September, 13, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කාණ්ඩ දෙකක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු දෙකක් සිදුකරන ලදී.
එහිදී 2025 ජූලි 01 දින හා 2032 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රු. මිලියන 30,000 ක් හා රු. මිලියන 45,000 ක් වශයෙන් වූ බැඳුම්කර ප්රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
එහිදී 2025 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රු. මිලියන 3,704 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්රමාණයක් සඳහා වූ ලංසු පමණි.
මේ අතර 2032 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් සම්පූර්ණ නිකුතුවටම අදාළ ලංසු ප්රමාණයක් පිළිගැනීමට රාජ්ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
මෙහිදී බර තබන ලද සාමාන්ය ඵලදා අනුපාතිකය, 2025 කාණ්ඩය සඳහා 29.16% ක් සහ 2032 කාණ්ඩය සඳහා 29.96% ක් ලෙසින් තීරණය වී ඇත.
වාර්තාවන අන්දමට වසර 2 ක් සහ වසර 10 ක් බැගින් වන ආකාරයේ භණ්ඩාගාර නිකුතු සඳහා මේ දක්වා තීරණය වී ඇති ඉහළම ඵලදා අනුපාතිකයන් මේවා වේ.
September, 13, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන බලංංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකරනු ලබන බව දැනුම් දී සිටී.
මෙම හිමිකම් නිකුතුව හරහා නව ඡන්ද බලය හිමි සාමාන්ය කොටස් 23,636,363 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී එක් කොටසක් රු. 85.00 බැගින් නිකුත් කෙරෙනු ඇත.
සමාගමේ වත්මන් ප්රකාශිත ප්රාග්ධනය රු. මිලියන 350 කි. මෙම හිමිකම් නිකුතුව සඳහා පූර්ණ දායකත්වයක් ලැබුණ හොත් සමාගමේ ප්රකාශිත ප්රාග්ධනය රු. මිලියන 2,359.09 ක් දක්වා ඉහළ යනු ඇති බව බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි සමාගම් ලේකම් ප්රදීප් ඒ ජයතුංග සඳහන් කර සිටී.
මේ අතර මෙම හිමිකම් නිකුතුව ප්රකාශයට පත් කිරීමත් සමඟම සමාගමේ කොටස් මිල 16.73% කින් අද දිනය තුළ දී පහළ ගොස් තිබුණි.

September, 13, 2022
බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරය යළිත් සිය සුපුරුදු ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ. බ්රැන්ඩික්ස් යනු සෑම විටම ජනතාව, පරිසරය සහ සිය ප්රජාවන් යන ත්රිවිධ අංශ වල යහපත කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන සමූහ ව්යාපාරයකි. මේ වනවිට මෙරට සමාගම් හා ආයතන අතරින් වැඩිම වශයෙන් රුධිර පරිත්යාගයන් සිදුකරන සමාගම බ්රැන්ඩික්ස් වන අතර, මෙවරත් එහි සාමාජික සාමජිකාවන් මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් දහස් ගණනින් මෙම උදාර කර්තව්යයට දායක වනු ඇත.
ජාතික රුධිර පාරවිලයන සේවාව නිසි පරිදි පවත්වාගෙන යාමට නම් පරිත්යාගශීලීන් වෙතින් අඛණ්ඩව රුධිරය ලැබීම අත්යවශ්ය වේ. මේ නිසාම වසර 13 ක් තම ලේ දන්දීමේ වැඩසටහන පවත්වාගෙන යාමට බ්රැන්ඩික්ස් සමූහය කටයුතු කළ අතර, පසුගිය වසර දෙකේදී පමණක් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. සමූහයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් දිවයින පුරා ස්ථාන 23 කදී පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාවට සාමාජික සාමාජිකාවෝ 35,000 කට අධික පිරිසක් දායක වෙති. තවකෙකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සිදුකරන උදාර මෙහෙවරක් වශයෙන්, බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ සාමාජිකත්වයේ පූර්ණ මෙහෙයවීමෙන් යුතුව මෙම වැඩසටහන් මාලාව ක්රියාත්මක කෙරේ.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෞඛ්ය සේවයටද විවිධ අංශ වල සහයෝගය අත්යවශ්ය වී ඇත. මෙම තත්ත්වය හමුවේ නැවත වරක් මෙම ජාතික මෙහෙවර දියත් කිරීමට බ්රැන්ඩික්ස් සමූහය කටයුතු කළේ ය.
