header logo

Daily Exchange Rates

Nov 19, 2026
Corporate News
භාණ්ඩ මිලදී ගැනීම, අලෙවි කිරීම සහ ගෙන්වා ගැනීම පෙරළිකාර වෙනසකට ලක් කරමින් Ting ඇරඹේ
භාණ්ඩ මිලදී ගැනීම, අලෙවි කිරීම සහ ගෙන්වා ගැනීම පෙරළිකාර වෙනසකට ලක් කරමින් Ting ඇරඹේ

දේශීයව නිර්මාණය කරන ලද පද්ධතියක් හරහා පාරිභෝගිකයින්, ව්‍යාපාර සහ භාණ්ඩ ගෙනැවිත් භාර දෙන රියදුරන් සම්බන්ධ කරමින් හඳුන්වා දෙන මෙම නවතම යෙදවුම හරහා, සීමිත කාලයකට භාණ්ඩ ගෙනැවිත් භාර දීම නොමිලේ.

තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සමාගමක්වන Edine Services සමාගම, පාරිභෝගිකයින්, අලෙවිකරුවන් සහ භාණ්ඩ භාර දීම එකම පද්ධතියක් යටතේ සම්බන්ධ කරමින්, දේශීයව නිර්මාණය කරන ලද Ting ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දී තිබේ. සම්ප්‍රදායික භාණ්ඩ භාර දීමේ සේවා වෙනුවට Ting යෙදවුම මගින්, ව්‍යාපාර සඳහා නව වාණිජ අවස්ථා ද, පාරිභෝගික පහසුව ද, භාණ්ඩ භාර දීමේ මෙහෙයුම් කටයුතු සඳහා වඩාත් ඒකාබද්ධ ප්‍රවේශයක් ද පිරිනැමේ.

ඩිජිටල් මාධ්‍ය හරහා පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවා සොයා යන, මිලදී ගන්නා සහ ලබා ගන්නා ආකාරය වෙනසකට ලක් කර ඇති මොහොතක, දේශීය අවශ්‍යතා වෙනුවෙන්ම සැකසූ Ting යෙදවුම වෙළෙඳපොළට පිවිසේ. භාණ්ඩ ගෙනැවිත් භාර දීම පාරිභෝගිකයාට මෙන්ම, ඔවුන්ට සේවා සලසන ව්‍යාපාරවලටත්, එම භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් කරන රියදුරන්ටත් එක සේ ප්‍රතිලාභ හිමිකර දෙන අංශයක් බවට පත් විය යුතුය යන දැක්ම මත Ting යෙදවුම නිර්මාණය කර තිබේ. භාණ්ඩ පාරිභෝගිකයින් අතට පත් කිරීමේ ක්‍රියාවලිය දේශීය තාක්ෂණයෙන් බලගැන්වීම, සෘජු පාරිභෝගික සහයෝගය සහ තනි ගනුදෙනුවලින් ඔබ්බට යමින් වාණිජ්‍ය මට්ටමේ අවස්ථා නිර්මාණය කිරීම සඳහා අලෙවි ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි ප්‍රවේශයයි.

ආහාර, සිල්ලර භාණ්ඩ සහ එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් නියෝජනය කරමින් අලෙවි හවුල්කරුවන් 300 කට අධික පිරිසක් සමග Ting යෙදවුම හඳුන්වා දෙන බැවින්, පාරිභෝගිකයින් හට එකම යෙදවුම භාවිත කරමින් පුළුල් පරාසයක භාණ්ඩ තෝරා ගැනීමට හැකියාව ලැබේ. එකම භාණ්ඩ නැවත වරක් ඇනවුම් කිරීමේ පහසුව හිමිකර දෙන Favourite ලැයිස්තුවක්, එකම මොහොතේ කිහිප දෙනෙකු අලෙවි ස්ථාන කිහිපයකින් ඇනවුම් කර, බිල්පත බෙදා ගැනීමේ හැකියාව සහ පාරිභෝගිකයින්ටම වෙන් වූ ඇමතුම් අංකයක්, ඇතුළු සුවිශේෂී පහසුකම් රැසක් මෙම යෙදවුම මගින් පිරිනැමේ.

Ting සමග සම්බන්ධවන ව්‍යාපාරවලට වඩාත් පුළුල් පාරිභෝගික පදනමක් ගොඩනගා ගැනීමටත්, තම සන්නාමය වැඩි පිරිසක් අතරට ගෙන යාම සඳහා ප්‍රවර්ධන අවස්ථා හිමිකර දීමටත් හැකිවන පරිදි අමතර ඩිජිටල් විකුණුම් මාධ්‍යයක් ද පිරිනැමීමට කටයුතු කෙරේ. ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රජාවගේ ආර්ථික හැසිරීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙහි කොමිස් ආකෘතිය සකස්කර ඇති අතර, භාණ්ඩ පාරිභෝගිකයින් වෙත ගෙන යන වපසරිය කිලෝමීටර් 10 ක් දක්වා වන බැවින්, පුළුල් ප්‍රදේශයකට තම භාණ්ඩ යොමු කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.

තමන්ටම අනන්‍ය වූ රියදුරු මෙහෙයුම් ක්‍රියාවලිය හරහා Ting යෙදවුම, රියදුරන් හට වඩාත් සැලසුම් සහගත රැකියා පරිසරයක් සහ ඉහල මුල්‍ය ස්ථාවරත්වයක් පිරිනැමීම සඳහා පහසුකම්, පුහුණුව සහ අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ආයෝජන සිදු කරයි. භාණ්ඩ පාරිභෝගිකයින් අතට පත් කිරීම, පාරිභෝගිකයින්ට මෙන්ම සියලු පාර්ශ්වවලට ප්‍රතිලාභ හිමිකර දෙන අංශයක් බවට පත් කිරීමෙන් එය දිගුකාලීන වශයෙන් ශක්තිමත් අංශයක් බවට පත් කළ හැකි බව එම සමාගමේ විශ්වාසයයි.

යෙදවුම හඳුන්වා දීම නිමිත්තෙන්, සුදුසු ඇනවුම් සඳහා සීමිත කාලයකට භාණ්ඩ ගෙන්වා ගැනීමේ ගාස්තු (Delivery Charges) ඉවත් කර තිබේ. තවද, මෙම කාලය තුළ අලෙවි හවුල්කරුවන්ගේ ප්‍රවර්ධන මෙන්ම කොමර්ෂල්, සම්පත් සහ HNB බැංකු කාඩ්පත් සහිත පාරිභෝගිකයින් හට විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද හිමිකර ගත හැකිය.

මුළුමනින්ම ශ්‍රී ලංකාව හිමිකාරිත්වය ඇති, දේශීයව ගොඩනගන ලද යෙදවුමක්වන Ting, දේශීය තාක්ෂණයත්, ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් හැකියාවත් වෙනුවෙන් සිදු කරන ලද ආයෝජනයකි. පාරිභෝගිකයින්, අලෙවි හවුල්කරුවන් සහ භාණ්ඩ පාරිභෝගිකයින් අතට පත් කරන රියදුරන් සඳහා වඩාත් ඒකාබද්ධ වූ පද්ධතියක් ගොඩනැගීම තුළින් පුළුල් සැපයුම් දාමයක් තුළ සබඳතා වර්ධනය කිරීමට එම සමාගම අපේක්ෂා කරයි. 
"Ting – The one ting for everything" යන සන්නාම ප්‍රතිඥාව යටතේ ක්‍රියාත්මකවන මෙම යෙදවුම, දැන් Apple App Store සහ Google Play Store තුළින් ඩවුන්ලෝඩ් කළ හැකිය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%