WindForce මුලික කොටස් නිකුතුවට රු. බිලියන 25.7ක අයදුම්පත් ඇවිත්. 8 ගුණයක ඉල්ලුමක්

    April, 1, 2021

    2011 වසරෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකෙරෙන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වන WindForce ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා රු. බිලියන 25.7 ක වටිනාකමකින් යුත් අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. මෙය සමාගම විසින් සම්පාදනය කරගැනීමට බලාපොරොත්තු වන රු. බිලියන 3.2 ක අරමුදල මෙන් 8 ගුණයකි.

    WindForce ලිමිටඩ් විසින් පසුගිය මාර්තු 24 දා විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබුණි. මෙහිදී රු. 16.00 බැගින් කොටස් 202,615,341 ක් මහජනතාව වෙත ඉදිරිපත් කළ අතර රු. බිලියන 3.24 ක ප්‍රාග්ධනයක් ඒ හරහා සම්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබේ.