header logo

Daily Exchange Rates

Nov 19, 2026
Top News
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද රැස්වෙයි. පොලී ගැන තීරණය හෙට උදේ
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද රැස්වෙයි. පොලී ගැන තීරණය හෙට උදේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (19) දිනයේ දී රැස්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පිණිස මෙලෙස මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වනු ඇත.

මෙය 2026 අංක 06 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය වන අතර මෙම වසර සඳහා වන අවසාන මුදල් ප්‍රතිපත්ති විවරණය ද වේ.

මීට පෙර පසුගිය සැප්තැම්බර් 29 දා පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පැවති 8.75% මට්ටමේ නොවෙනස්ව තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. 

මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා  ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි. එබැවින්, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලබයි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවර ද එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් සිදුනොවනු ඇති බවයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%