• Ada Derana BIZ Sinhala
  • BOI
  • Chairman
  • Dinesh Weerakkody
  • sri lanka

BOI නව සභාපති දිනේෂ් වීරක්කොඩි

December, 22, 2022

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.‍

දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා ද වේ.

මේ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ ඒරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Airtel
  • BOI
  • sri lanka

එයාර්ටෙල් ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා BOI සමඟින් අඛණ්ඩව අයෝජනය කරයි

December, 14, 2022

මෙරට වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප‍්‍රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සහ ජාතික විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වන විදේශ මුදල් ආයෝජන ඍජුවම මෙහෙයවනු ලබන තවත් සන්ධිස්ථානමය ගිවිසුමකට ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය (BOI) සමඟින් පසුගියදා එළැඹුණි.

ඒ අනුව, ඉදිරි වසර දෙක තුළදී, එයාර්ටෙල් විසින් සිය නවතම ආයෝජනයන් සිය ජාලයේ අමතර වැඩිදියුණු කිරීම් සඳහා යොමු කරනු ඇති අතර දිවයින පුරා විසිර ඇති 2G සහ 4G සේවාවන් තවත් ශක්තිමත් කිරීම සඳහා වන සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් සඳහා ද යොදා ගනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”2007 දී ශ‍්‍රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට ජාත්‍යන්තර මට්ටමේ ජාල අත්දැකීමක් ලබා දීම සඳහා වන වැඩිදියුණු කිරීම්වලට එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා. අප ගනු ලැබූ මෙම සියලූම ප‍්‍රයත්නයන් තුලින් අද වන විට මිලියන තුනක ශ්‍රී ලාංකික ජනතාවක් සම්බන්ධ කරගැනීමට අපට හැකියාව ලබා දී තිබෙනවා. මීට අමතරව සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථා 2,000 කට වැඩි සංඛ්‍යාවක් ලබා දීමට අප කටයුතු කර තිබෙන අතර අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය හරහා තවත් ශ‍්‍රී ලාංකිකයන් 65,000 කට ජීවත් වීමට ආදායම් උත්පාදනය කර දී තිබෙනවා.’’ යනුවෙනි.

”විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව වෙත කෙරෙන සෑම සෘජු විදේශ ආයෝජනයක්ම අත්‍යවශ්‍ය වී ඇති අවස්ථාවක, අපගේ මෙම ආයෝජනය මගින් මෙරට ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ගැන එයාර්ටෙල්හි ඇති අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කරනවා. ඒවගේම ශ‍්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවීමට දීප ව්‍යාප්තව අප දරන උත්සාහයන් සඳහා අප නැවත නැවතත් කැපවී සිටිනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තවද එයාර්ටෙල් හි ප‍්‍රධාන ජාලය ද ඇතුළුව දැනට පවතින ජාල යටිතල පහසුකම් වෙනස් කිරීම හෝ වැඩිදියුණු කරනු ඇති අතර සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් ද හඳුන්වා දෙනු ඇත.

ඉදිරියේදී එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීමට ලැබෙන සෑම අවස්ථාවක් පසුපස හඹා යන බවද අශීෂ් මහතා මෙහිදී පැවසුවේය. එමෙන්ම ලෝකයේ විශාලතම විදුලි සංදේශ සේවා සමාගම් තුනෙන් එකක් ලෙස රට රටවල් අතර සහයෝගීතාවයන් ඇති කර ගැනීමටත් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකාරී 5G ජාල නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික ආයෝජන සඳහා පහසුකම් සැලසීමටත් එයාර්ටෙල් සතු සුවිශේෂී ශක්තිය උපරිමයෙන් භාවිත කරන බව ද ඔහු විශේෂයෙන් සඳහන් කළේය.

”රට මේ වන විට මුහුණ දී සිටින තීරණාත්මක මොහොතකදී මෙවැනි සැලකිය යුතු සෘජු විදේශ ආයෝජනයක් ලබා දීමට පියවර ගැනීම පිළිබඳව අපි එයාර්ටෙල් ලංකා සමාගමට කෘතඥ වෙනවා. ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැදගත් දායකත්වයක් ලබා දීම මගින් ආර්ථිකයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි නව අවස්ථා නිර්මාණය කිරීමට හැකි වන අතර සෘජු විදේශ ආයෝජන රට තුලට ගලා ඒම සඳහා අප ගන්නා උත්සාහයන් සඳහා එය කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා පැවසුවේය.

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ජංගම දුරකතන අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා එයාර්ටෙල් ශ‍්‍රී ලංකා විසින් සිදු කරන ලද සෘජු විදේශ ආයෝජන මාලාවේ නවතම පියවර ලෙස මෙම මෙම එකඟතාවය පෙන්වා දිය හැකිය. එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා වෙළෙඳපොල තුළ සිය පැවැත්ම, ධාරිතාව සහ අත්දැකීම්/හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ක‍්‍රියාමාර්ග ගනු ලැබීය. ඒවා අතර එයාර්ටෙල් හි විප්ලවීය 4G Freedom Unlimited පැකේජ සහ මෙරටදී සිදු කළ වාර්තා ගත 5G අත්හදා බැලීම කැපී පෙනේ.

  • Ada Derana BIZ Sinhala
  • BOI
  • investors
  • sri lanka

ආයෝජකයින් සඳහා සුපිරි පහසුකම් මධ්‍යස්ථානයක් විවෘත වෙයි

October, 19, 2022

දශක හතරක් පුරා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දේශීය හා විදේශීය ආයෝජකයන් සමඟ ගනුදෙනු කිරීමේ අත්දැකීම් මුල් කොට ගෙන ආයෝජකයන්ගේ අවශ්‍යතා මනාව අවබෝධ කොටගෙන ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආයෝජන මණ්ඩලයේ මේ වන විට ස්ථාපිත කර ඇත.

මෙය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණෙහි 27වන මහලෙහි ස්ථාපිත කර තිබේ.

මෙමඟින් ආයෝජන අනුමැතිය විධිමත් කරන අතරම ආයෝජකයන්ට කාර්යක්ෂම සහ බාධාවකින් තොරව තම ආයෝජන ක්‍රියාවලිය සඳහා නියෝජිත ආයතන සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදුකර ගැනීමට අවකාශ සලසා ඇත.

ආයෝජකයින්ට තොරතුරු සැපයීමේ අංශය, අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අංශය, ආයෝජන අන්තර් නියෝජිත ආයතන, ඉංජිනේරු අනුමැතිය, පරිසර සහ නීති දෙපාර්තමේන්තු යන අංශවලින් මෙම ආයෝජන පහසුකම් මධ්‍යස්ථානය සමන්විත වේ.

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී සහ ඳරවා ගැනීමේදී ඳහුනාගෙන ඇති ප්‍රදාන බාධාවක් වන්නේ ආයෝජන අනුමැතියන් ලබාදීමේ ප්‍රමාදයන් සහ ආයෝජකයන්ට දැරීමට සිදුවන අනවශ්‍ය වියදම්ය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් සිථාපිත කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට රේඛීය ආයතන විශාල සංඛ්‍යාවකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වී ඇත.

විදේශ ආයෝජකයා තම ආයෝජන ව්‍යාපෘතිය අනුමත කර ගැනීම ඳසහා විවිධ රේඛීය ආයතන ඳසහා ගමන් කිරීමටත් විවිධ අංශ වෙත යොමු වීමටත් සමස්ථ ආයෝජනයන් අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ හා කාලය වැයවන ක්‍රියා පටිපාටියක් වී ඇති බව හදුනාගත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එහිදී ආයෝජකයන්ගේ කාලය මුදල් කාර්යක්ෂම ලෙස පරිහරනය කිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා තම ආයෝජන මධ්‍යස්ථානයේ මූලික අරමුණ ලෙස සඳහන් කළ හැක.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරයක් වනුයේ ආයෝජන ක්‍රියාවලිය හා ක්‍රමවේදයන් ඩිජිටල්කරණයට ලක් කිරීමයි. මෙහිදී මෙම මධ්‍යස්ථානය සුවිශේෂි පරිගණක කළ පද්ධතියකින් සමන්විත වේ. මෙමගගින් තම ව්‍යාපාර අවශ්‍යතා සඳහා මෙම මධ්‍යස්ථානය වෙත ලගා විය හැකි ආයෝජකයින් පිළිබඳ තොරතුරු සහ ආයෝජකයින් අයදුම්පත් ඉදිරිපත් කල පසු එම තොරතුරුද ආයෝජන මණ්ඩල කළමණාකරන තොරතුරු පද්ධතිය හා යාවත්කාලීන වේ.

විශේෂයෙන් රේඛීය නියෝජිතා ආයතන අනුමැතිය ලබා ගැනීමේදී සපයන ලද සේවාවන් මත, ආයෝජකයින්ගේ ප්‍රතිචාර ලබා ගැනීම මගින් මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සංසන්දනය කිරීම සඳහා කාර්ය සාධන තක්සේරු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කොට ඇත.

  • Ada Derana BIZ Sinhala
  • BOI
  • sri lanaka
  • Visa

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක‍්‍රියාවලිය ආරම්භ කරයි

August, 5, 2022

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තම ව්‍යාපාරික කටයුතු ඩිජිටල්කරණයට පරිවර්ථනය කරලීමේ සංදිස්ථානයක් ලෙස මාර්ගගත විසා නිර්දේශ ක‍්‍රියාවලිය ස්ථාපිත කිරීම අවසන් කරයි. මෙම ක‍්‍රියාවලිය ශ්‍රීරි ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා "ව්‍යාපාරික කටයුතු කිරීමේ වඩාත්ම පහසුකම් ඇති ” රටක් වශයෙන් ජාත්‍යන්තරය තුල ස්ථානගත කිරීමේ මූලික ක‍්‍රම උපාය මාර්ග සැලසුමේ ප‍්‍රධානතම අංගයක් ලෙස සම්පූර්ණ කොට ඇත. මෙම ක‍්‍රියාවලිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමණ දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය සහයෝගීතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස දැකිය හැක. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින්ගේ අවශ්‍යතාවය මත වාර්ෂික විසා බලපත‍්‍ර 7500-8000 ක් අතර ප‍්‍රමාණයක් නිකුත් කිරීමට නිර්දේශ කරයි. ඒ සදහා ආයෝජකයින් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප‍්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වේ. එම ක‍්‍රියාවලිය පහසු කරමින් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව නව මාර්ගගත විසා බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදය හදුන්වා දෙයි.

එහි ආරම්භක අවස්ථාව අද (05) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පැවැත්විණි.

නව ක‍්‍රමය හදුන්වා දීමත් සමග කිසිදු අයදුම්කරුවෙකුට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණිමට අවශ්‍ය නොවන අතර සියළු කාර්යයන් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කල හැක. සෑම වීසා අයදුම්කරුවෙක්ගේම වීසා අයදුම්පත ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිර්දේශ කර ආගමන විගමණ දෙපාර්තමේන්තුවට යොමු කරනවාත් සමගම අයදුම්කරුට කෙටි පණිවිඩයක් හා විද්‍යුත් තපෑල මගින් දැනුම්දීමක් සිදු කරයි. මෙම ක‍්‍රමය හදුන්වාදීමත් සමග වංචනික ලිපි හා සහතික ඉදිරිපත් කිරිම වැනි ක‍්‍රියා සිදු නොවනු ඇත. නව ක‍්‍රමය යටතේ වීසා වර්ග තුනක් සදහා අවශ්‍ය නිර්දේශයන් ලබාදේ. මෙරටට අතුළුවිමේ විසා, පදිංචි විම සදහා විසා සහ වීසා බලපත‍්‍ර දීර්ඝ කර ගැන්වීම මෙයට අයත්ය. මේ තුලින් ආයෝජකයන්ට, සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශවයන්ට වීසා අයදුම් කළ හැක.

ආයෝජකයන්ට සිය ව්‍යාපාර කිරීමේ පහසුව ඉහල නැංවිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල හදුන්වා දුන් බවත් මෙම ප‍්‍රවණතාවය හේතුකොටගෙන ව්‍යාපාරිකයන් හට තම ව්‍යාපාරික කටයුතු සඳහා සම්පූර්ණ කාලය යොමුකල හැකි බවත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවාය.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාල පහසුකම් සැපයීම හේතුකොටගෙන ව්‍යාපරිකයන්ගේ කාලය වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමට හැකි බවත් ඒ සදහා ආගමන විගමණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිඝණක අංශයේ නිලධාරීන් කණ්ඩායමත් ඔවුන්ගේ නිපුනතාවය සහ දැක්වු සහයෝගය හා කැපකිරීම අගය කරන බවද පැවසුවාය.

ශ‍්‍රී ලංකාව කලාපයේ විශිෂ්ඨතම ආයෝජන ගමනාන්තය බවට පත්කිරිමේ වැඩපිලිවෙල යටතේ සියළු ආයෝජකයන්ගේ කාර්යයන් පහසු කිරිමට ගන්නා ලද තවත් පියවරක් ලෙස සදහන් කරන අතර ඉදිරියේදී තවදුරටත් පහසු ක‍්‍රමවේදයන් හදුන්වාදීමට අපේක්ෂා කරන බවද වීරකෝන් මහත්මිය පැවසුවාය.

මෙම නව මාර්ගගත වීසා ක‍්‍රමවේදය ඔස්සේ ආයෝජකයන් සහ ව්‍යවසායකයන් මුහුණපානු ලබන අපහසුතාවයන් අවම කර ගැනීමටත්, ඩිජිටල් පරිවර්ථනය ඔස්සේ ශ‍්‍රී ලංකාව තුල ව්‍යාපාර කටයුතු කරගැනීමේ ව්‍යාපාරික "සුහුරුතාවය” ඉහල දැමීමටත් එමගින් රාජ්‍ය අංශයේ සමගාම් අමාත්‍යාංශ අතර වඩාත් හොදින් ආයෝජකයන් වැඩකටයුතු කරගැනීමේ අවස්ථාව තවදුරටත් වැඩි කරගත හැකි බව වීරකෝන් මහත්මිය පැවසුවාය.