October, 10, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ මූල්ය සේවා සපයන්නා වන HNB FINANCE PLC මෙවර ලෝක ළමා දිනයට සමගාමීව පසුගිය ඔක්තෝබර් 01 දා කිලිනොච්චි මධ්ය ප්රාථමික විද්යාලයේ දී ආකර්ෂණීය වැඩසටහන් රැසක් සමඟින් චිත්ර වැඩමුළුවක් සංවිධානය කළේය. පසුගිය සෑම වසරකදීම ලංකාවේ විවිධ පළාත්හි දුෂ්කරතා සහිත පාසල් හඳුනාගනිමින් ලෝක ළමා දින උත්සවය අර්ථාන්විතව සැමරීමට HNB FINANCE ක්රියාකර කර ඇත.
කිලිනොච්චි මධ්ය ප්රාථමික විද්යාලය කේන්ද්ර කරගනිමින් HNB FINANCE විසින් මෙවර සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උළෙල සඳහා එම විද්යාලයේ විදුහල්පති එස්.කීතේස්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් සහභාගී වූ අතර HNB FINANCE PLC හි අෙලවි අංශ ප්රධානී උදාර ගුණසිංහ මහතා, ප්රධාන කාර්යාලයේ අලෙවි අංශයේ සහ ඉතුරුම් අංශයන්හි නිළධාරීන් සහ කිලිනොච්චි ශාඛාවේ කාර්ය මණ්ඩලය මෙම ළමා දින වැඩසටහන සඳහා සංවිධාන දායකත්වය ලබාදෙමින් එම අවස්ථාවට සහභාගි වූහ.
දරුවන්ගේ නිර්මාණශීලී දැක්ම සහ කලා කුසලතාවන් ඔප් නංවාලීම තුළින් වඩා යහපත් සංවේදී දරුවකු බිහිකිරීමත්, දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව පිළිබඳව මෙන්ම මූල්ය සාක්ෂරතාව පිළිබඳව අවබෝධයක් දෙමාපියන් තුළ ඇති කිරීමත් මෙවර ළමා දින වැඩසටහනෙහි මූලික අරමුණ විය.
එම අරමුණ පෙරදැරිව HNB FINANCE ළමා දින උත්සවය චිත්ර වැඩමුළුවකින් ආරම්භ වූ අතර දරුවන්ට චිත්ර ඇඳීමට අවශ්ය උපකරණ සහ ලිපිද්රව්ය සපයා දී ඔවුන්ට චිත්ර ඇඳීමට අවස්ථාව ලබා දෙන ලදි. දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන් ඔප් නංවා ලීම සඳහා අවශ්ය මාර්ගෝපදේශනය ලබා දීම සිදු කරන ලද්දේ චිත්ර කලා උපදේශක දේවරාජ් ජසින්තන් මහතා විසිනි.
මීට අමතරව දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම ශ්රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂක ඉෂාණි තිලෝචනා, කාන්තා පොලිස් කොස්තාපල් ආර්. සජිස්ත්රි්රිකා සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කෝදෙයි තුශ්යාන්තන් යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි. මෙම වැඩසටහනෙන් අනතුරුව ක්ෂුද්ර මූල්ය ල සුළු හා මධ්ය පරිමාණයේ ව්යවසායකයින්ගේ මූල්ය සාක්ෂරතාව ශක්තිමත් කරමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා සහ රටේ දිගුකාලීන ආර්ථිකය තිරසාරව ශක්තිමත් කිරීමේ අරමුණෙන් HNB FINANCE PLC විසින් දීපව්යාප්තව සිදු කරන වැඩමුළු මාලාවෙහි තවත් වැඩසටහනක් මෙහිදී පවත්වන්නට යෙදුණු අතර එම වැඩසටහන HNB FINANCE PLC හි පුහුණු අංශයේ සහකාර පුහුණු කළමනාකරු යෝගරාජා ප්රගාශ් විසින් පවත්වන ලදි.