“මෙම වටිනා කර්තව්යය සඳහා දායක වීමට වැඩි පිරිසක් පොළඹවා ගැනීමට සමූහයේ සාමාජික සාමාජිකාවන් කටයුතු කිරීම මගින් පෙනී යනුයේ, බ්රැන්ඩික්ස් යනු පරාර්ථකාමී ක්රියාවන් ඔස්සේ යහපත් වෙනසක් සිදුකිරීම සඳහා කැපවුණු, එකම පවුලක් වන් පිබිදුණු මිනිසුන් පිරිසක් සිටින සමාගමක් බවයි. බ්රැන්ඩික්ස් සෑම විටම තම සාමාජික සාමාජිකාවන්ටත්, ප්රජාවන්ටත් පිබිදුණු විසඳුම් තිළිණ කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අප ක්රියාවට නංවා ඇති ‘මනුසත්කාර’ ව්යාපෘතිය යටතේ දැනටමත් මෙම ලේ දන්දීමේ වැඩසටහන් මාලාවට අමතරව, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු වලට පිළියම් වශයෙන් අක්කර 500 ක භූමි ප්රමාණයක් වගාකිරීම, 250,000 කට අධික පිරිසකට පානීය ජල පහසුකම් සපයන ජල සම්පාදන ව්යාපෘති ක්රියාත්මක කිරීම, සහ 1 වසරේ සිට විශ්ව විද්යාල මට්ටම දක්වා සිසු සිසුවියන් වෙනුවෙන් ශිෂ්යත්ව සහ පාසල් ලිපිද්රව්ය ලබාදීම වැනි වැඩසටහන් ක්රියාවට නංවා තිබෙනවා. අපගේ පරමාර්ථය වන්නේ, අපගේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරන සෑම ප්රදේශයකම ප්රජාවන්ගේ ජීවන තත්ත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම තුළින්, එම ප්රදේශ අප පැමිණෙන විට පැවති මට්ටමට වඩා යහපත් තත්ත්වයකට පත්කිරීමයි.” බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ සමාජ සත්කාර ප්රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.
“ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිරය ලැබෙන්නේ මෙවැනි මානුෂීය ව්යාපෘති තුළිනුයි. බ්රැන්ඩික්ස් යනු දිවයින පුරාම විසිරී පවතින සමූහ ව්යාපාරයක් නිසා, අපගේ සේවාවට ඉතා පුළුල් මට්ටමින් රුධිරය පරිත්යාග කිරීමට එම සමූහයට හැකි වී තිබෙනවා. සාමාන්යයෙන් විශාල වශයෙන් රුධිර පරිත්යාගයන් සිදු නොවන ප්රදේශ පවා මෙම වැඩසටහන් මගින් ආවරණය වීම විශේෂත්වයක්. ඉදිරියටත් රටේ ජනතාව වෙනුවෙන් මේ උදාර මෙහෙවර අඛණ්ඩව ක්රියාවට නැංවීමට බ්රැන්ඩික්ස් කටයුතු කරනු ඇතැයි කියා අපට විශ්වාසයි.” ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්යක්ෂ වෛද්ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසී ය.
මේ වනවිට රුධිරය පයින්ට් 36,296 ක් පරිත්යාග කළ බ්රැන්ඩික්ස් සමූහය මෙරට ‘පෞද්ගලික අංශයේ විශාලතම රුධිර පරිත්යාගශීලියා’ යන විරුදාවලිය ලබා ඇත. මෙය, ලේ දන්දීම යනු අභය දානය දීමක් ය යන විශ්වාසයට සමගාමීව බ්රැන්ඩික්ස් සමූහය විසින් ලොවට ලබාදෙන මහඟු ආදර්ශයකි.


