July, 29, 2022
මාලදිවයිනේ සංචාරක ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සවයකදී අඩ සියවසකට අධික කාලයක් පුරා ශ්රීලංකන් ගුවන් සේවය විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් MATI විසින් කීර්තිමත් ‘50 වසරක සංචාරක සම්මානය’ පසුගියදා පිරිනමන ලදී. 1960 දී එවකට එයාර් සිලෝන් යටතේ මාලදිවයින වෙත මෙහෙයුම් දියත් කළ පළමු ජාත්යන්තර වාණිජ ගුවන් සේවය බවට ශ්රීලංකන් පත් වූ අතර එතැන් සිට අඛණ්ඩව නව මාවත් විවර කරමින් මාලදිවයිනේ ගුවන් තොටුපළවල් කිහිපයකට මගීන් රැගෙන පියාසර කරන එකම ජාත්යන්තර ගුවන් සේවය බවටද ශ්රීලංකන් පත්විය.
මාලදිවයිනේ සංචාරක කර්මාන්ත සංගමය (MATI) මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ප්රගමනයට මූලිකත්වය ගෙන ක්රියාකරයි. ඒ සඳහා සුවිශේෂී ලෙස දායක වූ සංවිධාන සහ පුද්ගලයින්ට ගෞරව දැක්වීම අරමුණු කරගනිමින් මෙම විශේෂ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පසුගියදා සංවිධානය කර තිබිණි.මෙහිදී සම්මානලාභීන් තෝරා ගනු ලැබුවේ ක්ෂේත්රයේ ප්රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් විසිනි. ශ්රීලංකන් ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරීතුමා වෙනුවෙන් ශ්රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයිනේ කළමනාකාර ෆවුසාන් ෆරීඩ් මහතා සම්මානය පිළිගත්තේය.
ශ්රීලංකන් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී රිචඩ් නටල් මහතා මෙසේ පැවසීය, “ශ්රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය තුළ මාලදිවයින සැමවිටම සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා. වාණිජ පියාසර කිරීමේ ආරම්භයේ සිට මාලදිවයින සමඟ සිටි එකම ජාත්යන්තර ගුවන් සේවය ලෙස ශ්රීලංකන් මාලදිවයිනේ සංචාරක ගමනේ සෑම සන්ධිස්ථානයකටම සිය දායකත්වය ලබා දී ඇත. වසර ගණනාවක් පුරා, ගුවන් සමාගම මාලදිවයිනේ විශ්මයජනක හා අසමසම වෙරළ තීරයන් වෙත සංචාරකයින් සිය දහස් ගණනක් සම්බන්ධ කර ඇත. අද ශ්රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ සංචාරය කිරීම සඳහා ප්රධාන පහසුකම් සපයන ගෝලීය ගුවන් සේවය ලෙස පවතී. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයිනේ කළමනාකාර ෆවුසාන් ෆරීඩ් මහතා, “මාලදිවයින යනු අපගේ පුළුල් නිවහනයි. විවිධ රටවල ස්ථානගතව සිටින ශ්රීලංකන් ගුවන් සේවයේ අපගේ සගයන් මාලදිවයිනට සංචාරකයින් රැගෙන යාම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරනවා, එබැවින් මම මෙම සම්මානය ඔවුන් වෙනුවෙන් කැප කිරීමට කැමැත්තෙමි. කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වන විටත් මාලදිවයිනට බාධාවකින් තොරව සේවාවක් පවත්වාගෙන ගිය එකම ගුවන් සමාගම ශ්රීලංකන් ගුවන් සේවයයි. එහිදී අතරමං වූ නිවාඩු ගත කරන්නන් 2,000 කට අධික සංඛ්යාවක් දූපත්වලින් ඉවත් කිරීමට ගුවන් සේවය උපකාර කළ බවත් මම සිහිපත් කිරීමට කැමැත්තෙමි. ”
2016 වසරේ දී Addu Atoll හි Gan දූපත වෙත මෙහෙයුම් සිදු කළ පළමු ජාත්යන්තර ගුවන්තොටුපළ බවට ශ්රීලංකන් පත්වූ අතර එය මාලදිවයිනේ සංචාරක ව්යාපාරයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තවද, ගුවන් සමාගම මෑතකදී දේශීය ගුවන් සේවය වන Manta Air සමඟ හවුල් වී Gan වලින් ඔබ්බට දකුණු මාලදිවයිනේ ඉහළ මට්ටමේ නිවාඩු නිකේතන කිහිපයකට පහසුවෙන් ප්රවේශ වීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබා දෙන ලදී. තවද, මාලදිවයිනට සම්බන්ධ වීමට ලෝකයේ වඩාත්ම පහසු මධ්යස්ථානය වන කොළඹ හරහා ගුවන් ගමන් සපයන එකම ජාත්යන්තර ගුවන් සේවය ශ්රී ලංකන් වේ.
මාලදිවයින සඳහා ශ්රීලංකන් හි අනාගත සැලසුම් අතරට ගැන් හි කේන්ද්රස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම සහ Maafaru ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත මෙහෙයුම් ඇතුළත් වන අතර එමඟින් සංචාරකයින්ට උතුරු Noonu Atoll සංචාරක නිකේතන සහ දූපත් වෙත වේගවත්ම ප්රවේශය ලබා දීමට හැකිවනු ඇත.
July, 28, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වැනි වාර්ෂික විද්යාත්මක සැසිය ”සුපැහැදිලි දැක්මක් නව්යකරණය වූ ලොවක්”යන තේමාව යටතේ පසුගියදා මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්රයේදී සාර්ථකව නිම කරන ලදී.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙසින් වශයෙන් ශ්රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්ය මානෙල් පැස්කුවල් මහත්මිය සහ සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් ශ්රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාවේ සභාපති උදේනි වික්රමාරච්චි මහතා සහභාගී විය. විෂන් කෙයා ඇකඩමිය විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ දෘෂ්ටි විද්යාව සහ ශ්රවණ සත්කාර ක්ෂේත්රය පිළිබඳ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම, පර්යේෂණ අධ්යයන කටයුතු සඳහා ඔවුන් දිරිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමටයි. එමෙන්ම මෙම සැසිය විෂන් කෙයා ඇකඩමියෙහි නිල සහතික පත් ප්රදානෝත්සවය වන අතර විෂන් කෙයා ඇකඩමිය හරහා පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් සඳහා සහතික පත් ප්රදානය කිරීම ද සිදු කරන ලදී.
සමාරම්භක ප්රධාන දේශනය පවත්වන ලද්දේ කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්ය වෛද්ය මධුවන්ති දිසානායක මහත්මිය විසිනි. ඉන් අනතුරුව, දෘෂ්ටි විද්යාව සහ ශ්රවණ සත්කාර ක්ෂේත්රයට අදාළ විවිධ මාතෘකා යටතේ අධ්යාපනික සැසිවාරයන් කීපයක්ම පවත්වන ලදී. පළමු වන සැසිවාරයේ දී අක්ෂි රෝග විනිශ්චය පිළිබඳව හරවත් දේශනයක් අක්ෂි විශේෂඥ උපදේශක වෛද්ය ඞී.ආර්.ආර්. කොඩිකාර විසින් පවත්වන ලද අතර වෛද්ය අරුණ ප්රනාන්දු, Essilor ඉන්දියා පුද්ගලික සමාගමෙහි අනන්ත් ලක්ෂ්මි, ශල්ය වෛද්ය විශේෂඥ සංජීවනී රූපසිංහ වැනි වූ විශේෂඥ කථිකයන් විසින් දේශනයන් පවත්වන ලදී.
විෂන් කෙයා ඇකඩමියේ සිසුන් 34 දෙනෙකුට සහතික පත් ප්රදානය කෙරුණු අතර පර්යේෂණ අංශ කිහිපයක් සඳහා සිසුන් කිහිප දෙනෙකුට සම්මාන පිරිනමන ලදී. පර්යේෂණ අංශ කිහිපයකින් පුද්ගලයන් කිහිප දෙනෙකුම සම්මාන ලබා ගත්හ. සම්මානලාභීන් වූයේ චානුරා මහින්දපාල - හොඳම වාචික ඉදිරිපත් කිරීම (ජ්යෙෂ්ඨ) චන්ද්රමෝහන් තිලක්ෂණා - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/DOP), ප්රමෝද්යා තත්සරණි - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/COA) රවිඳු දේශාන් - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/CVT) කාවින්දි සිල්වා - හොඳම වාචික ඉදිරිපත් කිරීම (CDO) රවිඳු දේශාන් - වසරේ හොඳම පර්යේෂණය, අමිල චන්ද්රසේකර - වසරේ හොඳම පෝස්ටරය, සුරේෂ් සුලක්ෂන් - වසරේ හොඳම නවෝත්පාදනය, ධාරුන්නියා කොමලසේවරන් - හොඳම පර්යේෂණ ඉදිරිපත් කිරීම-ශ්රව්ය විද්යාව සහ ඈන් සුරේනි - හොඳම පෝස්ටරය-ශ්රව්ය විද්යාව.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් විෂන් කෙයා ඇකඩමියේ ප්රධානී විද්යා ජයරත්න ප්රකාශ කළේ, ”පසුගිය වසරේ මාර්ගගත ක්රමයට සිදුකෙරුණු දෘෂ්ටිමිතික දිනය සහ වාර්ෂික විද්යාත්මක සැසිය මෙම වසරේ දී මේ ආකාරයෙන් සැමරීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටුට පත් වෙනවා. ඇකඩමියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය මෙම උත්සවය සැමවිටම ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සිදු කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළා. ශ්රී ලංකාවේ අක්ෂි සහ ශ්රවණ සත්කාර ක්ෂේත්රවල දැනුම ඉහළ නැංවීමට අපගේ කාර්යභාරය ඉටු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර අනාගතයේදීත් එය එලෙසින්ම සිදුකිරීමට අපි උත්සාහ දරනවා.”
සිය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම උදෙසා 2008 දී මෙහෙයුම් ආරම්භ කරන ලද විෂන් කෙයා ඇකඩමිය, පසුව අක්ෂි ආරක්ෂණ සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තීයවේදීත්වය අපේක්ෂා කරන ඕනෑම අයෙකුට අධ්යාපනික සහය ලබාදීම සඳහා සිය සේවාවන් පුළුල් කරන ලදී. ශ්රී ලංකා තෘතියික සහ වෘත්තීය අධ්යපන කොමිෂන් සභාවේ (TVEC) අධීක්ෂණය යටතේ අක්ෂි සහ ශ්රවණ සත්කාර පිළිබඳ පූර්ණ කාලීන පාඨමාලා 4ක් පවත්වයි. ඒවා නම් දෘෂ්ටි විශේෂඥ සහායක සහතික පත්ර වැඩසටහන (COA) ශ්රවණමිතික සහතිකපත්ර පාඨමාලාව (CAD) දෘෂ්ටි විශේෂඥ සහතිකපත්ර (CDO) සහ දෘෂ්ටිමිතික ඩිප්ලෝමා පාඨමාලාව (DOP) විෂන් කෙයා ඇකඩමිය ඉන්දියාවේ දෘෂ්ටිමිතික විද්යාල සහ පාසල් සංගමයේ Schools and Colleges of Optometry (ASCO) පූර්ණ කාලීන සාමාජිකයෙකු වන අතර ලෝක දෘෂ්ටි විද්යාව පිළිබඳ කවුන්සිලයේ (World Council of Optometry) ලියාපදිංචියද ලබාගෙන ඇත.



July, 28, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත්රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ්රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී මූල්ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී.
HNB සහ බ්රවුන් සහ සමාගම අතර ඇති කරගත් මෙම සහයෝගීතාවය මගින් පාරිභෝගිකයින්ට බ්රවුන්ස් Yanmar සහ බ්රවුන්ස් World Sumo ගොයම් කපන යන්ත්ර මෙන්ම TAFE හා Massey Ferguson ට්රැක්ටර් සඳහා ද සුවිශේෂී මූල්ය සහන සහිතව ආකර්ෂණීය ප්රතිලාභ ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත. මරදාන, දේවානම්පියතිස්ස මාවතේ පිහිටි බ්රවුන්ස් කෘෂි අංශ පරිශ්රයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ජේ විජේමාන්න සහ බ්රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්රෝපකරණ අංශ ප්රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘’මෙරට ශ්රම බලකායෙන් 30% කට ආසන්න ප්රමාණයක් කෘෂිකාර්මික අංශය නියෝජනය කරන අතර එමගින් අනාගතයේදී කෘෂිකාර්මික අවශ්යතා සඳහා යන්ත්රෝපකරණ ආනයනය කිරීමට වැඩි ප්රවණතාවක් තිබෙනවා. අදවන විට රටක් ලෙස අප මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් පුළුල් පරාසයක කෘෂිකාර්මික යන්ත්රෝපකරණ සඳහා ආයෝජනය කිරීමට වඩාත් පහසු සහ වඩාත් වාසිදායක ගෙවීමේ විසඳුම් අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට අපි විශේෂයෙන් කටයුතු කර තිබෙනවා. දිවයින පුරා සිටින ගොවීන්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා බ්රවුන් සමාගම සමඟ අපගේ හවුල්කාරීත්වය නැවත අලූත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.” යනුවෙනි.
