July, 11, 2022
සමට හිතකර විසඳුම් තෝරාගැනීමේදී, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වේ. මොයිස්චරයිස් යනු සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම සමේ තරුණ බව ආරක්ෂා කිරීමටද උපකාරී වන ප්රධාන සාධකයකි. විශේෂයෙන්ම ශ්රී ලංකාව වැනි රටක පවතින උණුසුම් හා තෙතමනය සහිත දේශගුණය සැලකිල්ලට ගනිමින් මොයිස්චරයිසින් ගුණ සහිත සමට හිතකර නිෂ්පාදනවලට යොමු වීම ඉතා වැදගත් වේ. නිෂ්පාදනවල ගුණාත්මකභාවය, නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්රව්ය සහ එම නිෂ්පාදන මගින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව වර්තමාන කාන්තාවන් හට මනා දැනුමක් පවතී. එම නිසා බොහෝ කාන්තාවන් මෘදු සහ සෞඛ්ය සම්පන්න සමක් ලබා ගැනීමට උපකාරී වන ,සමට හිතකර නිෂ්පාදන තෝරා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරති.
සමේ තෙතමනය සහ මොයිස්චරයිසින් ගුණය වැඩි දියුණු කිරීමේ අරමුණින් නව වෙල්වට් බොඩි වොෂ් ප්රභේද සඳහා හයිඩ්රබූස්ට් තාක්ෂණය යොදා ගෙන තිබීම විශේෂත්වයකි. වෙල්වට් බොඩි වොෂ් පරාසය තුල ඇති මොයිස්චරයිසින් ගුණය මගින්, සම මෘදු කරන අතරම සමේ වියළි බව සහ අඳුරු බවද අවම කරයි. Black Orchid සහ Hibiscus, Wild Rose සහ Cherry Blossom මෙන්ම Vanilla සහ Shea Butter යන ප්රභේද ත්රිත්වයකින් වෙල්වට් බොඩි වොෂ් සමන්විත වේ. මෙම dual ingredients මගින් සම ආරක්ෂා කරන අතර දිගු කල් පවතින සුවඳක් ද, දවස පුරා නැවුම්ව සිටීමට ද කාන්තාවන්ට මෙය උපකාරී වේ.
වෙල්වට් බොඩි වොෂ් නිපදවා ඇත්තේ හොඳම සෞඛ්ය සහ ආරක්ෂිත ප්රමිතීන්ට අනුකූලව වන බව සායනිකව ඔප්පු කර ඇත. එමනිසා, වෙල්වට් බොඩි වොෂ් නිෂ්පාදනය දිනකට කිහිප වතාවක් භාවිතා කිරීමට ආරක්ෂිත ලෙස නිර්දේශ කර ඇති අතර බොඩි වොෂ් දියරයේ ඝණකම නිසා, තනි බෝතලයකින් වැඩිපුර සේදුම් වාර ප්රමාණයක් සහතික කරයි. සබන්, අත් සේදීමේ දියර, බොඩි ලෝෂන් සහ බොඩි වොෂ් යන නිෂ්පාදන පරාසයකින් ශක්තිමත් වී ඇති වෙල්වට්, ශ්රී ලාංකික කාන්තාවන්ගේ සම ආරක්ෂණ අවශ්යතා සපුරාලීමේ පොහොසත් ඉතිහාසයකින් සමන්විත වේ. වෙල්වට් නිෂ්පාදන හයිඩ්රසොෆ්ට් තාක්ෂණයෙන් නිපදවා ඇති අතර එමඟින් මෘදු හා හොඳින් සජලීකරණය වූ සමක් ලබා දෙනු ඇත. ශ්රී ලාංකේය කාන්තාවන්ගේ සමෙහි රැකවරණ අවශ්යතා පිළිබඳව අවබෝධයෙන් සිටින සැබෑ ශ්රී ලාංකේය සන්නාමයක් ලෙස වෙල්වට්, හඳුන්වා දිය හැක.
ශ්රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදනය කරන ලද Velvet නිෂ්පාදන ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර සමට හිතකර බව සයනිකව ද තහවුරු කර ඇත. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක් වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්රසිද්ධියක් උසුලයි.

July, 11, 2022
McLarens Lubricants සමාගම විසින් පසු ගිය දා ශ්රී ලංකාවේ ප්රථම වරට Mobil AutoCare මධ්යස්ථානයක් කිරිබත්ගොඩ දී ආරම්භ කෙරිණි. මෙම අති නවීන, මෝටර් රථ සේවා මධ්යස්ථානය ලොව අංක 1 සින්තටික් මෝටර් රථ ලිහිසි තෙල් සන්නාමය වන Mobil l විසින් බලගන්වන ලද, විශ්වසනීය හා කාර්යක්ෂම මෝටර් රථ සේවා මධ්යස්ථාන අතරින් මෙරට පළමු වැන්න ලෙස හැඳින්විය හැකි ය. මෙම සමාරම්භක Mobil AutoCare සේවා මධ්යස්ථානය විවෘත කිරීමේ උත්සවයට McLarens සමූහයේ සමූහ කළමනාකාර අධ්යක්ෂිකා ෂෙහාරා ද සිල්වා, McLarens සමූහයේ අධ්යක්ෂ/සමූහ වාණිජ නිලධාරී මහේෂ් කුරුකුලසූරිය, McLarens Lubricants සමාගමේ සම කළමනාකාර අධ්යක්ෂ චමින්ද ගුණරත්න, McLarens Lubricants සමාගමේ ප්රාදේශීය විකුණුම් කළමනාකරු දමිත් සුසන්ත යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වූහ.
