July, 26, 2022
2024 වර්ෂයේ දී ගෙවිය යුතු ඇ.ඩොලර් 175,000,000 / සියයට 7.00 ක ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය ඇපවූ (ISIN iXS2010609) බැඳුම්කරයට අඳාල පොලී පියවීමට ගුවන් සමාගම අවශ්ය පියවර ගෙන ඇති බව ශ්රීලංකන් ගුවන් සේවය සතුටින් ප්රකාශ කරයි. සමාගමේ අරමුදල් භාවිතා කරමින් අදාළ සහන කාලය තුළ පොළිිය සම්පූර්ණයෙන්ම ගෙවා ඇත.
July, 26, 2022
Huawei හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්යාපාර අංශයේ සභාපති Ryan Ding විසින්, සියලුම තාක්ෂණික සංවර්ධකයින් බලශක්ති කාර්යක්ෂමතාව සිය ප්රමුඛතාවයක් කොට සැලකීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර සිටියි. "Green ICT for New Value" තේමාවෙන් කතාවක් පැවැත්වූ ඔහු පවසා සිටියේ, ඉදිරි වසර 5ත් 10ත් අතර කාලසීමාවේදී, කාබන් විමෝචනය වැඩි වීම ගෝලීය ගැටලුවක් බවට පත්වනු ඇති බවත්, බලශක්ති කාර්යක්ෂමතාවය තුළින් එම ගැටලුවට විසඳුම් කඩිනමින් දියත් කළ යුතු බවත්ය.
පර්යේෂණ දත්ත වලට අනුව, ඩිජිටල් සේවා මගින් ජනනය වන data traffic ප්රමාණයන්, 2020 වසරට වඩා 2030 වසරේ, 13 ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයින් අදහස් කරන්නේ බලශක්ති කාර්යක්ෂමතාව සංවර්ධනය නොකළහොත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ බලශක්ති පරිභෝජනය සහ කාබන් විමෝචනය දෙතුන් ගුණයකින් වැඩි වියහැකි බවයි. ITU ට අනුව, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) පැරිස් ගිවිසුමේ ඉලක්කය සපුරාලීමට නම්, ICT කර්මාන්තයට 2030 වන විට එහි කාබන් විමෝචනය අවම වශයෙන් 45% කින් අඩු කිරීමට අවශ්ය වනු ඇත.
Ding මහතා පවසන පරිදි, අපි දැන් පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී සිටිනවා: වැඩි වශයෙන් කර්මාන්ත ඩිජිටල්කරණය වෙමින් පවතින බැවින්, දත්ත සඳහා ඉල්ලුම තියුනු ලෙස ඉහළ යනු ඇත, එය බලශක්ති පරිභෝජනය ඉහළ යාමට හේතු වනවා. මේ අතර, මුළු ලෝකයම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට කටයුතු කරමින් සිටින අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය ද කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කළ යුතුයි. බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ක්රියාකරුවන්ට තුන් ආකාරයකින් ප්රතිලාභ ලබා දෙනු ඇති අතර, මෙම ප්රතිලාභ ලබා ගැනීමට නම්, green sites, green networks, සහ green operations යන විසඳුම් වෙත ක්රියාකරුවන් කඩිනමින්ම මාරුවිය යුතුයි."
Huawei විසින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති අතර, බලශක්ති කාර්යක්ෂමතාව වඩාත් කළමනාකරණය කරමින්, ප්රශස්තකරණ ප්රතිපත්ති උත්පාදනය කිරීම සඳහා Huawei හඳුන්වා දී ඇති විසඳුම් විශේෂ වේ. මේ වන විට, මෙම හරිත සංවර්ධන විසඳුම් රටවල් 100 කට වැඩි ගණනක ක්රියාකරුවන් විසින් සිය මෙහෙයුම් හා ඒකාබද්ධ කර තිබීම විශේෂ වේ. Huawei සහ හවුල්කරුවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් භාවිතයෙන් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දැනටමත් එක්ව කටයුතු කරයි. Huawei විසින් ක්රියාකරුවන් සමඟ සහයෝගිව වැඩ කිරීමට සහ හරිත තොරතුරු සන්නිවේදන තාක්ෂණික පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් නව වටිනාකමක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටියි. Huawei විසින් යෝජනා කරන ලද NCIe බලශක්ති කාර්යක්ෂමතා දර්ශක පද්ධතිය, ITU-T SG5 විසින් අනුමත කර ඇති අතර එය දැන් මහජන උපදේශන ක්රියාවලියේ පවතී.
Huawei නවෝත්පාදන සතිය ජූලි 18 සිට ජූලි 21 දක්වා චීනයේ Shenzhen හිදී පැවැත්විණි. ගෝලීය තාක්ෂණික ක්රියාකරුවන්, කර්මාන්ත වෘත්තිකයන් සමඟ එක්ව, Huawei විසින් ඩිජිටල් ආර්ථිකයේ හවුල් සාර්ථකත්වය අපේක්ෂා කිරීම සඳහා, 5.5G, හරිත සංවර්ධනය, පරිගණක ජාල සහ ඩිජිටල් පරිවර්තනය වැනි මාතෘකා පිළිබඳ මෙහිදී සාකච්චා පවත්වන ලදී. වැඩිදුර විස්තර සඳහා: //carrier.huawei.com/en/events/winwin-innovation-week වෙත පිවිසෙන්න.
July, 26, 2022
ශ්රී ලංකාවට විදේශ පේ්රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ්රෂණ යැවීමේදී විධිමත් පේ්රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ්රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්රතිලාභ ලබා දීමට යෝජනා ක්රම දියත් කරනු ලබයි. සංක්රමණික ශ්රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහතික කිරීම උදෙසා විදේශගත ශ්රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මූල්ය හා සමාජීය අවශ්යතා පිළිබඳ සැලකිලිමත් වෙමින් HNB විදේශ පේ්රෂණ සේවාව හරහා රට සල්ලි එවන ගණුදෙනුකරුවන්ට සතිපතා ලක්ෂපතියෙකු වීමට අවස්ථාව සලසා දීමට විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක් කි්රයාත්මක කරයි. ඒ අනුව දැනටමත් දිවයින පුරා පිහිටි HNB ශාඛා හරහා ලක්ෂපතියන් විශාල ගණනක් බිහිකර ඇත.