”වැඩිහිටියන් විසින් බොහෝ දුරට දැඩි අවධානයක් යොමු නොකරන තීරණාත්මක සාධකයක් වන්නේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සහ ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතාවන් වර්ධනය කිරීම සඳහා දක්වන උනන්දුවයි. අනෙක් අතින් වර්තමානයේ දරුවන් බොහෝ විට සමාජය තුළ ආරක්ෂිත නැහැ. දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව කෙරෙහි අන්කවරදාටත් වඩා දෙමාපිය වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතු කාලයක් මෙය. ඒ වගේම ග්රාමීයව වෙෙසෙන ජනතාවට උසස් ජීවන තත්වයක් ලගාකර දීම උදෙසා ඔවුන්ට අවශ්ය දැනුම, සහයෝගය සහ අවබෝධය ලබාදීමට ද අවශ්යයි.” යනුවෙන් HNB FINANCE PLC කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසුවේය.
මෙම වැඩසටහන සඳහා සහභාගී වන සෑම දරුදැරියකටම වටිනා ත්යාගයක් ලබා දීමට ද HNB FINANCE PLC කටයුතු කළේය.
දැයේ අනාගත පරපුරට යහමඟ පෙන්වීමට සහ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට හැකිවීම ගැන HNB FINANCE වඩාත් සතුටට පත්වේ. මන්ද ඔවුන් කවදා හෝ රටට වැඩදායක පුරවැසියන් ලෙස සිය ජීවිත ජයගනු ඇත. HNB FINANCE දිවයිනේ විවිධ ප්රදේශවල පවත්වනු ලබන සැමරුම් මාලාවකට සමගාමීව විශේෂයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන ග්රාමීය දරුවන්ගේ සංවර්ධනයට සහ අභිවෘද්ධියට අත්යවශ්ය වන රෝහල් සහ පාසල් වැනි සේවා ස්ථාන සඳහා පහසුකම් සැලසීමට ද සමාගම පියවර ගෙන ඇත.

August, 16, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB Finance PLC සිය පාරිභෝගිකයින්ගේ රක්ෂණ අවශ්යතා වඩාත් පහසුවෙන් සහ ප්රශස්ත අයුරින් සපුරාලීම සඳහා HNB Assurance PLC සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹිනි.
HNB Finance සහ HNB Assurance යන සමාගම් පසුගියදා එළැඹි අවබෝධතා ගිවිසුමට අනුව පාරිභෝගිකයින්ට පුද්ගලික සහ අනෙකුත් සාමාන්ය රක්ෂණ සේවා ඇතුළුව සමාගම මගින් ලබා දෙන තවත් ප්රතිලාභ රැසක් එකම ස්ථානයක් තුළදී අත්විඳීමේ හැකියාව ලැබෙනු ඇත. HNB Assurance හි රක්ෂණ සේවා නියෝජිතයකු HNB Finance හි සෑම ශාඛා කාර්යාලයකටම අනුයුක්ත කෙරෙන බැවින් රක්ෂණ සේවා කඩිනමින් සහ වේගවත්ව ලබා ගැනීමටත් මේ තුළින් පාරිභෝගිකයින්ට වඩා ප්රශස්ත පාරිභෝගික අත්දැකීමක් හිමිවනු ඇත.
“ අපගේ පාරිභෝගික අත්දැකීම් ගුණාත්මකව නැංවීම සඳහා විවිධ ආයතනයන් සමග වඩාත් ඵලදායී සහයෝගීතාවන්ට එළැඹීමට අපි නිරතුරුව කටයුතු කරනවා. HNB Assurance සමග එළැඹි මෙම අවබෝධතා ගිවිසුමට අනුව මෙරට විශාලතම මූල්ය සේවා සමූහය වන HNB සමූහයේ ශක්තිය සහ අසම සම ප්රතිලාභයන් රැසක් අපගේ පාරිභෝගිකයින්ට හිමිවන බවද කිවයුතුයි” යනුවෙන් HNB Finance PLC හි කළමනාකාර අධ්යක්ෂ /ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වන HNB Assurance PLC හි ප්රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා “ HNB සමුහයේ තවත් ශක්තිමත් සමාගමක් සමග එක් වෙමින් පාරිභෝගිකයින්ගේ අවශ්යතා සමග නිවැරදිව ගැලපෙන අපගේ රක්ෂණ සේවා දීපව්යාප්ත පාරිභෝගික පිරිසක් වෙත පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප වඩාත් සතුටට පත්වෙනවා. එමෙන්ම අසම සම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අපගේ ව්යාපාරික උපායමාර්ගයන්හි ප්රමුඛතම ස්ථායක් ගන්නා බැවින් HNB Finance හි පාරිභෝගිකයින්ටත් මෙම සහයෝගීතාවයේ උපරිම ප්රතිලාභ භුක්ති විදීමට හැකිවන බවත් විශේෂයෙන් සදහන් කළ යුතුයි.” යනුවෙන් පැවසීය.
සේයා රූ සටහන: වමේ සිට - HNB Finance PLC හි අලෙවි ප්රධානී උදාර ගුණසිංහ, මූල්ය සේවා සංවර්ධන සහ ආයතනික ව්යාපාර ප්රධානී ශානක රමේශ් පෙරේරා, ප්රධාන මෙහෙයුම් නිලධාරී ඩබ්ලිව්.එස්.පී අරංගල, කළමනාකාර අධ්යක්ෂ /ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත්, HNB Assurance PLC හි ප්රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න, ප්රධාන ව්යාපාර නිලධාරී/සාමාන්යාධිකාරී සහයෝගීතා සුරේෂ් ප්රනාන්දු. ණය සේවා ජ්යෙෂ්ඨ විධායිකා අශානි ධර්මසූරිය, බැංකුරක්ෂණ සේවා පිළිබඳව ආයතනික සේවා ප්රධානී අචල හොරණ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වෙමින්.
August, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC සිය 12වන වාර්ෂික මහ සභා රැස්වීම මෙවරත් දෙමුහුන් රැස්වීමක් ලෙසට පවත්වනු ලැබීය. ඡූලි 26වන දින නාවල ප්රධාන කාර්යාලීය ශ්රවණාගාරයෙහි පැවති මෙම රැස්වීම සඳහා HNB FINANCE PLC හි සභාපති, අධ්යක්ෂ මණ්ඩල සමාජිකයින්, ඉදිරි පෙල කළමනාකාරීත්ව, විගණන සමාජිකයින්, නීති උපදේශකවරු,සහ සමාගම් ලේකම් සහභාගී වූ අතර පසුගිය වසර දෙකෙහිම සිදු වූ පරිදි සමාගමේ සෙසු කොටස් හිමියන් සජීව ලෙසින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය.
කෝවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්ය බලධාරීන් විසින් පනවා තිබූ මාර්ගෝපදේශයන් මේ වන විට ලිහිල් කර තිබුණ ද HNB FINANCE PLC හි 12වන මහ සභා රැස්වීම සඳහා ප්රධාන කාර්යාලීය ශ්රවණාගාරයට පැමිණි පිරිසගේ සෞඛ්යාරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වමින් ප්රශස්ත සෞඛ්යාරක්ෂිත පිළිවෙත්වලට අනුව සිය 12වන මහා සභා රැස්වීම පැවැත්වීමට HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.
HNB FINANCE මහසභා රැස්වීම සඳහා අන්තර්ජාලයෙන් සහ ප්රධාන කාර්යාලයේදී සහභාගී සියලු දෙනාට න්යාය පත්රයේ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වීමට සහ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර ඡන්ද විමසීම් වල ප්රතිඵල සහ කොටස් හිමියන්ගේ යෝජනා සම්මතයන් නිසි පරිදි අන්තර්ජාල තිරය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.
න්යාය පත්රයෙහි ප්රධාන කරුණුවලට අමතරව කොටස් හිමියන් සහ එම අවස්ථාවට සහභාගීවූවන් විසින් නැගූ ප්රශ්න සඳහා HNB FINANCE PLC හි සභාපති ඩිල්ශාන් රොඩ්රිගෝ සහ කළමණාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් යන මහත්වරැන් විසින් පිළිතුරු ලබා දෙන ලදි.
July, 12, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්තොට ශාඛාව පසුගිය ජුනි 30 වන දින, අංක 43, මහ වීදිය, අම්බලන්තොට (බැරගම හන්දිය අසල) දරණ ලිපිනයෙහි අභිනවයෙන් විවෘත කෙරිණ.
අභිනව අම්බලන්තොට ශාඛාවේ සමාරම්භය HNB FINANCE PLC හි නියෝජ්ය සාමාන්යාධිකාරී - මානව සම්පත්/ ප්රධාන මානව සම්පත් නිලධාරී රුවන් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර මෙම උත්සව අවස්ථාවට HNB FINANCE PLC හි සහකාර සාමාන්යාධිකාරීවරුන්, ශාඛා කළමනාකරුවන්, නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.