මෙම සුවිශේෂී අවස්ථාවේ දී අදහස් දක්වමින්, McLarens Lubricants සමාගමේ සම කළමනාකාර අධ්යක්ෂ චමින්ද ගුණරත්න මහතා ප්රකාශ කළේ, " McLarens Lubricants සමාගම මෙම නවතම Mobil AutoCare සේවා මධ්යස්ථානය හරහා අපගේ ගනුදෙනුකාර මෝටර් රථ හිමියන්ට සුවිශේෂී නිෂ්පාදන හා සේවා රැසක් සැපයීමට බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ රට තුළ පවතින අධි උද්ධමනය සහ නිෂ්පාදනවල හිඟය නොතකමින්, මේ රටේ මෝටර් රථ හිමියන්ට ඔවුන්ගේ වාහනවල නඩත්තු කටයුතු කිසිඳු අපහසුතාවකින් තොරව කරගැනීමේ හැකියාව සහතික කිරීම වෙනුවෙන් අපි අඛණ්ඩව කැප වෙනවා. " යනුවෙනි.
McLarens Lubricants සමාගම විසින් ස්ථාපිත මෙම Mobil AutoCare සේවා මධ්යස්ථානය, කීර්තිමත් දේශීය අලෙවි නියෝජිතයෙකු වන KleenCare Pvt Ltd සමඟ අත්වැල් බැඳගෙන සිටීම ද පාරිභෝගික ජනතාව වෙත විශ්වසනීය මෙන් ම ගුණාත්මක සේවාවක් ලබා දෙන බව තහවුරු කරයි.
ලොව අංක 1 සින්තටික් ඔටෝමෝටිව් ලිහිසි තෙල් සන්නාමය වන Mobil යනු ලොව විශාලතම තෙල් හා ගෑස් අලෙවි සමාගම වන, එක්සත් ජනපදයේ ExxonMobil සමාගමේ නිෂ්පාදනයකි. ExxonMobil සමාගම ලොව පුරා වෙළෙඳපොළවල් වෙත සිය නිෂ්පාදන නිකුත් කරන අතර, ලොව මහාද්වීප 6 ක් තුළ තෙල් හා ගෑස් ගවේෂණය කරන සමාගමක් ලෙස ද හඳුන්වා දිය හැකිය. McLarens Lubricants සමාගම ExxonMobil සමාගමේ එක ම දේශීය අලෙවි නියෝජිතයා වන අතර, එම සමාගම නැව්ගත කිරීම්, සැපයුම්, නිෂ්පාදන, වෙළෙඳාම්, දේපළ සංවර්ධන ඇතුළු තවත් බොහෝ ව්යාපාරික ක්ෂේත්ර තුළ සාර්ථකත්වයට පත් වී ඇති විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන McLarens සමූහයට අනුබද්ධිත සමාගමකි.
ශ්රී ලංකාව තුළ විශ්වාසවන්ත ම ලිහිසි තෙල් සන්නාමය වන Mobil, වාහනවල ආරක්ෂාව තහවුරු කරන Mobil Super Series හා Delvac Series වැනි ගුණාත්මක නිෂ්පාදන දැරිය හැකි මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබා දෙයි. Mobil හි මූලාරම්භය 1866 වසර දක්වා දිවෙන අතර, එහි නිෂ්පාදන හා සේවාවන්ගේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය නිසා ම එය වෙළෙඳපොළ තුළ වසර 100 කට වැඩි විශිෂ්ටත්වයක් තහවුරු කර ඇත.
Mobil 1 නිෂ්පාදනය Formula 1 ධාවන ලොව ප්රමුඛතම කණ්ඩායමක් වන RedBull F1 සමඟ ගොඩනඟාගෙන ඇති හවුල්කාරිත්වය හරහා Formula 1 ධාවන ක්ෂේත්රය වෙත ද ජයග්රාහී ලෙස අවතීර්ණ වී ඇත. එමෙන් ම Mobil යනු ලොව ජනප්රියතම මෝටර් රථ සන්නාම කිහිපයක් සඳහා Original Equipment Manufacturer (OEM) නිර්දේශය සහිත ලොව අංක 1 කෘත්රිම ලිහිසි තෙල් නිෂ්පාදනය වේ. ඊට අමතරව Mobil, නිෂ්පාදන, බලශක්ති, සමුද්රීය හා ගුවන් සේවා ආදී ක්ෂේත්ර ගණනාවක් ආවරණය කරන සන්නාමයකි.

July, 11, 2022
වර්තමානයේ මෙරට දක්නට ලැබෙන විදුලිය ඇනහිටීම් සඳහා ඵලදායී විසඳුම් ලබා දීම වෙනුවෙන් Hayleys Fentons සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින්, සූර්ය බල පද්ධතියක් වන “Energynet” වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇත.
දශකයකට අධික කාලයක් පුරා රැකගත් වෙළෙඳපොළ විශිෂ්ටත්වය සහ දිවයින පුරා 75 MW කට අධික සූර්යබල පද්ධති ස්ථාපනය කිරීමේ අත්දැකීමක් සහිත Hayleys Solar, 'ශ්රී ලංකා ඉංජිනේරු, ප්රසම්පාදන හා ඉදිකිරීම් සමාගම (EPC) හා සම්බන්ධ ප්රමුඛතම ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය.
ජාලගත සූර්ය පද්ධතිවල දක්නට ලැබෙන ප්රධානතම අවාසිය වන්නේ, විදුලිය විසන්ධි වූ විට සූර්ය පද්ධතිය ස්වයංක්රීයව ක්රියා විරහිත වීම නිසා දිවා කාලයේ ජනනය කළ හැකි සූර්ය ශක්තිය අපතේ යාමයි. Energynet මගින් විදුලිය විසන්ධි වන අවස්ථාවල දී සූර්ය බලශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව ලබා දෙන අතර එම සූර්ය ශක්තිය රාත්රී කාලයේ විදුලිය විසන්ධි වන අවස්ථාවල දී ද භාවිත කළ හැක.