මෙහිදී සෑම පාරිභෝගිකයෙකුගේම ආදායමට ගැලපෙන හා ඔවුන්ගේ අවශ්යතාවන්ට සරිලන පරිදි සකස් කළ ආපසු ගෙවීමේ පහසුකම් සහ අවම පොලී අනුපාත සමඟින් ආකර්ෂණීය ලීසිං පැකේජයක් මෙම හවුල්කාරීත්වය මගින් සලසා දී ඇත. HNB ගනුදෙනුකරුවන්ට Prestige Prime ක්රෙඩිට් කාඞ්පතක් ද මේ සමඟින් ලබා දෙනු ඇති අතර එය පළමු වසරේ වාර්ෂික ගාස්තු වෙන් නිදහස් කර ඇත. මෙම කාඞ්පත මගින් පාරිභෝගිකයින්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විසින් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා අද්විතීය වට්ටම් ලබා දෙනු ඇත.
විශාල පරාසයක මෝටර් රථ අවශ්යතා සඳහා සැපයීමට කැපවී සිටින HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් පාරිභෝගිකයින්ට සහනදායී මිලට වාහන සහ ජීවිත රක්ෂණ යෝජනා ක්රම හරහා අමතර ප්රතිලාභ ලබා දෙනු ඇත. මෙයට පාරිභෝගිකයින් සඳහා වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික සහ නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ ද ඇතුළත් වේ.
”ශ්රී ලාංකීය කෘෂි යාන්ත්රීකරණයේ පුරෝගාමියා වශයෙන් දශක ගණනාවක් පුරා අපගේ පාරිභෝගික මහතුන්ගේ විශ්වාසය ඒ අයුරින්ම පවත්වා ගනිමින් අද වන විට ලංකාවේ තරගකාරී කෘෂි යාන්ත්රීකරණ ක්ෂේත්රයේ ප්රමුඛයා ලෙස වැජඹෙන්නට බ්රවුන්ස් කෘෂි අංශය සමත් වී තිබෙනවා. ගොවි ජනතාවගේ අවශ්යතා හඳුනා ගනිමින් ඒ සඳහා ලොව පිළිගත් අති නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්රෝපකරණ පමණක් විශ්වාසයෙන් වෙළෙඳපොලට හඳුන්වා දීමට බ්රවුන්ස් ආයතනය සැමවිටම වගකීමෙන් කටයුතු කරනවා. එබැවින් අපගේ කෘෂි යන්ත්ර සඳහා නැවත විකිණීමේදී වැඩිම ඉල්ලූමක් හා වැඩිම වටිනාකමක් ලැබෙනවා. අන් කිසිඳු ආයතනයකින් ලබා නොදෙන අසමසම අලෙවියෙන් පසු සේවාවන් සපයමින් පාරිභෝගික මහතුන්ට අපගේ අඛණ්ඩ විශ්වසනීය සේවාව ඔවුන්ගේ නිවසටම හෝ අවශ්ය ස්ථානයටම ලබා දෙන අතර දිවයින පුරා විසිරුනු අමතර කොටස් ජාලය නිසා අපගේ කෘෂි යන්ත්ර සඳහා ලංකාවේ ඕනෑම තැනකින් අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාවත් මේ වන විට පුළුල් කර තිබෙනවා. එබැවින් ගොවි ජනතාවගේ දියුණුවට එදා සිටම අත්වැලක් වන්නට ලැබීම ගැන බ්රවුන්ස් ආයතනය ඉතාමත් අභිමානයෙන් යුතුව නිහතමානීව සතුටු වනවා. නිරන්තරයෙන් ගොවි ජනතාවගේ දියුණුවට පන්නරය වෙමින් මූල්ය පහසුකම් සහිතව කෘෂි යන්ත්ර මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශ්වසනීය බැංකු සහකරුවෙකු වන සමඟ ඒකාත්මික වෙමින් ලීසිං පහසුකම් ලබා දීමට කටයුතු කරන්න ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙන් බ්රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්රෝපකරණ අංශ ප්රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක මහතා පැවසුවේය.
මෙම ප්රවර්ධන කාලය තුළ බ්රවුන්ස් සමාගම සියලූම ට්රැක්ටර් මාදිලි සඳහා නොමිලේ ලියාපදිංචි කිරීම සහ සේවා වාර 4ක් නොමිලේ පාරිභා්ගික මහතුන්ගේ නිවසටම ගොස් සපයනු ලබයි. Massey Ferguson ට්රැක්ටර් සඳහා මාස 12ක් හෝ පැය 1000ක වගකීමක් ද බ්රවුන්ස් TAFE ට්රැක්ටර් සඳහා වසර 2ක් හෝ පැය 2000ක වගකීමක් ද ලබා දෙනු ඇත.
මෙම HNB ලීසිං පහසුකම් යටතේ මිලදී ගනු ලබන බ්රවුන්ස් YANMAR ගොයම් කපන යන්ත්ර සඳහා නොමිලේ සේවා වාර තුනක් සහ මාස හයක් හෝ පැය 600ක වගකීමක් හිමි වේ. බ්රවුන්ස් World SUMO ගොයම් කපන යන්ත්ර සඳහා නොමිලේ සේවා වාර තුනක් සහ මාස හයක් හෝ පැය 300ක වගකීම් කාලයක් හිමි වේ.
ඡායාරූපය: HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ජේ විජේමාන්න (මැද) සහ බ්රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්රෝපකරණ අංශ ප්රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක (දකුණේ සිට හයවැන්නා) යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ Brown & Company PLC නියෝජනය කරමින් පැමිණි ජ්යෙෂ්ඨ නිළධාරීන් ද මෙම ඡුායාරූපයේ වෙයි.
July, 28, 2022
මහජන බැංකුවේ 279 වැනි ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) රත්තොට ශාඛා පරිශ්රයේදී පසුගියදා විවෘත කෙරිණි.
මෙම ස්වයං බැංකුකරණ ඒකකය, ස්වයංකී්රය ටෙලර් යන්ත්රයකින් (ATM) සහ මුදල් තැන්පතු යන්ත්රයකින් (CDM) සමන්විතය. මේ තුළින් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
මෙම අවස්ථාවට රත්තොට ප්රාදේශීය ලේකම් එෆ්.ආර්.එම්. රියාල්ඞීන්, මහජන බැංකුවේ මාතලේ ප්රාදේශිය කළමනාකාරිනී ලලනි අදිකාරී, සහකාර ප්රාදේශීය කළමනාකාරිනීයන් වන නිරෝධා රම්බොඩගෙදර හා කේ. එල් මැණික්ආරච්චි යන මහත්මීන්, රත්තොට ශාඛා කළමනාකාර ධම්මික ජයවර්ධන මහතා ඇතුළු මහජන බැංකු කාර්ය මණ්ඩලය, රාජ්ය නිලධාරීන් ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.
දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්යස්ථාන 743 කින් සමන්විත, රුපියල් ටි්රලියන තුනක වත්කම් හිමි මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්රමුඛතම මූල්ය සේවා සපයන්නා වේ.
July, 27, 2022
රටක වර්ධනය සහ ප්රසාරණය උදෙසා තාක්ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර දේශසීමා තුළ සහ ඉන් ඔබ්බට සන්නිවේදනයෙහි ඇති පරතරය අවම වීමද ඉන් සිදු වී ඇත. විශේෂයෙන්ම ශ්රී ලංකාව තුළ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ බලපෑම තුලින් හොඳම නවෝත්පාදනයන් බිහි වී ඇත. ප්රමුඛ පෙළේ තාක්ෂණික සන්නාමයක් වන vivo සිය Y සහ V series හි මෝස්තර සහ විශේෂාංග හරහා සිය නව නිර්මාණ එළිදක්වා ඇත. වසර ගණනාවක් පුරා, vivo එහි කැමරා පද්ධතිය සහ අනෙකුත් නව්ය විශේෂාංග සඳහා නමක් දිනා ඇත. එසේ දේශීය පාරිභෝගිකයින් සමඟ කැපී පෙනෙන සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඔවුන්ගේ ප්රියතමයා බවට vivo පත් වූයේ කෙසේදැයි පහත කරුණු මගින් ඔබට අවබෝධ වනු ඇත.
කැමරාව
vivo විසින් පරිශීලකයාගේ අවශ්යතාවය මත විවිධ කැමරා පද්ධති වලින් යුත් පුළුල් පරාසයක ස්මාර්ට්ෆෝන් ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ලෙස, V Series හි ස්මාර්ට්ෆෝන් මගින් ස්ථාවර ඡායාරූප ආයාසයකින් තොරව ලබා ගැනීම සහතික කරන අතර, රාත්රී කාලයේදී සිදු කරන ඡායාරූපකරණය ප්රගුණ කිරීමට ද පරිශීලකයින්ට උපකාර කරයි. එසේම Y Series එහි කාර්යක්ෂමතාව සහ සුවිශේෂී කැමරා තාක්ෂණය උදෙසා වෙළඳපොලෙහි ප්රසිද්ධියට පත් වී ඇත.
නිර්මාණ සැකසුම
vivo හි උපාංග ගැඹුරු වෙළඳපල පර්යේෂණයක ප්රතිඵලයක් බව ඔවුන් නිරන්තරයෙන් අවධාරණය කර සිටී. සන්නාමයේ නවෝත්පාදනයන්, නිරන්තරයෙන් වර්ධනය වන පාරිභෝගිකයින්ගේ අවශ්යතා අනුව සිදු වෙයි. වෙළඳපල ප්රවණතාවයන්ට අනුව, දේශීය පරිශීලකයින් සැහැල්ලු උපාංගයක් තෝරා ගැනීමට වඩාත් නැඹුරු වෙයි. ඒ හේතුවෙන් නවීන මෝස්තරයන් සහිත සුවපහසු අතේ ගෙන යා හැකි උපාංග පෙළක් සමඟින්, vivo තම පාරිභෝගිකයින් පුදුම කරන ලදී. කර්මාන්තයේ ප්රථම, වර්ණ වෙනස් කරන ලද වීදුරු පසුපස කවරයන් හදුන්වා දීම මගින් ස්මාර්ට්ෆෝන් මෝස්තරයන්හි විප්ලවීය වෙනසකට vivo මුලපිරුවේය.
ක්රියාකාරිත්වය
vivo පිළිබඳ හොඳ නිරීක්ෂණයක් නම්, සන්නාමය සිය ස්මාර්ට් ජංගම දුරකථනයේ සමස්ත ආකර්ෂණයට බලපෑමක් නොවන පරිදි දැවැන්ත බැටරියක් එක් කිරීමට සාර්ථකව සමත් වී තිබීමය. වේගවත් ලෙස ජංගම දුරකථනය චාජ් කිරීමටද මින් හැකියාව ලැබී ඇත. තවද, vivo හි Extended RAM විශේෂාංගය ස්මාර්ට් ජංගම දුරකථනය බාධාවකින් තොරව ක්රියා කරවීමට ඉඩ සලසයි. RAM ඒකකය ක්රියා කිරීමට උපාංගයේ ඇති අමතර ROM ඉඩකඩ මගින්, ප්රමාදයකින් තොරව ඇප් අතර මාරු වීමට උපකාරී වේ.
නවෝත්පාදන
මෙම වසර මුලදී, සන්නාමය විසින් සිය ස්වාධීන පර්යේෂණ සහ සංවර්ධන සහ චිප් නිර්මාණයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්රමුඛ පෙළේ දෘශ්ය ගුණාත්මක භාවයෙන් යුත් රූප සහ වීඩියෝ යෙදුම් සඳහා කැප වූ ඒකාබද්ධ පරිපථ චිපයක් වන V1+ Chip හදුන්වා දෙන ලදී. තවද vivo විසින් කලාපයට ප්රතිලාභ ලබා දීම සඳහා 5G තාක්ෂණය යොදවා ඇති අතර දේශීය පරිශීලකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ව, පවතින නවතම සහ විශිෂ්ටතම තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සිදු කරයි.
පාරිභෝගික සේවා
vivo හි කාර්යක්ෂම පාරිභෝගික සේවාව මගින් දේශීය පරිශීලකයින් තෘප්තිමත් කිරීම තහවුරු කොට ඇත. vivo ස්මාර්ට්ෆෝන් භාවිතයේ සෑම පියවරකදීම තම පාරිභෝගිකයින්ට සහය වීමට උත්සාහ කරන අතර කොළඹ සහ ගාල්ලේ පිහිටි සිය සේවා මධ්යස්ථාන දෙක හරහා ජාතික වශයෙන් තම පාරිභෝගිකයන් වෙත ළඟා වෙමින් දිවයිනේ පාරිභෝගික සම්බන්ධතාව උපායශීලීව ශක්තිමත් කර ඇත. මෙම නවීනතම පහසුකම් සහ උපාංග මගින් පාරිභෝගිකයින්හට කරදරයකින් තොරව මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමත්, අලෙවියෙන් පසු සේවා අත්දැකීමක් ලබා ගැනීමත් සහතික කරයි.