September, 13, 2022
වෙල්ඩින්, ග්රයින්ඩින්, පේන්ටින් වැනි ක්ෂේත්රවල දක්ෂතාව සහිත පුද්ගලයින්ට කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා කොරියානු භාෂා ප්රවීණතා විභාගය සමත්වීම අනවශ්ය බවත් ජනමාධ්ය රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
අද (13) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී ඔහු මේ බව අනාවරණය කළේය.
දැනට කොරියානු රජයේ රැකියා අවස්ථා ලැබෙන්නේ භාෂා ප්රවීණතාවය සමත්වූවන්ට පමණයි. නමුත් භාෂා ප්රවීණතාවය නැතුව, මම මේ පණිවුඩය මාධ්ය තුළින් ගම් දනව් ඔස්සේ ප්රචාරය කරනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා.
අපි දන්නවා මේ දවස්වල විශේෂයෙන්ම වෙල්ඩින් ක්ෂේත්රෙය් යෙදිලා ඉන්න අයට, ඒ වගේම ග්රයින්ඩින්, පේන්ටින් වගේ ක්ෂේත්රවල අයට රැකියා අවස්ථා අඩුයි රට තුළ. මේ තියෙන ආර්ථික ප්රශ්නත් එක්ක.
ඒ අයට භාෂා ප්රවීණතාවයක් නැතුව කොරියානු රජයේ රැකියාවක් අවස්ථාවක් ලබා ගන්න ප්රළුවන්කම ලැබෙනවා. ඒ සඳහා උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට වයස අවුරුදු 45ක් දක්වා විදේශ රැකියා ප්රවර්ධන කාර්යාංශය යටතේ තියෙන, නාවල තියෙන රැකියා ඒජන්සිය වෙත යෑම තුළින්, තාක්ෂණික කමිටුවත් ඉන්නවා, ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කරලා, ඔවුන්ට කොරියානු රජයේ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා.මාසික වැටුප ශ්රී ලංකා රුපියල්වලින් ලක්ෂ අටහමාරෙන් තමයි පටන් ගන්නේ. එතනින් උඩ මාසික මුදලක් තමයි ඔවුන්ට ලැබෙන්නේ.
පුහුණුව තියෙන අය, NVQ සහතිකය අවශ්ය නැහැ. තමන්ට ඒ වැඩ කරන්න පුළුවන් නම්, ඒ තාක්ෂණික කමිටුව හරහා අවශ්ය අනෙකුත් අවශ්යතා ටික සම්පූර්ණ කරලා ඔවුන් ඉතා ඉක්මනින් කොරියානු රජයේ රැකියා සඳහා යොමු කරලා දෙනවා. ඒ සඳහා යන වැය බර රාජ්ය බැංකුවලින් ණයක් හැටියට ලබා දෙන්න කටයුුතු කරලා තිබෙනවා. ඒ නිසා කෙලින්ම ඒ ස්ථානයට යොමු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.
September, 13, 2022
2022 ජූලි මාසයට අදාළව නිල දරිද්රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙය ප්රකාශයට පත් කරනු ලබයි.
මෙම නව දත්ත සටහනට අනුව, එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්යතා සපුරාලීම සඳහා මසකට අවශ්ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) රු. 13,138 ක් ලෙසින් දක්වා ඇත. ජාතික අගයයක් වශයෙන් දක්වා ඇති මෙම අගය පසුගිය 2022 ජූලි මාසයේ සඳහන් කර තිබූ රු. 12,444 ට වඩා 5.57% ක ඉහළ යාමකි.
මේ අනුව 2022 ජූලි මාසයේ අගය අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් තුළ සිය අවම මූලික අවශ්යතා සපුරා ගැනීම සඳහා අවශ්ය මුදල් රු. 52,552 කි. කොළඹ දිස්ත්රික්කය තුළ නම් එය රු. 56,676ක් වනු ඇත.
මෙම අගය එක් එක් දිස්ත්රික්කය අනුව වෙනවෙනම ගණන් බලා ඇති අතර ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්රික්කය තුළ ජීවත් වෙන පුද්ගලයෙකු හටයි. එය රු. 14,169 කි. මෙහි අවමය ලෙසින් මොණරාගල දිස්ත්රික්කය දක්වා ඇති අතර එම දිස්ත්රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට සිය මූලික අවශ්යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රු. 12,562 කි.
