• Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanaka

HNB සර්ව ආගමික වතාවත් ඉටු කරමින් ආශීර්වාද ලබා ගනී

July, 7, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වසර මැද පවත්වනු ලබන සිය සර්ව ආගමික වතාවත් පසුගියදා HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

දැනට පවතින ආර්ථික අර්බුදයෙන් අත්මිදීමේ අරමුණින් රටට සහ එහි ජනතාවට සෙත් පතා පවත්වන ලද මෙම සර්ව ආගමික වතාවත් සඳහා HNB හි ආයතනික කළමනාකාරීත්වය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය. මෙවැනි අභියෝගාත්මක කාලවලදී ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා ඔවුන්ගේ මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන හැට්නා පවුලට ද විශේෂයෙන් මෙහිදී ආශිර්වාද කරන ලදී.

බෞද්ධ ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පිරිත් සඤ්ඤායනාවකින් මෙම සර්ව ආගමික වතාවත් ආරම්භ වූ අතර අනතුරුව කිතුනු යාඥා මෙහෙයක් මෙන්ම ඉස්ලාම් සහ හින්දු ආගමික වතාවත් ද සිදු කරන ලදී. තවද බැංකුවේ අඛණ්ඩ ඉදිරි ගමන්මගට සහ එහි නායකත්වයට, කළමනාකාරිත්වයට සහ ගනුදෙනුකාරභවතුන්ගේ සාර්ථකත්වය උදෙසා ද මෙහිදී ආශිර්වාද කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Project Summit
  • sri lanaka
  • Sysco LABS

Sysco LABS විසින් අනාගත ඉංජිනේරුවන් සංවර්ධනය කිරීමට ‘Project Summit’ වැඩසටහන ආරම්භ කරයි

July, 7, 2022

අනාගත ඉංජිනේරුවන් පුහුණු කිරීම වෙනුවෙන් ඔවුන් හට අඛණ්ඩව අධ්‍යයන කටයුතු කිරීමට පහසුකම් සැලසීමට සහ අනාගතයට සූදානම් නව ඉංජිනේරු පරපුරක් බිහිකරමින් ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණ යටතේ Sysco LABS Sri Lanka ආයතනය විසින් 'Project Summit' වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී.

Sysco LABS හි 'Project Summit' වැඩසටහන විශ්ව විද්‍යාල අධ්‍යනයෙන් පසු සෘජුව නව බඳවා ගැනීම් සඳහා වේගවත් වර්ධන පහසුකම් සැලසීමේ වේදිකාවක් ලෙස කටයුතු කරන අතර, '4වන කාර්මික තාක්ෂණ විප්ලවය' (‘4th industrial revolution tech’ - 4IR) යටතේ වර්ගීකරණය කර ඇති නව තාක්ෂණික සංකල්ප මත ක්‍රියාත්මක වීමට මාර්ගය විවර කර දෙයි.

නිවැරදිව කුසලතා වර්ධනය කරමින් අනාගත ඩිජිටල් විප්ලවය ආමන්ත්‍රණය කිරීම සඳහා සහභාගීවන්නන් හට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), යන්ත්‍ර අධ්‍යයනය (Machine Learning), (Immersive Technology) සහ අන්තර්ජාලය (Internet) වැනි 4IR සංකල්ප පිළිබඳ අවබෝධය සහ උපදේශන සේවා ලැබෙනු ඇත. Sysco LABS විසින් අනාගත ශ්‍රම බලකාය වෙනුවෙන් ආයෝජනය සිදු කරන අතර 4IR භූ දර්ශනය කෙරෙහි දක්වන මෙම අවධානය මගින් විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීමට සහ අනාගතය සඳහා විසඳුම් ගොඩනැගීමට සහාය ලබා දෙනු ඇත.

'Project Summit' වැඩසටහන සාමාන්‍යයෙන් අධ්‍යයනය කිරීමට වසර 4ක් පමණ ගතවන අධ්‍යයන මොඩියුල වලින් සමන්විත වේ. කෙසේ වෙතත් සහභාගීවන්නන් හට මාස හයක කාල සීමාවකින් වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන අතර ඒ හරහා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වේගවත් කිරීමට හැකි වේ. 'Lean Start-up සංකල්පය' මත පදනම් වෙමින් 4IR හි සක්‍රීය විසඳුම් හඳුනාගැනීමට, සංවර්ධනය කිරීමට සහ ඵලදායිතා ප්‍රමිති වැඩිදියුණු කිරීමට මෙම වැඩසටහන හරහා සහභාගීවන්නන් බල ගන්වනු ලබයි.

මෙම වැඩසටහනේ ද්විතියික අරමුණු වන්නේ වැඩිදුරටත් අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ මානසිකත්වයක් වර්ධනය කිරීම හා නවෝත්පාදන මත පදනම් වූ ඉංජිනේරු සංස්කෘතියකට සහභාගීවන්නන් අනුගත කිරීමය. ඒ හරහා ව්‍යාපාරික වපසරිය පිළිබඳ ඔවුන්ගේ දැනුම මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය, ව්‍යාපෘති කළමනාකරණය සහ බෙදා හැරීමේ ක්‍රියාවලියේ ඉහළම භාවිතයන් වැඩිදියුණු කිරීමට ඔවුන්ට ඉඩ සලසනු ඇත.

වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Sysco LABS හි Enterprise Architecture Group හි අධ්‍යක්ෂ, ඉංජිනේරු නිශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.''අපගේ අති විශිෂ්ඨ වූ ඉංජිනේරු උපදේශන සහ පුහුණු වැඩසටහන වන 'Project Summit' වැඩසටහන ආරම්භ කිරීම හරහා තාක්‍ෂණය මත පදනම් වූ ලෝකයක අනාගත අවශ්‍යතාවයන් සපුරාලීමට බලා සිටින නව ඉංජිනේරු පරපුරක් පෝෂණය කිරීමට අවශ්‍ය මග සලසා දෙනවා. අපගේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා තිරසාර වූ කුසලතාවයන් සහිත කණ්ඩායමක් පත්කර ගත යුතුයි. ඒ වෙනුවෙන් රැකියා ස්ථානවල විශිෂ්ඨ වූ දක්ෂතාවයන් දැක්වීමට අවශ්‍ය කුසලතා සහ පළපුරුද්ද ලබාදෙමින් තරුණ ඉංජිනේරුවන් වේගවත්ව ලුහුබැඳයාම මෙම වැඩසටහනේ අරමුණයි.''

Sysco LABS හි 'Project Summit' වැඩසටහන සහ සමාගමේ නවෝත්පාදන සංස්කෘතිය පිළිබඳව වැඩිදුරටත් දැන ගැනීම සඳහා  https://syscolabs.lk/life-at-syscolabs වෙත පිවිසෙන්න.

  • Ada Derana BIZ Sinhala
  • DFCC Bank
  • sri lanaka

DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපායට සමගාමීව බලශක්තිය ඉතිරි කිරීමේ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවයි

July, 7, 2022

කාටත් ගැළපෙන බැංකුව ලෙස හැඳින්වෙන DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපාය ඔස්සේ සියලුම දෙනාට අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. මෙම ක්‍රමෝපාය 2020 වසරේදී හඳුන්වා දෙන ලද්දේ, 2030 වසර වන විට මෙරට තුළ තිරසාරත්වයට ඉහළම දායකත්වයක් ලබාදෙන බැංකුව බවට පත්වීමේ දැක්ම පෙරදැරිව, ඉදිරි දශකය තුළ බැංකුවේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමේ අරමුණිනි.

මෙම තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ, 2020-2030 වසර වන විට කාබන්-ශූන්‍ය (Carbon Neutral) බැංකුවක් බවට පත්වීම, ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය සේවා සම්බන්ධයෙන් ප්‍රමුඛතම තේරීම බවට පත්වීම සහ 2030 වසර වනවිට තිරසාර රාජකාරි ජීවන රටාවකට හුරුවීම යන ප්‍රධාන ඉලක්ක ළඟා කරගැනීමට DFCC බැංකුව උත්සාහ දරයි.

බලශක්ති කාර්යක්ෂමතාව සහ විදුලිය ඉතිරිකිරීම යනු, කාබන් උදාසීන බැංකුවක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ දෙකක් බවට DFCC බැංකුව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින බලශක්ති අර්බුදය හමුවේ මෙය විශේෂයෙන් වැදගත් වේ. මේ අනුව, තම සමස්ත ශාඛා ජාලය පුරාම බලශක්තිය පිරිමැසුම්දායක ලෙස භාවිතා කරන අතරම, තම මෙහෙයුම් මගින් පරිසරයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා බැංකුව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. බලශක්තිය සුරකින අතරම දීර්ඝකාලීනව පුනර්ජනනීය බලශක්තිය භාවිතයට යොමුවීම බැංකුවේ තවත් අරමුණක් වී තිබේ.

‘DFCC Energy Saving App’ යනු, බලශක්තිය ඉතිරි කිරීම සහ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා DFCC බැංකුව භාවිතා කරන ප්‍රධානතම ක්‍රමවේදයන්ගෙන් එකකි. බැංකුව විසින්ම නිර්මාණය කරන ලද මෙම යෙදවුම, බැංකුවේ සමස්ත ජාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ පුරෝකථනය කිරීම සිදුකරයි. තවද පාරිසරික කළමනාකරණ පද්ධතියක් ලෙසද ක්‍රියාකරන එය, ‘Energy Dashboards’ හරහා විශ්ලේෂණය සඳහා දත්ත ලබාගැනීම, සකස් කිරීම හා ප්‍රදර්ශනය කිරීම සිදුකරයි. රටා හඳුනාගැනීම සහ වෙනස්කම් විශ්ලේෂණය කිරීම ඇතුළු තවත් විශ්ලේෂණ රාශියක්ද මෙමගින් දැකගත හැකි වේ.

“රට තුළ පවතින අභියෝග හමුවේ අපගේ බලශක්ති භාවිතය අවම කරගැනීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, අපගේ බලශක්ති අනුකමිටුව විසින් මේ බලශක්ති ඉතිරිකිරීමේ යෙදුම හඳුන්වා දෙනු ලැබුවා. එය අපගේ ජාලය තුළ බලශක්තිය භාවිතා වන ආකාරය සම්බන්ධයෙන් වටිනා තොරතුරු ලබාදෙනවා. මීට අමතරව, බලශක්තිය ඉතිරි කිරීම දිරිගන්වන තරග වැනි විවිධාකාර වැඩසටහන් ක්‍රියාවට නැංවීමටත් අප පියවර ගත්තා. බලශක්තිය ඉතිරි කිරීම සහ පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම තුළින්, මේ අතිශය වැදගත් ප්‍රයත්නයට අපගේ කාර්ය මණ්ඩලයේ උපරිම දායකත්වය ලබාගැනීමටත් අපට හැකි වී තිබෙනවා.” DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

2024 වසර වනවිට තම අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු වලදී කඩදාසි භාවිතය 100% ක්ම නැවැත්වීම සහ සමස්තයක් ලෙස  එය 50% කින් අඩු කිරීම DFCC බැංකුවේ ඉලක්කය වී තිබේ. මේ සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් අතරින් ප්‍රධානතම වැඩසටහන වන්නේ "Paperless Certification Program" නම් වැඩසටහනයි. මෙම වැඩසටහන යටතේ, බැංකුවේ සියලුම අංශයන් තුළ කඩදාසි භාවිතය අවම වශයෙන් 85% කින් අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ, ඉන් අනතුරුව අදාළ ක්‍රියාවලි ස්වාධීනව පරීක්ෂාවන්ට ලක්කර කඩදාසි රහිත බවට තහවුරු කිරීමට දිරිගන්වනු ලැබේ. මෙයට බැංකුවේ කාර්ය මණ්ඩලයෙන් පුළුල් සහයෝගයක් ලැබුණ අතර, එමගින් වාර්ෂික කඩදාසි භාවිතය සැලකිය යුතු මට්ටමකට අවම කරගැනීමට හැකියාව ලැබිණි.

එමෙන්ම මේ වනවිට DFCC බැංකුව, කඩදාසි භාවිතයෙන් තොරව ඩිජිටල් ක්‍රමයට ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. මෙමගින් බැංකුවේ කඩදාසි භාවිතය තවදුරටත් අවම වනු ඇති අතරම, ගනුදෙනුකරුවන්ට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ගිණුම් විවෘත කිරීමට හැකි වනු ඇත.

DFCC බැංකුව මේ වනවිට කුරුණෑගල, මීගමුව සහ රාමනායක මාවත ශාඛාවල සූර්ය බලශක්ති පද්ධති සවිකර, ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් ශාඛා වලද එවැනි පද්ධති සවිකිරීමට සැලසුම් කර තිබේ. මේ නිසා පසුගිය වසර කිහිපය තුළ ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට බැංකුව හැකියාව ලැබිණි.

පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම සඳහා මූල්‍ය පහසුකම් සපයමින්, වඩාත් තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. DFCC බැංකුව සිය හරිත මූල්‍ය සම්පාදන මෙහෙවර ආරම්භ කළේ 1988 දී සූර්ය PV මොඩියුල එකලස් කිරීමේ කම්හලකට අරමුදල් සැපයීමත් සමගිනි. ඊට අමතරව ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ ප්‍රථම පෞද්ගලික කුඩා ජලවිදුලි ව්‍යාපෘතිය මෙන්ම සුළං, සූර්ය සහ අපද්‍රව්‍ය-බලශක්තිය ව්‍යාපෘති සහ ජෛව ස්කන්ධ මත පදනම් වූ ඒකාබද්ධ තාප බල ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රාශියකට DFCC බැංකුව අරමුදල් සම්පාදනය කර තිබේ. තවද පියසි මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති රාශියක් සඳහා බැංකුව අරමුදල් සපයා ඇති අතර, 1997 වසරේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් හඳුන්වා දීමට ද පුරෝගාමී විය. එය අද දක්වාම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන සඳහා අදාළ වන වැඩ රාමුවේ මූලික පදනම ලෙස සැලකේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanaka
  • world’s Top 1000 banks

අඛණ්ඩව 12 වන වසරටත් කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට

July, 6, 2022

ලොව සුපතල එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට පිට පිටම 12 වන වසරටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ.

බැංකුවක මූල්‍ය ශක්තිය මැනීමේ මූලික දර්ශකයක් වන පළමු පෙළ ප‍්‍රාග්ධනය මූලික වශයෙන්  පදනම් කරගනිමින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ගෝලීය වශයෙන් මෙම බැංකු වර්ගීකරණය කරයි.

‘මතක කාලයක ශ‍්‍රී ලංකාවේ බැංකු මුහුණ දුන් දුෂ්කරම කාලය මෙයයි. ශී‍්‍ර ලංකාව අද දකින ආර්ථික ප‍්‍රශ්න කොවිඩි-19 වසංගතයේ බලපෑම් නිසා තවත් උග‍්‍ර වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 12 වන වතාවටත් කොමර්ෂල් බැංකුව තේරී පත්වීම ඇත්ත වශයෙන්ම කැපී පෙනෙන ජයග‍්‍රහණයක්,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. ‘මෙම සහතික කිරීම තුළින් බැංකුව අඛණ්ඩව පවත්වාගෙන යන ස්ථාවරත්වය සහ බාහිර අභියෝග මැද ශක්තිමත් ලෙස සිය බැංකු මූලධර්ම පවත්වාගෙන යාමට ඇති හැකියාව පෙන්නුම් කරනවා.’

මෙම ලයිස්තුවේ ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 05 අතරට ICBC, චයිනා කන්ස්ට‍්‍රක්ෂන් බෑන්ක්, ඇග‍්‍රිකල්චරල් බෑන්ක් ඔෆ් චයිනා, බෑන්ක් ඔෆ් චයිනා, JP මෝර්ගන් චේස් ඇන්ඞ් කම්පනි ඇතුළත් වන අතර කොමර්ෂල් බැංකුව මෙම ලයිස්තුවේ 930 වන ස්ථානයට පත්වී තිබේ.

මෙම වර්ගීකරණයේදී ‘ද බෑන්කර්’ සඟරාව විසින් අංක 1 සිට 1000 දක්වා බැංකු වර්ගීකරණය කරන අතර ලොව බැංකු කර්මාන්තයේ වඩාත්ම ඇගයීමට ලක්වී තිබෙන වර්ගීකරණයක් වන ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයේ කළාපීය ලයිස්තුව සකස් කිරීමේදී සඟරාවේ කර්තෘ මණ්ඩලයේ අදහස් ද සැලකිල්ලට ගනී. අංශ අටක කාර්ය සාධනය මනිමින් රටින් රටට බැංකු වලට ලකුණු ලබාදීමටත් ඒවා වර්ගීකරණය කිරීමටත් ප‍්‍රධාන අනුපාත 08 ක් ඇතුළත් ආකෘතියක් මෙහිදී භාවිතාකරයි. වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය, අවධානමට අදාළ ප‍්‍රතිලාභය, විශ්වාසවන්තභාවය, ලාභදායීතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, ද්‍රවශීලතාවය මෙහිදී සැලකිල්ලට ගනී. සෑම බැංකුවක්ම මෙම අංශ වලදී දක්වන කාර්යසාධනය පදනම් කරගනිමින් සමස්තයක් ලෙස ‘හොඳම කාර්ය සාධනයක් පෙන්වන බැංකු’ ලකුණු සහ වර්ගීකරණය සකස් කරයි.

2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙසින් පිට පිටම තුන්වන වසර සඳහාත් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර 2021 වසර අවසන් වනවිට බැංකුව සතුව රුපියල් ටි‍්‍රලියන 1.983 ක සමස්ත වත්කම් පැවතුණි. එසේම, 2021 මූල්‍ය වසරේදී බැංකුව රුපියල් බිලියන 163.675 ක දළ ආදායමක්, රුපියල් බිලියන 24.29 ක ශුද්ධ ලාභයක්, රුපියල් ටි‍්‍රලියන 1.473 ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 1.095 ක ණය පොතක් වාර්තා කරන ලදී.

ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත සැලකීමේදී 2021 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමුපෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 11.923% ක්වූ අතර එය තිබිය යුතු අවම අනුපාතය 9%කි. එසේම, සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය ද තිබියයුතු 13% ක ප‍්‍රමාණය ඉක්මවා යමින් 15.650% ක මට්ටමක තිබීම ද මෙහිදී කැපී පෙනේ.

පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුවයි. එසේම, සමස්ත වත්කම් අනුව සැලකීමේදී ශ‍්‍රී ලංකාවේ තෙවැනියට විශාලතම බැංකුව මෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ මට්ටමේ දේශීය වැදගත්කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස නම්කළ මෙරට එකම පුද්ගලික වාණිජ බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. මේ වනවිට බැංකුව සතුව දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • Family Savari
  • sri lanaka

සෙලින්කෝ ලයිෆ් සිය ‘ෆැමිලි සවාරි’ ජයග‍්‍රාහකයින්ට මුදල් ත්‍යාග ලබාදීම අරඹයි

July, 6, 2022

සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්‍යාග වලින් ජයග‍්‍රාහකයින්ට ලබාදෙන ප‍්‍රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග‍්‍රාහකයින් විසින් දිනාගන්නා ත්‍යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි.

මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර කොවිඞ්-19 වසංගත කාලයේදී විදෙස් සංචාර සහ දේශීය සංචාර සිදුකළ නොහැකිවූ නිසා මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග වශයෙන් රත්තරන් ලබාදීමට සමාගම තීරණය කරන ලදී. කෙසේවෙතත්, වර්තමානයේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ සමාගම සඳහන් කරන්නේ ජයග‍්‍රාහකයින්ට ඔවුන් ජයග‍්‍රණය කරන ත්‍යාගවල සම්පූර්ණ වටිනාකම මුදලින් ලබාදෙන බවයි.

‘පවතින තත්ත්වය අනුව ත්‍යාගයේ සම්පූර්ණ වටිනාකම මුදලින් ලබාගැනීමට අපගේ ‘ෆැමිලි සවාරි’ ජයග‍්‍රාහකයින් කැමති වනු ඇතැයි අපට විශ්වාසයි,’ යනුවෙන් මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. ‘මෙහිදී මාස දෙකකට වරක් පවත්වන දිනුම් ඇදීමේදී පළමු ස්ථානය ලබාගන්නා ජයග‍්‍රාහකයාට සමාගම විසින් රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබාදෙනවා. ඒ වගේම, තවත් ජයග‍්‍රාහකයින් 75 දෙනෙකුට රුපියල් මිලියන 03 ක අගයකට මුදල් ත්‍යාග ලබාදීමට අපි සූදානම්.’

මේ අනුව, සමස්තයක් ලෙස ගත්විට 2022 අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිත මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන මගින් රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට ත්‍යාග ලබාදෙන අතර ත්‍යාග මල්ලේ මුළු වටිනාකම රුපියල් මිලියන 30 කි. මෙයට සැනසිලි ත්‍යාග වශයෙන් ලබාදෙන රුපියල් මිලියන 06 කට ආසන්න සුපිරි වෙළෙඳසැල් වවුචර්ද ඇතුළත් වන බව සමාගම සඳහන් කරයි.

මාස දෙකකට වරක් පැවැත්වෙන මෙම දිනුම් ඇදීම් 06 සඳහා සුදුසුකම් ලැබීමට සෙලින්කෝ ලයිෆ් ගනුදෙනුකරුවන් තම ජීවිත රක්ෂණ සැලසුම හෝ විශ‍්‍රාමික සැලසුම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී සක‍්‍රීයව පවත්වාගෙන යාම හෝ අවම ගිණුම් ශේෂයක් පවත්වාගෙන යා යුතුය. මීට අමතරව, සමාගම වෙත සෘජුවම රක්ෂණ වාරික මුදල් ගෙවන ඔප්පුහිමියන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිවන අතර ඔවුන් සමාගමේ ගනුදෙනුකරුවෙකු වී සිටින කාල සීමාව අනුව එම අමතර දිනුම් අවස්ථාවන් සංඛ්‍යාව වැඩිවන බව සමාගම සඳහන් කරයි.

සමස්තයක් ලෙස ගත්විට පසුගිය කාලය තුළදී මෙම වැඩසටහනින් මේ දක්වා ප‍්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව 26,000 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප‍්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග‍්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

  • Ada Derana BIZ Sinhala
  • HNB FINANCE
  • HNB Finance PLC
  • sri lanaka

HNB FINANCE හි ග්‍රාමීය අධ්‍යාපනය සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් වඩිනාගල විද්‍යාලයේදී

July, 5, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ග්‍රාමීය අධ්‍යාපනය නැංවීමේ වැඩ පිළිවෙල යටතේ දුෂ්කර පාසලක් වන අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල විද්‍යාලයේ සිසුසිසුවියන්ගේ පරිහරණය සඳහා පරිගණකයක් ඇතුළු උපාංග සහ පාසල් පුස්තකාලය සඳහා පොත් පත් පරිත්‍යාගයක් පසුගියදා සිදුකරනු ලැබීය.

සමාජයට වගකියන මූල්‍ය ආයතනයක් ලෙස HNB FINANCE සමාගම ‘මෙහෙවර’ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, නිවාස මෙන්ම ජීවනෝපාය සංවර්ධනය ආදී ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා කටයුතු කරමින් සමාජය සවිබල ගැන්වීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටී.

“විවිධ වූ සමාජ අවශ්‍යතාවන් ඉටුකරමින් පිළිසරණක් අවශ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා HNB FINANCE PLC විශාල සේවාවක් පසුගිය කාලය පුරාම ඉටුකර තිබෙනවා. එමෙන්ම වරප්‍රසාද අඩු ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නැංවීම සඳහා අඛණ්ඩව සිදුකරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල පාසල මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා.මෙම සද්කාර්ය සිදුකිරීමේදී තර්ස්ටන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය(2019 -2022) සහ එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නොයෙල් ජෝෂප් මහතා  මූලිකත්වය ගෙන කටයුතු කළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පසුගිය කාලවකවානුව තුළදී කෝවිඩ් වසංගතය අතරතුරදී පවා ප්‍රජාව සවිබල ගැන්වීමට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට අපි පියවර ගනු ලැබුවේ එය අපගේ සමාජ වගකීමක් ලෙස සලකන නිසයි.”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • Orient
  • Orient FD Plus
  • sri lanaka

ඔරියන්ට් FD Plus වෙතින් අසාද්‍ය රෝග ආවරණයක් සහිත විශේෂ ජීවිත රක්ෂණාවරණයක්

July, 5, 2022

ජනශක්ති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී විසින් අසාද්‍ය රෝග ආවරණයක් සමඟින් ජීවිත රක්ෂණාවරණයක් සහිත ස්ථාවර තැන්පතුවක්  FD Plus නමින් හඳුන්වා දීමට මෑතක දී කටයුතු කෙරිණි.  එමෙන් ම ඊට සමගාමීව, මෙම ස්ථාවර තැන්පතුව මගින් ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඔරියෙන්ට් ෆිනෑන්ස් සමාගමේ විකුණුම් කණ්ඩායමේ සහභාගිත්වයෙන් දීප ව්‍යප්තව පැවැත්විණි.  මෙම නව්‍ය මූල්‍ය විසඳුම මඟින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව මෙන් ම  ජීවිත ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරන අතර, එය දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි ද මනා අවබෝධයකින් යුතුව නිර්මාණය කර ඇති බව පැවසිය යුතු ම ය. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම දියත් කළ දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් ද ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා පිළිබඳව දැනුවත් වෙමින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවලට සරිලන පරිදි මෙම ආයෝජන සැළසුම අභිරුචිකරණය කිරීමට හැකි වීම ද විශේෂිතය. ඔරියන්ට් FD Plus ස්ථාවර තැන්පතු ගිණුමේ තැන්පතුවල මුළු වටිනාකම මත පදනම්ව, රක්ෂණාවරණයේ වටිනාකම තීරණය කරනු ලබන අතර, සුදුසුකම් ලබන ගිණුම් හිමියන්ට විශේෂයෙන් නිර්මාණය කරන ලද සම සන්නාම සහිත රක්ෂණ කාඩ්පතක් ද ලබා දෙයි.

මෙම නවතම ස්ථාවර තැන්පතු ගිණුම  පිළිබඳව අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කේ. එම්. එම්. ජාබීර් මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. " වර්තමානයේ පවතින අභියෝගාත්මක කාලවකවානුව තුළ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් අපි මෙම සුවිශේෂී ස්ථාවර තැන්පතු ගිණුම හඳුන්වා දීමට කටයුතු කළා. ඔරියන්ට් FD Plus කියන්නෙ අසාද්‍ය රෝග ආවරණයක් සමඟ ජීවිත රක්ෂණාවරණයක් ලබා දෙන සුවිශේෂී ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක්.  මෙම ස්ථාවර තැන්පතුව හරහා අපි අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කරනවා."

ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී සමාගම,  තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල් බදු (ලීසිං) , කුලී මිලදී ගැනීම්, ප්‍රතිඥා ණය, ෆැක්ටරිං, ආන්තික වෙළෙඳාම්, උකස්, කාරක ප්‍රාග්ධන හා ආයතනික මූල්‍යකරණය ආදී මුල්‍ය සේවාවන් රැසක් ලබා දෙන ආයතනයකි. එමෙන් ම විවිධ රැකියා හා ආදායම් මට්ටම්වල ගනුදෙනුකරුවන්  ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ද පැවසිය යුතු ම කරුණකි. ඔරියන්ට් FD Plus ස්ථාවර තැන්පතුව  පිළිබඳ වැඩි විස්තර ළඟම ඇති ඔරියන්ට් ෆිනෑන්ස් ශාඛාවෙන් හෝ +94 (0) 11 757 7577 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

 

ඡායාරූප විස්තරය: විකුණුම් කණ්ඩායමේ නියෝජිතයන් ඔරියන්ට් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලයේදී

  • Ada Derana BIZ Sinhala
  • Sat Co Lanka Technology
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL දීපව්යාප්ත රුක්රෝපණ වැඩසටහනේ තවත් අදියරක් අනුරාධපුරයේදී සහ කොළඹදී

July, 5, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික සමාජ පාලන (Environmental Social Governance - ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

‘'රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු' යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ නිරෝගී පසක් ඇතිකිරීම යන කරුණු මුල්කරගත් ප්‍රතිඥාවක් ඔස්සේ SLT-MOBITEL විසින් මෙම දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

කොළඹදී පැවති රුක් රෝපණ වැඩසටහන පවත්වන ලද්දේ, ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ 31 වන සංවත්සරයට සමගාමීව ය. වැඩසටහනේ හවුල්කරු ලෙස කටයුතු  කළේ A Sat Co Lanka Technology (පුද්.) සමාගමයි.

මීට අමතරව අනුරාධපුරයේ පූජනීය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. මේ යටතේ SLT-MOBITEL හි නිලධාරීන් විසින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට මී පැළ ලබාදෙන ලදි.

පළිබෝධ පාලනයට දක්වන දායකත්වය, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිතා වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් SLT-MOBITEL විසින් මෙම වැඩසටහන සඳහා මී ගස තෝරාගන්නා ලදී. මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ ‘තුරු’ නම් ජංගම යෙදුම ඔස්සේ මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ය.

මෙම රුක් රෝපණ වැඩසටහන් මාලාව, පරිසරය සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ඇති බව SLT-MOBITEL විශ්වාස කරයි. එමෙන්ම එය වඩාත් පුළුල් සම්බන්ධතා සහිත, සුරක්ෂිත හා තිරසාර අනාගතයක් හමුවේ SLT-MOBITEL හි පාරිසරික සමාජ පාලන වගකීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්ද වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Amana Takaful Insurance
  • sri lanaka

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම PIM සමඟ එක්ව නායකත්ව විශිෂ්ටතා පුහුණු වැඩසටහන ඔස්සේ පුද්ගල සංවර්ධනයට කැපවෙයි

July, 4, 2022

අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය සේවකයින් අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇති සිය කැපවීම තහවුරු කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ කුසලතා සහ නිපුණතා ශක්තිමත් කිරීමේ නව ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කළේය. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව දියත් කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතුරින් තෝරාගත් සමාජිකයින් සඳහා මෙම සුවිශේෂ නායකත්ව පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එමගින් ගැටළුකාරී කාල වකවානුවක ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සමාගමේ උපායමාර්ගික පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම නායකත්ව විශිෂ්ටතා වැඩසටහන (Leadership Excellence Programme – LEP) ඔස්සේ වර්තමාන සහ අනාගත නායකයින් සංවර්ධනය කිරීම අරමුණු වන අතර, මෙමගින් ඔවුන්ගේ තාක්ෂණික සහ උපායමාර්ගික දැනුම වර්ධනය කර ගැනීමට මනා අවස්ථාවක් විවර වේ. මෙම සමාරම්භක කණ්ඩායම සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් මාස 6ක කාලයක් තුළ සැසි මාලාවකට සහභාගි වනු ඇත. මෙහිදී තීරණ ගැනීම සහ ගැටළු විසඳීම, යාවත්කාලී වූ කළමණාකරණය, මූල්‍ය, විකුණුම් සහ අලෙවිකරණය, පුද්ගලික විශිෂ්ටත්වය ආදී කළමනාකරණයේ විවිධ උපායමාර්ගික ක්ෂේත්‍රවලට අදාළ බොහෝ ක්ෂේත්‍ර අධ්‍යනය කිරීමේ අවස්ථාව හිමි වේ.

මෙම සමාරම්භක අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් ප්‍රධානී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ෆර්හාන් ජාබීර් මහතා පැවසුවේ, “අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් කියන්නේ සැමවිටම සහයෝගීත්වය සහ ජනතා කේන්ද්‍රීය සංස්කෘතියක් මත වර්ධනය වන සමාගමක්. ඒ වගේම අප වසර ගණනාවක් පුරා අපගේ සේවකයන්ගේ ඇගයීම් කාර්යයේ නිරත වෙමින් ඔවුන් වෙනුවෙන් බොහෝ පුද්ගලික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ යාවත්කාලීන වූ දැනුමින්  ඉදිරියට යාමට අවස්ථාවක් වන බව අපේ විශ්වාසය යි. ඒ වගේම පළමු කණ්ඩායමෙන් පසුව මෙම අවස්ථාව අපේ ආයතනයේ අනෙකුත් ස්ථරවල සාමාජිකත්වයටත් ලබා දීම අපේ අපේක්ෂාව වෙනවා.''

අමානා තකාෆූල් ඉන්ෂුරන්ස් ආයතනය සහ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සමඟ ඇතිකරගත් මෙම සහයෝගිතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා ජීවිත රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය. “සේවකයන් කෙරෙහි සැළකිලිමත්වන, සහයෝගය දක්වන, පෝෂණය කරන සමාගමක් විදිහට ආයතනයේ වර්ධනය සඳහා ඉදිරි නායකයන් නිර්මාණය කිරීම සඳහා අපගේ ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ වැදගත්කම අප වටහාගෙන තිබෙනවා. අද වන විට ශ්‍රී ලංකාව අභියෝගාත්මක කාලයකට අවතිර්ණ වී සිටිනවා වගේම ජනතාව වගේම ව්‍යාපාර පවා පැවතීමේ අරගලයකට මුහුණපා සිටිනවා. වගකිවයුතු සේවායෝජකයෙකු විදිහට අපි අපගේ සේවකයන් දෛනිකව මුහුණදෙන දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් සංවේදී වෙනවා."

2020 වසරේ සිට ජාතික අර්බුධවලට මුහුණදෙන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, සෑම විටම තම සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන් හට ඕනෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය ශක්තිය සහ ධනාත්මක පෙළඹවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශේෂයෙන් 'ලාබයෙන් ඔබ්බට ගිය අරමුණක්' ඔස්සේ සිය මෙහෙයුම් කාර්යයන් සිදුකරනා මෙම සමාගම, අර්බුධය හේතුවෙන් කිසිදු ආකාරයක සේවක කප්පාදු කිරීම්, ඉවත්කිරීම් හෝ වැටුප් කප්පාදු සිදු නොකළ සුළු ප්‍රමාණයක් වූ ලාංකීය සේවායෝජකයන්ගෙන් කෙනෙකි. එමෙන්ම සමාගම විසින් සැම විටම සැමගේ රැකියා සුරක්ෂිතතාවය, සමාජශීලී හා හිතවත් සේවාවක් සහ සැමට සමාන අවස්ථා සැමවිටම ඇතිකිරීමට සමත්ව තිබීම සුවිශේෂ කරුණකි.

  • 99x
  • Ada Derana BIZ Sinhala
  • BUS
  • Culture Intelligence
  • Driv Kapital
  • Lettbutikk
  • Parkly
  • sri lanaka
  • SuperOffice

දුෂ්කර කාලවලදී සිය සේවකයින් ආරක්ෂා කිරීමට 99x පියවර ගනී

July, 4, 2022

මෙවැනි පෙර නොවූ විරූ කාලවලදී සිය සේවකයින්ට උපකාර කිරීම සඳහා වන සිය කැපවීම නැවතත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x සිය සේවකයින්ගේ මූල්‍ය හා මානසික යහපැවැත්ම ආරක්ෂා කරමින් ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා වැදගත් ක‍්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙම වැදගත් පියවරවල් මගින් 99x සේවකයින්ට තම ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා දුෂ්කර කාලවලදී ඉහළම මට්ටමේ සේවාවක් ලබා දීමට හැකි වී තිබේ.

රට තුළ පවතින අභියෝගාත්මක වාතාවරණය මධ්‍යයේ වුවද 99x හි කණ්ඩායම් ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ඩිජිටල් අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් ශක්තිමත්ව හා උනන්දුවෙන් කටයුතු කරයි. BUS, Driv Kapital, SuperOffice, Parkly, Lettbutikk සහ Culture Intelligence ඇතුළු ප‍්‍රමුඛ පෙළේ Nordic තාක්ෂණික සමාගම්වල ප‍්‍රධාන සාමාජිකයින් විවිධ අභියෝග මධ්‍යයේ වුවද උසස් තත්වයේ සේවාවන් ලබා දීමට 99x සාමාජිකයින් දක්වන කැපවීම, දැඩි උනන්දුව හා ඔරොත්තු දීමේ හැකියාව ප‍්‍රශංසාවට ලක් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් BUS AS නිෂ්පාදන සංවර්ධන අංශයේ ප‍්‍රධානී ලෝරෙන් හොයිවික් මහත්මිය පැවසුවේ ‘’BUS වසර 10 කට වැඩි කාලයක් 99x සමඟ කටයුතු කර තිබෙනවා. එනිසා අපට සැමවිටම ශක්තිමත් හා විශ්වාසනීය සේවාවන් සඳහා මෙම කණ්ඩායම මත විශ්වාසය තැබිය හැකියි. අභියෝග රැසක් මධ්‍යයේ වුවද ඔවුන්ගේ මෙම උත්සාහය වෙනස් වී නැහැ. ඔවුන් ඔරොත්තු දිය හැකි, සුබවාදී සහ අපගේ සේවාවන් පිළිබඳ දැන ගැනීමට සැමවිටම උනන්දු වන කණ්ඩායමක්. ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන අතර අපගේ සේවාවන් වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය වූ විට ඒවා ගුණාත්මකභාවයෙන් යුතු බෙදා හැරීම කෙරෙහි ඔවුන් සෑම විටම අවධානය යොමු කරනවා. 99x හි අපගේ සගයන් ඉලක්ක සපුරාලීමටත් ඉන් ඔබ්බට ගිය සේවාවක් පාරිභෝගිකයින්ට ලබා දීමටත් අතිශයින් කැපවී සිටින අතරම ධනාත්මකව සහ ශක්තිමත්ව ඉදිරියට තම සේවාවන් සැපයීමට කටයුතු කරමින් සිටිනවා.” යනුවෙනි.

Driv Kapital හි සම-නිර්මාතෘ සහ 99x හි ආයෝජකයෙකු වන ෆ්‍රෙඞ්රික් බයිස්වීන් මහතා පැවසුවේ, ” 99x සමඟ වැඩ කිරීම සැමවිටම පෞද්ගලික සහ වෘත්තීය මට්ටමින් අපූරු අත්දැකීමක්. ශ‍්‍රී ලංකාවේ මේ වන පවතින්නේ දුෂ්කර කාලයක් වුවත් ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ක‍්‍රියාත්මක වන සැලසුම් පිළිබඳව මට සම්පූර්ණ විශ්වාසයක් තිබෙනවා. 99x ණ්ඩායමේ ඇති ඔරොත්තු දීමේ හැකියාව සහ සියලූ දේ පිළිබඳව අවධානය යොමු කර ඇති බව සහතික කිරීම සඳහා අපගේ ගනුදෙනුකරුවන් කෙරෙහි ඔවුන්ගේ කැපවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා. 99x හි කැපවීම සහ අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළම මට්ටමේ සේවාවක් සැපයීමේ හැකියාව ආදිය අප 99x හි ආයෝජනය කිරීමට ප‍්‍රධාන සාධකයක් වුනා. අපට ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් නෑ.’’ යනුවෙනි.

සේවකයින්ගෙන් මෙවැනි දැඩි උනන්දුවක් සහ කැපවීමක් සහතික කිරීම සඳහා 99x විසින් දියත් කල ප‍්‍රධාන මුලපිරීම් වලින් එකක් ලෙස ජීවන වියදම් දීමනා යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. ඉහළ යන ජීවන වියදම මැනවින් පිළිබිඹු වන පරිදි සියලූම සේවකයින්ගේ වැටුප් වැඩි වීම් හා වැටුප් සංශෝධනයන් මෙන්ම දීමනා මට්ටම් සහිත 99x හි සිටින සියලූම සේවකයින්ට ඉතා හොඳ වැටුප් පැකේජයක් ලැබෙනු ඇත. ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම හරහා සමාගමට සේවකයින් රඳවා තබා ගැනීමටත්, ඔවුන්ගේ ඵලදායිතාව සහ තෘප්තිය වැඩි දියුණු කිරීමටත් මෙම දුෂ්කර කාලවලදී බුද්ධි ගලනය අඩු කිරීමටත් හේතු වන බව 99x විශ්වාස කරයි.

මීට අමතරව 99x එහි සේවකයින්ට ඔවුන්ගේ ශරීර සුවතාවය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය උපදේශන පහසුකම් සැපයීමට oDoc සහ InReach Global ඇතුළු වෛද්‍ය උපදේශන සේවා සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම වැඩසටහන් Xians හට ඔවුන්ගේ දුක්ඛිත තත්වයන් සමනය කිරීමට සහ උපදේශකයින් සමඟ තොරතුරු බෙදා හදා ගැනීමට අවස්ථාව ලබා දෙන අතර ඒ හරහා ශ‍්‍රම බලකායේ මානසික ශක්තිය ගොඩනැගීමට, ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සහ පුද්ගලයින්ට සහ සේවා ස්ථානය සඳහා ඔවුන්ගේ දැඩි උද්යෝගය පවත්වා ගැනීමට උපකාරී වේ.

”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් ලෙස වසර ගණනාවක් පුරා අප ලබා ඇති වර්ධනය සැමවිටම අපගේ සේවක ප‍්‍රජාවගේ වර්ධනයට සමානයි. අපි මෙහි සිටින්නේ ඔවුන්ගේ කැපවීම නිසා. මෙවැනි අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයක අපගේ සේවකයින්ට උපකාර කිරීම කෙරෙහි අප අවධානය යොමු කළේ ඒ නිසයි. වගකිවයුතු ආයතනයක් ලෙස ඉහළ යන ජීවන වියදමට පෙන්නුම් කිරීමට වැටුප් හා දිරි දීමනා ඉහළ දැමීමට අපි පියවර ගෙන තිබෙන අතරම අපගේ සාමාජිකයින්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ කායික මානසික යහපැවැත්ම නගා සිටුවීමට කටයුතු කරනවා.’’ යනුවෙන් 99x හි සම-නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් මහතා ප‍්‍රකාශ කළේය.

තාක්ෂණික වෙනස්වීම් සහ ගෝලීයකරණය යන ද්විත්ව බලවේග විවිධාකාරයට හා ඉතා තීරණාත්මක ආකාරයන්ට අනුව ගෝලීය ආර්ථිකය ප‍්‍රතිනිර්මාණය කරමින් සිටින බැවින් ඒවායේ ප‍්‍රතිඵල ශ‍්‍රම වෙලඳපොලවලට හොඳින් දැනේ. 99x දියුණු ආර්ථිකයන්හි විකාශනය වන සේවක අවශ්‍යතා ගැන සොයාබලා ඒවා සපුරාලීම වෙනුවෙන් සැලකිය යුතු අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වේ.

තවද ඔවුන්ගේ ශ‍්‍රම බලකායේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා 99x විසින් කුසලතා සංවර්ධන වැඩසටහන් කිහිපයක් ද හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන් ආරම්භ කර ඇත්තේ ඔවුන්ගේ වපසරියට සීමා නොවී නායකයින් නිර්මාණය කිරීමට සහ සෑම තරාතිරමකම පුද්ගලයින් පිළිගැනීමට ලක්වන වැඩ සංස්කෘතියක් වැළඳ ගැනීමටත්, එමඟින් ඔවුන්ට නවීන තාක්ෂණයෙන් යුත් ගෝලීය වශයෙන් පිළිගත් සමාගමක සේවය කිරීමට සියලූ අවස්ථාවන් ලබා දීමටත් ය. මෙවැනි වැඩපිිළිවෙලවල් නිසා රැකියාවේදී සේවකයින් වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට නැඹුරු වන අතර වඩා උසස් තත්වයේ සේවා සංස්කෘතියක් ඇති කරයි.

Video Story

Stock Market

Exchange Rates