වත්මන් අර්බුදකාරී තත්වය තුළ ජනතාවට තම සුපුරුදු දින චර්යාව ගත කිරීම වඩාත් අභියෝගාත්මක වන අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම අවශ්යතා ඉටුකර ගැනීම උදෙසා තැනින් තැනට ගමන් කිරීම ද පහසු නොවේ. මෙම පීඩාකාරී තත්වය හමුවේ විදේශගත ශී්ර ලාංකිකයින් මෙරට වෙසෙන තම ආදරණියන් වෙත එවන රට සල්ලි ලබා ගැනීමට බැංකුව වෙත පැමිණීමට පවා අපහසු තත්වයක් උදාවී ඇත. මෙම තත්වය තේරුම්ගත් ්යභඊ තම පාරිභෝගිතයින්ට සහන සැලසීම උදෙසා Call & Credit නමින් සුවිශේෂී සේවාවක් දියත් කල අතර ඒ හරහා බැංකුවට ඇමතුමක් ලබා දීමෙන් ඔබට ලැබෙන අංකය (reference number) මඟින් විදෙස්ගත ශ්රමිකයින් මෙරටට එවන විදේශ පේ්රෂණ තම ගිණුමටම බැර කරවාගැනීමේ හැකියාව ඇත. ඕනෑම අවස්ථාවක තම පාරිභෝගිකයින් වෙත ඉහළම සේවාවක් සැලසීම වෙනුවෙන් ඇප කැප වී සිටින HNB මෙවරත් Call & Credit සේවාවට අමතරව දිවයින පුරා පිහිටි 256 ක් වන පාරිභෝගික ඒකක සහ ATMs හරහා පාරිභෝගිකයින්ට පහසු, කාර්යක්ෂම හා සුහදශීලී සේවාවන් පාරිභෝගිකයින් වෙත පිරිනමන්නේ සිය කැපවීම තවදුරටත් සනාථ කරමිනි.
HNB හි විදේශ පේ්රෂණ ලබන්නන් හඳුනාගෙන ඔවුන්ට ත්යාග පිරිනැමීමට බැංකුව විසින් දිනුම් ඇදීමක් දියත් කළ අතර එම දිනුම් ඇදීම හරහා දැනටමත් මන්නාරම, කඩුවෙල, කයිතඩි, කන්තලේ හා කටුගස්තොට ආදි දිවයිනේ නන් දෙසින් බැංකුව ලක්ෂතියන් බිහි කිරීමට සමත්ව ඇත. මෙම දිනුම් ඇදීම තුළින් 2022 වසර තුළදී ජයග්රාහකයින් 52 දෙනෙකු බිහි කිරීමට HNB අපේක්ෂා කරයි.
මෑතකදී එම මුදල් ත්යාග දිනා ගැනීමට වරම් ලැබූ ජයග්රාහකයින් අතරින් දීර්ඝ කාලයක පටන් HNB කටුගස්තොට ශාඛාව සමඟ ගණුදෙනු කරන පී.ජී. පුෂ්පකුමාර මහතා තම සතුට මෙසේ ප්රකාශ කළේය.
”මගේ නම පී.ජී. පුෂ්පකුමාර මම දැනට වසර ගණනාවක සිට හැටන් නැෂනල් බැංකුවේ කටුගස්තොට ශාඛාව සමඟ ගනුදෙනු කරනවා. මගේ බිරිඳ විදේශගතව රැකියාවක් කරනවා. ඇය මට සල්ලි එවන්නේ හැටන් නැෂනල් බැංකුව හරහා. ඇත්තටම අද මට හරිම සතුටුයි. නොහිතපු මොහොතක රු.100,000 ක මුදල් ත්යාගයක් ලැබුණා. මේ වගේ ආර්ථික අර්බුදයක් පවතින කාලයක මෙවැනි මුදලක් ලබාදීම ගැන හැටන් නැෂනල් බැංකුවට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි විශ්වාසනීය බැංකුවක් හරහා රට සල්ලි ගෙන්වා ගැනීමට ලැබීම ගැන වගේම අප වෙත ලැබෙන සුහදශීලී සහ කාර්යක්ෂම සේවාව ගැන අපිට සතුටට පත්වෙනවා. හැටන් නැෂනල් බැංකුව හරහා බැංකු කටයුතු සිදු කිරීමේදී ඩිජිටල්කරණයට මුල්තැනක් දීම හරහා කාලය ඉතිරි කරගන්න පුළුවන් වගේම එය වඩාත් කාර්යක්ෂමයි. ඒ වගේම බැංකුව නිරන්තරයෙන් විශේෂ වැඩසටහන් දියත් කරන නිසා පාරිභෝගික අපට විවිධ අමතර ප්රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව උදාවෙනවා. මින් ඉදිරියටත් අඛණ්ඩව හැටන් නැෂනල් බැංකුව සමඟ ගනුදෙනු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පුෂ්පකුමාර මහතා පැවසුවේය.
තවද මෙම දිනුම් ඇදීම හරහා ලක්ෂපතියෙකු වීමට වරම් දිනාගත් මන්නාරමේ එස්. මාරි. මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘මම ජීවත් වෙන්නේ මන්නාරමේ. මගේ දරුවෝ දෙන්නා ජීවත් වන්නේ විදේශගතව. ඔවුන් මට පසුගිය වසර 10 පුරාවට මුදල් එවන්නේ HNB හරහා පමණයි. ඒකෙන් මමත් මගේ අනිත් ළමයිනුත් අපේ අවශ්යතා සපුරා ගන්නවා. මට හදිසියේම HNB වෙතින් දුරකතන ඇමතුමක් ලැබුනා. එහි නිලධාරියෙක් මට කිව්වා මට මුදල් ත්යාගයක් ලැබිලා තියෙනවා කියලා. එය මට අදහාගත නොහැකි නිසා මා ඒ පිළිබඳව විස්තර ඇහුවා. ඒ අනුව තමයි මා දැනගත්තේ මට සැබවින්ම රුපියල් 100,000 ක මුදල් ත්යාගයක් ලැබී ඇති බව. මෙම මුදල් ත්යාගය ලබා දීම ගැන HNB හට මා ස්තූතිවන්ත වනවා.’’

July, 26, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සාම්ප්රදායික සිල්ලර වෙළඳාම, ඩිජිටල් සිල්ලර වෙළඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩිදියුණු කරන ලද "ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගියදා හඳුන්වාදෙන ලදී.
මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන් හට නව සිම්පත් අලෙවි කිරීම සඳහා, ඡායා පිටපත් යන්ත්ර හෝ ස්කෑනර් වැනි මිල අධික උපාංගවල ආයෝජනය කිරීම අවශ්ය නොවේ. තවද හච් වෙළෙඳ මහතුන් හට ඉලෙක්ට්රොනික රීචාර්ජ් කිරීම් සඳහා මිල අධික යන්ත්රවල ආයෝජනය කිරීමට හෝ භෞතික ටොප්-අප් කාඩ්පත් තොගයක් තුළ සිය මුදල් ආයෝජනය කිරීමද අවශ්ය නොවන අතර ඒ සියලු මිලදීගැනීම් එක් විශ්වීය ඩිජිටල් මුදල් පසුම්බියක් හරහා සිදුකරමින් ඩිජිටල්කරණය කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම සිදුකළ හැක.
විශේෂයෙන්ම ස්මාර්ට් සැන්ඩි ඇප් මඟින් වර්තමාන අභියෝගාත්මක පරිසරය තුළ, වෙළෙඳ මහතුන්ට සිය මෙහෙයුම් දුෂ්කරතා මගහරවා ගැනීමට සහ හච් පාරිභෝගිකයින් වෙත නවෝත්පාදන සේවාවන් රැසක් ලබාදීමේ අවකාශය උදා වී ඇත.
මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. "අපගේ වෙළෙඳ මහතුන්ගේ සහ වෙළඳ ජාලයේ වර්ධනය සඳහා අපි කැපවී සිටිමු. අපගේ වෙළඳ මහතුන්ට, ඩිජිටල් වෙළඳාමේ නව යුගයට ප්රවේශ වීමට අවශ්ය මග පෙන්වීම ලබාදීම සඳහා විප්ලවීය හච් "ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු. මෙමඟින් අපගේ වෙළඳ මහතුන්ට කාර්යන් පහසුවෙන් කරගත හැකිවන අතර පුළුල් ආදායම් මාර්ගයක්, අඩු ආයෝජනයක්, වඩා හොඳ මුදල් ප්රවාහයක් සහ සම්පූර්ණ විනිවිදභාවයක් ලබා දෙනු ඇත. බොහෝ කුඩා ව්යාපාරවලට ඔවුන්ගේ ආදායම් පුළුල් කිරීමට සහ ඊට සමගාමීව අපගේ ගනුදෙනුකරුවන්ට සේවා ප්රවේශය වැඩි කිරීමට හැකියාව ලබා දීමට මෙමඟින් පහසුකම් සලසයි."
හච් "ස්මාර්ට් සැන්ඩි” ඇප් පුළුල් පරාසයක ඇන්ඩ්රොයිඩ් වේදිකාවක් මත ඕනෑම වෙළඳ ස්ථානයකට ගැළපෙන ලෙස සංවර්ධනය කර ඇත.
July, 25, 2022
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහින සිතුවම්’ ළමා චිත්ර තරඟය සහ රචනා තරඟය සඳහා ඉහළ ප්රතිචාරයක් හිමිවෙමින් නිර්මාණ 70,000 ක් ලැබී තිබෙන බව සමාගම නිවේදනය කර ඇත.
මෙම සෑම චිත්රයක් සහ රචනාවක්ම ‘මගේ අනාගත බලාපොරොත්තුව’ (Your dream when you grow up) යන තේමාවෙන් ‘සිහින සිතුවම්’ වෙබ් අඩවිය ඔස්සේ එවීමට හෝ සෙලින්කෝ ලයිෆ් ශාඛාවකට පැමිණ භාරදීමට අවස්ථාව ලබාදී තිබුණි. සමාගම සඳහන් කරන්නේ කොවිඞ්-19 වසංගතය සහ පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ මෙම දරුවන් වැඩි වශයෙන් නිවසටම වී සිටියද ඔවුන්ගේ නිර්මාණ සඳහා ඔවුන්ගේ මනරම් සිතුවිලි සහ බලාපොරොත්තු ආලෝකයක් වී තිබෙන බවයි.
මේ අනුව, චිත්ර වලින් තමන් අනාගතයේදී ඉංජිනේරුවන්, ගුරුවරුන්, වෛද්යවරුන් මෙන්ම අනාගත නාසා විද්යාඥයින්, තානාපතිවරුන් මෙන්ම අධ්යාපන අමාත්යවරයා වීමේ බලාපොරොත්තු විදහා දක්වා තිබෙන බව සමාගම සඳහන් කරයි. එලෙසම, බාධක ජයගෙන, සිහින සැබෑ කරගනමින් හොඳ අනාගතයක් අත් කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු මතුකර තිබේ.
මෙම චිත්ර සහ රචනා තරඟයට සහභාගී වූ සියළුම දරුවන්ට සෙලින්කෝ ලයිෆ් විසින් සහතික පත්රයක් ප්රදානය කළ අතර මේ වනවිට වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග්රාහකයින් 362 දෙනෙකු සමාගම විසින් තෝරාගනිමින් සිටී. මෙම තරඟයේ සම්මාන ප්රදානය ළඟදීම පවත්වන බවත්, ජයග්රහණය කරන චිත්ර මහජන ප්රදර්ශනයට අවස්ථාව සලසමින් අන්තර්ජාලය ඔස්සේ එම චිත්ර ප්රදර්ශනය කරන බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තරඟය සඳහා සහභාගී වූ තරඟකරුවන්ගේ නිර්මාණ එක් කරමින් ඔවුන්ගේ අනාගත සිහින සැබෑ කරගැනීමට ඔවුන් උනන්දු කරමින් සෙලින්කෝ ලයිෆ් විසින් වීඩියොවක් නිර්මාණය කර තිබෙන අතර එය සමාගමේ සමාජ මාධ්ය නාලිකා ඔස්සේ ප්රචාරය කරන ලදී. සමාගම සඳහන් කරන්නේ මේ දක්වා එම වීඩියෝව සඳහා 870,000 ක නැරඹුම් වාර ප්රමාණයක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් මෙම වීඩියෝව ප්රචාරය කරන බවයි.
මෙම ‘සිහින සිතුවම්’ තරඟය අවුරුදු 04 සිට 15 ක් දක්වා දරුවන්ට විවෘත වූ අතර මෙය වයස් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලදී. මෙහිදී, දරුවන් විසින් සිතුවම් කළ චිත්ර සහ සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවන් වලින් ලියූ රචනා සමාගම විසින් පෙබරවාරි 01 වනදා සිට අපේ්රල් 30 වනදා දක්වා භාර ගත්තේය. මෙහිදි, මෙම වයස් කාණ්ඩ තුන අතුරින් එක් වයස් කාණ්ඩයක් සඳහා එක් නිර්මාණයක් ලබාදීමේ අවස්ථාව දරුවන්ට ලබාදී තිබුණු අතර අවුරුදු 4-7, අවුරුදු 8-11, අවුරුදු 12-15 යන වයස් කාණ්ඩ තුන යටතේ සමාගම විසින් නිර්මාණ භාර ගන්නා ලදී. මෙම වයස් කාණ්ඩ තුන සඳහාම චිත්ර තරඟය පැවැත්වුණු අතර රචනා තරඟය පැවැත්වුණේ වයස් කාණ්ඩ 02 ක් සඳහා පමණි.
මෙම සෑම වයස් කාණ්ඩයකම ඒ ඒ භාෂාවන්ද ආවරණය වන පරිදි පළමු ස්ථානය දිනාගන්නා දරුවන්ට එක් අයෙකුට රුපියල් 30,000 ක් බැගින් මුදල් ත්යාග සමාගම විසින් ලබාදෙන අතර දෙවන ස්ථානයට එක් අයෙකුට රුපියල් 20,000 ක් සහ තෙවන ස්ථානයට එක් අයෙකුට රුපියල් 10,000 ක් බැගින් සමාගම විසින් මුදල් ත්යාග ලබාදෙනු ඇත. මීට අමතරව, ළමා චිත්ර ශිල්පීන් 25 දෙනෙකුට දිස්ත්රික් වශයෙන් සමාගම විසින් ත්යාග පිරිනමන අතර චිත්ර සහ රචනා තරඟයේදී දක්ෂතා දැක්වූ දරුවන්ට සැනසිලි ත්යාග ලබාදීමටත් කටයුතු කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2022 වසරේ පෙබරවාරි 11 වනදා සිට 17 වනදා දක්වා සිදුකළ ජීවිත රක්ෂණ සතියට සමගාමීව ‘සිහින සිතුවම්’ වැඩසටහනද පැවැත්වූ අතර එම සතියේදී සමාගම විසින් ජීවිත රක්ෂණයක තිබෙන වැදගත්කම සහ එමගින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදී.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
July, 25, 2022
කොමර්ෂල් බැංකුව සහ ප්රමුඛතම මුදල් ප්රේෂණ මෙහෙයුම්කරුවෙකු වන වෙස්ටර්න් යුනියන් නවතම ප්රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙහිදී, රුපියල් 10,000 ක් හෝ එයට වඩා වැඩි වටිනාකමක ප්රේෂණ ලාභ 2022 සැප්තැම්බර් 15 වනදා දක්වා හෝ තොග අවසන් වනතුරු නැවත ආරෝපණය කළ හැකි LED විදුලි පහන් ප්රදානය කිරීමට කටයුතු කර තිබේ.
මෙම ප්රවර්ධන වැඩසටහන මගින් බැංකුවේ වෙස්ටර්න් යුනියන් පාරිභෝගික පදනම වැඩිකර ගැනීමටත් වර්තමාන ප්රේෂණ ගනුදෙනුකරුවන් සමඟ සබඳතාවය සහ පාරිභෝගික බැඳීම තවදුරටත් තරකර ගනමින් බැංකුවේ ප්රේෂණ වෙළෙඳපොළ කොටස වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
දේශ දේශාන්තර අතර විවිධ මුදල් හුවමාරු කිරීමේ ගෝලීය ප්රමුඛයෙකු වන වෙස්ටර්න් යුනියන් අතර එය මේ වනවිට රටවල් 200 කට වැඩි ප්රමාණයක ක්රියාත්මක වේ. මෙම සේවාවේ ලොව පුරා නියෝජිතයින් 525,000 ක පමණ සංඛ්යාවක් මේ වනවිට සිටී. කොමර්ෂල් බැංකුව 2019 වසරේදී වෙස්ටර්න් යුනියන් සමග ඒකාබද්ධ වූ අතර ලෝකයේ ඕනෑම රටකින් මෙරට කොමර්ෂල් බැංකු ශාඛාවකට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව මේ තුළින් උදාවී තිබේ. විශේෂයෙන්ම ප්රේෂණ සඳහා වඩාත් ප්රචලිත ගමනාන්ත වන ඇමරිකාව, කැනඩාව, යුරෝපයේ සහ මැද පෙරදිග ඇතැම් කොටස් මේ සඳහා සුවිශේෂී වේ.
කොමර්ෂල් බැංකුවට මෙරට ප්රේෂණ සේවා ලබාදීමේ ඉහළම ශක්තියක් බවට පත්වී තිබෙන්නේ බැංකුවේ දිවයින පුරා විහිදුණු බැංකු ශාඛා 268 යි. මෙම බැංකු ශාඛා වලින් කිහිපයක් රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයන්හි පවා ගනුදෙනු සඳහා විවෘත කර තිබේ. බැංකුවේ දිවයින පුරා තිබෙන 940 ක් වන ස්වයංක්රීය ටෙලර් යන්ත්ර ජාලය ශ්රී ලංකාවේ තනි පුද්ගලික වාණිජ බැංකුවක් සතුවන විශාලතම ස්වයංක්රීය මුදල් නිකුත් කිරීමේ පද්ධතියයි. බැංකුව විසින් ප්රේෂණ ගනුදෙනුකරුවන් සඳහාම වෙන්වූ පාරිභෝගික ඇමතුම් මධ්යස්ථානයක් පවත්වාගෙන යන අතර ප්රේෂණ බැංකුවට පැමිණි විට එය ලබාගැනීම සඳහා පැමිණෙන්නැයි කෙටි පණිවුඩයක් මගින් ඒ බව ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ඇත.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශ්රී ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
July, 25, 2022
ශ්රී ලංකාව පුරා දිස්ත්රික්ක 14 ක තරුණ තරුණියන් 280 ක් සඳහා ඔවුන්ගේ අනාගතය වෙනස් කරන අන්දමේ අවස්ථාවන් උදා කරන සමාජ සහජීවනය සහ ප්රතිසන්ධාන (SCORE) තරුණ ක්රියාකාරකම් (SYA) වැඩසටහනට සඳහා අත්වැල් බැඳගත් ආයතනවලින් වඩාත් සුබවාදී ධනාත්මක ප්රතිචාර හිමි වී තිබේ. දිවයින පුරා විසිරී සිටින උද්යෝගිමත් කාර්යශූර තරුණ තරුණියන් සවි සවිබල ගන්වමින් ඔවුන් සතු හැකියාවන් හා නායකත්ව කුසලතා ඔප් නංවමින් දිස්ත්රික්ක ගණනාවක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන පැවැත්විණි.
දිවයින පුරා සිටින වයස අවුරුදු 18-29 අතර තරුණ පිරිස, ප්රජා වැඩිදියුණු කිරීම් හා තීරණ ගැනීමේ ක්රියාවලීන් සඳහා දායක කර ගැනීමට මෙන්ම, සිවිල් දැනුවත්භාවය හා ඔවුන්ගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්රියාවට නැංවේ. ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මගින් අරමුදල් සැපයෙන, සාමය සඳහා වන ජාත්යන්තර තරුණ සන්ධානය (IYAP) සහ Global Communities මගින් ක්රියාත්මක කෙරෙන, සමාජ ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන (SCORE) තරුණ ක්රියාකාරකම් (SYA) වැඩසටහන මාස 12 ක කාලයක් පුරා ක්රියාත්මක වන ව්යාපෘතියකි.
ඉකුත් කාලයේ පැවති කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ, රට තුළ ආයතන විශාල සංඛ්යාවකට තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් පිරිස් බඳවා ගැනීමේ දී සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විණි. එවැනි පසුබිමක, මෙම ව්යාපෘතිය මගින් තෝරාගත් දිස්ත්රික්ක ගණනාවක තරුණ තරුණියන් 280 ක් දිවයින පුරා ප්රාදේශීය ලේකම් කාර්යාල, ඉංජිනේරු ආයතන, කාන්තා හා තරුණ සංවර්ධන මධ්යස්ථාන, සමෘද්ධි බැංකු මෙන්ම තවත් සත්කාරක ආයතන ගණනාවක සීමාවාසික පත් කිරීම් ලෙසින් සේවය සඳහා අනුයුක්ත කරනු ලැබිණි. සීමාවාසිකයින් හට සතිපතා සිය කාර්ය සාධනය සහ ප්රධාන ඉගෙනුම් නැවත මෙනෙහි කිරීමටත්, අවශ්යතා සහ අභියෝග හඳුනා ගැනීමටත්, එකිනෙකා සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් හැකි වන පරිදි, සත්කාරක ආයතනයෙහි දින 4 ක් වැඩ කිරීමටද, සිකුරාදා දින සාකච්ඡා සහ පුහුණු සැසසඳහා සහභාගී වීමද පැවරී තිබිණි. මෙම වැඩසටහන තුළින් තරුණ තරුණියන්ට මෙන්ම, ඔවුන් වෙනුවෙන් සීමාවාසික පත්වීම් පිරි නමන සත්කාරක ආයතනවලට ද මාහැඟි පල ප්රයෝජන අත්විණි.
මෙම වැඩසටහනෙහි එක් සත්කාරක ආයතනයක් වශයෙන් කටයුතු කළ හම්බන්තොට දිස්ත්රික් වාණිජ මණ්ඩලයෙහි මෙහෙයුම් කළමනාකරු අජිත් වසන්ත ලියනගේ සිය අදහස් පළ කළේ මෙලෙසිනි. “විශේෂ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා සහය දැක්වීමට IYAP වෙතින් සීමාවාසික පුහුණුවන්නන් දෙදෙනකු බදවා ගැනීමට අපට හැකි වුණා. ඔවුන් ඉතාමත් නම්යශීලී හා පවතින තත්වයන්ට පහසුවෙන් අනුගත වන පිරිසක් නිසාම ඔවුන් වෙතින් හොඳ සහයක් ආයතනයට ලැබුණා. IYAP හි මෙම යහපත් කාර්යය අපි ඉතාමත් ඉහළින් අගය කරනවා. ඒ වගේම, ඕනෑම ආයතනයක පූර්ණ කාලීන සේවකයින් ලෙස ඔවුන් නිර්දේශ කිරීමටත් මම කැමතියි. හොඳින් පුහුණු වූ සීමාවාසිකයින් ආයතන වෙත යොමු කිරීම මෙම තීරණාත්මක අවස්ථාවේදී කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර වෙත සහය වීමේ හොඳම ක්රමයක්. ඒ අර්ථයෙන් බැලුවම, IYAP විසින් සිදු කරන කාර්යය අතිවිශාලයි. මෙම වැඩසටහනෙහි සත්කාරකයින් වශයෙන් අප වැනි ආයතන සමඟ අත්වැල් බැද ගැනීම ගැන අපි ඉහළින්ම අගය කරන අතරම, අපගේ විශේෂ ව්යාපෘති සීමාවාසිකයින්ගේ සහාය ඇතිව කඩිනම් කිරීමට මෙන්ම නියමිත කාලසීමාව නිම කිරීමටත් හැකි වුණු බව සතුටින් සිහිපත් කරන්න කැමතියි".
යාපනය සමාජ ක්රියාකාරී මධ්යස්ථානයේ ව්යාපෘති කළමනාකාරිනී ශාලිනි බාලසිංහම් මහත්මියද සිය අදහස් පළ කළාය. “COVID-19 වසංගතය නිසා බොහෝ තරුණ තරුණියන්ට රැකියා හෝ අධ්යාපනය සඳහා යොමු වීමට නොහැකිව නිවෙස්වල සිරවී සිටීමට සිදු වීම, ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් කළ කාරණයක්. මෙම සීමාවාසික වැඩසටහන මගින් ඔවුන්ට නිසි මග පෙන්වීම ලබා දෙමින් ආයතනික දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් අනාගත අවිනිශ්චිතතාව දුරු කිරීමට සමත් වුණා. සීමාවාසික කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසුත්, සංවිධානයේ අභිප්රායට සහය දැක්වීමට වැටුප් නොලබන ස්වේච්ඡා සේවකයන් ලෙස දිගටම වැඩ කිරීමට සීමාවාසිකයින් ගණනාවක්ම නැවත පැමිණ තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ, ප්රජාව තුළ වෙනසක් ඇති කිරීම සඳහා ඔවුන් තුළ පවතින ආශාව, කැපවීම සහ ධනාත්මක මානසිකත්වයයි."