අම්බලන්තොට ශාඛාව විවෘත කිරීමට සමගාමීව HNB FINANCE රන් ණය සේවාවද මෙම ශාඛාවෙහි අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරනු ලබයි. දිවයිනේ වැඩිම රන්ණය අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ ලබාදෙන HNB FINANCE රන් ණය සේවාවෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සේවා, ලියකියවිලි හෝ සැගවුණු ගාස්තු වලින් තොරවූ කඩිනම්, විශ්වසනීය සේවාවක් පාරිභෝගිකයා වෙත ලබාදීමයි. රන් ණය සේවාවට අමතරව කල්බදු සේවා(Leasing), ඉතුරුම් හා ස්ථාවර තැන්පතු, ව්යාපාරික ණය, නිවාස ණය ඇතුළු මූල්යසේවා රැසක් එකම වහළක් යටින් ලබා ගැනීමට HNB FINANCE අම්බලන්තොට ශාඛාව වෙතින් පහසුකම් සලසා ඇත.
වඩාත් පහසුකම් සහිත නව පරිශ්රයට ගෙවදිමින් ඉන් සලසාලීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්යක්ෂ /ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා “ මීට ඉහතදී හම්බන්තොට නගරය කේන්ද්ර කරගනිමින් ඇරඹි මෙම ශාඛාව මෙතැන් සිට අම්බලන්තොට නගරයේ, වඩාත් ඉඩකඩ සහිත ජනතාවට ඉතා පහසුවෙන් ළගාවිය හැකි නව පරිශ්රයක සිට අප මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇත. මෙහිදී හම්බන්තොට, අම්බලන්තොට මෙන්ම ඉන් අවට වෙසෙන අප පාරිභෝගික ජනතාවගේ මූල්ය අවශ්යතා ඉටුකිරීම සඳහා ඔවුන් සිය උපරිම විශ්වසනීය හා කාර්යක්ෂම සේවාව ලබාදෙනු ඇතිය යන්න මගේ විශ්වාසයයි. යනුවෙන් පැවසීය.
July, 5, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC සිය ග්රාමීය අධ්යාපනය නැංවීමේ වැඩ පිළිවෙල යටතේ දුෂ්කර පාසලක් වන අම්පාර දිස්ත්රික්කයේ වඩිනාගල විද්යාලයේ සිසුසිසුවියන්ගේ පරිහරණය සඳහා පරිගණකයක් ඇතුළු උපාංග සහ පාසල් පුස්තකාලය සඳහා පොත් පත් පරිත්යාගයක් පසුගියදා සිදුකරනු ලැබීය.
සමාජයට වගකියන මූල්ය ආයතනයක් ලෙස HNB FINANCE සමාගම ‘මෙහෙවර’ ආයතනික සමාජ වගකීම් ප්රවේශය හරහා අධ්යාපනය, සෞඛ්ය හා සනීපාරක්ෂාව, නිවාස මෙන්ම ජීවනෝපාය සංවර්ධනය ආදී ක්ෂේත්රයන්හි උන්නතිය සඳහා කටයුතු කරමින් සමාජය සවිබල ගැන්වීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටී.
“විවිධ වූ සමාජ අවශ්යතාවන් ඉටුකරමින් පිළිසරණක් අවශ්ය ප්රජාව සවිබල ගැන්වීම සඳහා HNB FINANCE PLC විශාල සේවාවක් පසුගිය කාලය පුරාම ඉටුකර තිබෙනවා. එමෙන්ම වරප්රසාද අඩු ග්රාමීය පාසල්වල අධ්යාපන ක්ෂේත්රයේ යටිතල පහසුකම් නැංවීම සඳහා අඛණ්ඩව සිදුකරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අම්පාර දිස්ත්රික්කයේ වඩිනාගල පාසල මූලික කරගෙන ක්රියාත්මක කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා.මෙම සද්කාර්ය සිදුකිරීමේදී තර්ස්ටන් විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය(2019 -2022) සහ එම සංගමයේ ජ්යෙෂ්ඨ උපසභාපති නොයෙල් ජෝෂප් මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පසුගිය කාලවකවානුව තුළදී කෝවිඩ් වසංගතය අතරතුරදී පවා ප්රජාව සවිබල ගැන්වීමට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට අපි පියවර ගනු ලැබුවේ එය අපගේ සමාජ වගකීමක් ලෙස සලකන නිසයි.”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
June, 29, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්ගොඩ ශාඛාව පසුගිය ජුනි 8වන දින, අංක 97 ගාලූ පාර අම්බලන්ගොඩ (රොසෙත් හන්දිය) දරණ, ලිපිනයෙහි නව කාර්යාල, පරිශ්රයකට ගෙන යන ලදි.
