Yarl Royal Palace: උතුරේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණයට ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් තබයි

    August, 17, 2026

    Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ යාපනයේ Yarl Royal Palace ව්‍යාපෘතිය සඳහා ගිවිසුමකට එළඹීමත් සමඟ සුවිශේෂී ආයෝජන සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

    මෙම ආයෝජනයේ ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම  ඇමරිකානු ඩොලර් මිලියන 3.52 කි.

    ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට අපේක්ෂිත මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු පළාතේ නාගරික ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරයි.

    අංක 107, නුවර පාර ,යාපනය දරන ස්ථානයේ, ඓතිහාසික ඕල්ඩ් පාර්ක් දෙසට මුහුණලා පිහිටා ඇත. මෙම ව්‍යාපෘතිය, යාපනය සහ සමස්ත උතුරු පළාතේ අඛණ්ඩ ආර්ථික හා නාගරික සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ සැලකිය යුතු දායකත්වයක් නියෝජනය කරයි.

    මෙම සංවර්ධන ව්‍යාපෘතියට රථවාහන නැවැත්වීම සඳහා මහල් 6ක්, නේවාසික මහල් 13ක් සහ නවීන නේවාසික ඒකක 78ක් ඇතුළත් වන අතර  නවීන පහසුකම් සහ ආකර්ෂණීය වාස්තු විද්‍යාත්මක සැලසුමකින් ද  යුක්තය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමට අත්සන් තැබීම මෙම ව්‍යාපෘතියේ සංවර්ධන ක්‍රියාවලිය හා බැඳ වැදගත් ආයතනික සන්ධිස්ථානයක් වන අතර, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඇති ආර්ථික විභවය පිළිබඳ Tilko Blue Ocean Holdings සමාගමේ දිගුකාලීන විශ්වාසය ද එමඟින් පිළිබිඹු වේ.

    උතුරු පළාතේ  අනාගතය සඳහා ආයෝජනය කිරීම

    Yarl Royal Palace යනු හුදෙක් නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් පමණක් නොවේ. එය ආර්ථික ව්‍යාප්තිය, නාගරික සංවර්ධනය සහ පෞද්ගලික අංශයේ වර්ධනය සඳහා සැලකිය යුතු විභවයක් සහිත කලාපයක අනාගතය වෙනුවෙන් සිදුකරන වැදගත් ආයෝජනයකි.

    මෙවැනි වූ ආයෝජනයක් තුලින් අදාළ ව්‍යාපෘතියෙන් ඔබ්බට විහිදෙන පුළුල් ආර්ථික ක්‍රියාකාරකම් නිර්මාණය කරයි. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, වෘත්තීය උපදේශන, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහන හා සැපයුම් සේවා, මූල්‍ය සේවා, දේපළ කළමනාකරණය ඇතුළු සහායක ව්‍යාපාර රැසක් මෙවැනි මහා පරිමාණ දේපළ සංවර්ධන ව්‍යාපෘතියකින් සමඟ නිර්මාණය වන පුළුල් ආර්ථික පරිසර පද්ධතියේ කොටස් බවට පත්වේ.

    එමෙන්ම, මෙම ව්‍යාපෘතිය වෘත්තීය අවස්ථා බිහිකිරීමට සහ නාගරික පරිසරයේ නවීකරණය සඳහා ද දායක වන අතර, දිගුකාලීන පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජන සඳහා යාපනය ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්වීම පිළිබඳ විශ්වාසය ද තවදුරටත් තහවුරු කරයි.

    යාපනයේ, අනාගත ආයෝජන සඳහා ශක්තිමත් මූලික පදනම් පවතී. ව්‍යවසායකත්වයෙන් පිරි ජන ප්‍රජාව, වෘත්තීය හා අධ්‍යාපනික පසුබිම, වැඩිදියුණු වෙමින් පවතින යටිතල පහසුකම්, වටිනා නාගරික ඉඩම් සහ ලොව පුරා විහිදුණු ඩයස්පෝරා ප්‍රජාව සමඟ පවතින ශක්තිමත් සබඳතාව ඒ අතර ප්‍රධාන වේ.

    මෙම සියලු ශක්තීන්, වගකීම් සහගත සහ තිරසාර පෞද්ගලික ආයෝජන සඳහා ආකර්ෂණීය පදනමක් නිර්මාණය කරයි.

    යාපනය සහ ගෝලීය ඩයස්පෝරාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම

    උතුරු පළාතේ විශාලතම ආර්ථික ශක්තීන්ගෙන් එකක් වන්නේ ගෝලීය දෙමළ ඩයස්පෝරාව සමඟ පවතින ශක්තිමත් සම්බන්ධතාවයයි.

    උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වූ පවුල් පරම්පරා ගණනාවක් එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ තවත් බොහෝ රටවල සාර්ථක ප්‍රජාවන් ලෙස ස්ථාපිත වී සිටින අතර, ඔවුන් යාපනය සමඟ ගැඹුරු පෞද්ගලික, සංස්කෘතික සහ ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යති.

    Yarl Royal Palace ව්‍යාපෘතිය මඟින් විදේශගත පවුල්, වෘත්තිකයන් සහ ආයෝජකයන්ට යාපනයේ වර්ධනය වෙමින් පවතින දේපළ වෙළෙඳපොළ සහ එහි මීළඟ නාගරික සංවර්ධන අදියර සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාවක් ලබාදීම මඟින් එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කරයි.

    යමෙකුට Yarl Royal Palace, යාපනය නගරයේ පිහිටි ගෞරවාන්විත සහ සුවිශේෂී නේවාසික ස්ථානයක් වනු ඇත.

    තවත් පිරිසකට එය දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් සඳහා නවීන නිවසක් බවට පත්වනු ඇත.

    විදේශගත වෘත්තිකයන් සඳහා, තම මව්බිම සමඟ දිගුකාලීන සබඳතාවක් පවත්වාගෙන යමින් නැවත පැමිණීමට හැකි ස්ථානයක් ලෙස එය වැදගත් වනු ඇත.

    එමෙන්ම දිගුකාලීන ආයෝජකයන් සඳහා, උතුරු පළාතේ මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වඩාත්ම අභිලාෂකාමී නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක දේපළ හිමිකර ගැනීමේ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.

    මේ ආකාරයෙන්, මෙම ව්‍යාපෘතිය ගෝලීය ප්‍රාග්ධනය සහ දේශීය අවස්ථා අතර අර්ථවත් පාලමක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.

    යාපනය සඳහා නව ප්‍රමිතියක්

    උතුරු පළාතේඋසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය, කලාපයේ උස් ගොඩනැගිලි ආශ්‍රිත නවීන නේවාසික ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමටත් සුවිශේෂී නව අංගයක් එක් කිරීමටත් අපේක්ෂා කරයි.

    කෙසේ වෙතත්, එහි වැදගත්කම භෞතික පරිමාණයට පමණක් සීමා නොවේ.

    දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ මහා පරිමාණ නේවාසික සංවර්ධන ව්‍යාපෘති බොහෝ දුරට කොළඹ සහ අනෙකුත් ස්ථාපිත නාගරික මධ්‍යස්ථානවලට සීමා වී තිබුණි. එවැනි පරිමාණයක සංවර්ධන ව්‍යාපෘතියක් යාපනයේ ආරම්භ වීම තුළින්, රටේ සාම්ප්‍රදායික දේපළ වෙළෙඳපොළවලින් ඔබ්බට දියුණු පෞද්ගලික ආයෝජන සඳහා පවතින වර්ධනය වන විභවය පැහැදිලි වේ.

    නවීන ප්‍රමිතීන්ට අනුව මහා පරිමාණ නේවාසික සංවර්ධන ව්‍යාපෘති ඉදි කිරීම සඳහා යාපනයේ හැකියාව පවතින බවත්, එවැනි සංවර්ධනයන් ක්‍රියාත්මක කරන අතරතුර නගරයේ සුවිශේෂී අනන්‍යතාව සහ ස්වභාවය ආරක්ෂා කරගත හැකි බවත් Yarl Royal Palace ව්‍යාපෘතිය මඟින් පෙන්නුම් කරයි.

    සුවිශේෂී මහා පරිමාණ ආයෝජන මඟින් ආර්ථිකයට  පුළුල්  බලපෑමක් ද ඇති කළ හැකිය. යම් කලාපයක් පිළිබඳ වාණිජ විශ්වාසය ප්‍රදර්ශනය කිරීම තුළින් තවදුරටත් පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිගැන්වීමට, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමට සහ සංවර්ධන හා නාගරික යටිතල පහසුකම්වල ප්‍රමිතීන් ක්‍රමානුකූලව ඉහළ නැංවීමට එවැනි ව්‍යාපෘති දායක විය හැකිය.

    උරුමය, ප්‍රගතිය සහ වර්ධනයේ නව යුගයක්

    යාපනයේ අනන්‍යතාව පරම්පරා ගණනාවක් පුරා, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය, සංස්කෘතිය, අධිෂ්ඨානය යන සාධක සහ සුවිශේෂී ගෝලීය ප්‍රජාවක් විසින් හැඩගස්වා ඇත. එබැවින් එම උරුමය එහි විශාලතම ශක්තීන්ගෙන් එකකි.

    Yarl Royal Palace පිහිටා ඇත්තේ යාපනයේ සුවිශේෂී වූ ‌ෙඒතිහාසික වටිනාකමකින් යුත් පැරණි උද්‍යානය පෙනෙන ආකාරයටය.  යාපනය නගරයට, එහි අතීත උරුමය හා වර්තමාන මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකිර්ණයේත් සංකලනයෙන් නව වටිනාකමක් එකතු කරනු ඇත. එමෙන්ම මෙම සංකේතය පාරම්පරික උරුමයත්, නූතන සංවර්ධනයත් එක් කරමින් නව ආයෝජන අවස්ථා ද නාගරික සංවර්ධනය ද  උදා කරනු ඇත.

    උතුර වෙනුවෙන් දිගුකාලීන කැපවීමක්

    තිරසාර කලාපීය සංවර්ධනය සඳහා, පෞද්ගලික අංශයේ දිගුකාලීන විශ්වාසය, අඛණ්ඩ ආයෝජන මෙන්ම රාජ්‍ය ආයතන, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ ප්‍රජාවන් අතර සහයෝගීතාව අවශ්‍ය බව Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම විශ්වාස කරයි.

    මෙම වැදගත් සන්ධිස්ථානය කරා ළඟා වීමට ලබාදුන් සහයෝගය සහ විශ්වාසය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට, අදාළ රාජ්‍ය ආයතනවලට, වෘත්තීය උපදේශකයන්ට, ව්‍යාපෘති කණ්ඩායම්වලට, ආයෝජකයන්ට, ගනුදෙනුකරුවන්ට සහ සියලු පාර්ශ්වකරුවන්ට සමාගම සිය අවංක ස්තූතිය පළ කරයි.

    මෙම ව්‍යාපෘතිය ඉදිරියට සංවර්ධනය වන විට, ආයෝජන ආකර්ෂණය කරගැනීමටත්, ගෝලීය ඩයස්පෝරා ප්‍රජාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමටත් හැකියාව ඇති නවීන කලාපීය මධ්‍යස්ථානයක් බවට යාපනය පත් වේ. ඒ සමඟම යාපනය නගරයට සුවිශේෂීත්වයක් ලබාදෙන එහි උරුමය සහ අනන්‍යතාව ද ආරක්ෂා කරගැනීමට අපේක්ෂා කෙරේ.

    Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ආයෝජනය කිරීම, සුවිශේෂී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම , කලාපය සඳහා වඩාත් ශක්තිමත් ගතික සහ ආයෝජන කේන්ද්‍රගත අනාගතයක් ගොඩනැගීමට දායක වීම සඳහා සිය දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරයි.