August, 22, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි අධ්යාපන ආයතනය වන SLT Training Centre (SLTTC), University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි [BEng (Hons)] හැදෑරීමට මෙරට සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දී තිබේ. මෙය ශ්රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්යන්තර තලයේ දැනුමක් හා පුහුණුවක් සමග ලොව පිළිගත් සුදුසුකම් හිමිකර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.
මෙම පාඨමාලාවේ 2022 අගෝස්තු කණ්ඩායම සඳහා බඳවාගැනීම් දැන් ආරම්භ කර ඇති අතර, අතිනවීන පහසුකම් වලින් සමන්විත SLT Training Center හිදී මෙම පාඨමාලා හැදෑරීමට එම සිසු සිසුවියන්ට අවස්ථාව හිමි වේ. දකුණු ආසියානු කලාපය තුළ University of Hertfordshire හි BEng (Hons) පාඨමාලාව පිරිනැමීම සඳහා අවසරය හිමි වී ඇත්තේ, ISO 9001:2015 සහතිකකරණයද හිමි SLT Training Center වෙත පමණි.
Washington Accord විසින් University of Hertfordshire, එක්සත් රාජධානියේ විදුලි හා ඉලෙක්ට්රොනික විද්යා ඉංජිනේරුකරණ අධ්යාපනය සම්බන්ධයෙන් අංක 21 ස්ථානයේ ශ්රේණිගත කර ඇත. සිසු සිසුවියන්ට තම වෘත්තීය ජීවිතය තුළ ඉදිරියටම යාමට අවස්ථාව සලසා දෙන සහ රැකියා වෙළඳපොළේ අපේක්ෂාවන්ට ගැළපෙන ආකාරයේ දැනුම, පුහුණුව සහ ව්යවසායකත්ව ආකල්ප ලබාදෙන, ඉහළම තලයේ ගුරුවරුන්, අධ්යාපන පහසුකම් සහ ව්යාපාරික හවුල්කාරීත්වයන් සහිත විශ්ව විද්යාලයක් ලෙස University of Hertfordshire ඇගයීමට ලක් වී තිබේ.
සිසු සිසුවියන්ට ඉලෙක්ට්රොනික විද්යා මූලධර්ම සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලැබෙන ආකාරයට මෙම පාඨමාලාවෙහි විෂය මාලාව සැලසුම් කර ඇත. මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන සිසු සිසුවියන්ට, SLT-MOBITEL වෙතින් මාස 6 ක පුළුල් මට්ටමේ කාර්මික පුහුණුවක් හිමි වේ.
සිසු සිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට තම අනාගත සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීම සඳහා, University of Hertfordshire UK හි පශ්චාත් උපාධි හැදෑරීමේදී 20% ක වට්ටමක් පිරිනැමීමටද SLTTC මේ වනවිට සැලසුම් කර ඇත. BEng (Hons) උපාධිය සහ පශ්චාත් උපාධිය හිමිකර ගැනීමෙන් පසුව, එක්සත් රාජධානියේ සහ ඕස්ට්රේලියාවේ වසර දෙකක රැකියා වීසා හිමිකර ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ.
මීට අමතරව, උසස් පෙළ ප්රතිඵල අනුව උපාධි පාඨමාලා සඳහා 30% ක් දක්වාම ශිෂ්යත්ව පිරිනැමීමට SLTTC කටයුතු යොදා ඇත. සිසු සිසුවියන්ට තම උසස් පෙළ ප්රතිඵල අනුව පාඨමාලාවේ ප්රථම වර්ෂය සඳහා ලියාපදිංචි විය හැකි වේ. NDT, NDES සහ HNDE වැනි ඉංජිනේරු ඩිප්ලෝමා හිමි සිසු සිසුවියන්ට, අනෙකුත් සුදුසුකම් සපුරා තිබේ නම්, සෘජුවම පාඨමාලාවේ තුන්වැනි වසරට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනු ඇත.
SLT Training Center මේ වනවිට මෙරට ප්රමුඛතම අධ්යාපන ආයතන අතරින් එකක් ලෙස සැලකේ. ශ්රී ලංකාව ලෝකයේ තාක්ෂණික කේන්ද්රස්ථානයක් බවට පත්කිරීම සඳහා අවශ්ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ තරුණ වෘත්තිකයන් බිහිකිරීම සඳහා එම ආයතනය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී. University of Hertfordshire හි BEng (Hons) උපාධි පාඨමාලාව පිරිනැමීම එම කාර්යභාරයේ තවත් වැදගත් ඉදිරි පියවරක් වන අතර, එය මෙරට සිසු සිසුවියන්ට සියලු පහසුකම් සහිත දේශීය ආයතනයක් තුළ අධ්යාපනය හදාරා ජාත්යන්තර තලයේ සුදුසුකම් හිමි කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.
මෙම පාඨමාලාව සහ ඒ සඳහා ලියාපදිංචි වීම ඇතුළුව SLT Training Center සහ එහි පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු 0112956633 අංකයෙන් හෝ www.slt.lk/training වෙතින් ලබාගත හැකි වේ.
August, 19, 2022
ඉතා අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් මධ්යයේ HNB සමූහය 2022 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 6.7 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.1 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම පළමු අර්ධයේ මූල්ය ප්රතිඵල පිළිබඳ අදහස් දක්වන HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘මෙම අසාමාන්ය වෙළෙඳපොළ තත්වයන් සමස්ත බැංකු ක්ෂේත්රයටම නව අභියෝග රැසක් නිර්මාණය කර තිබෙනවා. බාහිර සාධක අඛණ්ඩව අවිනිශ්චිත බැවින් එම අවදානම් සාධක නිසා ඇති වන ඍණාත්මක බලපෑම අවම කිරීමට අවශ්ය පියවර ගැනීම වැදගත්. ඒ අතරම, අර්බුදකාරී අවස්ථාවකදී පවා මතුවන අවස්ථා සඳහා අප සූදානමින් සිටිය යුතුයි. අපගේ පාර්ශවකරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දීම කෙරෙහි අප අවධානය යොමු කර තිබූ බැවින් පළමු භාගය තුළ අප ලබා ගත් මෙම කාර්යසාධනය ඉතා සුවිශේෂීයි.’’ යනුවෙනි.
