
ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීයව සේවා සපයන නිර්මාණාත්මක, තාක්ෂණික, අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙද ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කීර්තිමත් ව්‍යාපාරයක් වන Revo Revolution Advertising (www.revo.lk), ආයතනය CNCI Achiever Awards 2026 සම්මාන උළෙලේදී ජාතික සම්මානයකින් පිදුම් ලැබීය. එය සිය ව්‍යාපාරික ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.
"ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි, තේමාවෙන් වැඩ කරන අපි තවත් ඇඩ් හදන සමාගමකින් එහාටගිය සේවයක් ලබා දෙනවා. ගෙවුන දශකයකට වැඩි කාලය පුරා අපි දෙස් විදෙස් විවිධ ව්‍යාපාරවල විප්ලවීය දියුණුවක් ඇති කරන්න කටයුතු කරා සහ දැනටත් කරනවා. අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක සන්නාමයේ ආරම්භයේ සිට සියළුම සැළසුම්, නිර්මාණාත්මක හා තාක්ෂණික සේවාවන් සියල්ල අපි ලබා දෙනවා. එම සේවාවන් තවත් පුළුල් කරමින් අපේ බුද්ධිමය දේපලක් ලෙස නිත්‍යානුකූලව ලියාපදිංචි ‘‘රෙවෝ‘‘ වෙළෙද ලකුණ හා සන්නාමය යටතේ තවත් සබ්බ්‍රෑන්ඩ් එකක් ලෙස Revo Academy හඳුන්වාදීමට අපි කටයුතු කරා. Revo Academy හරහා විවිධ උසස් අධ්‍යාපන ආයතනවලට ගොස් ආරාධිත දේශකයන් ලෙස අපේ සම්පත් දායකයන් විසින් සිසුන්ට ප්‍රායෝගිකව අලෙවිකරණ, වෙළෙද ප්‍රචාරණ, ඩිජිටල් තාක්ෂණික, ව්‍යාපාරික හා ව්‍යවසායකත්ව වෘත්තීය දැනුම පුහුණු සහ ඉගැන්වීම් කටයුතු කරනවා. ක්ෂේත්‍රයේ වගකීමක් ලෙස ඇතැම් දේශන හා වැඩසටහන් අපි සම්පත් දායක ගාස්තුව රහිතව කරනවා. ඒ සදහා ඕනෑම උසස් අධ්‍යාපන ආයතනකට අපෙන් සේවා පහසුකම් ඉල්ලුම් කරන්න පුළුවන්. ඉදිරියේදී මෙය නව ව්‍යාපාර අරඹන සහ ව්‍යවසායකයන් වෙනුවෙන් තවත් පුළුල් කරන්න නියමිතයි. පසුගිය වර්ෂවලදීත් අපිට මේ සම්මාන උළෙලේදී රිදී හා ටොප් ඇචීවර්ස් සම්මාන ලැබුනා. අපි දුෂ්කරව සහ ඉතා කැපවීමෙන්, පුළුල්ව කරගෙනයන මේ කටයුතුවලට මෙවැනි පිළිගත් සම්මාන ලැබීම විශාල ධෛර්යයක්" රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් ව්‍යාපාර ප්‍රධානී රෙවෝ පැතුම් වීරමන්ත්‍රී මහතා අදහස් දක්වමින් පැවසීය.
