සෞඛ්ය අමාත්යාංශයේ පවුල් සෞඛ්ය කාර්යාංශයේ උපදේශක ප්රජා වෛද්ය-ජාතික වැඩසටහන් කළමනාකාරිනී (යොවුන් සහ තරුණ සෞඛ්යය පිළිබඳ) වෛද්ය පී.වී.එස් චිරන්තිකා විතාන මෙලෙස සිය අදහස් දැක්වූවාය. “IYAP ව්යාපෘතියේ SYA වැඩසටහන මඟින් තරුණ සීමාවාසිකයින් සඳහා පුහුණුව ලබා දීමට හැකි වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මෙය ශ්රී ලංකාවේ තරුණ තරුණියන්ට තම කුසලතා වර්ධනය කර ගැනීමට ලැබෙන මාහැඟි අවස්ථාවක්. ඕනෑම රටක අත්යවශ්ය අංගයක් වන සෞඛ්ය ක්ෂේත්රය තුළ මෙම සීමාවාසිකයින් උද්යෝගිමත් ආකාරයෙන් තම රාජකාරි ඉටුකරමින් දැනුම උකහා ගැනීම අපව දිරි ගන්වනසුලු කාරණයක්. මෙම විශිෂ්ට කර්තව්යය මම ඉහළින්ම අගය කරනවා. ඉදිරි වසරවලදී IYAP මෙම වැඩසටහන මගින් මෙවැනි සත්කාරයන් නොකඩවා පවත්වා ගෙන යනු ඇතැයිමම විශ්වාස කරනවා."
2013 වසරේ කොළඹ පදනම් කරගනිමින් පිහිටුවා ගැනුණු සාමය සඳහා වන ජාත්යන්තර තරුණ සන්ධානය (IYAP), තරුණ ප්රජාව ගේ හැකියාවන් සවිබල ගන්වමින් ඔවුන් සතු කුසලතා ප්රජාවට සහ රටට දායාද කරලීමට අවස්ථාව සලසන තරුණ නායකත්වයෙන් යුත් සංවිධානයකි
July, 25, 2022
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට බැර කරන සියලු පෞද්ගලික අභ්යන්තර මුදල් ප්රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1 ක අමතර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙය ලබාදෙනුයේ ශ්රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති, ඇමරිකානු ඩොලර් 1 කට රු. 2 ක අතිරේක මුදලක් ලබාදෙන දිරි දීමනා ක්රමයට අමතරව ය. මෙම අතිරේක ප්රතිලාභය, විදේශ සේවා නියුක්තිකයන්ගේ පවුල් වල සාමාජිකයන්ට, මේ දුෂ්කර කාලසීමාවේදී අත්වැලක් වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි. මෙම දිරි දීමනාව, එය එවන්නාගේ අභිමතය පරිදි DFCC බැංකු ගිණුමට ගෙවනු ලබන අතර, ඇමරිකානු ඩොලර් සඳහා පමණක් නොව සියලුම ප්රධාන විදේශ මුදල් සඳහා මෙය අදාළ වේ.
“මෙය ශ්රී ලංකාවට අතිශය තීරණාත්මක මොහොතක්. මෙම අවස්ථාවේදී වගකීම් සහගත බලපත්රලාභී වාණිජ බැංකුවක් ලෙස අපගේ ප්රමුඛතාව වන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා රට තුළට ගලා එන විදේශ ප්රේෂණ ප්රමාණය වැඩිකර ගැනීමයි. ශ්රී ලංකාවට මුදල් එවීමේ වඩාත්ම ආරක්ෂිත, විනිවිද භාවයෙන් යුත් සහ නීත්යානුකූල ක්රමය මෙයයි. ඇත්ත වශයෙන්ම, එසේ කිරීමෙන් මුදල් ප්රේෂණ සිදුකරන්නන්ට සහ මුදල් ලබන්නන්ට බදු සහ මූල්ය ප්රතිලාභ රාශියක් භුක්ති විඳීමට හැකිවෙනවා. බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන පුද්ගලයන්ට ලැබෙන ප්රතිලාභ තවදුරටත් වැඩි කිරීමට ශ්රී ලංකා රජය මේ වනවිට කටයුතු කරමින් සිටින අතර, ඊට අපගේ පූර්ණ සහයෝගය අප ලබාදෙනවා.” DFCC බැංකුවේ ජ්යෝෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු කටයුතු, විදේශ මුදල් ප්රේෂණ සහ ව්යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා පැවසී ය.
අවිධිමත් ලෙස මුදල් යැවීමේ ක්රම සම්බන්ධ විවිධාකාර වූ ජාවාරම්වලට දැනටමත් බොහෝ පිරිසක් ගොදුරු වී ඇත. එම නිසා, ශ්රී ලංකාවට මුදල් යැවීමට ඇති එකම සුරක්ෂිත සහ විශ්වාසනීය ක්රමය බැංකු පද්ධතිය බව DFCC බැංකුව අවධාරණය කරයි. පසුගිය කාලය තුළ බැංකු පද්ධතිය මගින් අඩු හුවමාරු අනුපාතයන් පිරිනැමීම, බොහෝ දෙනෙකු මේ ආකාරයට අවිධිමත් ක්රම වෙත යොමුවීමට බලපෑ ප්රධානතම හේතුවක් විය. එහෙත් දැන් බැංකු පද්ධතිය මගින් ආකර්ෂණීය අනුපාත සහ ප්රතිලාභ ලබාදෙන බැවින්, විදේශගත ශ්රී ලාංකිකයන්ට සුරක්ෂිත ලෙස තම මුදල් ලංකාවට එවමින්, ප්රතිලාභ රැසක්ද භුක්ති විඳීමට අවස්ථාව හිමි වී තිබේ.
“අවිධිමත් ක්රම පවත්වාගෙන යන්නන් වෙනත් නීතිවිරෝධී කටයුතු වලද නිරත වන බව ප්රසිද්ධ රහසක්. එම නිසා එම පුද්ගලයන් නීතියේ රැහැනට හසු වුවහොත්, ඔවුන් හරහා යවන මුදල් රාජසන්තක වීමට වගේම, ඔවුන් මාර්ගයෙන් මුදල් යවන්නන්ද විවිධ ගැටලු වලට මැදි වීමට ඉඩ තිබෙනවා. ඇත්ත වශයෙන්ම, උණ්ඩියල් සහ හවාලා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අවිධිමත් ක්රම හරහා ගනුදෙනු වල නිරත වීම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්ද විය හැකියි. මේ අනුව බලන විට අවිධිමත් මුදල් ප්රේෂණ ක්රම නිසා, මුදල් ප්රේෂණ සිදුකරන්නාට මෙන්ම ජාතික ආර්ථිකයටත් මතුවන අවදානම විශාලයි. මෙමගින් මුළු මුදලම අහිමි වීම, විශාල දඩයකට යටත් වීමට සිදුවීම පමණක් නොව, ඇතැම් විට සිර දඬුවම් විඳීමට පවා සිදුවීමට ඉඩ තිබෙනවා.” ඇන්ටන් ආරුමුගම් මහතා පෙන්වා දුන්නේ ය.
මෙම අර්බුදය විසඳමින්, බාධාවකින් තොරව අත්යවශ්ය ද්රව්ය ආනයනය කිරීමටත්, රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත්, නීත්යානුකූල මාර්ග ඔස්සේ රට තුළට විදේශ මුදල් ගලා ඒම වැඩි කළ යුතු ය. විදේශ ශ්රමිකයන්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්රේෂණ, භාණ්ඩ හා සේවා අපනයනය සහ සංචාරක කර්මාන්තය ශ්රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්රධානතම ක්රමවේද වේ. කෙසේ නමුත් මෑතකාලීනව රටට ලැබෙන විදේශ මුදල් ප්රේෂණ ප්රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මෙසේ වී ඇත්තේ විදේශ රටවල රැකියාව කරන ශ්රී ලාංකිකයන් සංඛ්යාවේ අඩුවක් නිසා නොවේ.
ඇත්ත වශයෙන්ම 2020 වසරේ සිට, විදේශ රැකියාවල නියුතු ශ්රී ලාංකිකයන් සංඛ්යාව ඉහළ ගොස් ඇති නමුත්, දිගින් දිගටම විදේශ මුදල් ප්රේෂණ වල අඩුවීමක් සිදු වී ඇත. මේ නිසා, විධිමත් හා නීත්යානුකූල මාර්ග ඔස්සේ ලැබෙන විදේශ විනිමය ප්රමාණය වැඩිකර ගැනීම සඳහා බැංකු විසින් විදෙස් මුදල් ප්රේෂණ දිරිගැන්වීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම කාලීන අවශ්යතාවක් වී පවතී.

DFCC බැංකුවේ ජ්යෝෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු කටයුතු, විදේශ මුදල් ප්රේෂණ සහ ව්යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා
July, 22, 2022
මෙම අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දය තුළ බිම් මට්ටමේ සිටින ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය නැවත නගා සිටුවීමේ ප්රයත්නයන්ට සහාය වෙමින්, මෙරට පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දෛනික ආහාර අවශ්යතාවයන් සඳහා එළවළු හා පළතුරු ආදී ගෙවතු වගාවන් ප්රචලිත කිරීම සඳහා ‘HNB සරු ගෙවත්ත’ වැඩසටහන පසුගියදා දියත් කළේය. මධ්යම පළාතේ නාගරික ප්රදේශවල ගෙවතු වගාව ප්රවර්ධනය කරන අතරතුර නාගරික ප්රදේශවල සිටින ගොවීන් සඳහා නව වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.
පළාත් සහ දිස්ත්රික් කෘෂිකාර්මික කාර්යාල සමඟ එක්ව දියත් කරන ලද මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හිදී ආරම්භ වූ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා එහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම වැඩසටහන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB නියෝජ්ය සාමාන්යාධිකාරී/ප්රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා, CBSL කළමනාකරු (මාතලේ), චතුර රත්නායක, HNB කලාපීය ව්යාපාර ප්රධානී (මධ්යම), හර්ෂ වික්රමසිංහ, HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප්රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්. එම්. එස්. එම්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර මහත්මිව පැවසුවේ ‘’ශ්රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා ආහාර අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. මෙවැනි දුෂ්කර කාලවලදී ජනතාවට උපකාර කිරීමට ප්රමාණවත් නිෂ්පාදනයක් සිදු කිරීමට අපට හැකි බව සහතික කිරීම සඳහා සියලූම ශ්රී ලාංකිකයන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්. ඉදිරියේදී ඇති වන අර්බුදවල අහිතකර බලපෑම අවම කරමින් දැනට පවතින සියලූ ඉඩම්වල වගා කිරීමට අපගේ ගනුදෙනුකරුවන්ට, මහජනතාවට සහ ගොවීන්ට අවශ්ය දැනුම, සහයෝගය හා දායකත්වය ලබා දීමට HNB සරු ගෙවත්ත වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.’’ යනුවෙනි.
ගොවීන්ට හා පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ අස්වැන්නෙන් යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සහ ඔවුන්ගේ අත්යවශ්යතාවන් සඳහා සාධාරණ මිලක් ලබා දීම සඳහා කෘෂි ක්ෂේත්රයේ සිටින අතරමැදියන් අවම කරමින් රට පුරා සිටින ගොවීන් හා පාරිභෝගිකයින් අතර ඍජු සබඳතාවන් ඇති කිරීමට බැංකුවේ දැනට සිටින පාරිභෝගික ජාලය සමඟ කටයුතු කරන බව HNB පවසා සිටී.
නැවුම් එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම, ගෙවතු වගාව ප්රචලිත කිරීමට පැල, බීජ සහ කාබනික පොහොර සහනදායී මිලට සපයා දීම සහ ගෙවතු වගාව සඳහා නවීන තාක්ෂණික ක්රමෝපායන් පිළිබඳ දැනුම හා ප්රායෝගික පුහුණුව ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාල ආයතන වෙත ගොවීන් හා ගෙවතු වගාකරුවන් යොමු කිරීම ද මෙම මුලපිරීමේ තවත් අරමුණකි.