Energynet මගින් දිවා කාලයේ ගබඩා කරගන්නා සූර්ය ශක්තිය මගින් අඛණ්ඩ විදුලිය සැපයුමක් තහවුරු කරන අතර, එහි සූර්ය බල පද්ධතිය (solar PV ) මගින් දිවා කාලයේ බැටරිය ආරෝපණය (Charge) කරගනිමින් විදුලිය විසන්ධි වූ විට එම විදුලිය මුදා හරී. Energynet මගින් විදුලි පහන්, ශීතකරණ, විදුලි පංකා, රූපවාහිනී සහ ලැප්ටොප් වැනි අත්යවශ්ය විදුලි උපකරණ අඛණ්ඩව ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය විදුලිය ජනනය කරන අතර, පාරිභෝගික අවශ්යතාව මත එය වායු සමීකරණ හා පොම්ප වැනි යන්ත්ර ක්රියාත්මක කළ හැකි ඉහළ විදුලි සැපයුමක් දක්වා සැකසිය හැකි වීම ද විශේෂිතය.
Energynet ක්රියාත්මක කිරීමට ඉන්ධන හෝ ගෑස් අවශ්ය නොවන අතර එය විදුලි බිල අවම කරන, මෙහෙයුම් පිරිවැය ඉතා අඩු නිෂ්පාදනයක් මෙන් ම, ශබ්දයෙන් තොර, පරිසර හිතකාමී විසඳුමක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එමෙන් ම Energynet නිසා අමතර විදුලි ජනක යන්ත්ර (backup generators) සඳහා ඉන්ධන ගබඩා කිරීමේ අවශ්යතාවක් නොමැති බව ද සිහිපත් කළ යුතු ම කරුණකි.
Energynet හි අපවර්තකය 0.5kW සිට 5kW දක්වා පරාසයකින් යුක්ත වන අතර, එය සූර්ය බල පද්ධතියෙහි බැටරි පද්ධතිය (LiFePO4) චීනයේ ප්රමුඛතම බැටරි නිෂ්පාදන ආයතනයක් වන BYD/CATL මගින් නිපදවන අතර, එම බැටරි 1.2 kWh සිට 10.24 kWh දක්වා වූ පුළුල් පරාසයකින් යුක්ත වේ. ආරෝපණ විසර්ජන වාර 3,000 කට වැඩි ආයු කාලයක් සහිත බැටරිය, එහි ගබඩා වන විදුලිය දිනකට එක් වරක් පමණක් සම්පූර්ණයෙන් ම භාවිත කළහොත් ආසන්න වශයෙන් වසර 8 ක් පමණද විදුලිය දිනකට දෙවරක් සම්පූර්ණයෙන් භාවිත කළහොත් වසර 4 ක පමණ කාලයකුත් පවතින බව ද ඇස්තමේන්තු ගත කර ඇත.
වර්තමානයේ මෙවැනි අභියෝගාත්මක කාලවකවානුවල දී ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සිය නිෂ්පාදන මිල දී ගැනීම සඳහා මෙරට ප්රමුඛ පෙළේ බැංකු හා මූල්ය ආයතන සමඟ එක් වෙමින්, මාස 12 සිට 60 දක්වා පොළී රහිත පහසු ගෙවීමේ ක්රම ණයවර කාඩ්පත් සඳහා හඳුන්වා දීමට ද Hayleys Solar ආයතනය කටයුතු කර ඇත
දැනට සූර්ය බල පද්ධති භාවිත කරන පාරිභෝගිකයින්ට Energynet හි අපවර්තකය හා බැටරි පමණක් මිල දී ගෙන පැනල්වලට සම්බන්ධ කළ හැකිය. නව පාරිභෝගිකයින්ට Energynet පද්ධතිය සූර්ය පැනල සහිතව හෝ රහිතව ලබා ගැනීමේ හැකියාව ඇති අතර, මෙය මහල් නිවාසවල පදිංචිකරුවන්ට ද භාවිත කළ හැකි වීම විශේෂිතය.
Fentons Ltd සමාගමේ කළමනාකාර අධ්යක්ෂක හසිත් ප්රේමතිලක මහතා පවසන්නේ මෙවන් අදහසකි. “ වර්තමානයේ පවතින අභියෝගකාරී තත්ත්වයන්ට සාර්ථක විසඳුම් ලබා දීමට නම්, විකල්ප පුනර්ජනනීය බලශක්ති විසඳුම් සංවර්ධනය කළ යුතුයි. කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක බලශක්ති විසඳුම් ලබා දීමට නිරන්තරයෙන් අවධානය යොමු කරන, වගකිවයුතු ආයතනයක් විදියට අපි අපගේ පාරිභෝගික ජනතාවට Energynet හඳුන්වා දීමට කටයුතු කළා. මෙය කාර්යාල, ශාඛා ජාල, සාප්පු සංකීර්ණ, ආපනශාලා ඇතුළු තවත් බොහෝ ආයතනවල බලශක්ති අවශ්යතාවන් Energynet සැපිරීමට සමත් වේ. ඒ වගේ ම Energynet මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ආශ්රිත සමාගම්වලට ඉතා ප්රයෝජනවත් වෙනවා මෙන්ම එම ආයතනවල සේවය කරන වෘත්තිකයින්ට කිසිදු විදුලි බාධාවකින් තොරව නිවසේ සිට ම වැඩ කිරීමේ පහසුව ලබා දෙන බවත් සිහිපත් කිරීමට කැමතියි."
Hayleys Solar සමාගමේ අධ්යක්ෂක හා ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා දැක්වූ අදහස් මෙසේය. “අති දක්ෂ, තාක්ෂණික වෘත්තීයවේදීන්ගෙන් සැදුම් ලත් 200 කට අධික තරුණ කණ්ඩායමක් අප සතුයි. අපගේ සියලු ම මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ඔවුන් බව සිහිපත් කළ යුතුමයි. සුදුසුකම් ලත් ඉංජිනේරු වෘත්තිකයින්ගේ සේවය, කාර්යක්ෂමතාවය සහ ඉහළ ප්රමිතිය නිරන්තරයෙන් සහතික කිරීම අපගේ විශේෂත්වය බව පැවසුවොත් මම නිවැරදියි. රට තුළ දිනෙන් දින වැඩි වන බලශක්ති අවශ්යතා සපුරාලීමට හැකි විසඳුම් සංවර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. Energynet කියන්නෙ වර්තමානයේ විදුලි බලය ආශ්රිත ගැටලුවලට හොඳ ම විසඳුමක්. ඒ වගේ ම Energynet අපගේ පාරිභෝගික ජනතාවට ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන බවත් පැවසිය යුතු ම කරුණක්."