2022 ජූනි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ කොළඹ රු. 13,421 ක් හා මොණරාගල රු. 11,899 ක් වශයෙනි.
නිල දරිද්රතා රේඛාවේ වැඩිවීමට හේතුව පෙර මාසයට සාපේක්ෂව 2022 ජුලි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.
2022 ජූලි මාසයට අදාළ මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

September, 13, 2022
ශ්රී ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මධ්යයේ වුවද පසුගිය ජූලි මාසයේදී රටේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය. මෙම වාර්තාගත අගය මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ පහත වැටීම සහ ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව සපයන දායකත්වය ද පිළිබිඹු කරයි.
පසුගිය සතියේ Shippers’ Academy විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) මහලේකම්වරයා විසින් අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්යන්තර වෙළෙඳපොළ වෙත ශ්රී ලංකාවේ වරණීය ප්රවේශය ප්රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන මුලපිරීම් පිළිබඳව රජය සොයා බලමින් සිටින බව පවසමින් ඇඟලූම් කර්මාන්තයට සහ එම කර්මාන්තය ආර්ථිකයට සපයන දායකත්වයට සහය පළ කළේය.
JAAF හි මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා අවධාරණය කළේ ශ්රී ලංකාවේ ඇඟලූම් අපනයනවල ක්රියාකාරීත්වය තිරසාරව පවත්වා ගැනීම සඳහා වෙළඳ ගිවිසුම් අත්යවශ්ය බවයි. එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්රමයෙන් (DCTS) ශ්රී ලංකාව ප්රතිලාභ ලබනු ඇති අතර ඇඟලූම් කර්මාන්තය 2023 දෙසැම්බර් මාසයෙන් පසු GSP+ රඳවා ගැනීමේ වැදගත්කම නිරතුරුව අවධාරණය කර ඇත. GSP+ යෝජනා ක්රමවලට අනුව ඇඟලූම් වල හරි අඩක් සඳහා පමණක් ප්රයෝජන හිමිවන්නේ රෙදිපිළි සඳහා වන Rules of Origin වලට අනුව ඇති සීමාවන් නිසා වන අතර එයින් අදහස් වන්නේ cumulation සඳහා අවසර දෙනු ලබන්නේ සාර්ක් රටක රෙදිවලට පමණක් බවයි. JAAF මෙම බාධාව ඉස්මතු කර ඇති අතර GSP යෝජනා ක්රමයේ අනාගත පුනරාවර්තන වලදී මෙම කරුණ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා ඇත.
ඇඟලූම් අපනයන කාර්යසාධනය
2021 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව ශ්රී ලංකාවේ කාර්මික අපනයන, රෙදිපිළි සහ ඇඟලූම් ප්රමාණය 43.5% කි. එම වසරේ රෙදිපිළි සහ ඇඟලූම් අපනයන වටිනාකම ඩොලර් මිලියන 5,435.1 කි. ඇඟලූම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව, දිගුකාලීන අර්බුදය මධ්යයේ රජයට ලැබුණු ප්රතිපත්තිමය සහය සමඟින් මෙම ධනාත්මක ආරම්භය 2022 දක්වා ඉදිරියට ගෙන යාමට කර්මාන්තයට හැකි වී ඇති අතර ඒ හරහා රටේ ආර්ථිකයට සහාය වීමට හැකියාව ලැබී ඇත.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය විසින් කරන ලද ගණනය කිරීම්වලට අනුව, 2022 ජූලි මාසයේදී මුළු ඇඟලූම් අපනයනය (USD මිලියන 522.14) 2021 ජූලි ඇඟලූම් අපනයන (USD මිලියන 425.75) හා සැසඳීමේ දී 22.4% ක වර්ධනයක් අත්විඳ ඇත. පහත වගුවේ දැක්වෙන්නේ ශ්රී ලංකාවේ ප්රධාන ඇඟලූම් අපනයන වෙලඳපොලවල් වන එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවලට අපනයනය කිරීම පිළිවෙලින් 16.93%, 32.3%, 29.32% සහ 15.77% ක වර්ධනයක් වාර්තා කර ඇත.

