• Ada Derana BIZ Sinhala
  • Fuel
  • import cost
  • sri lanka

ඉන්ධන ආනයන වියදම 87%කින් ඉහළට

November, 8, 2022

ඉන්ධන ආනයන වියදමෙන් ලද දායකත්වය විශාල වශයෙන් ඉහළ යෑමත් සමඟ, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 7.7කින් ඉහළ ගියේය.

2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත ආනයන පරිමාවන් සහ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් බොර තෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින් සමන්විත ඉන්ධන ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 87.3කින් ඉහළ ගියේය.

2022 වසරේ ජූනි මාසයේ සිට ගල් අඟුරු ආනයන පරිමාව අඛණ්ඩව අඩු මට්ටම්වල පැවතුණි.

  • 87 octane
  • Ada Derana BIZ Sinhala
  • Fuel
  • motorcycles
  • sri lanka
  • three-wheelers

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 87 ඉන්ධන භාවිත කිරීමට යෝජනාවක්

October, 21, 2022

මෙරට ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීම‍ට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.

එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක් ඇති කාලය අතර පවතින විශාල පරතරය අවම කළ යුතු බවටද මෙහිදී අදහස් පළ විය.

මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 19) රැස්වූ අවස්ථාවේදීය.

රටේ බලශක්ති අවශතාව සපුරා ගැනීම සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ සිදුකොට ඇති පර්යේෂණ ගණනාවක් පිළිබඳවද විද්වතුන් විසින් සිය අදහස් ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 87 ඉන්ධන භාවිත කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ විය.

වර්තමානයේ රටතුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය වඩා ඵලදායීව සහ කාර්යක්ෂමව දායක කරගැනීම පිළිබඳ ඉදිරිපත්වූ අදහස් සහ යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කළහැකි බවත් මෙහිදී සභාපතිවරයා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනුර විජේපාල, ‍මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය දිමන්ත ද සිල්වා යන මහත්වරු රටතුළ පවතින විදුලිබල හා බල ශක්ති අර්බුදය ගැන මෙන්ම ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම සඳහා ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,  ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.

මෙම රැස්වීමට අමාත්‍ය කන්චන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර ‍අබේවර්ධන සහ එම්. රාමේෂවරන් යන මහත්වරුද එක්ව සිටියහ.

 

  • 06 companies
  • 06 months
  • Ada Derana BIZ Sinhala
  • Fuel
  • sri lanka

මාස 06 කදී සමාගම් 06කින් ඉන්ධන ගෙන්නලා

October, 18, 2022

පසුගිය මාස 06ක කාලය තුළ ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී ප්‍රධාන සැපයුම්කරුවන් හයදෙනෙකුගෙන් ඉන්ධන ආනයනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

එක සැපයුම්කරුවෙක්ගෙන් නෙමෙයි, පහුගිය මාස හයේ ප්‍රධාන සැපයුම්කරුවන් පස්දෙනෙක්ගෙන් අපි ඉන්ධන ආනයනය කරලා තියෙනවා.

ඉන්දියන් ඔයිල් සමාගමෙන්, කොරල් සමාගමෙන්, විටොල් සමාගමෙන්, BP එනර්ජි සමාගමෙන්, ස්විස් සිංගප්පූරු සමාගමෙන් අරන් තියෙනවා, හයවෙනි සමාගම අපි ගුවන් යානා ඉන්ධන ගෙනියන්න Fits Air කියන සමාගමට අපි දීලා තියෙනවා.

මේ සමාගම් හයෙන්ම පහුගිය මාස හයේ අපි ඉන්ධන ලබාගෙන තියෙනවා.

  • Ada Derana BIZ Sinhala
  • August
  • Fuel
  • import cost
  • sri lanka

අගෝස්තු මාසයේ ඉන්ධන ආනයන වියදම 10%කින් ඉහළට

October, 7, 2022

අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 2.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි උපාංග (ප්‍රධාන වශයෙන් රෙදි වර්ග) සහ පොහොර (ප්‍රධාන වශයෙන් යූරියා) හේතු විය.

තවත 2022 අගොස්තු මාසයේ දී රසායනික නිෂ්පාදිත, දියමන්ති, අගනා ගල් වර්ග හා ලෝහ වර්ග (මූලික වශයෙන්, කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා දියමන්ති), කඩදාසි, ඝන කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත, සහ රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත මත ආනයන වියදම ද 2021 අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළේය.

මේ අතර මූල ලෝහ (ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ), තිරිඟු, කෘෂිකාර්මික යෙදවුම් (ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර), රථවාහන හා යන්ත්‍රෝපකරණ කොටස් ඇතුළු වෙනත් බොහෝ අන්තර් භාණ්ඩවල කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා විය.

කෙසේ වෙතත් බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින් සමන්විත ඉන්ධන ආනයන වියදම2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 389 ක් දක්වා සියයට 10.2 කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගිය අතර, බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන පරිමාවන් පහළ ගියද, ආනයන මිල ගණන්වල සාමාන්‍ය ඉහළ යෑම, මෙම ඉහළ යෑම සඳහා හේතුවිය.

