WINDFORCE කොටස් ගනුදෙනු ඇරඹෙයි. පළමු දිනයේ දී 15% කින් මිල ඉහළට

    April, 22, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන WINDFORCE LIMITED හි ද්විතියීක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (22) දිනයේ දී ආරම්භ විය.

    මූලික මහජන කොටස් නිකුතුවේ දී WINDFORCE LIMITED සමාගමේ කොටසක් රු. 16.00 බැගින් නිකුත් කෙරුණු අතර අද දිනයේ දී රු. 17.70 සිට රු. 19.00 දක්වා මිල ගණන්වල දී ඒහි කොටස් ගනුදෙනු විය.

    දිනය අවසානයේ දී අවසන් ගනුදෙනු මිල රු. 18.50 ක් ලෙසින් සටහන් වූ අතර ඒ් අනුව රු. 2.50 ක් හෙවත් මූලික නිකුතු මිලට සාපේක්ෂව 15.63% ක වැඩිවීමක් කොටස් මිලෙහි වාර්තා වී තිබුණි.

    WINDFORCE LIMITED හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 1,350,768,942 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ ”Independent Power Producers & Energy Traders” අංශය යටතේ ලැයිස්තුගත කර ති බෙන අතර අද දිනයේ දී ඒයින් කොටස් 47,570,928 ක් ගනුදෙනු වී ඇත.