නව පරිශ්රයට ගෙවදීම HNB FINANCE PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතාගේ ප්රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර මෙම උත්සව අවස්ථාවට HNB FINANCE PLC හි නියෝජ්ය සාමාන්යාධිකාරීවරුන්, ශාඛා කළමනාකරුවන්, නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.
නව පරිශ්රයට ගෙවදීමට සමගාමීව HNB FINANCE PLC රන් ණය සේවාවද අම්බලන්ගොඩ ශාඛාවෙහි අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර කල් බදු සේවා (Leasing) ඉතුරුම් හා ස්ථාවර තැන්පතු, ව්යාපාරික ණය, නිවාස ණය ඇතුළු මූල්යසේවා රැසක් එකම වහළක් යටින් ලබා ගැනීමට HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව වෙතින් පහසුකම් සලසා ඇත.
"වඩාත් පහසුකම් සහිත නව පරිශ්රයට ගෙවදිමින් ඉන් සලසා දීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා, වසර දහහතකට අධික කාලයක් අම්බලන්ගොඩ හා ඉන් අවට පාරිභෝගික ජනතාවගේ මූල්ය අවශ්යතා ඉටුකිරීම සඳහා අනුපමේය සේවාවක් HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව විසින් ඉටු කළ අතර මෙතැන් සිට අපගේ රන් ණය සේවා මධ්යස්ථානයෙන් ද වඩාත් ප්රශස්ත, විශ්වාසනීය හා ආකර්ශනීය සේවාවක් අම්බලන්ගොඩ සහ ඒ අවට ජනතාවට ඉටු කරනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් පැවසීය.
June, 7, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE සිය ප්රධාන මූල්ය නිර්ණායකයන් හි ප්රශස්ත මූල්ය කාර්යසාධනයක් සනිටුහන් කරමින් HNB FINANCE හි 2021-22 වසරේ සමූහ ශුද්ධ ලාභය රුපියල් මිලියන 515.6ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. 2020 - 21 වසරේදී සිදු වූ පාඩු ලැබීමත්, 2022 මාර්තු 31වන දිනෙන් අවසන් වූ මූල්ය වර්ෂය තුළ මුහුණ දුන් දැඩි සමාජ ආර්ථික අභියෝග රැසත් මධ්යයේ මෙම කැපී පෙනෙන වර්ධනය හිමිකර ගැනීමට HNB FINANCE සමත් වූ අතර, උපායමාර්ගික ව්යාපාර තීරණයක් ලෙස ප්රයිම් ෆිනෑන්ස් සමාගමද අත්පත් කරගන්නා ලදී.
පසුගිය මූල්ය වර්ෂය තුළ සමූහ ශුද්ධ පොළී ආදායම සහ සමූහයේ මෙහෙයුම් ආදායම (Group Net Interest Income and Group Total Operating Income ) රුපියල් මිලියන 3,903.9ක් සහ රුපියල් මිලියන 4,929.9 ක් වූ අතර සමූහයේ බදු පෙර ලාභය (Profit Before Tax) රුපියල් මිලියන 615.9ක් විය.
සලකා බලනු ලැබූ කාලසීමාව තුළ HNB FINANCE හි සියලු ව්යාපාරික අංශයන් සැලකිය යුතු ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර පවතින ආර්ථික තත්වය තුළ ගැලපෙන පරිදි ණය සේවා පවත්වාගෙන යෑම සහ පිරිවැය උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීම යන ක්රියාමාර්ග මේ සඳහා හේතු විය. පසුගිය මූල්ය වර්ෂය තුළ HNB FINANCE සමූහයෙහි ණය සහ තැන්පතු අනුපාතය (Loan-to-Deposit ratio) 123.36%ක් වශයෙන් වාර්තා වූ අතර ඉන් සමූහයේ ශක්තිමත් ද්රවශීල තත්වය (liquidity position) තවදුරටත් තහවුරු විය..
HNB FINANCE PLC මේ වන විට විවිධාංගීකරණය වූ මූල්ය සේවා රැසකින් සමන්විත වන අතර ක්ෂුද්ර මූල්ය සේවා, ලීසිං, රන්ණය, දේපළ ණය හා ව්යාපාරික ණය මීට අයත් වෙයි.
“අභියෝග රාශියක් මධ්යයේ සෑම සේවා අංශයක්ම ආවරණය වන පරිද්දෙන්ම HNB FINANCE වාර්තා කළ මෙම මූල්ය කාර්යසාධනය සමාගමේ අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, අරමුණු කරා ගමන් කිරීමේ කැපවීම මනාව පෙන්නුම් කරන බව මගේ අදහසයි. විවිධාංගීකරණය වූ අපගේ මූල්ය සේවා සහ ප්රයිම් ෆිනෑන්ස් අත්පත් කර ගැනීමෙන් ලද සහසම්බන්ධතාද සමග වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. එමෙන්ම මෙරට විශාලතම පුද්ගලික බැංකුවක් වන HNB හි සවියත් , දේපළ වෙළෙඳාමේ ප්රමුඛයා වූ ප්රයිම් සමූහයේ අත්වැලත් HNB FINANCE හි වර්ධන ගමන් මගේ අරමුණු ජය ගැනීමට විශාල ජවයක් සපයන බවට කිසිදු සැකයක් නැහැ” යනුවෙන් HNB FINANCE PLC හි සභාපති දිල්ෂාන් රොද්රිගෝ මහතා පැවසීය.
“අපගේ විවිධාංගීකරණය වූ ණය කළඹ නිසාම වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය තුළ ආයතනය ස්ථාවර තත්වයක පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා. තවදුරටත් අපගේ ප්රමුඛතම සේවාවන් වන ක්ෂුද්ර මූල්ය ණය , කුඩා හා මධ්ය පරිමාණ ණය, ව්යාපාරික ක්ෂේත්ර සඳහා අවශ්ය මූල්ය සහය ලබා දීම අපි අඛණ්ඩව කරගෙන යනු ලබනවා. ක්ෂුද්ර, සුලු හා මධ්ය පරිමාණයේ ව්යාපාරික ක්ෂේත්රය මෙරට ආර්ථිකයේ එක් ප්රමුඛතම ගාමක බලයක් වන බැවින් කවර බාධක මධ්යයේ වූවද මෙම අංශයන්ට අවශ්ය මූල්යසේවා ලබා දීමට අපි අනිවාර්යයෙන්ම පියවර ගනු ලබනවා. එමෙන්ම මෙම ක්ෂේත්රයන්හි මූල්ය සාක්ෂරතාව වර්ධනය කිරිම, ව්යාපාරයන් යළි ගොඩ නැංවීම සහ ඔවුන්හට ඩිජිටල් සේවාවන් ඔස්සේ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම ආදිය අපි මේ වනවිටත් සිදුකරගෙන යමින් සිටිනවා”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
බහුතර කොටස් හිමියන්ගේ එකඟතාව මත මෙම වසරේ මැයි මාසය අවසන් වන විට ප්රයිම් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීමට HNB FINANCE PLC සමත් වූ අතර ප්රයිම් ෆිනෑන්ස් සතුව තිබූ ශාඛා 7 වර්තමානය වන විට HNB FINANCE ශාඛා ජාලයට එක් වී ඇත. මෙම අත්පත් කර ගැනීම සමගින් HNB FINANCE හි මුළු වත්කම් පදනම 2022 මාර්තු 31වන දිනට රුපියල් බිලියන 46.56ක් විය. මේ සමග ප්රයිම් ෆිනෑන්ස් හි වත්කම් මත පදනම් වූ ණය සංචිතය HNB FINANCE හි ශේෂ පත්රයෙහි අවදානම් බෙදීම වඩාත් ප්රශස්ත මට්ටමකට රැගෙන ඒමට සමත් වී ඇත. එමෙන්ම ප්රයිම් ෆිනෑන්ස් සමාගමේ දේපළ වත්කම් මත ණය ලබාදීමේ වෘත්තීයමය හසල පළපුරුද්දක් සහිත සේවක මණ්ඩලය HNB FINANCE හි මානව සම්පත් ශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වන අතර HNB FINANCE හි මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්රශස්ත මට්ටකට රැගෙන ඒමට උපකාරී වනු ඇත.
Video Story