2022 ජනවාරි සිට ජූලි දක්වා ඇඟලූම් කර්මාන්තයේ සමුච්චිත කාර්ය සාධනය ද ධනාත්මක ඉදිරි දැක්මක් පෙන්නුම් කර ඇත. 2022 ජනවාරි සිට ජූලි දක්වා මාස හතක කාලය තුළ මුළු අපනයනය 2021 අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව 20.44% කින් වැඩි විය. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවලට කරන ලද සමස්ත අපනයන පිළිවෙලින් 27.12%, 14.55%, 18.12% සහ 16.64% කින් ඉහළ ගියේය.

ශ්රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සංඛ්යාවලට අනුව, සියලූම රටවලට ගෙතූ සහ වියන ලද නිෂ්පාදන අපනයනය 2022 ජූලි මාසයේදී වසරින් වසර වැඩිවීමක් පෙන්නුම් කරයි.

2022 ජනවාරි සිට ජූලි දක්වා knitted, woven සහ අනෙකුත් නිෂ්පාදන සඳහා සියලූම රටවල ඇඟලූම් අපනයන වෙළඳ ආදායම ද වසරින් වසර වැඩි විය.

මෙම දත්ත වලින් පෙන්නුම් කරන්නේ ඇඟලූම් කර්මාන්තය මෙම අර්බුදකාරී මොහොතේ වුවද ශ්රී ලංකාවේ ආර්ථිකයට දක්වන දැවැන්ත දායකත්වයයි. සම්පූර්ණයෙන්ම පුද්ගලික හිමිකාරීත්වය මත ක්රියාත්මක වන කර්මාන්තය අභියෝග වලට ඔරොත්තු දෙන අතරම සේවක සුභසාධනය සහ පෝෂණය සහතික කරමින් යළිත් සාර්ථක වී ඇත.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් යළිත් අවධාරණය කරන්නේ, ”අර්බුදකාරී අවස්ථාවන් වලදී වුවද ඒවාට ඔරෝත්තු දෙමින් මෙරට ආර්ථිකයට සවියක් වීමට අපට හැකියාව තිබෙනවා. ශ්රී ලංකාව 2023 දෙසැම්බරයෙන් පසු GSP+ ලබා ගැනීම සඳහා ක්රියා කළ යුතු අතරම චීනය සහ ඉන්දියාව වැනි රටවල අපට ඇති අවස්ථා සොයමින් ශ්රී ලංකාවේ යථාර්ථයන්ට ගැළපෙන පරිදි යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ වඩා හොඳ වෙළඳ ගිවිසුම් වලට එළඹීමට සහ ගෝලීය වෙළඳ නීතිවලට අනුකූලව කටයුතු කිරීමට අවධානය යොමුකල යුතුයි.” යනුවෙනි.
ලෝරන්ස් මහතා මේ බව සඳහන් කළේ ශ්රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අත්යවශ්ය බව පෙන්වාදෙමිනි.
September, 13, 2022
මෙරට ජනතාවගේ විශ්වාසය දිනූ මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් වෙතින්, බහුවිධ ප්රතිලාභ ලබා දෙන සිය නවතම දන්තාලේප නිෂ්පාදනය වන ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරුණි. සියයට සියයක් දේශීය නිෂ්පාදනයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති, පාරිභෝගිකයින්ගේ සර්වකාලීන අවශ්යතා පිළිබඳව අවධානය යොමු කරමින් නිපදවා ඇත. දේශීය අමුද්රව්ය යොදාගෙන, භාවිත කරන්නන්ට බහුවිධ ප්රතිලාභ ලැබෙන අයුරින් මෙන් ම ඕනෑ ම වයස් කාණ්ඩයකට ගැළපෙන අයුරින් නිපදවා ඇති ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය ස්වාභාවික තෙල්වල යහගුණයෙන් පෝෂණය වී ඇති අතර, එමඟින් යහපත් මුඛ සෞඛ්යයක් ගොඩනංවයි. 'පංච ශක්ති' යන සංස්කෘත වචනයේ සිංහල අරුත වන්නේ 'පස් වැදෑරුම් බලය' යන්න වන නමුදු, මෙම නිෂ්පාදනය මගින් ලැබෙන ප්රථිලාභ අසීමිත ය.
ක්ලෝගාඩ් පංච ශක්ති, ආයුර්වේදයේ මෙන් ම හෙළ වෙදකමේ ද මුඛ රෝග සඳහා භාවිත කරන ඉරිමේදාදී තෙල්වලින් යුක්ත වේ. ඉරිමේදාදී තෙල් දේශීය ඖෂධ 23 ක එකතුවෙන් සකසන වටිනා ඔසුවකි.
දත් කුහර, දත්වල විශද ලප වර්ධනය, විදුරුමස් ආශ්රිත ගැටලු, මුඛයේ දුර්ගන්ධය සහ දත් දුර්වර්ණ වීම යන මුඛය ආශ්රිත ප්රධාන ගැටලු 5 කට එරෙහිව සටන් කරන ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය මඟින් ලබා දෙන බහුවිධ ප්රතිලාභවලට අමතරව, එහි අඩංගු ප්රියජනක, ශාකසාර සහිත, ඖෂධීය රසය මගින් මුඛයට සහනයක් හා නැවුම් බවක් ලබා දෙයි.
ක්ලෝගාඩ් ජ්යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී රමිලා ප්රනාන්දු මහත්මිය මෙම නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් ප්රකාශ කළේ, " ක්ලෝගාඩ් හැම විට ම මේ රටේ පාරිභෝගික ජනතාවගේ මුඛ සත්කාරක අවශ්යතා ගැන ඉතා හොඳ අවබෝධයකින් යුතුව විසඳුම් සපයන සන්නාමයක් විදියට හඳුන්වා දුන්නොත් මම නිවැරදියි. වර්තමානයේ පාරිභෝගික ජනතාව සෞඛ්ය ගැන අතිශයින් සැලකිලිමත් වන බවත්, ඒ නිසා ම භාවිත කරන ආහාර සහ නිෂ්පාදන ගැන ඔවුන් දැඩි සැලකිල්ලක් දක්වන බවත් අප සිදු කළ සමීක්ෂණ මගින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ නිසා ම ඔවුන් මුඛ හා දන්ත සෞඛ්ය සම්බන්ධයෙන් වැඩි ප්රතිලාභ ලැබෙන දන්තාලේප ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේ ම මුඛ සෞඛ්ය ගැටලු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා බොහෝ දෙනෙක් මුළු පවුලට ම සරිලන නිෂ්පාදනයකට වඩාත් කැමැත්තක් දක්වන බවත් අපි අවබෝධ කරගෙන තිබෙනවා. මේ සියලු ම දත්ත ගැන සලකා බලල, එම සියලු ම අවශ්යතා සඳහා විසඳුමක් විදියට අපි ක්ලෝගාඩ් පංච ශක්ති නිෂ්පාදනය හඳුන්වා දීමට කටයුතු කළා. ඒ වගේ ම ක්ලෝගාඩ් පංච ශක්ති නිෂ්පාදනය මුළු පවුලට ම ගැළපෙන අද්විතීය නිෂ්පාදනයක් බවත් මතක් කළ යුතු ම යි." යනුවෙනි.
ශ්රී ලංකාව තුළ ඖෂධීය දන්තාලේප වෙළෙඳපොළ වඩාත් පුළුල් ය. එහි දී ප්රතිලාභ රැසක් ලබා දෙන දන්තාලේප සඳහා ද විශේෂ ස්ථානයක් හිමි වන අතර, එම අංශය කාලානුරූපීව වර්ධනය වන බව පෙනේ. ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය වෙළෙඳපොළට හඳුන්වා දීම තුළින්, දිනෙන් දින වෙනස් වන පරිභෝගික අවශ්යතා සඳහා විසඳුම් ලබා දීම මෙන් ම, දේශීය දන්තාලේප සන්නාමයක් ලෙස එය ප්රවර්ධනය කිරීම සඳහා අවස්ථාව සැළසෙන බව ද සඳහන් කිරීම නිවැරදිය .
Hemas E-store https://hemasestore.com/brand/clogard/ ඔස්සේ ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය ඇණවුම් කිරීමේ හැකියාව පවතින අතර, එම නිෂ්පාදනය ඕනෑ ම සිල්ලර වෙළෙඳසැලකින්, තොග අලෙවිසැලකින්, ෆාමසියකින් හෝ ප්රමුඛ පෙළේ සාප්පු සංකීර්ණයකින් මිල දී ගත හැකිය.

September, 13, 2022
September, 13, 2022
GlobalData සමාගම මෑතක දී නිකුත් කළ '5G Mobile Core: Competitive Landscape Assessment' නම් වාර්තාව මගින් 'Huawei 5G Core' කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිට අඛණ්ඩව ගෝලීය ප්රමුඛයා ලෙස ශ්රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර, එය ලොව දෙවන ස්ථානයට ශ්රේණිගත කෙරුණු 5G සේවාවට සාපේක්ෂව 2.3% ක වර්ධනයක් වාර්තා කර ඇත.
ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය ආශ්රිතව සේවා සපයන, ලෝක ප්රකට දත්ත විශ්ලේෂණ හා උපදේශන සමාගමක් වන GlobalData සමාගම, අලෙවිකරණ සමාගම් විශ්ලේෂණය හා ශ්රේණිගත කිරීමට අමතරව වෙළෙඳපොළ තුළ පර්යේෂණ කටයුතු පිළිබඳව ද විශේෂඥතාවක් දක්වන සමාගමකි. මෙම නව වාර්තාවට අනුව, ජාල ස්ථායීතාව මෙන් ම 5G Core වෙත පරිවර්තනය වීමේ දී විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා සැලසුම් ක්රියාත්මක වන අතර, එම සැලසුම් 5G මූලික ජාල විසඳුම් සජීවී ජාල මත ක්රියා කරන ආකාරය හා වාණිජමය භාවිතයන් සඳහා එම සේවාවන්ගේ ශක්යතාව ඇගයීම සඳහා වඩාත් ප්රයෝජනවත් වේ.
2G, 3G, 4G, 5G සහ 5G Stand Alone (SA) ජාල දිගු කාලයක් පවතින නිසා, ඒ ආශ්රිත තාක්ෂණික උපාංග නිපැයුම් කරුවන් 5G SA වෙත ඉතා පහසුවෙන් මාරු විය හැකි, සංකීර්ණ O&M වැනි බහු RAT සහජීවන අභියෝගවලට මුහුණ දීමට හැකියාව සහිත නිෂ්පාදන හඳුන්වා දීම සුවිශේෂී වේ. එමෙන් ම මෙම වාර්තාවේ දර්ශක අතර තාක්ෂණික උපාංග වෙළෙඳුන්ගේ නවෝත්පාදනයන්ගේ, ස්වයංක්රීය ජාල ක්රියාවලියේ සහ හඬ සේවාවන්හි වාණිජ භාවිතයේ ප්රගතිය සම්බන්ධ ප්රධාන තක්සේරු දර්ශකයන් ද වේ.
නිර්මාණකරණය : Huawei 5G Core නිර්මාණය කර ඇත්තේ Telco Cloud සහ microservice-centric තාක්ෂණය පදනම් කොටගෙන වීම විශේෂිතය. Rock-solid Reliability Advanced විසඳුම හරහා, Huawei 5G Core ක්රියාකරුවන්ට දෘඩාංග දෝෂ පාලනය, මෘදුකාංගවල ඉඩ කළමනාකරණය, හදිසි අවස්ථාවල දී සාමාන්ය පරිදි ක්රියාත්මක වීමේ හැකියාව සහ වෙළෙඳපොළ ඉල්ලුම මත සේවාවන් වැඩිදියුණු කිරීම යන හැකියාවන් මගින් විශ්වාසවන්ත ජාලගත සේවාවක් ගොඩනැංවීමට කටයුතු කරයි.
