December, 6, 2022
2022 ඔක්තෝබර් මාසය තුළ දී 28,473 ක ප්රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. මෙයින් 11,399 ක් නුපුහුණු ශ්රමිකයින් වන අතර, පුහුණු ශ්රමිකයින් 7,887 ක් සහ ගෘහ සේවා සඳහා 6,165 ක්ද ඒ අතර වේ.
ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 ඔක්තෝබර් මාසය තුළ වාර්තා වන විදෙස් ප්රේෂණ ප්රමාණය ඩොලර් මිලියන 355 ක් බවයි.
මේ අතර 2022 වසරේ ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුල දී 251,151 ක පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.
මහ බැංකුව පවසන්නේ මෙය වසංගත සමයට පෙර වාර්ෂිකව රැකියා සඳහා විදෙස්ගත වූ ප්රමාණය ඉක්මවා යාමක් බවයි.
2022 ජනවාරි - ඔක්තෝබර් කාලය තුළ දී ලැබී ඇති සමස්ත විදෙස් ප්රේෂණ ප්රමාණය ඩොලර් මිලියන 2,929 කි. 2021 වසරේ දී අදාළ කාලපරිච්ඡේදය සඳහා මෙම වටිනාකම ඩොලර් මිලියන 4,895 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
November, 29, 2022
2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්රී ලංකාවේ අපනයන කාර්ය සාධනය
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 11 සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව 2022 මුල් මාස 10 තුළ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 11.07 ක් වේ.
කෙසේවෙතත් වාර්ෂික පදනම මත 2022 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් 8.18 % කින්, ඩොලර් මිලියන 1,094.8 දක්වා අඩු වී තිබේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන පරිදි මෙයට ප්රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්රිත නිෂ්පාදන, පොල් ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු සහ සුගන්ධ තෙල් සහ ධීවර අංශයේ අපනයන ආදායම අඩුවීමයි. තවද, ගෝලීය අර්බුදයන්හි බලපෑම ප්රධාන නිෂ්පාදනවල අපනයන ආදායම අඩුවීමට ද බලපා තිබේ.




2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,619.66 ක් වූ අතර, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 2.64% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්යාපාර ක්රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්ය, සේවා, ප්රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත වේ.
November, 21, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 73.7 හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළ ගියේය.
වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු විය.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 85.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 80.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 62.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 61.3 දක්වා පහළ ගියේය.
November, 16, 2022
නිෂ්පාදන ක්රියාකාරකම් හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව පහළ යන ලදී. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.2කින් පහළ යමින් 38.4ක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.


November, 4, 2022
පසුගිය ඔක්තෝබර් මාසය තුළ දී ශ්රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 42,026 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්යාලේඛන පෙන්වා දේ.
මේ අනුව 2022 වසරේ මුල් මාස 10 තුළ දී පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්රමාණය 568,258 ක් වේ.
ඔක්තෝබර් මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්රමාණය 8,862 කි. මීට අමතරව රුසියාවෙන් 6,189 ක් හා එක්සත් රාජධානියෙන් 4,275 ක් ලෙසින් පසුගිය මාසය තුළ ශ්රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණි රටවල් අතර පෙරමුණේ වේ.







September, 22, 2022
මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්යක්ෂ ජෙනරාල් ප්රමුඛ රාජ්ය තාන්ත්රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතව ඇත.
මෙම රැකියා අවස්ථා මෙරට ශ්රමිකයින්ට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිළිබද කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් Dato' Tan Yang Thai මහතා අද දින (22) දිනයේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්යාංශයේදී පැවති හමුවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. මනුෂ නානායක්කාර ඇමැතිවරයා මැලේසියානු රජයෙන් පසුගිය ජුනි 23 වැනිදා කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් මෙම රැකියා 10,000 ලංකාවට ලබාදෙන බව මහ කොමසාරිස්වරයා අමාත්යවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.
Video Story