ඡායාරූප විස්තරය
Fentons Ltd සමාගමේ කළමනාකාර අධ්යක්ෂක හසිත් ප්රේමතිලක මහතා
Hayleys Solar සමාගමේ අධ්යක්ෂක හා ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා
July, 11, 2022
සෑම නිවසකම රෙදි සෝදන අවශ්යතා සඳහා පරිපූර්ණ විසඳුම් පෙළක් සමඟින්, දීවා ෆ්රෙෂ් සිය නවතම ග්රෑම් 700යේ පැකට්ටුව රෝස සහ දෙහි ප්රභේධය ඇතුලුව තවත් ප්රභේධයන්, මෑතකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. විශිෂ්ට රෙදි සේදීමේ විසඳුම් සපයමින් වසර ගණනාවක් පුරා පාරිභෝගිකයින්ගේ අවශ්යතා මැනවින් හඳුනාගත් දීවා, රෙදි සෝදන කුඩු සඳහා වැඩිවන පාරිභෝගික ඉල්ලුමට සරිලන උසස් ගුණත්වයකින් යුතු නිෂ්පාදන ඉතාමත් සාධාරණ මුදලකට සිය පාරිභෝගිකයින් වෙත සමීප කරයි.
දීවා ෆ්රෙෂ් පවුලේ අනෙකුත් ප්රභේද අතුරින් සිය පාරිභෝගිකයින් තුළ ඉතා ජනප්රිය සුවඳ වර්ගයන් දෙක මෙම හඳුන්වාදීම සඳහා තෝරාගන්නා ලදී. සැබෑ ශ්රී ලාංකේය සන්නාමයක් ලෙස කාලීන අවශ්යතාවයන්ට ප්රතිචාර දක්වමින්, විවිධ පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා දීවා ග්රෑම් 700යේ පැකට්ටුව මෙලෙස වෙළඳපොළට හඳුන්වාදෙන ලදී.
Diva ග්රෑම් 700යේ පැකට්ටුව හඳුන්වාදීම මඟින් පාරිභෝගිකයින් සඳහා වූ විකල්පයන් ප්රමාණය වැඩිකිරීම දීවා හි අරමුණ විය. වත්මන් ආර්ථික අභියෝග හමුවේ පාරිභෝගිකයින්ට මිලදී ගැනීමේදී වඩා හොඳ තීරණ ගැනීමට මෙම හඳුන්වාදීම උපකාරි වනු ඇත.
දීවා ෆ්රෙෂ් හි, ත්රිත්ව ක්රියාකාරී සංයෝගය (3-in-1 action) තුළ අන්තර්ගත, දිගුකල් පවත්නා විශිෂ්ට සුවඳක් ලබදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සහ ඔප්ටිකල් බ්රයිට්නර්ස් ඇඳුම් සඳහා විශිෂ්ට පිරිසිදු කිරීමක් සහ දීප්තියක් ලබාදෙයි. දීවා ෆ්රෙෂ්, පවුලේ යහපැවැත්ම සහ කාර්යබහුල ජීවිතය සඳහා වූ විශිෂ්ටතම තෝරාගැනීම වේ.
දීවා ෆ්රෙෂ් රෝස සහ දෙහි ග්රෑම් 700යේ පැකට්ටුව සහ නිල් මානෙල්, ලැවෙන්ඩර් සහ දෙහි ග්රෑම් 700යේ පැකට්ටුව, දීපව්යාප්ත අලෙවිසැල් වලින් සහ හේමාස් E-store (https://hemasestore.com/brand/diva/) වෙතින් අන්තර්ජාලය හරහා දැන් මිලදී ගත හැක.
July, 11, 2022
AIA පොසොන් රැකවරණ ව්යාපෘතිය, ශ්රී ලංකාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකරන්නා වූ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධානතම ආයතනික සමාජ මෙහෙවර, 2022 වසර සඳහා කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින්, පසුගිය ජූනි මාසයේ අනුරාධපුරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන පැවැත්වීමේ ප්රථිපලයක් ලෙස පොසොන් වන්දනාවේ පැමිණ සිටි ලක්ෂ සංඛ්යාත බැතිමතුන්හට පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ වලින් වඩාත් ආරක්ෂිතව දිය ස්නානය කර පිරිසිදු වී සිය ආගමික පුදපූජාවන් පැවැත්වීමට අවකාශය උදාවිය.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 1993 වසරේදී පොසොන් රැකවරණ ව්යාපෘතිය වෙනුවෙන් සිය කැපවීම ආරම්භ කරන ලද අතර 27 වන වතාවටත් මෙවර පොසොන් සමයේ දී සුපුරුදු පරිදි ක්රියාත්මක කරන ලදී. දින 3ක් පුරාවට අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ යන පුදබිම් ආශ්රිතව පවත්වන ලද මෙම ව්යාපෘතිය ඔස්සේ ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා ලක්ෂ සංඛ්යාත බැතිමතුන්, අවට ඇති වැව් වලින් දිය ස්නානය කිරීමේ දී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, පූජා නගර සියල්ල ආශ්රිතව පිහිටා ඇති වැව් 22ක් ආවරණය වන අයුරින් 500 කට අධික ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබා ගනිමින් බැතිමතුන්ගේ ජීවිත වලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණය තහවුරු කරන ලදී. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අනුරාධපුර සහ අනෙකුත් පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ ආශ්රිතව ජීවිතාරක්ෂක සේවා සැලසීමට අමතරව රැකවරණ ප්රචාරණ පුවරු සවිකරමින් දියට බැසීමට සුදුසු සහ නුසුදුසු ස්ථාන මෙන්ම අනතුරු වියහැකි ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමද සිදු කරයි.
විශේෂයෙන්ම මෙවන් අභියෝගාත්මක කාලවකවානුවක් තුල දී පවා අඛණ්ඩව මෙම ජාතික මෙහෙවරට උරදෙමින් AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්, AIA පොසොන් රැකවරණ වැඩසටහන ක්රියාත්මක කරන ලද අතර මෙම සාමාජ මෙහෙවරෙහි වැදගත්කම වූයේ බැහිමතුන්ගේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරමින්, කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින් ව්යාපෘතිය සාර්ථකව නිමාවට පත්කිරීමට හැකිවීමයි.
"මගේත්, මගේ පුතාගේත් ජීවිත බේරා ගැනීමට උපකාර කල ස්වේච්ඡා ජීවිතාරක්ෂක නිලධාරී මහත්වරුන්ට මගේ හද පත්ලෙන්ම මම ස්තුති කරනවා" යැයි වන්දනාවේ ගිය එක බැතිමතෙකු කියා සිටියේය. "අපි සෑම පොසොන් සමයකදීම අනුරාධපුරයට වන්දනාවේ යනවා එත් මෙවර මගේ පුතා ප්රථම වරට අනුරාධපුරයට ගියේ ඔහුගේ අනාගත ජීවිතය වෙනුවෙන් ඇති සිහින සහ බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට පුදපූජා පවත්වන අපේක්ෂාවෙන්. පුදබිම් වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම AIA පොසොන් රැකවරණ වැඩසටහන ප්රශංසනීයයි. ඒ ජීවිතාරක්ෂක වැඩසටහන නොතිබෙන්න අපේ පවුලේ දෙදෙනෙකුගේ ජීවිත නිකරුනේ අනතුරට ලක්වී පවුලට ලොකු කරදරයක් වෙන්න ඉඩ තිබුණා."
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "ශ්රී ලාංකිකයින් විදිහට මේ අවස්ථාවේ දී අපි එකිනෙකාට උදව් උපකාර කිරීමට හැකි අයුරු සොයා බැලිය යුතුයි. පවතින ආර්ථික අර්බුදය මධ්යයේ, ගමනාගමන අපහසුතාද නොසලකමින් පොසොන් උත්සවය සැමරීමට අනුරාධපුර නගරය වෙත ඇදී ආ ලක්ෂ සංඛ්යාත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවීම අපට සතුට ගෙනෙදෙන අත්දැකීමක් වුනා. සුපුරුදු පරිදි මෙවරත් AIA ඉන්ෂුවරන්ස් සමාගම මෙම ව්යාපෘතිය ඔස්සේ බැතිමතුන්ගේ ජීවිතවල සුරක්ෂිතබව තහවුරු කිරීම වෙනුවෙන් වූ පොරොන්දුව එලෙසම ඉටුකල අතර පසුගිය වසර ගණනාව පුරාවට වටිනා මිනිස් ජීවිත 200 කට වැඩි ප්රමාණයක් බේරා ගැනීමට මෙම AIA පොසොන් රැකවරණ ව්යාපෘතිය ඔස්සේ අපට හැකිවී තිබෙනවා. මෙවරත් AIA හි ජේෂ්ඨ කළමනාකාරිත්ව කණ්ඩායමේ සාමාජිකයන් සහ අලෙවි බලකා සාමාජිකයින් පොසොන් දිනයේ දී අනුරාධපුර පුදබිම වෙත පැමිණියේ මෙම මෙහෙවරට අපගේ ඇති කැපවීම නිසයි. අප සමගින් සහයෝගීතාවයෙන් එක්ව සෑම වසරක් පාසා, AIA පොසොන් රැකවරණ ව්යාපෘතියට ස්වේච්ඡාවෙන් සිය ශ්රමදායකත්වය දක්වමින් වටිනා මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවරට දායක වන ශ්රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්රී ලංකා පොලීසිය, ශ්රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක හමුදාවේ සියලුම ජීවිතාරක්ෂක මහත්වරුන්හට අපගේ හදපිරි කෘතඥතාවය පලකිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා".
July, 8, 2022
SLT-MOBITEL විසින් ශ්රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ.
මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නියමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන මූල්ය ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ හවුල්කාරීත්වය මගින් පීපල්ස් ලීසිං සමාගමේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් mCash සේවාව හරහා තම ලීසිං වාරික ගෙවීමට අවස්ථාව ලැබේ.
මෙහිදි පීපල්ස් ලීසිං ගනුදෙනුකරුවන්ට SLT-MOBITEL mCash wallet සේවාව ඔස්සේ හෝ mCash බලයලත් අලෙවිසැල් වලදී පහසුවෙන් සහ ප්රමාදයකින් තොරව නිසි වේලාවට තම ලිසිං වාරික ගෙවීමට හැකියාව ලැබෙන අතර අනෙක් අතට පීපල්ස් ලීසිං සමාගමටද නියමිත ලීසිං වාරික පහසු සහ ප්රමාදයකින් තොරව එකතු කර ගැනීමට අවස්ථාව උදාවේ .
mCash බලයලත් අලෙවිසැල් ජාල දැනටමත් දිවයින පුරා ව්යාප්ත වී ඇති අතර ඉදිරියේදී තවත් අලෙවිසැල් මේ සදහා එක්විමට නියමිතය. පීපල්ස් ලීසිං සමාගම සමග එක්ව ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, SLT-MOBITEL සමාගම ඩිජිටල් පරිවර්තනයට ශ්රී ලාංකීකයන් සමීප කරවීම සඳහා දරන උත්සාහයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.
සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්යතාවන්ට හා ජීවන රටාවන්ට උචිත පරිදි නවතම අංග රාශියක් සමග හඳුන්වා දෙන ලද මෙම SLT-MOBITEL mCash සේවාව ශ්රී ලංකාවේ ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි සේවාවේ නව්ය පෙරළියක් ඇතිකිරීමට සමත් විය.
මුදල් යැවීම හා ගෙන්වා ගැනීම, ජංගම දුරකථන රීලෝඩ් හා බිල්පත් ගෙවීම්, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම්, රක්ෂණ වාරික, ලීසිං සහ ෆිනෑන්ස් වාරික ගෙවීම්, Online/In-store ගෙවීම් සිදුකිරීම, QR කේත භාවිතා කරමින් අලෙවිසැල් තුළදී ගෙවීම් සිදුකිරීම (ශ්රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දුන් LankaQR ප්රමිතීන්ට අනුව), බැංකු තැන්පතු, ණය හා ක්රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ඩිජිටල් ණය පහසුකම් (mCash ඔස්සේ පාරිභෝගිකයාට අයදුම් කළ හැකි ඩිජිටල් ණයකි) වැනි සේවාවන් හා පහසුකම් රාශියක් mCash ඔස්සේ ගනුදෙනුකරුවන් හට ලබා දී තිබේ. මෙම SLT-MOBITEL mCash සේවාව දිවයින පුරා පිහිටි කුඩා පරිමාණ අලෙවිසැලේ සිට මහා පරිමාණ අලෙවිසැල් දක්වා විහිදි තිබෙන අතර මේ සදහා Mobitel ශාඛා, SLT Teleshop අලෙවිසැල්, Singer ප්රදර්ශනාගාර, Lanka Bell ශාඛා, Pay & Go Pay & Go Kiosks ඇතුළු දිවයින පුරා ස්ථාන 25,000 කට අධික සංඛ්යාවක් ඔස්සේද mCash සේවාව භාවිතා කළ හැකි අතර, mCash App හරහා සෘජුවම mCash ගිණුම් වලට මුදල් ඇතුළත් කිරීමටද හැකියාව ඇත.
ඡායාරූපය - ෂමීන්ද්ර මාර්සිලිං - ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, Mobitel (PVT) Ltd හි ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්, Shiang Wong - නියෝජ්ය සාමාන්යාධිකාරී- පෙරගෙවුම්, රිෂානි ගුණරත්න - කළමනාකාර - ජංගම මූල්ය සේවා, අමන්දි විජේසිංහ - විධායක - ජංගම මූල්ය සේවා, ලක්සඳ ගුණවර්ධන - නියෝජ්ය සාමාන්යාධිකාරි - මෙහෙයුම්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ප්රභාත් ගුණසේන - නියෝජ්ය සාමාන්යාධිකාරි -තොරතුරැ තාක්ෂණික අංශය, ශෙරින් ඉනෝකා දබරේ මහත්මිය, නිරංජන් සෙල්වනායගම් - ජ්යේෂ්ඨ කළමනාකාර - ව්යාපාර පද්ධති නිර්මාණ - භාරත පතිරණ මහතා -කළමනාකරු - නිෂ්පාදන සහ ඩිජිටල් නාලිකා.
July, 8, 2022
‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව ක්රියාත්මක කරන ‘සැමට ඉංග්රීසි’ වැඩසටහනේ 4 වන අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. අනුරාධපුර, බදුල්ල සහ වවුනියාව යන ප්රදේශ ආවරණය කළ මෙම වැඩසටහන, COVID-19 සම්බන්ධ සීමාවන් නිසා මෙවර පවත්වන ලද්දේ මාර්ගගත (Online) වැඩසටහනක් වශයෙනි. DFCC බැංකුවේ තිරසාරත්ව ක්රමෝපායේ එක් පියවරක් වශයෙන්, මෙරට අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව ශ්රම බලකායට එක්වීමට හැකිවීම සඳහා ඔවුන්ගේ ඉංග්රීසි භාෂා දැනුම සහ මෘදු කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මෙවර වැඩසටහන සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සව මාලාවක්, ඔවුන් පාඨමාලාවන්ට එක්වූ ප්රදේශ වල පිහිටි DFCC බැංකු ශාඛා වලදී පැවැත්විණි. මෙහිදී ඔවුන්ට වටිනා සහතිකපත් පිරිනමන ලද අතර, DFCC බැංකුවේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් හමුවීමටද ඔවුන්ට අවස්ථාව ලැබිණි.
‘සැමට ඉංග්රීසි’ වැඩසටහන මීට පෙර 2017, 2018 සහ 2019 වසර වලදී ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව සහ යාපනය යන ප්රදේශ වල පවත්වන ලද අතර, සිසු සිසුවියන් 300 කට අධික පිරිසක් එම වැඩසටහන් වලට එක්වූහ. එහෙත් 2020 සහ 2021 වසර වලදී COVID-19 රෝග ව්යාප්තිය නිසා මෙම වැඩසටහන පැවැත්වීමට නොහැකි විය. මෙම වසරේදී ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන අනුරාධපුර, වවුනියාව සහ බදුල්ල යන දිස්ත්රික්ක තුළ පවත්වන ලද අතර, තරුණ තරුණියන් 50 කට අධික පිරිසකට එමගින් ඉංග්රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව ලැබිණි. මෙය එම තරුණ තරුණියන්ට ශ්රම බලකායට එක්වීම සඳහා අවශ්ය සුදුසුකමක් වන කථන ඉංග්රීසි සහ මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ, අභියෝග හමුවේ පවා ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන නැවත ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. “සමාජයීය වශයෙන් වගකීම් සහගත බැංකුවක් වශයෙන්, තරුණ පරපුරේ ඉංග්රීසි භාෂා නිපුණත්වය සහ මෘදු කුසලතා වර්ධනය කිරීම කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. මෙම හැකියාවන් තිබෙන අයට රැකියාවක් සොයාගැනීම මෙන්ම රැකියාවේ ඉදිරියට යාමත් පහසුයි. එමෙන්ම ඔවුන්ට ජාත්යන්තරය සමග ගනුදෙනු කිරීමටත් හැකි වනවා. අධ්යාපනය යනු අපගේ පුළුල් තිරසාරත්ව ක්රමෝපාය තුළ ප්රමුඛත්වය හිමිවන ප්රධානතම අංග 6 න් එකක්. මේ නිසාම අප අධ්යාපනික වැඩසටහන් රාශියකට දැනටමත් දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම මෙය, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව සහිත ශක්තිමත් ප්රජාවන් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහයට සමගාමී පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මේ දුෂ්කර කාලසීමාවේදී පවා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ ඉලක්කයයි. තරුණ පරපුරට තම සිහින සැබෑ කරගනිමින්, තමන් අපේක්ෂා කරන ආකාරයේ ජීවිත ගතකිරීමට ලැබෙන කාලයක් ඉක්මනින් උදාවේවා කියා අප ප්රර්ථනා කරනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.
