
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC) සමාගම පසුගියදා ‘Extra Mile’ යන ජාත්‍යන්තර තේමාව යටතේ 2026 පාරිභෝගික සේවා සතිය සැමරීය. සිය ව්‍යාපාරික සාර්ථකත්වයේ පදනම වන පාරිභෝගික සම්බන්ධතා ක්‍රියාවලිය සහ ඒ සඳහා කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ විය.
සමාගමේ 45 වැනි සංවත්සරයට සමගාමීව පැවැති මෙම උත්සවය, පාරිභෝගිකයන් සමාගම කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය වෙනුවෙන් ඔවුන්ට කෘතඥතාව පළ කරන අතරම, සමාගමේ දියුණුව උදෙසා කාර්ය මණ්ඩලය ලබාදෙන මහඟු දායකත්වය හා කැපවීම අගය කිරීම සඳහා ලැබුණු වටිනා අවස්ථාවක් විය.
මේ යටතේ ශාඛා මට්ටමින් සංවිධානය කළ වැඩසටහන් ඔස්සේ, එදිනෙදා මූල්‍ය ගනුදෙනුවලින් ඔබ්බට ගොස් ගනුදෙනුකරුවන් සමඟ සමීපව සම්බන්ධ වීමටත්, ඔවුන් වෙත සිය කෘතඥතාව පළ කරමින් අන්‍යෝන්‍ය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් කාර්ය මණ්ඩලයට අවස්ථාව උදා විය. එමෙන්ම පාරිභෝගික සේවාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගමේ ඉදිරිපෙළ සේවා කණ්ඩායම ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලය ලබාදෙන දායකත්වය ඇගයීමේ වැඩසටහන් මාලාවක්ද මෙම සතිය පුරා පැවැත්විණි.
2026 පාරිභෝගික සේවා සතියේ අරමුණු පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය.
“වසර 45ක් පුරා අප අත්කරගත් සාර්ථකත්වයේ පදනම වන්නේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසයයි. ඔවුන්ගේ අදහස්වලට හොඳින් සවන් දෙමින් සහ ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙමින් එම විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. පාරිභෝගික සේවා සතිය යනු අප වසර පුරාම පවත්වා ගැනීමට අපේක්ෂා කරන සේවා ප්‍රමිතියේ වැදගත්කම යළි අවධාරණය කරන වැඩසටහනක්. සෘජුව පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරන සාමාජික සාමාජිකාවන්ට මෙන්ම පසුබිම් සේවා සපයන්නන් ඇතුළු සියලුම දෙනාට පාරිභෝගික සේවාවේ විශිෂ්ටත්වය පවත්වාගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් පැවරෙනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ එම කාර්යභාරය තවදුරටත් තහවුරු කිරීමයි.”
පාරිභෝගික සේවා සතියේ ජාත්‍යන්තර තේමාව වූ ‘Extra Mile’ යන්න මඟින් සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සෑම ගනුදෙනුකරුවෙකුගේම අවශ්‍යතා නිවැරදිව අවබෝධ කරගැනීම, ඔවුන්ට අවශ්‍ය තොරතුරු පැහැදිලිව ලබා දීම සහ ලබා දුන් සේවා පොරොන්දු, ඒ අයුරින්ම ඉටු කිරීම කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කෙරිණි. එමෙන්ම අඛණ්ඩව සේවා සැපයීමේ හැකියාව සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම, ගනුදෙනුකරුවන් සමඟ සෘජුව කටයුතු කරන අංශවල මෙන්ම සහායක කණ්ඩායම් ඇතුළු සියල්ලන්ගේම සාමූහික වගකීමක් බවද මෙහිදී පෙන්වා දෙන ලදී.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ අලෙවිකරණ ප්‍රධානී ධාරණ කෝරලේ ආරච්චි මහතා මෙසේ පැවසීය.
“පාරිභෝගික සේවා සතිය අපගේ කණ්ඩායම්වලට ගනුදෙනුකරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත්, ඔවුන් දිගින් දිගටම අප කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් ඔවුන්ට කෘතඥතාව පළ කිරීමටත්, දිනපතා ඔවුන් වෙනුවෙන් කැපවී කටයුතු කරන කාර්ය මණ්ඩලයේ දායකත්වය ඇගයීමටත් අගනා අවස්ථාවක් වූවා. මෙවැනි වැඩසටහන් මඟින් අපට ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් මෙන්ම වැඩිදියුණු කළ හැකි අංශ මොනවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. එම අවබෝධය ප්‍රායෝගික පියවර බවට පරිවර්තනය කරමින් වසර පුරාම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබා දීම අපගේ අරමුණයි.”
වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට නිවැරදිව ප්‍රතිචාර දක්වමින් සහ සේවා ප්රමිතීන් අඛණ්ඩව වැඩිදියුණු කරමින්, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් තමන් දිනා සිටින කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. කැප වී සිටී.
ඡායාරූප: ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා සහ ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ අලෙවිකරණ ප්‍රධානී ධාරණ කෝරලේ ආරච්චි මහතා
