July, 27, 2022
පීපල්ස් ලීසිං සමාගමේ කිරිබත්ගොඩ ශාඛාව අංක 157/2/2, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ස්ථානයට පිවිසීම පසුගියදා සිදුවිය. පීපල්ස් ලීසිං සමාගමේ ප්රධාන කළමනාකාර (මෙහෙයුම්) චමිල් හේරත් මහතාගේ ප්රධානත්වයෙන් නව පරිශ්රය උත්සවාකාරයෙන් විවෘත කෙරුණි.
වර්ෂ 2016 ජුලි 06 දින කිරිබත්ගොඩ ප්රදේශයේ සුළු සහ මධ්ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ මූල්ය අවශ්යතා සපුරාලීමේ අරමුණින් කිරිබත්ගොඩ ශාඛාව මෙහෙයුම් කටයුතු සඳහා විවෘත විය.
පාරිභෝගිකයින්ට වැඩි පහසුවක්, ගුණාත්මක බවක් සහ මූල්ය ප්රවේශයක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් ශාඛාව වෙනත් ස්ථානයකට රැගෙන යන ලද අතර, උසස් සේවාවක් අත්විඳීමට නව ශාඛාව වෙත පැමිණෙන ලෙස පීපල්ස් ලීසිං සමාගම සිය ගණුදෙනුකාරභවතුන්ට ආරාධනා කරයි.
රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මූල්ය ආයතනයක් (NBFI) වන පීපල්ස් ලීසිං සමාගම විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2011 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය.
බැංකු නොවන මූල්ය ආයතන ක්ෂේත්රයේ මිණුම් සලකුණක් තබමින් නවීන තාක්ෂණ ක්රමවේදයන්ගෙන් යුක්තව නව්ය ඩිජිටල් විසඳුම් ඇතුළුව මූල්ය සේවා රාශියක් සිය ගණුදෙනුකරුවන් වෙත පිරිනැමීම පීපල්ස් ලීසිං සමාගමේ අපේක්ෂාවය.
පීපල්ස් ලීසිං සමාගම සිය 25වන කඩයිම පසුකරමින් බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ජායාරූප විස්තරය
July, 27, 2022
ශ්රී ලංකාව තුළ වෘත්තීය අධ්යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්රියාත්මක කරන, මෙරට ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්යාපනික ආයතනය වන 'DIMO Academy for Technical Skills (DATS)' හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත.
මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ පිහිටා ඇති ශ්රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙනුවෙන් DATS ආයතනය විසින් පසුගිය දා සුවිශේෂී ව්යාපෘතියක් දියත් කෙරිණි. එහි දී මෝටර් රථ ආශ්රිත පාඨමාලා සඳහා Hybrid හා CVT ඇතුළු ගියර් පද්ධතිය ආශ්රිත පුළුල් පරාසයක් ආවරණය කරන නව පුහුණු උපකරණ හඳුන්වා දීම සිදු කෙරිණි. DATS විසින් මෙම ව්යාපෘතිය සඳහා ක්රියාකාරී මෝටර් රථවල විවිධ වාතාවරණයන් පාලනය කිරීමේ හා ඉන්ධන ඇතුළත් කිරීමේ සිමියුලේටර් සහ Wheel Alignment සඳහා විශේෂ සිමියුලේටර් ද සපයන ලද අතර, තාක්ෂණික දත්ත, පරිශීලක අත්පොත් හා මෙහෙයුම් පුහුණුව ලබා දීම ද DATS ආයතනය මගින් ම සිදු කිරීම විශේෂිතය.
එමෙන් ම DATS මගින් මෝටර් රථ තාක්ෂණ පුහුණු පාඨමාලාවලට අමතරව, ගොඩනැගිලි කළමනාකරණ ක්ෂේත්රයට අවශ්ය පුහුණු උපකරණ සැපයීම ද සිදු කරයි.
මෙරට භාවිතා කරන බොහෝ පුහුණු ආකෘති හා සිමියුලේටර් යුරෝපීය නිෂ්පාදන වන අතර, එම නිෂ්පාදන මිල අධික වීම නිසා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ඒවා යොදා ගැනුණේ ඉතා අවම වශයෙනි. එමෙන් ම ඒ සඳහා මිල අඩු විකල්ප නිෂ්පාදන වෙළෙඳපොළ තුළ තිබුණ ද, ගුණාත්මකභාවය හා ප්රමිතීන් පිළිබඳ ගැටලු මතු වේ. මෙම ක්ෂේත්රය තුළ DATS ආයතනය සතු විශේෂඥතාව හා නවීන තාක්ෂණය නිසා ම ඉහත ගැටලු නිරාකරණය කරමින් දේශීය පුහුණු ආයතනවල අවශ්යතාවන්ට සරිලන අයුරින් පුහුණු විසඳුම් ලබා දීමට DIMO සමත් වී ඇත.
පසුගිය වසර 30 තුළ DATS, ජාත්යන්තර ප්රමිතියෙන් යුත් නවතම වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීමට සමත් වී ඇත. එමෙන් ම DATS නිරන්තරයෙන් ජර්මානු තාක්ෂණයට අනුකූල, ප්රමිතියෙන් උසස් වෘත්තීය පුහුණු පාඨමාලා ලබා දීම වෙනුවෙන් කැප වී සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. "රටේ ආර්ථික සංවර්ධනයට වෘත්තීය අධ්යාපනය අත්යවශ්ය අංගයක්. එය DIMO හි තිරසාර න්යාය පත්රයේ කොටසක් වගේ ම මේ රටේ ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම වෙනුවෙන් අප ගන්නා උත්සාහයේ වැදගත් කොටසක්. මෙම ක්ෂේත්රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා."
මෙරට තාරුණ්යයේ උන්නතිය උදෙසා දිගුකාලීන දැක්මක් සමඟින් ක්රියාත්මක වන DATS, මෙරට වෘත්තීය අධ්යාපනය පුහුණු ආයතන, විශ්ව විද්යාල හා පාසල් පද්ධතිය වෙත උසස් තත්ත්වයෙන් යුත්, පුහුණු අවම මිලට සපයන්නෙකු ලෙස සිය හැකියාවන් ප්රවර්ධනය කිරීමට අරමුණු කරයි.