DFCC බැංකුවේ ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන මාස 3 ක් පුරා පැවැත්වෙන අතර, එහිදී ඉංග්රීසි භාෂා සන්නිවේදන කුසලතා, මූලික ව්යාකරණ සහ වාක්ය ව්යුහයන්, සවන්දීමේ කුසලතා, කියවීමේ කුසලතා සහ ලිවීමේ කුසලතා යනාදී අංශ ආවරණය කරයි. රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් මෙම පාඨමාලාව තුළදී සිසු සිසුවියන්ට යුගළ සහ කණ්ඩායම් වශයෙන් ක්රියාකාරකම් වල යෙදෙමින් තම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෙම තරුණ තරුණියන්ට මාසයක් පුරා තම මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමේ වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, එහිදී කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීම, කාල කළමනාකරණය, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම සහ ඉදිරිපත් කිරීමේ හා ලිවීමේ හැකියාව වැඩිදියුණු කරගැනීම වැනි මූලික කරුණු ආවරණය කෙරේ.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ‘සැමට ඉංග්රීසි’ වැඩසටහනට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන්ට, බාධාවකින් තොරව මාර්ගගත ක්රමයට ඊට සහභාගී වීමට හැකි වීම සඳහා දත්ත දීමනාවක් සහ ‘හෑන්ඩ්ස්ෆ්රී සෙට්’ එකක්ද නොමිලේ හිමි වේ. DFCC බැංකුවේ ෆේස්බුක් පිටුව ඔස්සේ වැඩසටහන සඳහා අයදුම්පත් භාරගනු ලබන අතර, මූලික මාර්ගගත තක්සේරුවකින් අනතුරුව සුදුස්සෝ තෝරාගැනෙති.
සිය තිරසාර ක්රමෝපාය ඔස්සේ, අධ්යාපනයට ඇති අවස්ථා පුළුල් කරමින්, අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ප්රජාවන් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව කැපවී සිටී. මෙම අරමුණ වෙනුවෙන් DFCC බැංකුව ‘සැමට ඉංග්රීසි’ වැඩසටහනට අමතරව තවත් අධ්යාපනික සහ ප්රජා සත්කාර වැඩසටහන් රාශියක් ක්රියාවට නංවා ඇත. ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන තුළදී ඉහළම දක්ෂතා දක්වන තරුණ තරුණියන්ට DFCC බැංකුව තුළ සීමාවාසික පුහුණු අවස්ථාවන්ද හිමි වීම විශේෂත්වයකි.
July, 8, 2022
තවදුරටත් ඩිජිටල් බැංකුකරණ පුරුදු දිරිමත් කරමින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම වර්ධනය කිරීමේ අරමුණෙන් ශ්රී ලංකාවේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ඊපාස්පොත’ ඉංග්රීසි භාෂාවට අමතරව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ක්රියාත්මක කළ හැකි යැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.
මෙම ඇප් පහසුකමට කර තිබෙන මෙම වැඩිදියුණු කිරීම තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් කැමති භාෂාවක් තෝරාගනිමින් බැංකු ගනුදෙනු බලා ගැනීමට සහ කොම්බෑන්ක් ඊපොස්පොත මගින් ලබාදෙන සියළුම සේවාවන්ට ප්රවේශ වීමට හැකියාව ලැබී තිබේ.
කොමර්ෂල් බැංකුවේ ඊපාස්පොත භාෂා ත්රිත්වයටම හැරවීම තුළින් බැංකුවේ සියළුම පාරිභෝගික අංශ වලට ඩිජිටල් බැංකු කටයුතු වලට ගමන් කරමින් ඩිජිටල් මූල්ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීමට පිටිවහලක් වන බව බැංකුව සඳහන් කරයි.
2020 වසරේදී කොම්බෑන්ක් ඊපස්පොත, ස්වයං ලියාපදිංචිවීමේ හැකියාව, තත්කාලීන ගනුදෙනු දැනුම්දීම සහ රහස් වචනය ටයිප් නොකර මුහුණු හඳුනාගැනීම සහ ඇඟිලි සලකුණ ඇතුළත් කරමින් වැඩිදියුණු කරන ලදී. ස්වයං ලියාපදිංචි පහසුකම හඳුන්වාදීමත් සමඟ මාස 06 ක් ඇතුළත 150,000 කට වැඩි ප්රමාණයක් මෙම ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කර තිබේ. කොම්බෑන්ක් ඊපාස්පොත භාවිතා කරන ගනුදෙනුකරුවන් රටවල් 200 කට වැඩි ප්රමාණයක සිටින අතර සාමාන්යයෙන් මිනිත්තු 30 ක් ඇතුළත සක්රීය ගනුදෙනුකරුවන් 10,000 කට වැඩි ප්රමාණයක් මෙය භාවිතා කරන අතර මේ වනවිට මිලියනයකට වැඩි ගනුදෙනුකරුවන් ප්රමාණයක් ඊපාස්පොත සඳහා ලියාපදිංචි වී ඇත.
