header logo
Top News
ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුවට සමගාමීව කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් උපායමාර්ගික සාකච්ඡාවක්
ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුවට සමගාමීව කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් උපායමාර්ගික සාකච්ඡාවක්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා FinTech Forum ආයතනය විසින්, Visa ආයතනයේ අනුග්‍රහය සහිතව සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලංකා FinTech Festival 2026’ සමුළුවට සමගාමීව විශේෂ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් 2026 නොවැම්බර් 02 වන දින කොළඹ Port City පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ, වරාය නගර පරිශ්‍රය උපායමාර්ගික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ (FinTech) ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පොදු ජාතික දැක්මක් ගොඩනැගීමයි.
මෙම හමුව සඳහා දේශීය හා ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ප්‍රාග්ධන වෙළඳපොළ නියෝජිතයින් සහ ආයෝජන පහසුකම් සපයන්නන් රැසක් එක්ව සිටියහ. 

දකුණු ආසියානු සහ ගෝලීය වෙළඳපොළ වෙත ව්‍යාප්ත වීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර FinTech සමාගම් සඳහා වරාය නගරය සතු ආයෝජක-හිතකාමී නියාමන රාමුව, උපායමාර්ගික පිහිටීම සහ නූතන යටිතල පහසුකම් හරහා හිමිවන විශාල ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සමාලෝචනය කෙරිණි.

තවද, වරාය නගරය තුළ FinTech ක්ෂේත්‍රයේ වර්ධනය වේගවත් කිරීම උදෙසා ඉදිරි වසර දෙක සඳහා වූ ප්‍රායෝගික ක්‍රියාකාරී මාර්ග සිතියමක් සකස් කිරීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අවධාරණය විය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන එක්ව සකස් කරන මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ හරහා ප්‍රමුඛතා හඳුනා ගැනීම, ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ FinTech ව්‍යාපාර ස්ථාපිත කිරීමට අවශ්‍ය සුදුසු පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු යොදනු ඇත.

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%