”මධ්යම පළාත යනු ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ වැදගත් කේන්ද්රස්ථානයක්. HNB අපි පසුගිය වසර කිහිපයේදී අපගේ පුළුල් වෙළෙඳ ප්රජාව සමඟ එක්ව එම ප්රදේශවල ගොවි මහතුන්ට උපකාර කිරීමට කටයුතු කරනු ලැබුවා. පවතින අර්බුදයත් සමඟින් අපගේ ගොවි මහතුන් සඳහා වන මෙම කැපවීම අප තවත් ශක්තිමත් කර තිබෙන අතර මෙම ප්රයත්නය සඳහා අපට සහාය වීමට කැන්ඩි සිටි සෙන්ටර් වැනි ආයතන ඉදිරිපත් වී සිටින බව අප සතුටින් සඳහන් කිරීමට කැමතියි.’’ යනුවෙන් HNB කලාපීය ව්යාපාර ප්රධානී (මධ්යම), හර්ෂ වික්රමසිංහ මහතා පැවසුවේය.
තවද, මෙවැනි දුෂ්කර කාලවලදී සාමාන්ය ජනතාවට සහාය වීම සඳහා ප්රාදේශීය සහ පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහාය ඇතිව නියමු ව්යාපෘතිය දිවයින පුරා ක්රියාත්මක කරනු ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව මෙන්ම බීජ හා පැල, වාණිජ කෘෂිකර්මය, කෘෂිකර්ම ප්රකාශන ඒකකය ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් සහ HNB මධ්යම කලාපයේ නිලධාරීන් සහ HNB මහනුවර පාරිභෝගික ඒකකයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

උත්සවයට සහභාගී වූ මහජනතාව සහ ගොවීන්
Image Caption - උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා විසින් HNB සරු ගෙවත්ත වැඩසටහන මහජනතාවට සහ ගොවීන් වෙත උත්සවාකාරයෙන් විවෘත කරමින්.HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර,HNB නියෝජ්ය සාමාන්යාධිකාරී/ප්රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා,HNB කලාපීය ව්යාපාර ප්රධානී (මධ්යම), හර්ෂ වික්රමසිංහ,HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප්රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්. එම්. එස්. එම්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු කෘෂිකර්ම නිලධාරීන්,HNB මහනුවර පාරිභෝගික ඒකකය හා කැන්ඩි සිටි සෙන්ටර් නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි
July, 22, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන NOLIMIT, රටේ ආර්ථික හා බලශක්ති අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සහන වැඩසටහනක් ක්රියාවට නංවා තිබේ. NOLIMIT ප්රජා සත්කාර ඒකකය වන ‘අසීමිත’ මගින් සම්බන්ධීකරණය කර ක්රියාවට නංවනු ලබන මෙම වැඩසටහන යටතේ පසුගියදා රටේ පවුල් 2,000 කට වියළි ආහාර සලාක බෙදාදෙන ලදි. මහනුවර, කුරුණෑගල, කෑගල්ල, මීගමුව, රත්නපුර, වත්තල, මහරගම, පානදුර සහ කොළඹ යන ප්රදේශ වල තෝරාගත් පවුල් අතර මෙම වියළි ආහාර සලාක බෙදාදීම සිදු විය.
මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, NOLIMIT හි ව්යාපාර ක්රමෝපාය, විකුණුම් හා අලෙවිකරණ ප්රධානී රනීස් ෂෙරිෆ් මහතා කියා සිටියේ, මේ සඳහා තෝරාගත් ප්රදේශ වල පවුල් රැසක් රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවන්ට මුහුණ දෙමින් සිටින බවයි. “මේ නිසා වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස සහ වගකීම් සහගත ආයතනික සන්නාමයක් ලෙස, ජනතාවට උපකාර කිරීම අපගේ යුතුකමක් බව අපට පෙනී ගියා. අපගේ අලෙවිසැල් පිහිටා ඇති ප්රදේශ වල පීඩාවට පත් පවුල් 2,000 ක එදිනෙදා අවශ්යතාවන් වෙනුවෙන් වියළි සලාක පරිත්යාග කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. මේ අර්බුදය සුළුපටු එකක් නොවන නමුත්, අප එකිනෙකා රැකබලා ගනිමින්, රට ගොඩනැගීමට එකට එක්වී වැඩ කරන්නේ නම්, එය ජයගැනීමට අපට හැකියාව ලැබේවි. පසුගිය වසර 30 කාලය තුළ NOLIMIT ආයතනය 1,800 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත, පාරිභෝගිකයන් මිලියන ගණනක් සිටින සමාගමක් බවට වර්ධනය වී තිබෙනවා. අප සියයට සියයක්ම දේශීය හා සමාජයීය වශයෙන් වගකීම් සහගත පාරිභෝගික සන්නාමයක් නිසා, ශ්රී ලාංකිකයන්ගේ තිරසාර පැවැත්ම අපට අතිශයින් වැදගත්.” රනීස් ෂෙරිෆ් මහතා වැඩිදුරටත් පැවසී ය.
NOLIMIT ‘අසීමිත’ වැඩසටහන මගින් සෞඛ්යය, ළමා රැකවරණය, අධ්යාපනය, සංස්කෘතිය සහ ක්රීඩා යනාදී අංශ ආවරණය කෙරේ. සමාජයට සැබෑම යහපතක් සිදුවන ආකාරයට අර්ථවත් ව්යාපෘති ක්රියාවට නැංවීම එහි අරමුණ වී ඇත. තම ව්යාපාර කටයුතු තිරසාර ලෙස පවත්වාගෙන යාමට NOLIMIT සෑම විටම උත්සහ කරන අතර, ජනතාවටත් පරිසරයටත් යහපත සලසන වැඩසටහන් ඔස්සේ ‘අසීමිත’ වැඩසටහන ඒ සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙයි. පරාර්ථකාමී සහ ශක්තිමත් ලෙස සමාජ සුභසාධන කටයුතු වල යෙදීම තුළින්, වඩාත් යහපත් හෙට දවසක් උදෙසා NOLIMIT සතු අරමුණු සහ ඉලක්ක යථාර්ථයක් බවට පත්කළ හැකි බව ‘අසීමිත’ වැඩසටහනේ විශ්වාසය වී ඇත.
Video Story