September, 20, 2022
විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීම විසඳා ඇති අතර, සහතික කිරීමේ සහ සත්යාපනය කිරීමේ සේවාව අද (2022 සැප්තැම්බර් 20) දින සිට නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්යාංශය මහජනතාවට දැනුම් දෙයි. කොන්සියුලර් අංශයේ අනෙකුත් සියලුම සේවාවන් ද අඛණ්ඩව සපයනු ලැබේ.
සේවා ලබා ගැනීමට පැමිණෙන අයට වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැක.
September, 20, 2022
දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූම සපුරා ලීම සඳහා බැංකු පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අංක 65, ප්රධාන වීදිය, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටි සිය අතිනවීන පාරිභෝගික ඒකකය පසුගියදා සුබ මොහොතින් විවෘත කළේය.
මෙම නව පාරිභෝගික මධ්යස්ථානය මගින් එම ප්රදේශයේ ජීවත් වන මහජනතාවගේ මෙන්ම ඉහළ යමින් පවතින ව්යාපාරික අවශ්යතා ද සපුරාලනු ඇත. අතිනවීන පහසුකම් හා ඉඩකඩවලින් සපිරි මෙම නව පාරිභෝගික ඒකකය HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ෙඡ් විජේමාන්න, HNB හිටපු අධ්යක්ෂ ආචාර්ය රොහාන් කරුණාරත්න, HNB සහකාර සාමාන්යාධිකාරී - ජාල කළමනාකරණ හා ව්යාපාර සංවර්ධන, සුපුන් ඩයස්, HNB සහකාර සාමාන්යාධිකාරී - මෙහෙයුම්, සිවරාජා නන්දකුමාර්, HNB සහකාර සාමාන්යාධිකාරී - සේවා, ඉන්ද්රජිත් සේනාධීර, HNB කලාපීය ව්යාපාර ප්රධානී - මහ කොළඹ, වදුලන් ගනේෂන් යන මහත්වරුන් ඇතුළුව බැංකුවේ ජ්යේෂ්ඨ නිළධාරීන් පිරිසකගේ ප්රධානත්වයෙන් මහජනතාව උදෙසා විවෘත කෙරිණි.
මෙම පාරිභෝගික ඒකකය විසින් වසර ගණනාවක් පුරාවට එම ප්රදේශයේ නැගී එන ව්යාපාර සහ පාරිභෝගික ජනතාව සමඟ පවත්වා ගෙන එන විශේෂ සබඳතා පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ෙඡ් විජේමාන්න මහතා පැවසුවේ ”බත්තරමුල්ල ව්යාපාරික කේන්ද්රස්ථානයක් සහ ප්රදේශයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන පාරිභෝගික, ආයතනික සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරවල වර්ධනය වෙමින් පවතින පාරිභෝගික පදනමට ඔවුන්ගේ සිහින හා අරමුණ කරා යාමට මූලික බැංකු සේවා සැපයීම සඳහා ඉඩකඩ සපිරි නව නිවහනකට ගෙන යාම වඩාත් කාලෝචිත යැයි අප සිතුවා. එබැවින්, අපගේ දැනට සිටින සිටින පාරිභෝගික පදනමට සහ අනෙකුත් ප්රදේශවාසීන්ට ඔවුන්ගේ ඕනෑම බැංකු අවශ්යතාවක් සඳහා අප වෙත පැමිණෙන ලෙස අප ආරාධනා කර සිටිනවා.’’ යනුවෙනි.
වඩාත් ඉඩ පහසුකම් සපිරි මෙම නව බැංකු පරිශ්රය බැංකු කාර්ය මණ්ඩලය සමඟ ගනුදෙනුකාරභවතුන්ගේ සබඳතාව මනා ලෙස වර්ධනය කර ගනිමින් ඉක්මන් ගනුදෙනු කටයුතු කිරීම් සමඟින් ඔවුන්ගේ අත්දැකීම් වඩාත් සරල කිරීම සඳහා ප්රතිනිර්මාණය කර ඇත. බත්තරමුල්ල සහ ඒ අවට ප්රදේශවල ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සඳහා නව ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම අතිනවීන පාරිභෝගික ඒකකය සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ව්යාපාරික කටයුතු සඳහා විවෘතව පවතී.
නව නිවහනකට ගෙන යන ලද මෙම තලංගම පාරිභෝගික ඒකකය HNB හි අද්විතීය විචක්ෂණභාවය සහ උපාය මාර්ගික වශයෙන් පරිවර්තනය වීම මෙන්ම ක්රමයෙන් වර්ධනය වෙමින් පවතින HNB වෙළෙඳ නාමය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. මාස ගණනාවක් පුරා ගනුදෙනුකරුවන්ගේ අදහස් යෝජනා ප්රවේශමෙන් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම පාරිභෝගික ඒකකයේ මෙහෙයුම් ආකෘතිය පුළුල් කිරීම සඳහා බැංකුව එඩිතර පියවර රැසක් ගෙන ඇත.
හොඳින් පුහුණු වූ, කැප වූ කාර්ය මණ්ඩලයේ සහාය සමඟින් නව සන්නාම ආකෘතිය හරහා ක්රියාත්මක වන ක්රියාවලීන්ට සහාය වන පරිදි මෙම ඒකකයේ පෙනුම සහ පරිසරය වෙනස් වී ඇත. මෙම නව සංකල්පය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ HNB පිරිනමන සෑම සේවාවක්ම පහසුවෙන් භුක්ති විදීමට පාරිභෝගිකයින්ව යොමු කිරීමටයි. ඒ ඒ පාරිභෝගිකයාට ගැලපෙන පරිදි සකස් කළ විශේෂ කලාප, විවේකාගාර, වාඩි වී සිටිය සිටින ස්ථාන මෙන්ම self-help කුටි සහ නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් තිරවලින් ද මෙම නව පාරිභෝගික ඒකකය සමන්විත වේ.
HNB Payfast, HNB MOMO, HNB Solo, HNB AppiGo වැනි ඩිජිටල් වේදිකා සහ විවිධාකාර ඩිජිටල් පහසුකම් සහිත ගෙවීම් වේදිකා හරහා HNB එම ප්රදේශය තුළ සිය බැංකු සේවාවන් ශක්තිමත් කරමින් දියුණු වෙමින් පවතින ව්යාපාරික ප්රජාවට පහසු හා ඩිජිටල් ලෙස වැඩිදියුණු කළ බැංකු සේවා සපයයි.

ඡායාරූපය : නව පාරිභෝගික මධ්යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ෙඡ් විජේමාන්න මහතා. HNB සහකාර සාමාන්යාධිකාරී - ජාල කළමනාකරණ හා ව්යාපාර සංවර්ධන, සුපුන් ඩයස්, HNB සහකාර සාමාන්යාධිකාරී - සේවා, ඉන්ද්රජිත් සේනාධීර, HNB සහකාර සාමාන්යාධිකාරී - මෙහෙයුම්, සිවරාජා නන්දකුමාර් සහ HNB බත්තරමුල්ල පාරිභෝගික ඒකකයේ කළමනාකාරිනී, සුචින්තා සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙයි.
September, 20, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්යක්ෂක මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇතිබව ප්රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්රී ලංකාව යන රටවල් වල පවත්වාගෙන යන ව්යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරයි. ආසියාවේ රක්ෂණ ක්ෂේත්රය තුල පුළුල් විෂයයන් හරහා වසර 30කට වැඩි ක්රමෝපායික අත්දැකීම් සහ හසල දැනුම මෙන්ම වසර 11ක් පුරාවට AIA සමූහය තුල ලබාගත් අත්දැකීම් සමුදායක් ද ටැන් හක් ලේ මහතා සතුවේ. එක්සත් රාජධානියේ හෙරියට් වට් විශ්ව විද්යාලයෙන් ආයුගණක ගණිතය සහ සංඛ්යාලේකන සඳහා පිරිනමන ලද පළමු පන්තියේ ගෞරව උපාධියක් දරන ඔහු එක්සත් රාජධානියේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙක් ද වෙයි.
හක් ලේ මහතාගේ මෙම පත්වීම, ශ්රී ලංකාවේ ව්යාපාර දැනට පවතින අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණය තුල ශක්තිමත්ව සහ සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට මහත් අත්වැළක් වනු ඇත.
හක් ලේ මහතාගේ මෙම පත්වීම AIA ඉන්ෂුවරන්ස් ලංකා හි ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්යක්ෂ මණ්ඩලයට පත් කිරීම හා සමගම සිදුවිය. 2022 මැයි මාසයේ දී AIA හි ප්රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ චතුරි මුනවීර මහත්මිය, AIA සමූහය මගින් AIA ශ්රී ලංකා සමාගම අත්පත් කර ගැනීමෙන් පසු සමාගමේ මෙම ප්රධාන විධායක තනතුර හෙබවීම සඳහා තේරී පත් වූ ප්රථම කාන්තාවයි.
චතුරි මුනවීර මහත්මිය ශ්රී ලංකා රක්ෂණ ක්ෂේත්රය තුළ වසර 25කට අධික ඉහළ අත්දැකීම් සහිත විධායක නිලධාරිනියකි. ප්රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර ඇය AIA ඉන්ෂුවරන්ස් හි (AIA ශ්රී ලංකා) නීති සහ මෙහෙයුම් පිලිබඳ අධ්යක්ෂක වරියද වූ අතර ජීවිත මෙහෙයුම්, ආයතනික නීති, සමාගම් ලේකම් කටයුතු පිළිබඳව සහ භාහිර සබඳතා පිළිබඳව ද වගකීම් දරන ලදී . එමෙන්ම මුනවීර මහත්මිය සමාගමේ මානව සම්පත් පිලිබඳ සහ අනුකූලතා පිළිබඳව ප්රධාන නිලධාරිනිය ලෙසද මීට ඉහතදී කටයුතු කර ඇත. වසර 2006 යේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ විධායක කමිටු සාමාජිකාවක් වූ ඇය සමාගමේ ක්රමෝපායික සැලසුම් සහ ව්යාපාර ජයග්රහණ වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටුකර ඇත. චතුරි මුනවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, AIA සමූහයේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිතයක් බවට පත්කිරීමට අදාළ සංකීර්ණ ආයතනික ප්රතිව්යුහගත කිරීමේ කර්තව්ය සඳහා ද නායකත්වය දෙන ලදී.
මෙසේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ අධ්යක්ෂක මණ්ඩලයට තේරී පත්වීම චතුරි මුනවීර මහත්මියගේ වෘත්තීය ගමන් මග තවත් එක් සුවිශේෂී පියවරකි.
වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන AIA, විශාලතම ස්වාධීන පොදු ලැයිස්තුගත ආසියානු ශාන්තිකර කලාපීය ජීවිත රක්ෂණ සමූහය වන අතර ආසියානු කලාපය පුරා රටවල් 18ක ව්යාපාර පවත්වාගෙන යයි.

September, 19, 2022
2022 වසරේ මුල් මාස 06 තුළ දී රජයේ ආදායම රු. බිලියන 919.5 ක බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්යාලේඛන පෙන්වා දේ. මෙය 2021 වසරේ මුල් මාස 06 හි රජයේ ආදායම් අගය වූ රු. බිලියන 715.3 හා සැසඳීමේ දී 28.54% ක වර්ධනයකි.
මෙම වකවානුව තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 641.2 සිට රු. බිලියන 798.8 දක්වා ත්, බදු නොවන ආදායම රු. බිලියන 73.3 සිට රු. බිලියන 119.7 දක්වා ත් වැඩි වී ඇත.
කෙසේ වෙතත් මෙම කාලපරිච්ඡේදය තුළ දී රජයේ වියදම රු. බිලියන 1,495.5 සිට රු. බිලියන 1,822.1 ක් දක්වා වර්ධනය වී තිබේ.
එහිදී පුනරාවර්තන වියදම් රු. බිලියන 1,311.0 සිට රු. බිලියන 1,571.6 ක් දක්වා සහ ණය ආපසු ගෙවීම් අඩු කළ පසු ප්රාග්ධන වියදම් රු. බිලියන 184.5 සිට රු. බිලියන 250.5 ක් දක්වා ත් වැඩි වී ඇත.

September, 19, 2022
එයාර්ටෙල් ලංකා දිස්ත්රික්ක 24 ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම බවට පත්වෙමිනි. මෙම වසර මුලදී ඔවුන්ගේ Freedom Unlimited පැකේජ හරහා පෙරගෙවුම් පරිශීලකයින්ට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ එයාර්ටෙල්ය.
පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දෙමින් ශ්රී ලාංකේය ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළියක් ඇති කිරීම සමාගමේ මෙහෙයුම් හි ප්රධාන කොටසක් වන අතර එයාර්ටෙල් හි Freedom Unlimited පැකේජවලට එක්වූ නවතම හඳුන්වාදීම වන්නේ Unlimited 1098 පැකේජයයි. එහි මිල රු. 1,098 ක් වන අතර එමඟින් පසුගෙවුම් පරිශීලකයින්ට දැන් ඕනෑම ජාලයකට අසීමිත voice calls භුක්ති විඳීමට ඉඩ සලසයි. තවද ඉහළ ගුණාත්මකභාවයෙන් (full HD) යුතු වීඩියෝ, සමාජ මාධ්ය ජාල පහසුකම් සඳහා 40GB Anytime 4G data සමඟ ඕනෑම ජාලයකට යැවිය හැකි SMS පහසුකම් නිසා ඔබගේ සියලූම මාසික අවශ්යතාවන් සපුරාලයි.
තවද එයාර්ටෙල් යනු පසුගෙවුම් පරිශීලකයින්ට ‘Data Rollover’ පහසුකම අඛණ්ඩව ලබා දෙන එකම සමාගම වන අතර එම මාසයේ භාවිතයට නොගත් data ඊළඟ මාසය දක්වා ගෙන යාමට ඉඩ සලසමින් data ඉතිරි කර ඔබගේ වියදම් ද සීමා කරයි. එමෙන්ම පරිශීලකයින්ට අසීමිත HD වීඩියෝ, සමාජ මාධ්ය ජාල පහසුකම් මෙන්ම නිවසේ සිට වැඩ කිරීමට සහ download කිරීමට උපකාර වීමට 200GB දක්වා data රැස්කර ගැනීමට ද හැකිය.
පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්යවසායකයින්ට එකසේ ගැලපෙන එයාර්ටෙල් හි මෙම නව පැකේජය සැලසුම් කර ඇත්තේ එහි පරිශීලකයින්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා යි. ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් voice call පහසුකම් සහ data සැපයීමට අමතරව එයාර්ටෙල් හි 1098 පැකේජය මගින් මාසික දුරකතන සේවා වියදම් අවම වශයෙන් 50% කින් අඩු කිරීමට ද හැකියාව ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරි අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”එයාර්ටෙල් හි මෙහෙවර වන්නේ සෑම පාරිභෝගික කාණ්ඩයකටම සාධාරණ ප්රතිලාභ භුක්ති විඳිය හැකි බවව සහතික කරන නවෝත්පාදනයන් වෙත යොමු කිරීමට ඔවුන්ව උනන්දු කරවමින් අපගේ සියලූම පරිශීලකයින්ට ජාත්යන්තර මට්ටමේ ජංගම බ්රෝඞ්බෑන්ඞ් අත්දැකීමක් ලබා දීමයි. විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතා පවතින අවස්ථාවක අප ලබා දුන් අසීමිත දීමනා සඳහා අපගේ පෙරගෙවුම් පරිශීලකයින්ගෙන් ඉහළ ප්රතිචාරයක් ලැබෙනවා. ඒවගේම අපගේ පසුගෙවුම් පාරිභෝගිකයින්ට ද එවැනිම වටිනා අවස්ථාවන් ලබා දීමට කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව අපට සතුටුයි.” යනුවෙනි.
ශ්රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා අවකාශය තුළ පාරිභෝගිකයා වෙත නව නිෂ්පාදන මුලින්ම පිරිනමන ආයතනයක් ලෙස මෙන්ම මෙරට ඕනෑම ජාලයක් සඳහා අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ ද එයාර්ටෙල් ය. එයාර්ටෙල් Freedom දියත් කිරීමත් සමඟින් සමාගම සිය පරිශීලකයින්ට ඔවුන්ගේ සියලූම voice calls, කෙටි පණිවුඩ සහ data අවශ්යතා සඳහා උපරිම පහසුව ලබා දෙන අතර තරගකාරී ආයතනයන් අභිබවා ගොස් විශාල ඉතුරුම් අවස්ථා පිරිනමනු ලබයි. Unlimited පැකේජ හඳුන්වාදීමත් සමඟ එයාර්ටෙල් ලංකා මෙරට ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළිකරුවෙකු ලෙස පෙරමුණ ගෙන සිටියි.
සිය 4G ජාල අත්දැකීම තවදුරටත් පුළුල් කිරීමේ එයාර්ටෙල් හි සැලකිය යුතු ආයෝජනයේ තවත් වැදගත් පියවරක් ලෙස එයාර්ටෙල් හි වටිනාකම් කේන්ද්ර කරගත් නව නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. අතිනවීන යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සහ මෑතකාලීනව සිදු කළ එහි මොබයිල්-බ්රෝඞ්බෑන්ඞ් ජාලය ඉහළ නැංවීම කටයුතු හරහා සමාගම සිය 3G සේවාවන් නවතා දැමූ අතර එයාර්ටෙල් මේ වන විට මෙරට පරිශීලකයන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් වෙත සිය ආවරණ පහසුකම් සපයයි.
September, 19, 2022
ශ්රී ලංකාවේ ප්රකට අධ්යාපන ආයතනයක් වන MasterMind අධ්යාපන ආයතනය මගින් පවත්වන ලද "අරමුදල් කළමනාකරණ සහතික පත්ර පාඨමාලාව" හැදෑරූ සිසු සිසුවියන් සඳහා සහතික පත් පිරිනැමීමේ උත්සවය පසුගියදා වෝටර්ස් එජ් හිදී, ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. එම පාඨමාලාව සාර්ථක ලෙස හදාරා අවසන් කළ 100 කට අධික සිසු සිසුවියන් පිරිසකට එහිදී සහතික පත් පිරි නැමිණි.
MasterMind ආයතනය මගින් පිරිනමන පාඨමාලා අතරට අලුතෙන්ම හඳුන්වා දෙනු ලැබූ 'අරමුදල් කළමනාකරණ පාඨමාලාව' මුදල් කළමනාකරණය සහ ධනය වර්ධනය කර ගන්නේ කෙසේද, උද්ධමනයට මුහුණ දෙන්නේ කෙසේද, අමතර ආදායමක් උපයා ගන්නේ කෙසේද ආදී කාලීන මාතෘකා යටතේ විෂය පථය පෙළගස්වන ලැබූ පාඨමාලාවකි. එම පාඨමාලාව හැදෑරූ සිසුන් වෙත පසුගියදා සහතික පත් පිරිනැමුණේ උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූ, Camera.lk ආසියා පැසිෆික් PTE හි කළමනාකාර අධ්යක්ෂක / ප්රධාන විධායක නිලධාරී අනුෂ්ක ගුණසිංහ සහ MasterMind Holdings පුද්ගලික සමාගමේ අධ්යක්ෂක/ ප්රධාන විධායක නිලධාරී රොෂාන් ප්රනාන්දු යන මහත්වරුන් අතිනි. MasterMind ආයතනයේ අධ්යක්ෂක මණ්ඩලය, සිසුන්ගේ දෙමව්පියන් ඇතුළුව, ආයතනයේ අභිවෘද්ධිය පතන බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් එම උළෙල පැවැත්විණි.
අලෙවිකරණය පිළිබඳ එක්සත් රාජධානියෙන් ඩිප්ලෝමාවක් හිමිකරගෙන සිටින MasterMind Holdings පුද්ගලික සමාගමේ අධ්යක්ෂක/ ප්රධාන විධායක නිලධාරී රොෂාන් ප්රනාන්දු, වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) සහකාර සාමාජිකයෙකු වේ. එමෙන්ම, එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්ව විද්යාලයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්රපති උපාධියද ඔහු විසින් හිමි කරගෙන ඇති අතර, කොළඹ කොටස් හුවමාරුවේ (CSE) සහතික ලත්, ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකුද වේ. තවද, ආයෝජන උපදේශන, ව්යාපාර සංවර්ධනය මෙන්ම උපාය මාර්ග ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් වසර 20කට ආසන්න පළපුරුද්දක් ඔහු සතුව තිබේ. එම විෂයයන් සම්බන්ධයෙන් ඔහු තුළ පවතින පුළුල් දැනුමෙහි ප්රතිඵලයක් වශයෙන්, පිළිගත් රාජ්ය සහ පෞද්ගලික ආයතනවල අරමුදල් සම්බන්ධ උපදේශන සේවා සැපයීමේ අවස්ථාවද ඔහු වෙත හිමි වී තිබේ. හෙතෙම, මේ වන විටත් ප්රමුඛ පෙළේ අරමුදල් කළමනාකරණ ආයතනයක් සඳහා සිය සේවාව සලසන අතරම, MasterMind Holdings පුද්ගලික සමාගමේ අධ්යක්ෂක/ ප්රධාන විධායක නිලධාරී තනතුරු ඇතුළුව, පුද්ගලික සමාගම් කිහිපයක අධ්යක්ෂ තනතුරු ද හොබවයි.
MasterMind අධ්යාපන ආයතනයේ නිර්මාතෘවරයා වෙමින්, ක්ෂේත්රයේ දශක දෙකක අත්දැකීම්වලින් සමන්විත ප්රවීණයකු වන රොෂාන් ප්රනාන්දු, ‘MasterMind ROSHAN’ යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘවරයා ද වේ. එය ග්රාහකයින් 21,000 කට අධික සංඛ්යාවක් සිටින නාලිකාවකි. එමෙන්ම, මේ දක්වා එම නාලිකාවට එක් කරන ලද සෑම වීඩියෝවක්ම දහස් ගණනක පිරිසක් විසින් නරඹා තිබේ. සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔහු තම ප්රේක්ෂකයින් වෙත, මුදල් ආයෝජනය කරන්නේ කෙසේද, පුද්ගලික ඩොලර් ආදායම ගොඩනැගීම, අධි උද්ධමනය, කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීම, උද්ධමනයට වඩා වේගයෙන් ධනය වර්ධනය කිරීම, IPOs, ව්යවසායකත්වය ආදී කරුණු පිළිබඳව සහ තවත් බොහෝ දේ පිළිබඳව අවබෝධය ලබා දෙයි. එමෙන්ම, ආයෝජන සහ මූල්ය ක්ෂේත්රය සම්බන්ධ විවිධ අංශ සම්බන්ධයෙන් තම ප්රේක්ෂකයින් දැනුවත් කිරීම පිණිස, ප්රමුඛ පෙළේ පුද්ගලයින් සමඟ ඔහු සම්මුඛ සාකච්ඡාද පවත්වයි.


September, 19, 2022
2022 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08 ක කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ව්යාපාරයෙන් ශ්රී ලංකාව උපයා ඇති ආදායම ඩොලර් මිලියන 892.8 ක් බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී. මෙහි රුපියල් වටිනාකම රු. බිලියන 246 ක් වේ.
2022 අගෝස්තු මාසය තුළ දී සංචාරක ඉපැයීම් ප්රමාණය සටහන් වන්නේ ඩොලර් මිලියන 67.9 ක් ලෙසයි.
2022 අගෝස්තු මාසය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 37,760 ක් වන අතර වසරේ මුල් මාස 08 තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 496,430 ක් වේ.
September, 19, 2022
- සම්පත්වලින් උපරිම ප්රයෝජන ලැබීමේ උත්සාහයේ තවත් පියවරක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් කටාන පොත්තොඩේ ප්රදේශයේ බහුකාර්ය විනෝදාස්වාද මධ්යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණි.
SLT-MOBITEL සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින අක්කර 04කින් යුත් භූමියක මෙම විනෝදාස්වාද මධ්යස්ථානය ස්ථාපිත කර ඇත. දැනට මෙම මධ්යස්ථානය ප්රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර, ඉන් එක් කොටසක (අක්කර 2) නිලධාරී නිල නිවාසද, අනෙක් කොටසෙහි (පර්චස් 40) විශාල ක්රීඩා පිටියක්ද ඉදිකර තිබේ. එමෙන්ම සුළු සේවකයන් සඳහා මෙහි අක්කර 1.75 ක ප්රදේශයක නිල නිවාස ඉදිකර ඇත. මීට පෙර මෙම ස්ථානය SLT නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ලෙස මෙන්ම COVID-19 ප්රතිකාර මධ්යස්ථානයක් ලෙසද භාවිතා විය.
මෙම මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්රනාන්දු, සමූහ ප්රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරු ඇතුළු SLT-MOBITEL ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ. ඉදිරියේදී මෙම මධ්යස්ථානයට නව පහසුකම් රාශියක් එක්කිරීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.
මෙම මධ්යස්ථානය දියත් කිරීමේ පරමාර්ථයන් වන්නේ SLT-MOBITEL කාර්ය මණ්ඩලයට වඩාත් පුළුල් තලයේ පහසුකම් ලබා දීම, ඔවුන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ බාහිර පුහුණු කටයුතු එකම ස්ථානයකදී සිදුකිරීමට අවස්ථාව ලබාදීම යනාදියයි. මීට අමතරව බාහිර වැඩසටහන් පැවැත්වීම සඳහාද මෙම පරිශ්රය භාවිතා වනු ඇත. එමෙන්ම මෙමගින් තමන් සතු දේපළ වලින් උපරිම ප්රයෝජන ගැනීම, පුහුණු කටයුතු සඳහා වැයවන වියදම් දීර්ඝකාලීනව අවම කරගැනීම සහ බාහිර වැඩසටහන් පැවැත්වීමට අවස්ථාව ලබාදීම තුළින් ආදායමක් උපයා ගැනීම යන අරමුණු සාක්ෂාත් කරගැනීමට ද SLT-MOBITEL හට හැකියාව ලැබේ. මෙහි විශාල ඉඩකඩක් පවතින බැවින්, හරිත වැඩසටහන් ඔස්සේ තිරසාරත්වය ප්රවර්ධනය කිරීමටද SLT-MOBITEL වෙත අවස්ථාව හිමිවනු ඇත.
ඉදිරියේදී සංචාරක බංගලාවක් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සියලු පහසුකම් සහිත නව විනෝද මධ්යස්ථානයක් වැනි පහසුකම් මෙහි ඉදිකිරීමටත්, අභ්යන්තර හා බාහිර ක්රීඩා වැඩසටහන් පැවැත්වීමටත් SLT-MOBITEL සැලසුම් කර තිබේ.
සමස්තයක් ලෙස ගත්විට SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම තහවුරු කිරීමත්, ඔවුන් අතර සුහදත්වය වර්ධනය කිරීමත්, මෙහි පැමිණෙන්නන් හට ජාත්යන්තර තලයේ අත්දැකීමක් ලබාදීමත් මෙම මධ්යස්ථානය ඉදිකිරීමේ මූලික අරමුණු ලෙස පෙන්වා දිය හැක.

September, 19, 2022
ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු පිළිබඳ පුළුල් විශ්ලේෂණයක්
ශ්රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්යාප්තියෙන් පසුව ප්රථම වරට සාමාන්ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස වැවිලි කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ මහතාද, ගරු ආරාධිතයා ලෙස ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාද සහභාගී වූහ. "තේ කර්මාන්තයේ වෙනස්කම් සම්බන්ධ අභියෝග" යන මැයෙන් මෙහි ප්රධාන දේශනය පවත්වනු ලැබුවේ ශ්රී ලාංකික ආර්ථික විද්යාඥ, සමාජ විද්යාඥ සහ රොටර්ඩෑම් විශ්වවිද්යාලයේ ජාත්යන්තර සමාජ අධ්යයන ආයතනයේ (The Hague) ජ්යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හවර්ඩ් නිකලස් විසිනි.
මෙහිදී 2022/2023 කාලසීමාව සඳහා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස, Eswaran Brothers Exports සමාගමේ සභාපති ගනේෂ් දේවනායගම් මහතා තෝරා පත්කර ගන්නා ලදි. මීට පෙර සංජය හේරත් මහතා 2019 සිට 2022 දක්වා වසර 3 ක කාලයක් සංගමයේ සභාපති ලෙස කටයුතු කළේ ය.
මෙහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසී ය. “ශ්රී ලංකාවේදී වැඩිම තේ ප්රමාණයක් නිෂ්පාදනය කළේ 2013 වසරේදී. එහෙත් මෑත කාලයේදී චීනය, ඉන්දියාව සහ කෙන්යාව අප පසු කර ගොස් තිබෙනවා. මේ වනවිට අපට ප්රමාණාත්මකව හිමි වී ඇත්තේ සිව්වැනි ස්ථානයයි. කෙසේ නමුත් තවමත් ශ්රී ලංකාවේ තේ ඉහළම ප්රමිතියෙන් යුතු තේ ලෙස සැලකෙනවා. මෙම වසරේ ජූලි මාසය අග වන විට පැවති තත්ත්වය සලකා බැලූ විට, තේ නිෂ්පාදනය 2021 වසරේ අදාළ කාලසීමාවට වඩා කිලෝග්රෑම් මිලියන 20 කින් පහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත් අපගේ අපනයන ආදායම පහළ ගොස් නැහැ. ජූලි මාසය අවසානය වනවිට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 695 ක්. තේ නිෂ්පාදනය සහ එහි වෙළඳපොළ පුළුල් කිරීම සඳහා සියලු දෙනා සමග එක්ව කටයුතු කරමින්, අපට හැකි සෑම පියවරක්ම ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”
ශ්රී ලංකාවේ තේ කර්මාන්තය මුහුණ දුන් සහ මුහුණ දෙමින් සිටින අභියෝග රාශියක් සම්බන්ධයෙන් මෙම මහා සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. මෑතක් වනතුරුම නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට මැළිකමක් දැක්වූ තේ කර්මාන්තය මේ වනවිට එම ආකල්ප වලින් මිදී, විවිධ කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට යොමු වී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදි. උදාහරණයක් ලෙස වසර 150 කට අධික කාලයක් පවත්වාගෙන ආ සාම්ප්රදායික තේ වෙන්දේසි ක්රමය වෙනුවට මේ වනවිට නවීන ඩිජිටල් වෙන්දේසි ක්රමයක් භාවිතා වන අතර, මෙවැනි වෙනස්කම් හේතුවෙන් අභියෝග රාශියක් සාර්ථක ලෙස ජයගැනීමට ක්ෂේත්රයට හැකි වී ඇත.
“ලංකා තේ වලට විකල්පයක් නොමැති බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා පංච-වාර්ෂික තේ ක්රමෝපාය සහ CTRM 2030 එක්තැන් කරමින් පැහැදිලි සැලසුමක් සකස් කරගැනීම අප සතු වගකීමක්. එමෙන්ම තේ අපනයනකරුවන්ගේ සංගමය ක්රියාත්මක කරන ශිෂ්යත්ව වැඩසටහනේ සාර්ථකත්වය අගය කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. ශ්රී ලංකාවේ වතුකරයේ සහ ග්රාමීය ප්රදේශ වල දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් මෙම වැඩසටහන මගින් ලබාදෙන වාර්ෂික දායකත්වය රුපියල් මිලියනයක්.” ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවසී ය.
“රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් 2022 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ සියලුම ප්රදේශ වල තේ අස්වැන්න 18.6% ක් වැනි සැලකිය යුතු මට්ටමකින් පහළ ගියා. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කිලෝග්රෑම් මිලියන 35.07 ක අඩුවීමක්. COVID-19 රෝග ව්යාප්තියේ උච්චතම අවස්ථාව වූ 2020 ජනවාරි සිට ජූලි දක්වා වාර්තා වූ අස්වැන්න සමඟ සංසන්දනය කරන විට පවා මෙය සුළු පහළ යාමක්. ඇත්ත වශයෙන්ම මෙය 1996 වසරේ සිට මේ දක්වා වාර්තා වූ අඩුම තේ අස්වැන්න ලෙස හැඳින්විය හැකියි.” තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ලෙස කටයුතු කළ සංජය හේරත් මහතා පැවසී ය.
අපනයනය සම්බන්ධයෙන් ගත් විටද, පෙර වසරට සාපේක්ෂව 2022 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ 9.77% ක අඩුවීමක් පෙන්නුම් කරයි. මෙම වසරේ අදාළ කාලසීමාව තුළ අපනයනය කිලෝග්රෑම් මිලියන 148.05 ක් වූ අතර, මෙය 2021 වසරට සාපේක්ෂව කිලෝග්රෑම් මිලියන 14.47 ක අඩුවීමකි. මේ ආකාරයට අපනයනය අඩුවීම මුළුමනින්ම පාහේ අස්වැන්න අඩුවීම නිසා සිදුවූවක් බවත්, යුක්රේනය සමග ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් රුසියාවට සිදුකෙරෙන අපනයනයන්ට බාධා එල්ල වූ බවත් සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මෙහිදී අදහස් දක්වමින් නව සභාපති ගනේෂ් දේවනායගම් මහතා කියා සිටියේ, විශිෂ්ට මූලික තත්ත්වයන් සහ ක්රමෝපායික පිහිටීම් වල වාසිය නිසා නිෂ්පාදනය සහ ආදායම වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
ක්ෂේත්රයේ අපනයන ආදායම ශ්රී ලංකා රුපියල් වලින් ගත්විට 37% ක් වැනි ඉහළ වර්ධනයක් වාර්තා කර තිබේ. කෙසේ නමුත් මෙය සිදු වී ඇත්තේ, ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ක්ෂණිකව පහළ යාම හේතුවෙනි. 2022 මාර්තු මාසයේදී ශ්රී ලංකා රුපියලෙහි අගය, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 80% කින් පමණ පහත වැටිණි. මෙම තත්ත්වය හමුවේ වෙන්දේසි වල වාර්තා වූ මිලගණන් සුවිශාල ලෙස ඉහළ ගිය අතර, මෙම කාලය තුළ ශ්රී ලංකා රුපියල් වලින් සඳහන් වූ මිලගණන් ඉතිහාසයේ ඉහළම අගයන් වාර්තා කළේ ය.

ඡායාරූප:
September, 19, 2022
ශ්රී ලාංකේය හැකියාවන් නිරන්තරයෙන් අගයමින් මෙරට සාහිත්ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැපවන සම්පත් බැංකුව මෙවරද 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්රධාන අනුග්රාහකයා ලෙස එක් විය. කියවීමෙන් පිරිපුන් පරපුරක් මෙරට බිහි කිරීමේ ජාතික වගකීමද පෙරදැරි කරගනිමින් සම්පත් බැංකුව ස්වර්ණ පුස්තක සම්මානය සඳහා මෙවර ප්රධාන අනුග්රාහකත්වය දක්වන්නේ 12 වසරක අඛණ්ඩ ස්වර්ණමය දායකත්වය සනිටුහන් කරමිනි. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්රශාලා පරිශ්රයේදී පැවති 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂිකා (යෝජිත) අයෝධ්යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහභාගී වූහ.
ශ්රී ලාංකේය සාහිත්ය සම්මාන උළෙලක ලබා දෙන ඉහළම ත්යාග මුදල හිමි කර දෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ජයග්රාහී නවකතාව වෙනුවෙන් රුපියල් 750,000ක මුදලක් ත්යාග ලෙස හිමි කර දෙන අතර අවසන් වටයට තේරුණු නවකතා පහක් වෙනුවෙන් රුපියල් 100,000 බැගින් මුදල් ත්යාග හිමි කර දීම විශේෂත්වයකි. ඒ සඳහා පූර්ණ දායකත්වය සළසනු ලබන්නේ සම්පත් බැංකුවයි. ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් 2007 වසරේ සිට සංවිධානය කරනු ලබන මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සෑම වසරකම කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන අතර මෙවර සමරනු ලැබුවේ එහි 16 වන පියවරයි.
මෙවර ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් 2021 වසරේදී ප්රකාශයට පත් කළ නවකතා අතුරින් නවකතා 12ක් විනිශ්ය මණ්ඩලය විසින් දීර්ඝ වටය සඳහා පොත් ප්රකාශකයන්ගේ සංගමය වෙත තෝරා දෙන ලදී. එම නවකතා 12 අතුරින් නවකතා 05 ක් අවසන් වටය සඳහා තෝරා ගනු ලැබූ අතර ඊට 5 දෙනෙකුන් සමන්විත විද්වත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ. ඒ අනුව අවසන් වටය සඳහා එරික් ඉලයප්පආරච්චි විසින් රචිත නකුල මුනි, කීර්ති වැලිසරගේ විසින් රචිත සන්ධ්යානන්දය, සේපාලී මායාදුන්නේ විසින් රචිත හින් දොස් මාලේ, චන්ද්රරත්න බණ්ඩාරගේ පේ්රමානිශංස, සහ ශමෙල් ජයකොඩි විසින් රචිත මගේ චිකාගෝ හදවත යන නවකතා තෝරා ගැනිණ. ඒ අතුරින් සිංහල නවකතා කලාවට පිදෙන ප්රකාශක උත්තමාචාරය වන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි කර ගැනීමට සමත් වූයේ චන්ද්රරත්න බණ්ඩාර විසින් රචිත ප්රේමානිශංස නවකතාවයි.

එච්. ඞී. ප්රේමසිරි (අධ්යක්ෂ - සරසවි ප්රකාශකයෝ), චන්ද්රරත්න බණ්ඩාර (2022 ස්වර්ණ පුස්තක ජයග්රාහක), ආචාර්ය නන්දලාල් වීරසිංහ (මහබැංකුවේ අධිපති), සමන්ත ඉන්දීවර (සභාපති - ශ්රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය), අයෝධ්යා ඉද්දවෙල පෙරේරා (කළමනාකාර අධ්යක්ෂිකා (යෝජිත) - සම්පත් බැංකුව), අතුල ජයකොඩි (භාණ්ඩාගාරික - ශ්රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය) යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

ශ්රීපාලි පෙරේරා (කළමනාකාර -සරසවි ප්රකාශකයෝ), චන්ද්රරත්න බණ්ඩාර (2022 ස්වර්ණ පුස්තක ජයග්රාහක), තාරක රන්වල (ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරී - ඩිජිටල්කරණ, තැන්පතු ප්රවර්ධන හා අලෙවිකරණ - සම්පත් බැංකව), සුනිල් දිසානායක (ප්රධාන විධායක නිලධාරී - BMICH), චාමින් විජේරත්න (කළමනාකාර - ආශිර්වාද ප්රකාශන) යන මහත්වරුන් චායාරූපයේ වේ.
Video Story