DATS ආයතනය විසින් සිය වෘත්තීය අධ්යාපන ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා වසර ගණනාවක් පුරා, පුළුල් ක්ෂේත්රයන් ආවරණය කරමින්, විවිධ පුහුණු වැඩසටහන් රැසක් දියත් කරයි. පුහුණුකරුවන් හා උපදේශකයින් පුහුණු කිරීම සඳහා DATS ආයතනය විසින් ශ්රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙත දෙවන වරටත් සත්කාරකත්වය ලබා දෙනු ලැබූ අතර, මොරටුවේ පිහිටා ඇති ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය (CGTTI) වෙනුවෙන් ද ප්රථම වරට වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලදී.
මෙම පුහුණු වැඩසටහන් මගින් නව ඉගැන්වීමේ ශිල්ප ක්රම හා නවතම මෝටර් රථ තාක්ෂණික ක්රමවේදයන් පිළිබඳව උපදේශකයින් වෙත යාවත්කාලීන දැනුම ලබා දෙනු ලැබිණි. එමෙන් ම මෙම වැඩසටහන් මගින් වෘත්තීය සෞඛ්ය හා ආරක්ෂාව, ඩීසල් එන්ජින් කළමනාකරණය, පෙට්රල් එන්ජින් කළමනාකරණය, ස්වයංක්රීය සම්ප්රේෂණය, අත්හිටුවීමේ පද්ධති සහ වායු සමීකරණ පද්ධති ආදී වශයෙන් පුළුල් තාක්ෂණික ක්ෂේත්රයන් ද ආවරණය කෙරිණි. DIMO හි සෞඛ්ය හා ආරක්ෂක නිලධාරියාගේ සහභාගිත්වය හා සහයෝගය සමගින් කොළඹ හා යාපනයේ පිහිටි DATS ආයතනවල සේවා සපයන පුහුණු උපදේශකවරුන් විසින් මෙම පුහුණු සැසි පවත්වන ලදී. එමෙන් ම දේශීය සිසුන්ගේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම මෙන් ම ජාත්යන්තර ප්රමිතීන් සහතික කිරීම අරමුණු කරමින් සිය විෂය නිර්දේශයන් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට ද DATS කටයුතු කරයි.
වර්තමානය වන විට දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා දක්ෂ ශ්රම බලකායක් නිර්මාණය කිරීමේ දැඩි අවශ්යතාවක් මෙන්ම විදේශ ප්රේෂණ ලබා ගැනීම සඳහා නිපුණ ශ්රම බලකායක් ගොඩනැංවීමේ අවශ්යතාව ද දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර DATS මේ සඳහා අත්වැලක් වීමට කැප වී සිටියි.
දැනට කොළඹ සහ යාපනය කේන්ද්ර කරගනිමින් ස්ථාපිත DATS, මෝටර් රථ ක්ෂේත්රය තුළ ගෝලීය ප්රමිතියෙන් යුත් වෘත්තීය පුහුණුවක් ලබා දීමේ අරමුණින් Daimler AG Germany සමාගම සමග සහයෝගිත්වයන් 1990 වසරේ දී ස්ථාපිත කරන ලදී. 2018 වසරේ දී DATS ආයතනය, ශ්රී ලංකාව තුළ ජර්මානු වෘත්තීය සුදුසුකම් පිරිනැමීම සඳහා ශ්රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම සමඟ එක් විය. ඊට අමතරව DATS ආයතනය විසින් වෙනත් ක්ෂේත්ර ඔස්සේ ද පාඨමාලා දියත් කරමින් සිය සේවා පරාසය පුළුල් කිරීමට කටයුතු කරයි. DATS ආයතනය විසින් පරිනමන PESHA පුහුණු වැඩසටහන ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (IHK) සහ ශ්රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK ශ්රී ලංකා) මගින් A කාණ්ඩයේ විදේශයන්හි ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස අනුමත කර ඇත.

ඡායාරූප: DIMO, GIZ, SLGTI සහ CGTTI යන ආයතනවල නියෝජිතයින් පුහුණු උපකරණ පිරිණැමීමේ උත්සවයේ දී
July, 27, 2022
කොකා-කෝලා බෙවරේජස් ශ්රී ලංකා සමාගමේ (CCBSL) කළමනාකරණ අධ්යක්ෂ ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වනදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ, ශ්රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටියි. මයන්ක් මහතා විසින් වසර 05කට අධික කාලයක් පුරාවට දේශීය හා කලාපීය වශයෙන් සමාගමේ සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කර ඇති අතර, ඵලදායී හා කාර්යක්ෂම හවුල්කාරීත්වයන් තුළින් සමාගමේ වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකර ඇත. එම කැපවීම් හි ප්රතිඵල වශයෙන් CCBSL හට ‘Coca-Cola South West Asia (SWA) Bottler of the Year 2020' ඇගයීම ඇතුළුව විවිධ පිළිගැනීම් රැසක් හිමි විය.
ගෝලීයමය වශයෙන් පැන නැගුණු කොවිඩ්-19 වසංගතය හමුවේ දුර්වල වූ ප්රජා ආර්ථිකයන් නගා සිටුවීම, මයන්ක් මහතාගේ දූර කාලය තුළ ඒ මහතා හට මුහුණ දීමට සිදුවූ ප්රධානතම අභියෝගයක් විය. ඒ සඳහා ඉතාමත් සාර්ථක උපායමාර්ගික සැළැස්මක් දියත් කරමින්, CCBSL විසින් සිය සේවා කණ්ඩායම්හි සහ සියලුම හවුල්කරුවන්ගේ සෞඛ්ය, ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය ප්රමුඛ කොට සැළකිණි. ඒ හරහා සමාගම, ජාතික සෞඛ්ය සහ ආරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කළ අතර, වැටුප් කප්පාදු කිරීම් වලින් තොරව, වාර්ෂික වැටුප් වර්ධක සහ දිරි දීමනා ලබා දෙමින් සේවක ජීවන තත්ත්වයන් උසස් කිරීමට කැපවී ක්රියා කරන ලදී. තවද, ප්රාදේශීය මට්ටමෙන් ප්රජාවට ශක්තියක් වීමේ අරමුණින්, විෂබීජ නාශක වැඩසටහන් සහ අත්යවශ්ය භාණ්ඩ ඇසුරුම් බෙදා හැරීමේ වැඩසටහන් ද ක්රියාත්මක කරන ලදී. ඒ මහතාගේ දූරදර්ශි නායකත්වයේ ප්රතිඵල වශයෙන්, පසුගිය වසර 05ක කාලය තුළ, කොකා-කෝලා සමාගමේ මෙහෙයුම් ආශ්රිත අගයන් වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඉහළ වෙළඳපොල කොටසකට හිමිකම් පෑමට සමාගමට හැකි විය. තවද, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ ශක්තිමත් සංස්කෘතියක් සමාගම තුළ නිර්මාණය කිරීමට ඒ මහතා කැපවී ක්රියා කළ අතර, එහි ප්රතිඵල වශයෙන් Coca-Cola Bottling Investments Group (BIG) තුළ, ශ්රී ලංකා වෙළඳ පොළ වඩාත් සාර්ථක වෙළඳපොළක් වශයෙන් ස්ථානගත කරන ලදී.
