Windforce කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ කරයි

    April, 29, 2021

    වින්ඩ්ෆෝර්ස්  (Windforce Ltd.) සමාගමෙහි කොටස්, කොළඹ කොටස් හුවමාරු (CSE) ප්රධාන පුවරුවෙහි  “උපයෝගිතා” (Utilities) අංශය යටතේ ලැයිස්තුගත වී ඇති අතර විශේෂ සීනු නාද කිරීමේ උත්සවයක්  මගින් පසු ගිය දා උත්සවකාරයෙන් ගනුදෙනු ආරම්භ කරන ලදී.

    සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සදහා සුවිශේෂී මහජන උනන්දුවක් පෙන්නුම් කල අතර සමාගම කොටස් නිකුතුවකට රු 16.00 බැගින් කොටස් මිලියන 202.6 සමාගම් කොටස් නිකුත් කරමින් රුපියල් බිලියන 3.2 ක් වටිනා අයදුම්පත් ලබා ගැනීමට සමත් විය. එම  මිල යටතේ ආරම්භක දිනයේදීම එම නිකුතුවට 8 වතාවකට ආසන්න වශයෙන් කොටස් අධි ඉල්ලුමක් ලබා ගැනීමට සමාගම සමත් වී ඇත. මෙම මූලික මහජන කොටස් නිකුතුව 2011 වර්ෂයෙන් පසු  කොළඹ කොටස් හුවමාරුව විසින් නිවේදනය කරන ලද විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස වාර්තා වී ඇත.

    වින්ඩ්ෆෝර් ස් සමාගම නියෝජනය කරමින් ප්‍රාරම්භක සභාපති ජනක් හයිද්රමානි මහතා, සභාපති රනිල් පතිරණ මහතා, උප සභාපති අස්ගි අක්බාර්ලි මහතා, කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා මහතා, අධ්‍යක්ෂ මොයිස් නජ්මුඩීන් මහතා මෙම උත්සවයට සහභාගී විය. කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කරමින් සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, අධ්යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂ සුරේන් ඩි සිල්වා මහතා  සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සම්බන්ධ වූ අතර CT CLSA හෝල්ඩින්ග්ස් සමාගම නියෝජනය කරමින්  අධ්යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සකිර් මොහමඩ්අලි මහතා සහ කැපිටල් අලයන්ස් සමාගම නියෝජනය කරමින්  ග්ලෝබල් මාර්කට්ස් සහ ඉන්වෙස්ට්මන්ට් බෑන්කින්ග්  කළමනාකාර අධ්යක්ෂ දේශාන් පුෂ්පරාජා  මහතා  ද  මෙම උත්සවයට සහභාගී විය.

    කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා වින්ඩ්ෆෝර්ස්  සමාගමෙහි සාර්ථක ලැයිස්තුගත කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට සහ කළමනාකරණයට සුබ පතමින් පවසා සිටියේ, “ පුනර්ජනනීය  බලශක්ති උත්පාදනයත්  සමග වින්ඩ්ෆෝර්ස්  සමාගමෙහි මෙහෙවර  පිලිබඳ සලකා බලන විට මිහිකත දිනයේදීම මෙම උත්සවය  පැවැත්වීම සුවිශේෂී  කරුණක් වන අතර  එය සමාගමේ අරමුණ හා  හොඳින් සැසදෙනවා. මෙවැනි විශාල හා කුඩා සමාගම් කොළඹ කොටස් හුවමාරුව හා සම්බන්ධ වීමට දිරිගැන්වීම අපේ මුලික අරමුණක් වෙනවා. මූලික මහජන කොටස් නිකුතුවට අදාළ නව්යගත කරන ලද  ක්රියාවලියත් සමග, ආරම්භයේ සිට අවසාන අදියර තෙක් සම්පූර්ණ ක්රියාවලිය සඳහා සති තුනක පමණ කාලයක් ගත වුණා. සමාගම් සඳහා ලැයිස්තුගත ක්රියාවලිය පහසු කිරීම සඳහා වසර මුලදී අප විසින් සකස් කරන ලද සියලු කාර්යයන්හි සාර්ථකත්වය මෙයින් පෙන්නුම් කරනවා.  වින්ඩ්ෆෝර්ස් සමාගමෙහි සැලසුම්, සමාගමේ දියුණුවට සහ ලැයිස්තුගත වීමෙන් පසු සිදුකරන සියලු කටයුතුවලට අප සුබ පතනවා” යනුවෙනි.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් වින්ඩ්ෆෝර්ස් සමාගමෙහි සභාපති රනිල් පතිරණ මහතා පවසා සිටියේ, “වින්ඩ්ෆෝර් ස් සමාගම මීට වසර 12 කට පමණ පෙර ආරම්භ වූ අතර අද වන විට එය සාර් ථක ගමනක් පැමිණ සිටිනවා. අප සමාගම හයිඩ්‍රෝ සහ සූර් යය  බලශක්ති ප්‍රභව දක්වා ව්යාප්ත වී තිබෙනවා. අද මිහිකත දිනය වන නමුදු වින්ඩ්ෆෝර් ස්  සමාගමට  සෑම දිනයක්ම මිහිකත දිනයක් වෙනවා. ලෝකය පිරිසුදු බලශක්තිය කරා යන ගමනත්, රජයේ ප්රතිපත්තියක් වන 2030 වන විට ජාතික බලශක්ති නිෂ්පාදනයෙන් විශාල ප්රතිශතයක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් සපයා ගැනීමට  සඳහා ඇති ඉලක්කයන් වෙත සහයෝගය දැක්වීමට වින්ඩ්ෆෝර්ස්  සමාගම අඛණ්ඩව කැපවී සිටිනවා. මෙම  ලැයිස්තුගත කිරීමේ ක්රියාවලිය කඩිනම් කිරීම සහ සහයෝගය දැක්වීම පිළිබඳව කොළඹ කොටස් හුවමාරුවට මම ස්තුතිය පළ කරනවා. අනාගතයේදී වින්ඩ්ෆෝර්ස් සමාගම සැබවින්ම ගෝලීය පිරිසිදු බලශක්ති සමාගමක් බවට වර්ධනය වන බව අප විශ්වාස කරන අතර ශ්‍රී ලංකාවේ ප්රාග්ධන වෙළඳපොළේ අනාගත වර්ධන ක්රියාවලිය සඳහා සමාගමට වැදගත් කාර්යයභාර්යක් ඉටු කළ හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.