිහිටා ඇත.

මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය MAS හි අක්කර 25,000ක වාසස්ථාන ඇති කිරීමේ ඉලක්කයට සැලකිය යුතු දායකත්වයක් සපයනවා පමණක් නොව MAS හට කෙන්යාවේ එහි ප‍්‍රාදේශීය ප‍්‍රජාව සමඟ පරිපූර්ණ ලෙස සම්බන්ධ වීමට අවස්ථාවක් ද නිර්මාණය කර ඇත. සමූහයේ තිරසාර උපාය මාර්ගය, වෙනස් කිරීම සඳහා වූ MAS සැලැස්ම, ජෛව විවිධත්වය ඇති කිරීම සහ ඉහළ ජීවන යහපැවැත්මක් සහිත ප‍්‍රජාවන් නිර්මාණය කිරීම ඇතුළුව නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ කරුණු 12ක් කෙරෙහි අවධානය යොමු කරයි.

MAS සහ TWF අප අවට පරිසරය ධනාත්මක ලෙස වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා ප‍්‍රජාව නඟා සිටුවීමේ සහ බලගැන්වීමේ සාමූහික බලාපොරොත්තුව සමඟින් ඉදිරි වසර පහ සඳහා මෙම අද්විතීය සංරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවී සිටිති.

MAS Holdings දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.

වසර 35 ක ඉතිහාසයක් හිමි MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා, පරිසර සහ සමාජ සංවර්ධනය වැඩසටහන් මෙන්ම කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් ගෝලීය පිළිගැනීමක් හිමිව ඇත. නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය මෙන්ම නව්‍ය නිෂ්පාදන සහ සැලසුම් ප‍්‍රදර්ශනය කරමින් කර්මාන්ත ප‍්‍රමුඛයෙකු ලෙස MAS සිය නාමය ලොව පුරා බබළවයි. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.

කෙන්යාවේ වනජීවී පදනම (TWF- The Wildlife Foundation) යනු 2000 වර්ෂයේදී ලියාපදිංචි කරන ලද කෙන්යාවේ රාජ්‍ය නොවන සංවිධානයකි (NGO). TWF හි දැක්ම වන්නේ Athi-Kaputei පරිසර පද්ධතිය තුළ ජීවත් වන මිනිසුන් සහ සතුන් අතර සහජීවනය ඉහළ නැංවීම උදෙසා ප‍්‍රජාව මූලික කරගත් සංරක්ෂණ වැඩපිළිවෙලක් ඇති කිරිමයි.

Athi-Kaputiei ප‍්‍රදේශයේ ඉඩම් හිමියන් 58ක් වන සතුන්ට නිදහසේ ගමන් කිරීම සඳහා ඉඩම් වැටකින් තොරව තැබීමට ඉඩම් හිමියන් දිරිමත් කරමින්.

ප‍්‍රජා සාමාජිකයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මූල්‍යාධාර පිරිනැමීමත් සමඟ ඉඩම් හිමියන්ගේ ඉඩම් වෙනුවෙන් ගෙවීමක් කිරීම.

 

ඡායාරූප: කෙන්යාවේ MAS Holdings සහ The Wildlife Foundation (TWF) කණ්ඩායම් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් පමණ වූ ප‍්‍රදේශය සංරක්ෂණය කිරීමට එක් වෙමින්.

  • Ada Derana BIZ Sinhala
  • Foreign travel
  • ministers
  • restricted
  • sri lanka

ඇමතිවරුන්ගේ විදෙස් ගමන් සීමා කරයි

September, 23, 2022

දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහන් පමණක් සීමා කිරීමටත්, එවැනි සංචාරයන් සඳහා අත්‍යාවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගී කරවා ගත යුතු බවටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • IMF agreement
  • Parliament
  • sri lanka

IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරෙන්නේ මෙහෙමයි

September, 23, 2022

IMF විධායක කමිටුවේ අනුමතිය ලැබුණු පසු ඒ පිළිබඳ අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා - කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගැනීමට නියමිත එකඟතාවය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විධායක කමිටුවේ අනුමතිය තවමත් ලැබී නොමැති බවත් එම අනුමතිය ලැබුණු පසු අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් කථානායකවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

IMF එකඟතා පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ මතු කළ කරුණ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් තවමත් කැබිනට් මණ්ඩලය දැනුවත් කොට නොමැති බවත් මේ පිළිබඳ සියලු තොරතුරු ලැබුණු පසු ඉක්මනින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තමාට පැවසූ බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එසේම මේ සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු අවශ්‍ය සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බවත් කථානායකවරයා නිවේදනය කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Malaysian jobs
  • October
  • sri lanka

මැලේසියානු රැකියා 10,000 ලබාගැනීම සදහා ගිවිසුම් අත්සන් කිරීම ඔක්තෝබරයේ දී

September, 22, 2022

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතව ඇත.

මෙම රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිළිබද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් Dato' Tan Yang Thai මහතා අද දින (22) දිනයේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති හමුවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. මනුෂ නානායක්කාර ඇමැතිවරයා මැලේසියානු රජයෙන් පසුගිය ජුනි 23 වැනිදා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම රැකියා 10,000 ලංකාවට ලබාදෙන බව මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.

  • Ada Derana BIZ Sinhala
  • Palwatta
  • sri lanka

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් නගාසිටුවීම උදෙසා පැල්වත්ත සමාගම, ගෝලීය ගොවිපල පුහුණු සැපයුම්කරුවන් සමඟ එක්වෙයි

September, 22, 2022

රටට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම දේශීය කිරි ගොවීන්ගේ ගුණාත්මකභාවය සහ ඵලදායිතා සංවර්ධනයේ පෙරගමන්කරුවෙක් වශයෙන් කටයුතු කරයි. සිය පාරිභෝගිකයින් වෙත අගනා කිරි නිෂ්පාදන පෙළක් ම සපයනු ලබන මෙම ආයතනයේ අපේක්ෂාව වන්නේ, තමන් සමඟ වැඩ කරන ගොවි ප්‍රජාව පුහුණු කිරීම, සංවර්ධනය කිරීම සහ සවිබල ගැන්වීම කෙරෙහි සිය අවධානය යොමු කිරීමයි.

ඒ සම්බන්ධයෙන් ගත් නව පියවර වශයෙන් ජාත්‍යන්තර කිරි නිෂ්පාදන පුහුණුකරුවන්ගේ සහය ඇතිව, අංගසම්පූර්ණ කිරි පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සහ නවීන අභිජනන ශිල්පීය ක්‍රම සමඟ ගව පට්ටි වැඩිදියුණු කිරීම පෙන්වාදිය හැකිය. තවද, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් හඳුන්වා දෙන ලද ප්‍රමිතිගත කිරි ගොවි පුහුණුවලට අනුකූලවන පරිදි කිරි ගොවීන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ව්‍යාපෘතියේ මූලික ම අභිලාෂයකි.

“පැල්වත්ත කිරි නිෂ්පාදන පුහුණු වැඩසටහන, කිරි නිෂ්පාදන පුහුණු සේවා සපයන්නන්ගේ සහය ඇතිව අංගසම්පූර්ණ කිරි පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන පවත්වනු ලබන්නක්. ශ්‍රී ලාංකේය කිරි ගොවීන්ට උසස් තත්ත්වයේ අභිජනන ද්‍රව්‍ය සැපයීම සඳහා දැනට පවතින ගොවිපළ, ගව අභිජනන ගොවිපළක් ලෙස වැඩිදියුණුවට ලක්කරනවා. සෙසු කර්මාන්තයන්ට සහ ගෝලීය ප්‍රවණතාවලට සමගාමීව, ගොවීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහාත් පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. අභිජනන ශිල්පීය ක්‍රම සඳහා පමණක් නොවෙයි, කිරි නිෂ්පාදන තත්ත්ව නඩත්තුව  හා සංරක්ෂණය, පෝෂණය සහ ගවයන්ගේ යහපැවැත්ම පිළිබඳවත් නිරන්තරයෙන්ම දැනුම යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. රට වසා තිබූ අවස්ථාවේදී පවා පැල්වත්ත කිරි නිෂ්පාදන සඳහා තිබූ ඉල්ලුම වැඩිවීම හේතුවෙන්, අපගේ ගොවීන්ගේ වැඩ ප්‍රමාණය, ආදායම සහ නව කිරි ගොවිතැන් දැනුමේ අවශ්‍යතාවය ද ඒ සමඟම වැඩිවීමක් සිදුවුණා. සෝයා කිරි සහ ආමන්ඩ් කිරි වැනි නව කිරි ආදේශක ලෝකයේ සෑම තැනකම වෙළඳපොළවල් තුල දකින්නට ලැබෙන නිසා පැල්වත්ත වැනි කිරි නිෂ්පාදකයින්, එවැනි ආදේශකවලට සාපේක්ෂව කිරි නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ පෝෂණය ඉස්මතු කිරීම වැදගත් වෙනවා.” පුහුණු හා අභිජනන මධ්‍යස්ථාන කළමණාකාර චමිල රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදි.

චමිල රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “පාරිභෝගිකයින්ගේ ආහාර ජීර්ණ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ සාමාන්‍ය යහපැවැත්මට කිරි නිෂ්පාදන සෘජුවම අදාළ වෙනවා. ඒ නිසා පැල්වත්ත නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයන්ගේ ආරක්‍ෂාව ඉතාමත් වැදගත් බව අපි විශ්වාස කරනවා. කිරි නිෂ්පාදකයෙකු තම පාරිභෝගිකයින්ට ලබා දෙන හොඳම දේවලින් එකක් වන, පාරිභෝගිකයින් අපෙන් වඩාත්ම අපේක්ෂා කරන කිරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ ගොවිපල සහතිකය අපි ඔවුන්ට ලබාදෙනවා."

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ප්‍රමිතිගත කිරි ගොවි පුහුණු කිරීම් මගින් කිරිවල සනීපාරක්ෂාව (milking hygiene), සත්ව සෞඛ්‍යය, පෝෂණය (ආහාර සහ ජලය), සංවේදී සත්ව පාලන පිළිවෙත්, පාරිසරික ගැටළු සහ සමාජ-ආර්ථික කළමනාකරණය සමඟ තිරසාර බව සහතික කිරීම වැනි ගොවිතැන් අංශ කෙරෙහි අවධානය යොමු කරයි.

චමිල රාජපක්ෂ මහතා නැවතත් මෙසේ සිය අදහස් දක්වයි. “අපගේ නව ව්‍යාපාරික උපාය මාර්ගයේ ප්‍රධාන අංශය වන්නේ අපගේ ගොවිපළ මනා පහසුකම් සහිත කිරි නිෂ්පාදන පිළිබද අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. දැනට දේශන ශාලාවක්, රසායනාගාර, භෝජනාගාර සහ නවාතැන් පහසුකම් සහිත පුහුණු සංකීර්ණයක් ස්ථාපිත කිරීමට අපි සැලසුම් කරනවා. සහභාගිවන්නන්ට ගෝලීය වශයෙන් පිළිගත් සහතිකයක් පිරිනමන බලාපොරොත්තුවෙන් එය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි කිරීමටත් අපි අපේක්ෂා කරනවා. නවීන කිරි ගොවිතැන් තාක්ෂණය පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමක් ද මෙහිදී සිදුවෙනවා."

පැය තුනක් ඇතුළත කිරි සැපයීම අවසන් කරන තෘප්තිමත් ගව රංචුවක් නඩත්තු කිරීමට ප්‍රමාණවත්, ඒකක 4 කින් යුත් කිරි මධ්‍යස්ථානයක් පැල්වත්ත සමාගම සතුය. පාරිසරික ගැටළු විසඳීම පැල්වත්ත සමාගමට අලුත් දෙයක් නොවන අතර, අපද්‍රව්‍ය කළමනාකරණ තාක්‍ෂණයක් ලෙස කොම්පෝස්ට් පොහොර සෑදීමේ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භකොට තිබේ. “අපගේ ආයතනය මසකට අවම වශයෙන් කොම්පෝස්ට් පොහොර ටොන් 60ක් නිෂ්පාදනය කරන අතර එමගින් ගොවිපල ලාභදායිතාවයද වැඩි කරනවා” චමිල රාජපක්ෂ මහතා පවසයි.

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • Huawei Wireless
  • sri lanka

Huawei සමාගමේ ආචාර්‍ය වෙන් ටොන්ග් 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය පුළුල් කිරීමට 5.5G තාක්ෂණයේ අවශ්‍යතාව අවධාරණය කරයි

September, 22, 2022

මීළඟ පරම්පරාවේ ජංගම ජාල සන්ධානය විසින් සත්කාරකත්වය සපයනු ලබන, 2022 ව්‍යාපාරික සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය  Huawei Wireless හි දී පැවැත්වුණු අතර, එහි දී  Huawei සාමාජික හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්‍ය වෙන් ටොන්ග් මහතා 5G සිට 6G වෙත පාළමක්' යන මාතෘකාව යටතේ එහි ප්‍රධාන දේශනයක් පැවැත්වීය.  5G තාක්ෂණය 6G බවට පත් කිරීමට උපකාරී වන  ගාමක බලවේග සහ සැලසුම් පිළිබඳව ආචාර්ය ටොන්ග් සිය කතාවේ දී පැහැදිලි කළ අතර, මෙම සංවර්ධනය වේගවත් කිරීමට 5.5G තාක්ෂණය අත්‍යවශ්‍ය පියවරක් බව ද සඳහන් කළේය.

නව සේවාවන් සහ ශක්‍යතාවන් වර්ධනය කිරීම සඳහා 5G තාක්ෂණය 5.5G දක්වා වර්ධනය කෙරෙයි

වර්තමානය වන විට 5G තාක්ෂණය ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින අතර, සාමාන්‍යයෙන් සෑම පරිශීලකයින් 10,000කට මූලික මධ්‍යස්ථාන 40ක් පමණ පිහිටා ඇත.  චීනය තුළ 5G තාක්ෂණය සිරස් කර්මාන්ත ක්ෂේත්‍ර 30කට වැඩි සංඛ්‍යාවකට සේවා ලබා දෙන අතර, එමගින් 2021 වසරේ දී පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3ක් වටිනා ආර්ථික නිමැවුමක් සෘජුවම නිර්මාණය කර ඇත. නැගී එන 2C හා 2B යෙදුම්වල ඉදිරි වර්ධනය සඳහා ද 5G තාක්ෂණයේ  දියුණුව අත්‍යවශ්‍ය වන අතර, එය වැඩිදියුණු කළ Mobile Broadband (eMBB), ultra-reliable low-latency communication (URLLC), Massive Machine-type Communications (mMTC) සංවේදන හැකියා වර්ධනය, අක්‍රීය IoT සේවාව සහ නව හැකියාවන් වැඩිදියුණු කිරීම ආදී අවශ්‍යතාවන් 5.5G තාක්ෂණය වෙත පරිවර්තනය වීම දිරිගන්වයි. මේ සමඟ 5.5G සේවාව මගින් ගොඩනඟන10 Gbps Downlink, 1 Gbps uplink, බිලියන 100 මට්ටමේ සම්බන්ධතා සහ ස්වදේශීය බුද්ධිය, 5G සේවාවෙහි නව ගමනට සහයෝගය දක්වන බව ද පැවසිය යුතුමය.

Ultra-high Bandwidth Downlink 10 Gbps සඳහා අත්‍යවශ්‍යතාව

Ultra-high bandwidth හැකි වන්නේ ප්‍රමාණවත් වර්ණාවලියක් සමඟ පමණක් වන අතර, මෙය Sub-100 GHz සම්පත් සම්පූර්ණ වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි.  දැනට පවතින 100 MHz FDD සහ 100 MHz TDD වර්ණාවලීන්ට  6 GHz කලාපයේ 200 සිට 400 MHz පුළුල් කලාප සහ mmWave හි 800 MHz පුළුල් කලාප  එක් කිරීමෙන්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ඕනෑ ම තැනක සිට ඕනෑ ම වේලාවක10 Gbps ලබා දීමට හැකියාව ලැබේ.

Multi-Band Convergence සඳහා Uplink-Downlink Decoupling Uplink 1 Gbps පදනම

ව්‍යාපාරික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා Uplink සේවාව Downlink සේවාවට වඩා බලවත් වීම අත්‍යවශ්‍ය වේ.  uplink-downlink සමඟින්, පවතින විශේෂාංග මත පදනම් වූ සංවර්ධනය  සහ අලුතින් නිර්වචනය කරන ලද uplink-only spectrum ඇතුළු විවිධ කලාපවල uplink සහ downlink වර්ණාවලිය 2B සඳහා සහය වීමට නම්‍යශීලීව ඒකාබද්ධ කළ හැකිය.  uplink/downlink decoupling හරහා, 1 Gbps uplink සේවාවක් සහතික කිරීමේ හැකියාව පවතී.

අද වන විට, HD වීඩියෝ 100-නාලිකා සම්ප්‍රේෂණය, 360° දුරස්ථ පාලක හා අනෙකුත් 2B යෙදුම් වෙනුවෙන් 1 Gbps uplink සහතික කිරීම සඳහා  පතල් කැණීම්, වානේ සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල uplink-downlink decoupling වාණිජකරණය කර ඇත.

5.5G සේවාව, 5G සිට 6G දක්වා උසස් කිරීම සඳහා පාලමක් වනු ඇති බව පවසන ආචාර්‍ය ටොං 5.5G සහ 6G භෞතික හාස් ඩිජිටල් යන අංශ දෙක සම්බන්ධ කිරීමට මූලික වනු ඇති බව පවසයි.  ආචාර්ය ටොංගේ නිගමනය අනුව ජංගම දුරකථන කර්මාන්තයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒකාබද්ධ ප්‍රමිතිකරණය සහ කර්මාන්ත සහයෝගීතාව මතය. එම නිසා ම සියලු දෙනා එක්ව 5.5G තාක්ෂණය සමඟින් ඉදිරියට යාමට සහ තිරසාර අනාගතයක් සඳහා තාක්‍ෂණික පරිණතභාවය වේගවත් කිරීම වෙනුවෙන් සහයෝගීතාව ඉහළ නැංවියයුතු බව ආචාර්‍යවරයා ආවධාරණය කළේය.