මෙම ජංගම දුරකතන ඇප් පහසුකම මගින් ඇන්ඩ්රොයිඞ් සහ iOS ජංගම දුරකතන භාවිතා කරමින් ඉතිරි කිරීම්, ජංගම, NRFC, RFC ගිණුම් සහ ක්රෙඩිට් කාඞ් තොරතුරු සඳහා ප්රවේශවීමට අවස්ථාව ලබාදෙන අතර ගිණුම් හිමියා විසින් ලියාංපදිංචි වී ඇති බහු ගිණුම් එක් ස්ථානයක තබා ගනිමින් අවශ්ය අවස්ථාවල තමන්ට කැමති ගිණුම භාවිතා කිරීමේ ඉඩකඩ ලබාදී ඇත. කොම්බෑන්ක් ඊපාස්පොත iOS ජංගම අයදුම නවතම MacBook පරිගණකයේ ඩෙස්ක්ටොප් අයදුමක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද පවතී.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
July, 8, 2022
ශ්රී ලංකාවේ තාරුණ්ය කේන්ද්ර කරගත් ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් යන දෙඅංශය සංවර්ධනය කිරීමට සහ නව පරම්පරාවේ තාක්ෂණික විශේෂඥයින්ට හා ව්යවසායකයින්ට ඒ පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීම සඳහා ගාල්ල තාක්ෂණ විද්යාලය (COT, Galle) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් ලංකා විසින් ගාල්ල තාක්ෂණ විද්යාලයේ කනිෂ්ඨ සහ ජ්යෙෂ්ඨ කණ්ඩායම්වල සිසු සිසුවියන් 30 දෙනෙකුට ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට හා පුහුණුවීම් කිරීමට ප්රවේශය මෙන්ම නව පරිගණක හා අවශ්ය උපකරණ ද ලබා දෙනු ඇත. එමෙන්ම එහි අවසන් වසරේ ඉගෙනුම ලබන විශිෂ්ටතම සහ දීප්තිමත් සිසු සිසුවියන් සඳහා මාස 6-12 ක් දක්වා වැටුප් සහිත සීමාවාසික වැඩසටහනක් හඳුන්වා දීම හරහා එයාර්ටෙල් ඔවුන්ට සැබෑ ලෝකය පිළිබඳ අත්දැකීමක් ද ලබා දෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ශ්රී ලංකා කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”ලෝකයේ බොහෝ රටවල් මෙන් ශ්රී ලංකාව ද දැඩි ආර්ථික අවිනිශ්චිතතාවකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී සියලූම ආයතන එක්ව ඵලදායිතාවය ඉහළ නැංවීමට සහ දියුණු වීම සඳහා නව අවස්ථා විවිර කර ගැනීම සඳහා පෙළ ගැසිය යුතුයි. මෙම තත්වයෙන් නැවත යථා තත්වයට පත් වීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ජංගම විදුලි සංදේශ සේවා අංශයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව අපි විශ්වාස කරනවා.’’ යනුවෙනි.
”සාර්ථක වීමට නම්, මෙම ක්ෂේත්රවලින් ඔවුන්ට විශිෂ්ටත්වය පෙන්වීමට අප තරුණ ශ්රී ලාංකිකයන් අවශ්ය දැනුමින් සහ මෙවලම්වලින් සන්නද්ධ කළ යුතු අතර ඔවුන්ව පුහුණු කළ යුතුයි. මෙය ශ්රී ලංකාව පුරා වේගවත්, විමධ්යගත ආර්ථික සංවර්ධනය හා නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමෙහිලා නව ආදර්ශයක් ඇති කරනු ඇතැයි අප විශ්වාස කරනවා. අප ගාල්ල තාක්ෂණ විද්යාලය සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය මෙම ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බව අපේ හැඟීමයි.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Huawei වැනි උපාය මාර්ගික ව්යාපාරික හවුල්කරුවන් සමඟ එයාර්ටෙල් හි දැනට පවතින සබඳතා උපරිම ලෙස භාවිත කරමින් සිසු සිසුවියන්ට දත්ත සන්නිවේදනය, මයික්රොවේව් සවි කිරීම හා ආකෘතිය BSS ජාල පිළිබඳ ප්රායෝගික/තාක්ෂණික පුහුණුවක් ද ලබා දෙනු ඇත. මීට අමතරව, ගාල්ල COT හි උපාධිධාරීන්ට එයාර්ටෙල් ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ගමන, පුද්ගලික ප්රතිරූප ගොඩනැගීම, ආයතනික ක්ෂේත්රයට පිවිසීමේදී ඇති අපේක්ෂාවන් පිළිබඳ අන්තර් පුද්ගල කුසලතාවන් පුහුණු කිරීම සහ උපදේශනය ද හිමි වේ. තවද සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීම පිළිබඳ ප්රායෝගික උපදෙස් මෙන්ම ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්රයේ වැදගත් මෙහෙයුම් අංශයන් පිළිබඳ ප්රායෝගික අත්දැකීමක් ලබා ගැනීම සඳහා මාලිගාවත්තේ පිහිටි Airtel Mobile Switching Center (MSC) වෙත පැමිණීමට ද අවස්ථාවන් හිමි වේ.


July, 8, 2022
ශ්රී ලංකාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවට මාධ්ය ඔස්සේ ප්රචාරය වන ඇතැම් අසත්ය තොරතුරු නිවැරදි කිරීමට ශ්රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරයි.
මේ වන විට ශ්රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බව ශ්රිලංකන් ගුවන් සේවය තහවුරු කර සිටියි.
පවතින තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගුවන් ගමන් කාලසටහන් වල වෙනස්වීම් සිදුකර ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා තෝරාගත් විදේශීය ගුවන් තොටුපළවල තාක්ෂණික නැවතුම් හඳුන්වාදී ඇත. ඒ අනුව ඇතැම් ගුවන් ගමන්වල වේලාව සහ කාලසීමාවේ යම් වෙනස්කම් සිදුවිය හැක.
කෙසේ වෙතත්, ශ්රීලංකන් ගුවන් සමාගම කාලසටහන් සංශෝධන වල බලපෑම නොතකා සිය ගුවන් ගමන් කාලසටහන 100%කට ආසන්න කාර්යක්ෂමතාවයකින් යුතුව ක්රියාත්මක කරමින් සිටියි.
මෙම තීරණාත්මක අවස්ථාවේදී නියමිත ගුවන් ගමන් මෙහෙයුම් අවම බාධාවකින් තොරව ක්රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ශ්රීලංකන් ගුවන් සමාගම සිය පාරිභෝගිකයින්ට සහතික වී සිටියි.වැඩි විස්තර සඳහා ඔබගේ ළඟම ඇති ශ්රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලය අමතන්න. නැතිනම් www.srilankan.com වෙත පිවිසෙන්න.
Video Story