බැංකුවේ දළ ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 97.1 ක් බවට පත් වෙමින් 71%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පොළී ආදායමේ 53% ක වර්ධනයක්, ගාස්තු ආදායමේ 61% ක වර්ධනයක් සහ විනිමය ආදායමේ 349% ක වර්ධනයක් සඳහා හේතු වී ඇත. ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 23.2 සිට රුපියල් බිලියන 40.2 දක්වා සුවිශේෂී ලෙස වර්ධනය වී ඇති අතර එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්ය ප්රතිපත්තියට අනුකූලව බර තබන ලද සාමාන්ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPLR) ප්රතිශතාංක 16 කින් පමණ ඉහළ යාමයි.
පළමු මාස 6 සඳහා ගාස්තු ආදායම රුපියල් බිලියන 7.3 දක්වා ස්ථාවර වර්ධනයක් වාර්තා කර ඇති අතර එයට ක්රෙඩිට් කාඞ්පත් ගනුදෙනු හා වෙළෙඳ කටයුතුවල ප්රශස්ත වර්ධනය ප්රධාන වශයෙන් දායක විය. අදාල කාල පරිච්ෙඡ්දය තුළ රුපියලෙහි අගය 80% කට වඩා අවප්රමාණය වීම හේතුවෙන් 2021 පළමු අර්ධයේදී සමස්ත විනිමය ආදායම රුපියල් බිලියන 3.4 සිට රුපියල් බිලියන 15.3ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව වාර්ෂික පදනම මත සලකා බැලීමේදී 100% වර්ධනයක් සමඟින් සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 දක්වා වර්ධනය කර ගැනීමට බැංකුව සමත්ව ඇත.
පසුගිය වසරේ වෙන් කරන ලද රුපියල් බිලියන 6x3ක හානි පූරණ ගාස්තුවලට සාපේක්ෂව මේ වසරේ පළමු මාස හය සඳහා බැංකුව රුපියල් බිලියන 40.1 ක සමස්ත හානි පූරණයක් වෙන් කර ඇත. ශ්රී ලංකා රජය විසින් විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම සහ ස්වෛරීත්ව ණය ශ්රේණිගතකරණය පහළ වැටීම නිසා බැංකුව සතු විදේශ විනිමයන්ගෙන් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් සිදු විය හැකි රුපියල් බිලියන 27.3 ක හානි පූරණය අදාල කාල සීමාව සඳහා වූ සමස්ත හානි පූරණ ගාස්තුවට ඇතුළත් විය. අස්ථාවරත්වයන් සහ ආර්ථික සාධක සැලකිල්ලට ගනිමින්, 2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දය තුළ වෙන් කරන ලද රුපියල් බිලියන 6.2 ක ප්රතිපාදනයට සාපේක්ෂව 2022 පළමු අර්ධය සඳහා ණය සහ අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 22.7 ක හානි පූරණ ගාස්තුවක් බැංකුව වෙන් කර ඇත. අදාල කාල පරිච්ෙඡ්දය සඳහා ලැබුණු විදේශ විනිමය ආදායමෙන් විදේශ විනිමය ණය සහ ආයෝජනවලට අදාලව රුපියල් බිලියන 10.8 ක මුදලක් පියවා ඇත. බැංකුවේ net stage III අනුපාතය 2021 දෙසැම්බර් අවසානය වන විට 2.55% සිට 2.46%ක් දක්වා වර්ධනය වී ඇත.
2022 පළමු අර්ධය සඳහා වන මෙහෙයුම් වියදම් 26% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 14.9 ක් වී ඇති අතර මුදල් අවප්රමාණය වීම, ඉහළ බලශක්ති පිරිවැය සහ වසර ආරම්භයේදී ක්රියාත්මක වූ වැටුප් සංශෝධනවලින් පසුව කාර්ය මණ්ඩල වියදම් ඉහළ යාම එයට ප්රධාන වශයෙන් හේතු විය. එසේ වුවද, බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය 23.5%ක් දක්වා ප්රතිශතාංක 14 කින් පමණ ඉහළ යාම හේතුවෙන් එම කාල පරිච්ෙඡ්දය තුළ සමස්ත මෙහෙයුම් ආදායම ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත.
2021 වසරේ සලකා බලන කාල කාලපරිච්ෙඡ්දය තුළ බැංකුවේ පිළිවෙලින් රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභය සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභය සමඟ සසඳන විට 2022 ජූනි මාසයෙන් අවසන් මාස හය සඳහා බැංකුව රුපියල් බිලියන 6.0 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 5.5 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
2022 පළමු මාස 6 තුළ ලබා ගත් මෙම මූල්ය ප්රතිඵල පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘2019 වසරේ සිට අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවනෝපායන් නැවත නගා සිටුවීමට අවශ්ය ප්රාග්ධනය ලබා දීම සහ පොළී සහන ලබා දීමෙන් HNB ඔවුන්ට සහාය වූවා. ගනුදෙනුකරුවන්ට ඔවුන් ලබා ගත් ණය ආපසු ගෙවීමේ හැකියාවට බලපාන දුර්වල ආර්ථික තත්වයන් සමඟින්, අපගේ ණය සහ අත්තිකාරම්වල සැලකිය යුතු හානි පූරණයක් අප වෙන් කරනු ලැබුවා. තවද, ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ණය ප්රතිව්යුහගත කිරීමේ වැඩසටහන අවසන් කිරීමට පෙර, අපි 2022 පළමු භාගය තුළ ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ ශ්රී ලංකා ස්වෛරී බැඳුම්කරවල ඇති අපගේ ආයෝජන සම්බන්ධයෙන් සැලකිය යුතු හානි පූරණයක් සිදු කරනු ලැබුවා. මෙය සමස්ත මෙහෙයුම් ආදායමේ සුවිශේෂී වර්ධනය විශාල වශයෙන් හේතු වුනා.’’ යනුවෙනි.
”මෑතකදී HNB සහ තවත් බැංකු හතක් ඇතුළත් බැංකු කණ්ඩායමක් විසින් ජාත්යන්තර ස්වෛරී බැඳුම්කරවල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙම බැංකුවල අවශ්යතාවන් ආරක්ෂා කිරීම සඳහා පොදු නීති උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට සිංගප්පූරුව පදනම් කරගත් නීති සමාගමක් පත් කරගනු ලැබුවා. බැංකු ක්ෂේත්රය ආර්ථිකයේ ජීවනාලිය වන බැවින් බැංකු ක්ෂේත්රයේ සුබසිද්ධිය උදෙසා අන්යෝන්ය වශයෙන් එකඟ විය හැකි විසඳුමක් බලධාරීන් විසින් තීරණය කරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Image 01- HNB සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය
Image 02 - HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා
August, 19, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්යාපාර ක්රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්රය නියෝජනය කරන ප්රධානතම සංවිධානය වන ශ්රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී. තොරතුරු තාක්ෂණ සහ ව්යාපාර ක්රියාවලි කළමනාකරණ ක්ෂේත්රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්රධානතම ක්ෂේත්ර අතරින් එකකි. කෙසේ නමුත් වර්තමානයේ රට තුළ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් මෙම කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන්, ක්ෂේත්රයට තිරසාර බලශක්ති විසඳුම් ලබාදීමට DFCC බැංකුව සහ SLASSCOM එක්ව කටයුතු කරනු ඇති අතර, මෙම හවුල්කාරීත්වය යටතේ එවැනි බලශක්ති විසඳුම් සඳහා විශේෂ මූල්ය සේවාවන්, සහනදායී ගාස්තු සහ වෙනත් විශේෂ ප්රතිලාභ හඳුන්වා දීමට දෙපාර්ශ්වයට බලාපොරොත්තු වෙයි. සමාගම් 420 කට අධික සංඛ්යාවක 115,000 කට අධික පිරිසක් SLASSCOM හි සාමාජිකත්වය දරන අතර, මෙරට IT/BPM අපනයන ආදායමෙන් 90% ක් පමණ ලැබෙනුයේ එම සාමාජික සමාගම් වල ව්යාපාර කටයුතු වලිනි.
මෙම හවුල්කාරීත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා DFCC බැංකුවේ ප්රධාන කාර්යාලයේදී අත්සන් තැබිණි. DFCC බැංකුවේ අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
මෙම වැඩපිළිවෙළහි කාලෝචිත බව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසී ය. “මෙම ක්ෂේත්රය සඳහා තිරසාර, විශ්වාසනීය සහ ප්රමාණවත් බලශක්ති උත්පාදන හැකියාවන් නිර්මාණය කිරීම මෙම අවස්ථාවේදී අත්යවශ්යයි. එම නිසා, කර්මාන්තයට ස්ථාවර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා අප SLASSCOM සමඟ අත්වැල් බැඳගත්තා. මෙම හවුල්කාරීත්වය යටතේ SLASSCOM සාමාජික ආයතන වලට තිරසාර බලශක්ති උත්පාදන ව්යපෘති සඳහා විශේෂ අනුපාත සහ ප්රතිලාභ සහිත මූල්ය පහසුකම් DFCC බැංකුව වෙතින් ලබාගැනීමට හැකිවනවා. මෙය අපගේ තිරසාරත්ව ක්රමෝපායේ තවත් ඉදිරි පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. 1988 වසරේ සිටම අප මෙරට තිරසාර හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්ර සඳහා මූල්ය පහසුකම් සපයන පුරෝගාමී ආයතනයක් ලෙස ඉදිරියෙන්ම සිටිනවා. අද දිනයේ මෙලෙස ශ්රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්රයක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට සතුටක්. රටට වඩාත් තිරසාර අනාගතයක් උදාකර දීමට නම්, මේ ආකාරයට පරිසර දූෂණය අවම වන පරිදි බලශක්තිය උත්පාදනය කිරීම් දිරිගැන්වීම අත්යවශ්යයි.”
1988 වසරේදී ශ්රී ලංකාවේ PV මොඩියුල එකලස් කරන කර්මාන්ත ශාලාවක් සඳහා මූල්ය පහසුකම් සපයමින් DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනයට අත්වැලක් වීමේ පුරෝගාමී මෙහෙවර ආරම්භ කළේ ය. ඊට අමතරව ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ ප්රථම පෞද්ගලික කුඩා ජලවිදුලි ව්යාපෘතිය මෙන්ම සුළං, සූර්ය සහ අපද්රව්ය-බලශක්තිය ව්යාපෘති සහ ජෛව ස්කන්ධ මත පදනම් වූ ඒකාබද්ධ තාප බල ව්යාපෘති ඇතුළු ව්යාපෘති රාශියකට DFCC බැංකුව අරමුදල් සම්පාදනය කර තිබේ. තවද වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති රාශියක් සඳහා බැංකුව අරමුදල් සපයා ඇති අතර, 1997 වසරේදී ශ්රී ලංකාව තුළ ප්රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් හඳුන්වා දීමටද පුරෝගාමී විය. එය අද දක්වාම ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ පෞද්ගලික ආයෝජන සඳහා අදාළ වන ව්යාපෘතියේ මූලික පදනම ලෙස සැලකේ.
මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා මෙසේ පැවසී ය. “IT/BPM ක්ෂේත්රය යනු ශ්රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්රධානතම ක්ෂේත්ර අතරින් එකක්. 2021 වසරේදී එය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායමක් ලැබූ අතර, 2025 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම විදේශ විනිමය වලින් වැඩි ප්රතිශතයක් සේවකයන්ට වැටුප් ලෙස ගෙවනු ලබන නිසා ඒවා රට තුළම රැඳෙනවා. මෙම ක්ෂේත්රය පසුගිය කාලයේ COVID-19 රෝග ව්යාප්තියට මෙන්ම ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදයටත් හොඳින් මුහුණ දෙමින් සිටින ක්ෂේත්රයක්. අපගේ අපනයන කටයුතු වර්ධනය වෙමින් පවතින අතර, නම්යශීලී රාජකාරි ක්රමවේද ඔස්සේ ජාත්යන්තර සේවාදායකයන් සහ ආයෝජකයන් වෙනුවෙන් තම වගකීම් නොපිරිහෙළා ඉටුකිරීමට ක්ෂේත්රය සමත් වුණා. මේ වනවිට පවතින විදුලි කප්පාදුවට පිළියමක් වශයෙන්, සූර්ය බලශක්තිය වෙත යොමුවීමට සමාගම් සහ කාර්ය මණ්ඩල දිරිගැන්වීමට ක්ෂේත්රය පියවර ගෙන තිබෙනවා. එලෙස පුළුල් මට්ටමින් සූර්ය බලශක්තිය භාවිතයට ගැනීමට හැකි නම්, එමගින් ජාතික විදුලි බල පද්ධතිය මත රඳා පැවතීමේ අවශ්යතාව අවම වන අතරම, ඉන්ධන ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන මුදල් ඉතිරි කරගැනීමට දායක වීමටත් හැකි වේවි. SLASSCOM හි දැක්ම වන්නේ ශ්රී ලංකාව IT/BPM ක්ෂේත්රය සම්බන්ධ හරිත ගමනාන්තයක් බවට පත්කිරීමයි. තිරසාර බලශක්ති ප්රභවයන් වෙත යොමුවීම සහ සේවක සේවිකාවන්ගේ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමුකිරීම තුළින් අපගේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීම වඩාත් පහසු වනවා. එම නිසා, කර්මාන්තය නියෝජනය කරන ප්රධානතම ආයතනය වශයෙන්, සූර්ය බලශක්ති උත්පාදනය සහ බලශක්ති ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් ක්ෂේත්රයට තිරසාර මූල්ය පහසුකම් සැපයීම සඳහා DFCC බැංකුව සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්.”