පසුගිය වසර 3ක කාලයක් පුරාවට, දේශීය වෙළඳ පොළ මුහුණ දුන් විවිධ ආර්ථික, සමාජීය හා සෞඛමය අභියෝග හමුවේ, මයන්ක් මහතා විසින් සමාගමේ තිරසාර සංවර්ධන දැක්ම උදෙසා වැඩි අවධානයක් යොමු කරමින් ක්රියා කරන ලදී. ඒ හා සමගාමීව, ගෝලීයව ක්රියාත්මක වන ‘World Without Waste’ වැඩසටහනට ඒකාබද්ධව, ‘Give Back Life’ PET ප්ලාස්ටික් එකතු කිරීමේ සහ ප්රතිචක්රීකරණය කිරීමේ වැඩසටහන ශ්රී ලංකාවේ අඛණ්ඩව ක්රියාත්මක කරන ලදී. තවද, කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ දේශගුණික ක්රියාකාරකම් සහ පරිසරය සුරැකීම ආශ්රිත මුල පිරීම් රැසක් සඳහා සමාගම සිය සහයෝගය ලබාදෙන ලදී. එම වැඩසටහන් වල සාර්ථකත්වය උදෙසා CCBSL හට කිහිප වරක්ම විවිධ ඇගයීම් ද හිමි විය. ඒ අතර, 2021 වර්ෂයේ පැවැත්වුණු Annual Solar Awards හි සමාගම ලබාගත් සුවිශේෂී ඇගයීම විශේෂ වේ. තවද, සමාගම 2020 දී ගෝලීය ඉලක්ක ඉක්මවා යමින්, විවිධ ජලය ආශ්රිත වැඩසටහන් හරහා ප්රජාවන්ට සහ සොබාදහමට සිය බීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ප්රමාණය මෙන් දෙගුණයක් ආපසු ලබා දීමට ක්රියා කර ඇත. තවද, සමාගම විසින් 'ජීවිතයට ජලය’ ව්යාපෘතිය ක්රියාත්මක කරමින්, පෞරාණික වශයෙන් වැදගත්කමක් ඇති අනුරාධපුර නගරයේ ගම්මානයක, ඉපැරණි ජලාශ දෙකක් ප්රතිසංස්කරණය කර ඇත. එම කර්තව්ය උදෙසා, ලංකා වාණිජ මණ්ඩලය විසින් ලබාදෙන, හොඳම තිරසාර ව්යාපෘතියට හිමි සම්මානයෙන් සාමාගම පිදුම් ලබන ලදී.
සමාගම මෙතෙක් දුර රැගෙන ආ සාර්ථකත්වයන් ද සමඟින් එහි ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා නායකත්වය ලබාදීමට දීපක් සෙන්තිල් මහතා සුදානම්ව සිටියි. සමාගමේ ඉදිරි සංවර්ධනය උදෙසා සඳහා ඔහු සතු ප්රවීණත්වය සහ ක්ෂේත්ර දැනුම මැනවින් උපකාරී වනු ඇත. සෙන්තිල් මහතා, හින්දුස්ථාන් කොකා-කෝලා බෙවරේජස් සමාගමේ (HCCB), විකුණුම්, RGM, වෙළඳ අලෙවිකරණය, කාණ්ඩ කළමනාකරණය සහ කලාප නායකත්වය දරමින් වසර 20කට වැඩි කාලයක් සේවය කර ඇත. වඩාත් උපායමාර්ගික නායකත්වය රටාවක් පෙන්නුම් කරන ඔහු, වඩාත් ඵලදායී වාණිජ උපාය මාර්ගික සැලසුම් කිරීමට මෙන්ම සාර්ථක හවුල්කාරීත්වයන් තුළින් සමාගම සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබාදී ඇත. ඔහුගේ දිගුකාලීන වෘත්තීය පළපුරුද්ද සහ විශේෂඥභාවය, සමාගමේ ඉදිරි ප්රගතිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
CCBSL විසින් මයන්ක් මහතාගේ ඉදිරි වැඩකටයුතු සඳහා සුභ පතන අතර, දීපක් මහතාගේ නායකත්වය යටතේ, සමාගමේ තවත් උද්යෝගිමත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටියි.
ඡායාරූප විස්තරය : CCBSL හිටපු කළමනාකරණ අධ්යක්ෂ මයන්ක් අරෝරා මහතා සහ නව කළමනාකරණ අධ්යක්ෂ දීපක් සෙන්තිල් මහතා
July, 27, 2022
කොමර්ෂල් බැංකුව විසින් වාර්ෂිකව 22% ක් දක්වා ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු යෝජනා ක්රමයක් හඳුන්වා දී තිබේ. මෙහි අරමුණ වන්නේ කෙටිකාලීන තැන්පතු ධෛර්යමත් කරමින් වසරකට අඩු කාලයකදී බැංකුවේ මුදල් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට අසමසම සුරක්ෂිත ප්රතිලාභයක් පිරිනැමීමයි.
මෙම විශේෂ යෝජනා ක්රමය යටතේ කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කළ හැකි අතර ඒ සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 02 ක මුදලක් තැන්පත් කළ යුතුවේ. මෙහිදී, මෙම තැන්පතු දින 100 කට, දින 200 කට හෝ දින 300 කට තැන්පත් කළ හැකි අතර පිළිවෙලින් ඒ සඳහා වාර්ෂිකව 20%, 21% සහ 22% ප්රතිලාභයක් හිමිවේ.
බැංකුවේ පුද්ගලික සහ ව්යාපාරික ගනුදෙනුකරුවන් දෙපාර්ශවය කෙටි කාලීන ස්ථාවර තැන්පතු යෝජනා ක්රමයෙන් ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබයි. එයට තනි කල් පිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙන අතර කල් පිරීමෙන් පසුව ගිණුම නැවත අළුත් කළ නොහැකි බව බැංකුව සඳහන් කරයි. එසේම, පුද්ගලික ගනුදෙනුකරුවන්ට මෙම ගිණුම් ඒකාබද්ධව විවෘත කළ හැකි අතර ඒ සඳහා ප්රතිලාභියෙකු නම්කළ හැකි වේ.
මෙම නව ස්ථාවර තැන්පතු යෝජනා ක්රමය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප්රභාගර් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පොලී අනුපාත වැඩිවන විට ආයෝජකයින් තම ප්රතිලාභ වැඩිකර ගැනීමට ආයෝජන අවස්ථාවන් හොයනවා. නමුත්, මෙම ආයෝජනවල සුරක්ෂිතතාවය ඉතාමත් වැදගත් වෙනවා. එය වර්තමාන ස්වභාවය නිසා වඩාත් විශේෂයි. ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ලාභදායී පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සිය මූල්ය ශක්තිය සහ ස්ථායීතාවය තහවුරු කර තිබෙන අතර සිය වසකටත් වඩා කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් තිබෙන අතර ඉතාමත් ඉහළ තරගකාරීත්වයකින් යුතු ප්රතිලාභයක් ලබාදෙනවා.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශ්රී ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
July, 27, 2022
ගෝලීය Allianz සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, තම අනාගත සංවර්ධනය සහ ආයෝජනය තුළින් වෙළඳපොළ විනිවිද යාමේ අරමුණු උදෙසා දීපව්යාප්ත ව්යාපාර සංවර්ධන කාර්යාල ජාලය සහ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ වැඩසටහනක් ක්රියාවට නංවා තිබේ. එමෙන්ම දිවයිනේ ක්රමෝපායික ස්ථානයන් හි නව ව්යාපාර සංවර්ධන කාර්යාලයන් විවෘත කිරීමේ ක්රමවේදයක් අලියාන්ස් ලංකා විසින් අනුගමනය කරන අතර ඒ අනුව නාඋල සහ කලවංචිකුඩි යන ප්රදේශ වල නව ව්යාපාර සංවර්ධන කාර්යාල දෙකක් විවෘත කර ඇති අතර, ඉදිරියේදී ගොඩගම සහ දිගන යන ප්රදේශ වල තවත් කාර්යාල දෙකක් විවෘත කිරීමට සැලසුම් කර ඇත. මෙම නව කාර්යාල පිහිටුවීම තුළින් අලියාන්ස් ලංකා හට දැනටමත් කාර්යාල පිහිටා ඇති මහරගම, මහවැව, පාදුක්ක, කැලණිය මීගොඩ සහ වත්තල ප්රදේශයන් ඒකාබද්ධ කිරීමට හැකි වනු ඇත. ව්යාපාර සංවර්ධන කාර්යාලයන් මගින් ව්යාපාරයන්හි නිෂ්පාදනයන්, සේවාවන් සහ මෙහෙයුම් පිළිබඳව අධ්යයනය කිරීමට හැකියාව ලැබෙන අතරම සහ නව ක්රමෝපාය, අදහස් තුළින් ව්යාපාරයේ සංවර්ධනය ඉහළ නැංවෙන අතරම පාරිභෝගික භවතුන් වෙත වැඩි වටිනාකමක් ලබා දීමද සිදුවනු ඇත.
සමාගමේ මෙම ක්රමෝපායික පුළුල් ව්යාප්ත කිරීමේ මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වූ ප්රධාන අලෙවි නිලධාරී ඩෙනිස් හේවාගම මහතා සඳහන් කර සිටියේ ”අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා තිරසාර වර්ධනයක් කරා සමාගම මෙහෙයවීමට එහි කළමනාකාරීත්වය සමත් වී ඇති බවයි. මේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින්, අපගේ ව්යාපාර කටයුතු දිවයින පුරාම ව්යාප්ත කිරීම සඳහා මේ ක්රමෝපායික වැඩසටහන අප ආරම්භ කළා. ව්යාපාර සංවර්ධන කාර්යාල වැඩි කිරීම මෙහි එක් පියවරක්. මෙමගින් එක් අතකින් ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් අත්වන අතර, අනෙක් අතින් අපගේ ව්යාපාර සංවර්ධන කණ්ඩායම් වලට මෙම ප්රදේශ වල නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට අවස්ථාවක් ලැබෙනවා. දිවයින පුරා ක්රමෝපායික වශයෙන් වැදගත් ස්ථානවල ක්රියාකාරී ව්යාපාර සංවර්ධන කාර්යාල පිහිටා තිබීම, ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමයක් යටතේ වැඩ කිරීමට කැමති පළපුරුදු රක්ෂණ නියෝජිතයන් සමඟ එක්ව කටයුතු කිරීමට අපට වැඩි වැඩියෙන් අවස්ථාවන් සලසා දේවි. මේ සියල්ල, එක් අතකින් ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් සලසන අතරම, අනෙක් අතින් අදාළ ප්රදේශ වල ජනතාවට නව රැකියා සහ ජීවනෝපාය මාර්ග රැසක්ද උදාකර දෙනු ඇති බවට සැකයක් නැහැ.” යනුවෙනි.
මෙම නව ක්රියවලිය සමග අලියාන්ස් ලංකා හි ක්රමෝපායික පුළුල් ව්යාප්ත මෙහෙයුම තුළින් දිවයින පුරා ශාඛා ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමාගම ආයෝජනය කිරීම සිදු කරන අතරම සියලූම ශ්රීලාංකිකයන් හට රක්ෂණය වෙත පහසුවෙන් පිවිසීමටද හැකියාව සැලැස්වීම සිදු කරයි. මේ වනවිට එම සමාගම ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමක් ලෙස පවතින අතර ජිවිතයේ වටිනාම දෑ උදෙසා රැකවරණය ලබා දීම මෙන්ම පවතින සබඳතා වර්ධනය කර ගන නව සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, සියලූම දෙනාට නව ආර්ථික හා සමාජයීය අවස්ථා උදාකර දෙමින් ඉදිරියටම යාම අලියාන්ස් ලංකා සමාගමේ ඉලක්කය වී තිබේ.
අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා (Allianz Life Insurance Lanka Ltd) ජාත්යන්තර Allianz හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්රියාත්මක වේ. ප්රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්ර වල ක්රියාත්මක වන ජාත්යන්තර සමූහ ව්යාපාරයක් වන Allianz හි ප්රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.
Video Story