විසඳුම්වල පරිණතභාවය : Huawei 5G Core මඟින් ගෝලීය වාණිජමය පරමාර්ථයන් වෙනුවෙන් ස්ථාවර හා විශ්වසනීය සජීවී ජාල ක්රියාවලියක් සමඟින් භාවිත කරන්නන්ගේ පහසුව තහවුරු කරයි. විශේෂයෙන් Huawei 5G Core හා 5GtoB නවෝත්පාදන ව්යාපෘති හරහා VPN වැනි සේවාවන් හරහා ලොව පුරා විශ්වවිද්යාලවල පෞද්ගලික ජාල, පොදු සේවා, සෞඛ්ය සේවා සහ කාර්යාලීය දුරස්ථ සේවා ආදී ව්යවසායන් 500 කට අධික සංඛ්යාවක් අශ්රිතව සාර්ථක ලෙස නියාමනය කරමින් වාණිජකරණය කිරීමට සමත් වී ඇත.
ජාල විකාශනය : Huawei සමාගම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය හා ඊට ම අනන්ය වූ 2G, 3G, 4G, 5G NSA, සහ 5G SA ජාලකරණය හා O&M ආදී සේවා සැපයිය හැකි microservice-centric, ආශ්රිත පූර්ණ සේවාවක් ගොඩනැගීම සඳහා Single Packet Core (SPC) සහ Single Voice Core (SVC) විසඳුම් භාවිත කරයි.
ජාල ස්වයංක්රීයකරණය : Huawei 5G Core ජාල ස්වයංක්රීයකරණයේ දී ද හොඳින් ක්රියා කරන අතර, Huawei සමාගම විසින් Telco Cloud මත රඳා පවතින ස්වයංක්රීය ජාල ක්රියාවලිය ක්රමවත් කිරීම සඳහා විසඳුම් සපයයි. මෙම විසඳුම් මඟින් ඉහළ ජාල ස්ථාවරත්වයක්, කාර්යක්ෂම ජාල පරිවර්තනයක් සහ ප්රශස්ත ජාල අත්දැකීමක් ලබා දෙන අතර, එය ස්වයංක්රීය ජාල ක්රියාවලිය 4 වන අදියර/මට්ටම දක්වා ඉහළ නැංවීම සඳහා ද උපකාරී වේ.
සෑම අංශයකම අඛණ්ඩ නවෝත්පාදනයන්, ගවේෂණයන් හා වාණිජ භාවිතයන් සමඟින්, 5G තාක්ෂණ ක්ෂේත්රය වේගවත් මෙන් ම ශක්තිමත් වර්ධනයක් කරා ගමන් කරන අතර, Huawei සිය 5G Core විසඳුම තවදුරටත් සංවර්ධනය කිරීම සහ වාණිජකරණය කිරීම අඛණ්ඩව සිදුකිරීම සඳහා කැප වෙයි. එමෙන් ම Huawei සමාගම ගෝලීය සේවා සපයන්නන්ට ඔවුන්ගේ 5GtoC සහ 5GtoB සේවාවන් වැඩිදියුණු කරගැනීමට සහ ව්යාපාරික සාර්ථකත්වය ළඟා කර ගැනීමට ද සහයෝගය ලබා දෙයි.
ඡායාරූපය : Huawei 5G Core අඛණ්ඩව වසර හතරක් ගෝලීය ප්රමුඛයා ලෙස ශ්රේණිගත වෙයි.
September, 13, 2022
ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ අමාත්ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීම
වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ඉහළ ප්රමුඛතාවයකින් යුතුව ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගත යුතුව ඇත.
ඒ අනුව, ජාතික ආර්ථික කලමනාකරණ කාර්යයන් සඳහා අවශ්ය වන ක්රමෝපායික මග පෙන්වීම ලබා දීම පිණිස ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිලිබඳ අමාත්ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපිත කිරීම යෝග්ය බව හඳුනාගෙන තිබේ.
එකී කමිටුව, ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් සහ අග්රාමාත්යවරයා ඇතුළු අමාත්ය මන්ඩලයේ අමාත්යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විතව පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
Video Story