DFCC බැංකුව තම තිරසාරත්ව ක්රමෝපාය ඔස්සේ සියල්ලන්ටම ශක්තිමත් ලෙස අභියෝග වලට මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. මෙම ක්රමෝපාය 2020 වසරේදී හඳුන්වා දෙන ලද්දේ, ඉදිරි දශකය තුළ සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඉහළම වටිනාකම් නිර්මාණය කරමින්, මෙරට වඩාත්ම තිරසාර හා ශක්තිමත් බැංකුවක් බවට පත්වීමේ අරමුණිනි.
ඡායාරූපය: DFCC බැංකුව වෙනුවෙන් එහි උප සභාපති (පොදු නීති කටයුතු) සමත්ත්රි කාරියවසම්, ජ්යෝෂ්ඨ උප සභාපති (මුදල් ප්රේෂණ හා ව්යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම්, අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා යන මහත්ම මහත්මීන් සමග SLASSCOM වෙනුවෙන් එහි උප සභාපති අෂීක් අලි, උප සභාපති ජෙහාන් පෙරින්පනායගම්, අධ්යක්ෂ (මූල්ය) නිශාන් මෙන්ඩිස් සහ විධායක අධ්යක්ෂ චමින්දා ද සිල්වා යන මහත්ම මහත්මීන්
August, 19, 2022
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්යමය දායකත්වයෙන් ඉදිවන, ශ්රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්රයේ පිහිටි නිරෝධායන මධ්යස්ථානයේ ප්රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය. මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්යස්ථානයට රු. මිලියන 10 ක මුදලක් පරිත්යාග කරන ලද අතර, එම මුදල මෙම පුහුණු පාසලේ නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකිරීම සඳහා භාවිතා කරන ලදි.
2020 වසරේ රට පුරා කොවිඩ් වසංගතය උත්සන්න වී තිබු කාලසීමාවේදී, CDB සමාගම තම ආයතනික වගකීමක් වශයෙන් කොවිඩ් පාලන ජාතික ක්රියාන්විතයට සහයෝගයක් වෙමින් මෙම ව්යාපෘතියට සම්බන්ධ විය. එම අවස්ථාවේදී පැවති අවශ්යතාව අනුව මෙම නිරෝධායන මධ්යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, අද වනවිට එය මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලට ඇතුළත් වන සිසුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. කෙසේ වුවද මෙම මධ්යස්ථානය තුළ පවතින පහසුකම් නිසා, රටට අවශ්ය ඕනෑම මොහොතකදී එය උතුරු මැද පළාතේ ජනතාව සඳහා නිරෝධායන මධ්යස්ථානයක් බවට කඩිනමින් පරිවර්තනය කළ හැකි වේ.
මේ වනවිට සම්පූර්ණ කර ඇති මුල් අදියර තුළ 64 දෙනෙකුට නවාතැන් පහසුකම් හිමිවනු ඇති අතර, සමස්ත ගොඩනැගිලි සංකීර්ණය ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇත. මෙහි බිම් මහල පසුගියදා එම මධ්යස්ථානයේ ප්රධානී බ්රිගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
“ජාතික මට්ටමේ අවශ්යතාවක් ඇති වූ විට, ශ්රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිතා කළ හැකි ජාතික සම්පතක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙනවා. මෙය ශ්රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් CDB සමාගම දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” CDB හි විධායක අධ්යක්ෂ/ නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී/ ප්රධාන මූල්ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.
CDB සමාගමේ අරමුණු නැවත සනාථ කරමින් අදහස් දැක්වූ බ්රිගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා “කොවිඩ් -19 වසංගතය පැතිරයමින් තිබු කාලසීමාවකදී ආරම්භ වූ මෙම ඉදිකිරිම් කටයුතු නොකඩවා සිදු කරගෙන යාමට CDB සමාගම සෑම විටම කැප වූ බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. වසංගත තත්ත්වය තුළදී මෙම ගොඩනැගිලි සංකීර්ණය නිරෝධායන මධ්යස්ථානය වශයෙන් භාවිත කරන අතරම අනෙක් ඕනෑම කාලයකදී එය යුද්ධ හමුදා පුහුණුව ලබන ආධුනික සෙබළුන් බොහෝ දෙනෙකුට ළෙන්ගතු නවාතැනක් බවට පත්වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසී ය.
ශ්රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසලේ සියලුම නිලයන්ට අයත් යුද්ධ හමුදා නිලධාරීන් මෙය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අතර, උත්සවය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.

August, 19, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මුඛ සෞඛ්ය සේවා සපයන්නෙකු වන ඩෙන්ටල් වන්, සිය සේවා ජාලය පුළුල් කරමින් අති නවීන තාක්ෂණ පහසුකම් වලින් යුත් නවතම දන්ත ප්රතිකාර මධ්යස්ථානයක් ගල්කිස්සේ දී පසුගිය දා විවෘත කරන ලදී. ශ්රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්රය තුල අංක 106/01 , ගාලූ පාර, ගල්කිස්ස දරන ලිපිනයෙහි පිහිටා ඇති මෙම නව ඩෙන්ටල් වන් ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ ප්රධාන ආරාධිත අමුත්තා වූ ශ්රී ලංකා දන්ත වෛද්ය සංගමයේ සභාපත වෛද්ය වජිර ජයසිංහ, ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ආසියා පැසිෆික් දන්ත වෛද්ය සම්මේලනයේ හිටපු සභාපති වෛද්ය සුරේෂ් ෂන්මුගනාදන් සහ ඩෙන්ටල් වන් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ වෛද්ය අශෝක අමුණුගම විසිනි. මෙම විවෘත කිරීමේ උත්සවයට සීමිත ආරාධිතයින් පිරිසක් සහ ඩෙන්ටල් වන් ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.
නවීනතම පහසුකම් සහිත උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප්රතිකාර සේවයන් ලබා දෙන විශේෂිත දන්ත ප්රතිකාර මධ්යස්ථානයක් ශ්රී ලාංකිකයින්ට ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ඩෙන්ටල් වන් ආයතනය මගින් ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව වඩාත් පුළුල් මුඛ සෞඛ්ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතීx ගල්කිස්ස නවතම ඩෙන්ටල් වන් ශාඛාවද ප්රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව රෝගීන්ගේ සුවපහසුව කේන්ද්ර කර ගනිමින් සැලසුම් කර ඇති අතර මනා වෘත්තීයමය පුහුණුව ලත් විශේෂඥයින්ගෙන් සමන්විතය. මෙහි මිත්රශීලී කාර්ය මණ්ඩලය සෑම විටම රෝගීන් හට වේගවත්, සරල හා ප්රසන්න අත්දැකීමක් ලබා දීමට සූදානම්ව සිටී.
ඩෙන්ටල් වන් හි කළමනාකාර අධ්යක්ෂ වෛද්ය අශෝක අමුණුගම මෙසේ පැවසීය. ”ප්රවාහන පහසුකම් තරමක් අසීරු මෙවන් අවදියක, මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟින් අපගේ සේවා දායකයන් වෙත තවත් ළං වීමට හැකිවීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අද සිට, ගල්කිස්ස සහ ඒ අවට ප්රදේශවල වෙසෙන ජනතාවට උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප්රතිකාර සේවාවන් රැසක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව, මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්රය තුළ මෙම ඩෙන්ටල් වන් ශාඛාව පිහිටා ඇති බැවින්, අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ අවශ්යතා සඳහා රෝහලට පැමිණෙන රෝගීන්ටද දන්ත වෛද්ය සේවාවන් සඳහා අප වෙත පැමිණීමට අවස්ථාව තිබෙනවා”.
ඩෙන්ටල් වන් සියලූම ශාඛා මඟින් රෝගීන්ට පුළුල් පරාසයක මුඛ සෞඛ්ය සේවාවන් සපයන අතර සාමාන්ය දන්ත වෛද්ය සේවාවන් යටතේ රෝගීන්හට මුඛ පරීක්ෂණ, විදුරුමස් රැකවරණය, පිරවුම්, දන්ත මූල වැනි ප්රාථමික දන්ත වෛද්ය ප්රතිකාර සහ තවත් බොහෝ ප්රතිකාර ලබා ගත හැක. එමෙන්ම ළමා දන්ත වෛද්ය සේවාවන්, දන්ත කුහර ඉවත් කිරීම හා අළුත්වැඩියා කිරීම, අනතුරු හෝ වැටීම් හේතුවෙන් ඇතිවන දත් බිදීම් අළුත්වැඩියා කිරීම, විකලාංග දන්ත වෛද්ය සේවාවන්ද ( ඕතොඩොන්ටික්ස්* ඩෙන්ටල් වන් වෙතින් ලබා ගත හැකිවේx සිනහව ඔප් නැංවීමේ ප්රතිකාර ක්රම මඟින් ඔබේ පෙනුම වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ඇත. තවද ක්රීඩා දන්ත ආරක්ෂණ සේවාවන් හරහා ක්රීඩාවන් වලට සහභාගී වීමේදී ඔබේ දත් සහ මුඛය ආරක්ෂා කර ගැනීමට විද්යාත්මකව නිපදවන මුඛ ආරක්ෂක සහ විදුරුමස් පලිහ, මුහුණ තුවාල විම අවම කිරීම සඳහා ආරක්ෂිත පැළදුම්ද ලබා ගත හැක.
0112720505 අංකය ඇමතීමෙන් හෝ www.dentalone.lk වෙබ් අඩවිය හරහා ගල්කිස්ස ඩෙන්ටල් වන් ශාඛාව හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.



August, 17, 2022
මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්රණාම' වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්රදේශය කේන්ද්රකර ගනිමින් දියත් කරනු ලැබී ය.
ශ්රී ලාංකීය දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, ඔවුනගේ පෝෂණ තත්වය උසස් කිරීමේ කාර්යයෙන් නොනැවතී විවිධ දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දක්ෂතා සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අධ්යාපන කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇත. අඛණ්ඩව සිදුකරනු ලබන එම සමාජ සත්කාරය යටතේ අනුරාධපුර ප්රදේශයේ දක්ෂතා ඇති, නමුත් විවිධ වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්යාපන අරමුණු සපුරා ගැනීමේ ගැටළුවට මුහණ පා සිටින දරුවන්ගෙන් තෝරාගත් අති දක්ෂ දරුවන් රැසකට අත්යවශ්ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්රියාත්මක කරනු ලැබීය. එම දරුවන්ගේ දිරියට අත්වැලක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගත අරමුණු අපේක්ෂාවන් සපුරා ගැනිමට ශක්තියක් වීමේ අරමුණින් අනුරාධපුර ජය ශ්රී මහා බෝධිය පරිශ්රය ඉදිරිපිට දී සිදුකරනු ලැබූ මෙම අවස්ථාව සඳහා අනුරධපුර දිස්ත්රික් ලේකම් ගරු ජනක ජයසුන්දර සහ මධ්යම නුවරගම් පළාතේ ප්රාදේශීය ලේකම් ආර්. එම්. ජී. සේනාරත්න යන මහත්වරුන්, මැලිබන් සමාගමේ නියෝජිත මහත්වරුන් සහ දරුවන්ගේ දෙමාපියන් සහ සැදැහැතියන් විශාල ප්රමාණයක් ද සහභාගී විය.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලිබන් සමාගමේ කලාපීය වෙළෙඳ කළමනාකාර නිශාන්ත කරුණාරත්න මහතා ප්රකාශ කර සිටියේ, '' ජනතාව සමඟ එක්ව වර්ධනය වූ සන්නාමයක් විදිහට මැලිබන්, ශ්රී ලාංකීය සෑම දරුවෙකු වෙතම සාර්ථක අධ්යාපනයක් ලැබිය යුතුය යන අපේක්ෂාවේ සිටින, එම අපේක්ෂාව යතාර්ථයක් කර ගැනීමට නිරන්තරව කැපවෙන ආයතනයක්. එහිදී ආයතනයක් විදිහට අපි එවැනි සාර්ථක අධ්යාපනයක් ලැබීමේ දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් සුවිශේෂ අවධානයක් යොමු කරමින්, ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කරනවා. ඒ වැඩසටහන් මාලාවේ එක් අංගයක් විදිහට තමයි අපි අනුරාධපුර දිස්ත්රික්කයේ දුෂ්කර ගම්මාන වල අධ්යාපනය ලබන, උපකාරයක් අවශ්ය, දක්ෂතා සහිත දරුවන් සොයගෙන ගොස් ඔවුන් හඳුනාගෙන මෙම උපකාරය කිරීමට යොමු වුනේ. මෙම කාර්යයේ දී මූලිකම වගේම දුෂ්කරම කාර්යය වන උපකාර අවශ්ය දරුවන් හඳුනා ගැනීමේදී අපට සහාය වූ අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය, ප්රාදේශීය ලේකම් කාර්යාල වැනි විවිධ ආයතන වල සියලුම නිලධාරි මහත්ම මහත්මීන් සහ ස්වේච්ඡාවෙන් මෙම කාර්යය සමඟ එක්වූ සියලුම දෙනා වෙත මැලිබන් සමාගමේ ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. අද වන විට පවතින දුෂ්කර තත්වය යටතේ දෙමාපියන් වෙත කිසියම් සහනයක් වෙමින්, දරුවන් හට පත්නරයක් ලබාදීමේ අරමුණින් දියත් කරනු ලබන මෙම වැඩසටහන ඉදිරියේදී විවිධ ප්රදේශ රැසක දරුවන් වෙනුවෙන් අඛණ්ඩව ක්රියාත්මක කිරීමට මැලිබන් සමාගම විදිහට අපි අපේක්ෂා කරනවා. වර්තමානයේ නිර්මාණය වී තිබෙන අර්බුධකාරී තත්ත්වය යටතේ ආයතනයක් විදිහට අපි විවිධ වූ අසීරුතාවලට මුහුණ දුන්නත්, ජාතික වගකීමක් ඇති ආයතනයක් විදිහට රටේ සහ සමාජයේ සුබසිද්ධිය වෙනුවෙන් අප සතු වකිම් ඉටු කිරීමට අප නිරන්තව මූලිකත්වය ලබා දෙන බව මෙහිදී පැවසිය යුතුයි.''
මෙම සුවිශේෂී 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්රණාම' වැඩසටහනට සමගාමීව එම සමාගම විසින් පොසොන් පෝය කේන්ද්ර කර ගනිමින් අනුරාධපුරය වෙත පැමිණෙන අති මහත් වූ වන්දනාකරුවන් වෙනුවෙන් රෝද පුටු සත්කාරක වැඩසටහනක් සහ මැල්බන් බිස්කට් සහ තේ පැන් දන්සලක් ද සංවිධානය කරනු ලැබීය. එහිදී එම ආයතන විසින් ශ්රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමේ දුෂ්කරතාවයෙන් පසු වූ වැඩිහිටි සහ අබාධ සහිත වන්දනාකරුවන් වෙනුවෙන් එම පූජනීය ස්ථාන දෙක අතර එම රෝද පුටු සත්කාර සේවාවක් ක්රියාත්මක කරනු ලැබීය. එමගින් එම සැදැහැවතුන් හට කිසිදු අපහසුතාවයකින් තොරව වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර දීම සුවිශේෂී කරුණකි. මෙම රෝදපුටු සත්කාරය මැලිබන් සමාගම මගින් වාර්ෂිකව අනුරාධපුර සහ කතරගම කිරි වෙහෙර යන සිද්ධස්ථාන මූලික කර ගනිමින් දිගු කාලයක් පුරා ක්රියාත්මක කිරීම ද විශේෂත්වයකි.
August, 17, 2022
සුප්රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වන ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ.
මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්ය කාර්යසාධනය, අවංකත්වය සහ දැක්ම අනුව බැංකුව සමස්තයක් ලෙස දෙවන ස්ථානයට පත්ව ඇත. මීට අමතරව, මෙම වර්ගීකරණය සඳහා සලකා බැලූ කරුණු අතුරින් තවත් කරුණු 07 කින් බැංකුව සමස්තයක් ලෙස පළමු ආයතන 05 අතරට 2022 වසරේදී පත්ව තිබෙන අතර මූල්ය කාර්යසාධනය, ගුණාත්මක හැඟීම, කළමනාකරණ දැක්ම, අවංකත්වය, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය, දැක්ම, මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය මෙන්ම අර්බුද කළමනාකරණය ඇතුළු සලකා බැලූ කරුණු 09 ක් අතුරින් ඉහළම ස්ථානය ලබාගත් බැංකුව බවට ද මෙහිදී පත්වී තිබේ.
මෙම නවතම ජයග්රහණය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් මෙවැනි ගෞරවයක් ලබාගත්තේ කැපවීම, අවංකත්වය, යහ ක්රමවේද, ඉහළම ගුණාත්මක තත්ත්වයන් පවත්වාගැනීම සහ නිවැරදි දේ කිරීම තුළිනුයි. මේ අවස්ථාවේ රට තුළ තිබෙන අසීරු සමාජ සහ ආර්ථික වාතාවරණය තුළ වුවත් ‘ජාතික දැක්ම’ අනුව බැංකුව සමස්තයක් ලෙස සිව්වන ස්ථානයට පත්වී තිබෙනවා. මෙය බැංකුව විසින් භාවිතා කරන තිරසාර ව්යාපාරික ක්රමවේද සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවයන් පිළිබඳව තිබෙන ගැඹුරු අවබෝධය ඇතුළු ඉහළම ප්රමිතීන් පවත්වාගෙන යාම වෙනුවෙන් බැංකුවේ කැපවීමට ලැබුණු සහතිකයක් ලෙස සඳහන් කළ හැකියි.’
LMD අවධාරණය කර තිබෙන්නේ ගනුදෙනුකරුවන් පිළිබඳ අවධානය, ගනුදෙනුකරුවන් සමග ඩිජිටල් ආකාරයෙන් සම්බන්ධවීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය තුළින් කොමර්ෂල් බැංකුව කොවිඩි-19 වසංගත සමයේදී කැපී පෙනෙන මෙහෙයුම් රඳවාගැනීමක් කිරීමට සමත්වී තිබෙන බවයි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
August, 16, 2022
ශ්රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණ සමාගම වන Eco Spindles (Private) Limited 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික කතරගම අපද්රව්ය කළමනාකරණ ව්යාපෘතිය පසුගියදා සාර්ථකව අවසන් කළේය. මෙම ව්යාපෘතිය මගින් කතරගම පූජා භූමි වන රුහුණු කතරගම දේවාලය, සෙල්ල කතරගම, වැඩිහිටි කන්ද සහ ඒ අවට ප්රදේශයේ ඉවත දමන ලද PET (polyethylene terephthalate) ප්ලාස්ටික් බෝතල් 43,590ක් එකතු කිරීමට හැකි විය.
කතරගම යනු මැණික් ගඟ, යාල ජාතික වනෝද්යානය සහ ලූණුගම්වෙහෙර ජාතික වනෝද්යානය ආදී වූ මෙරට පාරිසරික වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියකින් සමන්විත ප්රදේශයක් මෙන්ම ශ්රී ලාංකික සහ ඉන්දියානු වන්දනාකරුවන්ගේ වන්දනාමානයට ලක් වූ පුද බිමකි. උත්සව සමයේදී මිලියනයකට අධික ජනතාවක් කතරගමට පැමිණෙන අතර මෙම කාල සීමාවේ දී ප්ලාස්ටික් අපද්රව්ය රැසක් පරිසරයට එකතු වීම කණගාටුවට කරුණකි. මෙම ප්ලාස්ටික් නුසුදුසු ලෙස බැහැර කිරීම හේතුවෙන් ජල මාර්ග අවහිර වීමේ අර්බුදයක් සහ සත්ව වාසස්ථාන පිළිබඳ ගැටළුවක් පැන නැග ඇත.
කතරගම ප්රාදේශීය සභාව සහ රුහුණු කතරගම මහා දේවාලය ආශි්රත ප්රදේශය කේන්ද්ර කර ගනිමින් කි්රයාත්මක කරන මෙම අපද්රව්ය කළමනාකරණ ව්යාපෘතිය ජූලි මස 29 වන දින ආරම්භ කෙරුණු අතර එය අගෝස්තු 12 වන දින සාර්ථකව අවසන් විය. ප්රදේශයේ තරුණ සමාජයක් වන සොබා පරිසර තුරුණු සමාජයේ ස්වේච්ඡා සේවකයින් 60 දෙනෙක්, Eco Spindles හි ස්වේච්ඡා සේවකයන් 20 දෙනෙක් සහ එහි ව්යාපෘති හවුල්කරුවන් පිරිසක් ඊට සහභාගී විය.
2014 වසරේ මෙම කතරගම අපද්රව්ය කළමනාකරණ ව්යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු Eco Spindles විසින් PET ප්ලාස්ටික් බෝතල් 555,990 ක් එකතු කර ඇති අතර එය කිලෝ 18,533 ක ප්රමාණයකි. උත්සව සමයේ කතරගමට පැමිණෙන බැතිමතුන් ඇතුළු ශ්රී ලාංකිකයින්ට වගකීම් සහිත ප්රතිචක්රීයකරණය පිළිබඳව දැනුවත් කිරීම මෙම ව්යාපෘතියේ අරමුණයි. තවද Eco Spindles විසින් කතරගම ප්රදේශයේ එකතු කරන්නන්ගේ ශක්තිමත් ජාලයක් ක්රියාත්මක කරනු ලබයි. ඔවුන් ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීමෙහිලා අත්යවශ්ය කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එකතු වන ප්ලාස්ටික් අපද්රව්ය මිලදී ගෙන ප්ලාස්ටික් එකතු කිරීම තම ජීවනෝපාය කරගත් මෙම ව්යවසායකයින්ට සමාගම අඛණ්ඩව සහාය දක්වයි.
”වසංගතය මෙන්ම රට තුල පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්යයේ අභියෝග එල්ල වුවද කතරගම අපද්රව්ය කළමනාකරණ ව්යාපෘතිය වැනි වැඩසටහන් අපට අමතක කළ නොහැක්කේ එමගින් අපගේ පරිසරය සුරැකීම වෙනුවෙන් ඇතිවන ධනාත්මක බලපෑම නිසායි. දිනකට ප්ලාස්ටික් බෝතල් 360,000 කට අධික ප්රමාණයක් ප්රතිචක්රීයකරණය කරන සමාගමක් ලෙස හරිත ශ්රී ලංකාවක් වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ප්ලාස්ටික් අපද්රව්ය අවිධිමත් සහ වගකීම් විරහිතව බැහැර කිරීමෙන් සිදුවන පරිසර හානිය කෙරෙහි අපි දිගටම අවධානය යොමු කරනවා. එම ප්ලාස්ටික් අපද්රව්ය පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් BPPL Holdings PLC හි ප්රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ප්රකාශ කළේය.
Eco Spindles යනු ප්රතිචක්රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් කැබලි වලින් සෘජුවම පොලියෙස්ටර් නූල් නිර්මාණය කිරීමේ හැකියාව ඇති සහ ලෝකයේ දැනට එම පහසුකම සහිත කර්මාන්තශාලා දෙකෙන් එකක් හිමි BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත ආයතනයකි. මෙම ආයතනය බහු අපද්රව්ය කළමනාකරණයට සම්බන්ධ වෙමින් සහ එය ආරම්භ කරමින් ශ්රී පාදය, මුන්නේෂ්වරම් සහ තලවිල ආදී පූජා භූමි කේන්ද්ර කරගනිමින් අපද්රව්ය කළමනාකරණ ව්යාපෘති රැසක් කි්රයාත්මක කරමින් වගකිවයුතු සංවිධානයක් ලෙස අඛණ්ඩව සිය කාර්යභාරය ඉටු කරමින් සිටී.

ප්ලාස්ටික් අපද්රව්ය නිසා අවහිර වූ ගංගා පිරිසිදු කිරීම

එකතු කරන ලද අපද්රව්ය ප්ලාස්ටික්වල බර කිරා බලමින්
ඡායාරූප : Eco Spindles කතරගම අපද්රව්ය කළමනාකරණ ව්යාපෘතිය 2022 සඳහා සහභාගී වූ ස්වේච්ඡා සේවකයින්
August, 16, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB Finance PLC සිය පාරිභෝගිකයින්ගේ රක්ෂණ අවශ්යතා වඩාත් පහසුවෙන් සහ ප්රශස්ත අයුරින් සපුරාලීම සඳහා HNB Assurance PLC සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹිනි.
HNB Finance සහ HNB Assurance යන සමාගම් පසුගියදා එළැඹි අවබෝධතා ගිවිසුමට අනුව පාරිභෝගිකයින්ට පුද්ගලික සහ අනෙකුත් සාමාන්ය රක්ෂණ සේවා ඇතුළුව සමාගම මගින් ලබා දෙන තවත් ප්රතිලාභ රැසක් එකම ස්ථානයක් තුළදී අත්විඳීමේ හැකියාව ලැබෙනු ඇත. HNB Assurance හි රක්ෂණ සේවා නියෝජිතයකු HNB Finance හි සෑම ශාඛා කාර්යාලයකටම අනුයුක්ත කෙරෙන බැවින් රක්ෂණ සේවා කඩිනමින් සහ වේගවත්ව ලබා ගැනීමටත් මේ තුළින් පාරිභෝගිකයින්ට වඩා ප්රශස්ත පාරිභෝගික අත්දැකීමක් හිමිවනු ඇත.
“ අපගේ පාරිභෝගික අත්දැකීම් ගුණාත්මකව නැංවීම සඳහා විවිධ ආයතනයන් සමග වඩාත් ඵලදායී සහයෝගීතාවන්ට එළැඹීමට අපි නිරතුරුව කටයුතු කරනවා. HNB Assurance සමග එළැඹි මෙම අවබෝධතා ගිවිසුමට අනුව මෙරට විශාලතම මූල්ය සේවා සමූහය වන HNB සමූහයේ ශක්තිය සහ අසම සම ප්රතිලාභයන් රැසක් අපගේ පාරිභෝගිකයින්ට හිමිවන බවද කිවයුතුයි” යනුවෙන් HNB Finance PLC හි කළමනාකාර අධ්යක්ෂ /ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වන HNB Assurance PLC හි ප්රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා “ HNB සමුහයේ තවත් ශක්තිමත් සමාගමක් සමග එක් වෙමින් පාරිභෝගිකයින්ගේ අවශ්යතා සමග නිවැරදිව ගැලපෙන අපගේ රක්ෂණ සේවා දීපව්යාප්ත පාරිභෝගික පිරිසක් වෙත පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප වඩාත් සතුටට පත්වෙනවා. එමෙන්ම අසම සම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අපගේ ව්යාපාරික උපායමාර්ගයන්හි ප්රමුඛතම ස්ථායක් ගන්නා බැවින් HNB Finance හි පාරිභෝගිකයින්ටත් මෙම සහයෝගීතාවයේ උපරිම ප්රතිලාභ භුක්ති විදීමට හැකිවන බවත් විශේෂයෙන් සදහන් කළ යුතුයි.” යනුවෙන් පැවසීය.
සේයා රූ සටහන: වමේ සිට - HNB Finance PLC හි අලෙවි ප්රධානී උදාර ගුණසිංහ, මූල්ය සේවා සංවර්ධන සහ ආයතනික ව්යාපාර ප්රධානී ශානක රමේශ් පෙරේරා, ප්රධාන මෙහෙයුම් නිලධාරී ඩබ්ලිව්.එස්.පී අරංගල, කළමනාකාර අධ්යක්ෂ /ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත්, HNB Assurance PLC හි ප්රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න, ප්රධාන ව්යාපාර නිලධාරී/සාමාන්යාධිකාරී සහයෝගීතා සුරේෂ් ප්රනාන්දු. ණය සේවා ජ්යෙෂ්ඨ විධායිකා අශානි ධර්මසූරිය, බැංකුරක්ෂණ සේවා පිළිබඳව ආයතනික සේවා ප්රධානී අචල හොරණ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වෙමින්.
August, 16, 2022
සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන් ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද 2022 අගෝස්තු 12 වන දින සිට හෝ ඉන් පසු ව ශ්රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්යතාව ඉවත් කර ඇත. සේවා අපනයනකරුවන් ශ්රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකිය. සේවාව ලබාදුන් දින සිට දින 180 ක් ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්යතාව නො වෙනස්ව පවතී.
බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව, 2022 වසරේ පළමු මාස 6 තුළ දී සේවා අපනයන ලැබීම් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,533ක ප්රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 406ක් ශ්රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර ඇත. 2022 මාර්තු මාසයේ දී, ඉහළ ම මාසික සේවා අපනයන ඉපැයීම් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 324ක මුදලක් ලැබී තිබුණි. සේවා අපනයනකරුවන්ගේ නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවල දී ඔවුන් විසින් අපනයන ලැබීම් තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව ඉස්මතු කරන ලදී.
අපනයන ඉපැයීම් දින 180ක් තුළ දී ගෙන ඒමේ අනිවාර්ය අවශ්යතාව වෙත අවධානය යොමු කරමින්, සියලු ම අපනයන ඉපැයීම් මෙම අවශ්ය මොහොතේ රටට ගෙන්වා ගැනීමට සියලු ම අපනයනකරුවන් දිරිමත් කරනු ලැබේ. ශ්රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන් සහ අවසරලත් වෙළෙඳුන් විසින් අදාළ අවශ්යතාව සමඟ අනුකූල වීම අධීක්ෂණය කිරීමේ කටයුතු තීව්ර කර ඇත.
ඉහත සඳහන් ලිහිල් කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර, www.dfe.lk හරහා 2022 අගෝස්තු 12 දිනැති අංක 2292/50 දරන ගැසට් (ඇති විශේෂ) නිවේදනයේ පළකර ඇති "2022 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමේ රීති" වෙත යොමු වීමෙන් ලබා ගත හැකි ය.
Video Story