header logo
Corporate News
කොමර්ෂල් බැංකුව සහ ටොයෝටා ලංකා වෙතින් දිවයින පුරා ආකර්ෂණීය ලීසිං විසඳුම්
කොමර්ෂල් බැංකුව සහ ටොයෝටා ලංකා වෙතින් දිවයින පුරා ආකර්ෂණීය ලීසිං විසඳුම්

නව ටොයෝටා වාහනයක හිමිකාරිත්වය වඩාත් පහසු සහ දැරිය හැකි මිලකට ලබාගැනීමට අවස්ථාව සලසමින් කොමර්ෂල් බැංකුව ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ ඇති ව්යාපාරික ගිවිසුම අලුත් කරමින් ආකර්ෂණීය ලීසිං පැකේජ හරහා පාරිභෝගික අවශ්යතාවලට ගැලපෙන මූල්ය විසඳුම් සහ අමතර ප්රතිලාභ පිරිනමමින් ආර්ථික වර්ධනයට දායක වීමට බැංකුව දක්වන කැපවීම තහවුරු කර ඇත.

මෙම ගිවිසුම යටතේ, කොමර්ෂල් බැංකුව විසින් ඉතා සහනදායී පොලී අනුපාත යටතේ ලීසිං පහසුකම් ලබාදීමටත් පාරිභෝගිකයන්ගේ ආදායම් රටාවන්ට ගැළපෙන පරිදි නම්යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සකස් කිරීමටත් කටයුතු කරනු ඇත. එමෙන්ම ටොයෝටා වාහන සඳහා ලීසිං පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට බැංකුව විසින් නිකුත් කරනු ලබන ක්රෙඩිට් කාඩ්පත් සඳහා පළමු වසර දෙක තුළ ආරම්භක ගාස්තු සහ වාර්ෂික ගාස්තු අය කිරීමෙන් නිදහස් වීමේ ප්රතිලාභය ද හිමි වේ.

ටොයෝටා ගැනුම්කරුවන්ට නම්යශීලී අවශේෂ වටිනාකම් ආපසු ගෙවීමේ විකල්ප ප්රතිලාභ ද හිමි වන අතර වසරක කාලසීමාවක් සඳහා වාහනයේ වටිනාකමින් 50%ක් දක්වා වූ මුදලක් ගෙවීම කල් දැමීමටත් වසර පහක ලීසිං කාලසීමාවක් සඳහා එම ප්රතිශතය 30% දක්වා අඩු කිරීමටත් අවස්ථාව සැලසේ. එම කල් දැමූ මුදල ලීසිං කාලසීමාව අවසානයේ ගෙවිය යුතු අතර එමඟින් මාසික ලීසිං වාරික සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිය.

මීට අමතරව කොමර්ෂල් බැංකුව සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් (CIBL) ආයතන අතර ඇති හවුල්කාරිත්වය යටතේ ලීසිං පහසුකම ලබාගෙන මිලදී ගන්නා අලුත්ම ටොයෝටා වාහන සඳහා විශේෂ ප්රතිලාභයක් ද හිමි වේ. CIBL හරහා ලබාගන්නා රක්ෂණ ඔප්පුවල වාරික මුදල් 0% පොලී අනුපාතයක් යටතේ මාස 6ක හෝ 12ක පහසු ගෙවීමේ ක්රමයකට පරිවර්තනය කරගත හැකි අතර ඒ සඳහා අය කරනු ලබන සේවා ගාස්තු ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව බැංකුව සඳහන් කළේය.

මෙම මූල්ය ප්රතිලාභවලට අමතරව ටොයෝටා ලංකා සමාගම විසින් වාහන ලියාපදිංචිය නොමිලේ සිදුකර දීම, පළමු සාමාන්ය සේවා තුන නොමිලේ ලබාදීම සහ වසර තුනක් හෝ කිලෝමීටර් 100,000ක් සඳහා නිෂ්පාදකයාගේ වගකීම් සහතිකයක් ද පිරිනමනු ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්රාග්ධනීකරණයක් සහිත පළමු ශ්රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්රේණිගත විය. ශ්රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්යාවක් සහ පුළුල් ස්වයංක්රීය යන්ත්ර ජාලයක් ක්රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්ර මූල්ය සමාගමක් සහ ඩුබායි ජාත්යන්තර මූල්ය මධ්යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්ය සේවා සපයයි.

සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ටොයෝටා ලංකා සමාගමේ සභාපති මසාකි කවබටා මහතා සමාගම් දෙකෙහි ජ්යෙෂ්ඨ නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව 
 

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%