2021 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 74.88 ක් වූ බොරතෙල් බැරලයක ආනයන මිලෙහි සාමාන්‍ය, 2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 114.71 ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවහෙි මේ බව සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • foreigncurrency
  • Fuel
  • ITindustry
  • sri lanka

විදේශ මුදල් සීමා, විදුලි දුෂ්කරතා, ඉන්ධන හිඟය හේතුවෙන් IT කර්මාන්තය 4.3% කින් පසුබසී

September, 21, 2022

2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ‘තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ කටයුතු‘ සියයට 4.3ක පසුබැසීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ එම කාර්තුව තුළ දී වාර්තා වී ඇති මෙම පසුබැසීම කෙරෙහි විශේෂයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ පැවති දුෂ්කරතා, ඉන්ධන හිඟය, විදේශ මුදල් සම්බන්ධයෙන් පැවති සීමා කිරීම්, අවිනිශ්චිත මෙහෙයුම් වටපිටාව සහ සිවිල් සමාජය තුළ පැවති අසහනකාරී තත්ත්වය බලපා ඇති බවයි.

‘තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවා සැපයීම‘ 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 1.9ක දායකත්වයක් ලබා දී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Fuel
  • sri lanka
  • three-wheelers

ත්‍රී රෝද රථවලට ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන – ඇමති සහතික වෙයි

September, 6, 2022

ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 30ක් ලබා දීම සඳහා වන කිසිඳු එකඟතාවයටක මේ වන තෙක් රජය පැමිණ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (06) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මේ අතර දිවයිනේ ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ත්‍රී රෝද රථ හිමියන්ට ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

"විපක්ෂ නායකතුමා විසින් මතු කළ යම් යම් කාරණා වල සමහර නිවැරදි විය යුතු තැන් තියනවා. අපි ත්‍රීරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කරන අවස්ථා වලදී ගරු ප්‍රවාහන අමාත්‍යතුමත්, මමත් ඔවුන්ව මුන ගැහුණා. මම වෙනම ඔවුන් මුන ගැහුණා. කිසිම ආකාරයක අපි එකඟ තාවයකට ආවේ නැහැ. ලීටර 30ක් සතියකට ලබා දීමට එකඟ තාවයකට ආවේ නැහැ. ඔවුන් ඉල්ලීමක් කරා. ඉල්ලීම ලබා දෙන්න පුළුවන් ද කියන එක ගැන අපි කරුණු ලබා දෙනවා කියන එක කිව්වේ. ඒ වගේම එතුමා ඉදිරිපත් කළා තුන්වෙන් ප්‍රශ්නේ. එතුමා කිව්වේ මේ ත්‍රීරෝද රථ සඳහා ඒ ඒ ප්‍රදේශ වල වෙන් කරලා තියනවා කියලා ඉන්ධන පිරවුම්හල් වල. එවැනි ආකාරයේ සිඳුවීමක් සිඳු වීමක් වෙලා නැහැ. දැනටත් ඕනෑම පිරවුම් හලකින් ත්‍රීරෝද රථ වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව තියනවා. ඒක ඔබ තුමාට ලබා දීලා තියන වැරදි අවබෝධයක්, ත්‍රීරෝද රථ වලට මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලෙන් ලබා දිය යුතුයි කියන එක. වෙන් කරලා ලබා දීලා නැහැ."

මීට අමතරව ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුව සාධාරණ මිල ගණන් යටතේ වෘත්තීය වශයෙන් ත්‍රීරෝද රථ ධාවනයේ යෙදෙන පුද්ගලයන් සඳහා පමණක් වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීමට රජයේ අවදානය යොමුව ඇති බවත් කංචන විජේසේකර අමත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

"මේ වන විට අපි පොලිස් ස්ථාන වලට සහ පලාත් පාලන ආයතන වලට ඒ වගේම ගමනා ගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දීලා තියනවා, විශේෂයෙන්ම මේ ත්‍රීරෝද රථ අතරින් වෘත්තිමය වශයෙන් පූර්ණකාලීනව කටයුතු කරන ත්‍රීරෝද රථ අපට හඳුනාගෙන දෙන්න කියලා. මොකද පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තිමය වශයෙන් කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනා ගත්තොත් පමණයි අපිට ඔවුන්ට වෙනත් විකල්ප ක්‍රමයකින් ඉන්ධන වැඩි සලාකයක් ලබා දීමට අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අරමුණින් තමයි අපි ලියාපදිංචි කරන්න කියලා කිව්වේ පොලිස් ස්ථාන වල ලඟම තියන පිරවුම්හලින්. නමුත් මේ වන තෙක් පසුගිය සති පහක කාලය තුළ අපි ත්‍රීරෝද රථ වලට කිසි සේත්ම කියලා නැහැ මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලින් පමණක් ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ තියන ඕනම පිරවුම් හලකින් ගන්න පුළුවන් කම තිබුනා. ඒ වගේම ඉදිරියේ දී අපි සලාක ක්‍රමය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිෂන් සභාව සහ අපිට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබා දෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර ටැකිස් තියන ඒ වගේම විශේෂයෙන්ම මිල ගාස්තු ප්‍රදර්ශනය කරලා ඒ මිල පමණත් සාධාරණව අය කරන පිරිස් වලට වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීම සඳහා අපි අවධානය යොමු කරලා තියනවා. ඒ ලබා දෙන කෝටාව පමණක් අර තෝරා ගත්ත ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගන්නත්, ඔවුන්ට සාමාන්‍යයෙන් ලබා දෙන ලීටර් 5 ඕනැම පිරවුම් හලකින් ලබා ගැනීම සඳහාත් තමයි අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ."