header logo

Daily Exchange Rates

Nov 19, 2026
Corporate News
Arpico එළඹන උත්සව සමය පිළිගැනීමට සූදානම් වෙමින් 2026 නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය පවත්වයි
Arpico එළඹන උත්සව සමය පිළිගැනීමට සූදානම් වෙමින් 2026 නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය පවත්වයි

සාමූහිකත්වය, සම්ප්‍රදාය සහ සතුට සැමරීමක්

ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරිස් සමූහයේ ප්‍රමුඛතම පාරිභෝගික වෙළෙඳ සන්නාමය වන Arpico Supercentre, එළඹෙන නත්තල් සමයේ අසිරිය සමරමින් සිය 2026 නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කළේය. නත්තල හා බැඳුණු සම්ප්‍රදායන්, සතුට, සුහදත්වය සහ එකමුතුකම අර්ථවත් කරමින් පැවැත්වුණු මෙම උත්සවය, Arpico නත්තල් සැමරුම්වල ආරම්භය සනිටුහන් කළ සුවිශේෂී අවස්ථාවක් විය.

වියළි පලතුරු, කුළුබඩු, විවිධ ඇට වර්ග සහ නත්තල් කේක් සකස් කිරීම සඳහා යොදාගන්නා සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය එක් කරමින් පැවැත්වුණු කේක් මිශ්‍ර කිරීමේ උත්සවය, නත්තල් සමයේ සතුට හා සුහදත්වය විදහා දැක්වූ අතර, සියලු දෙනා අතර එකමුතුකම සහ සහයෝගීතාව වර්ධනය කරන අර්ථවත් සැමරුමක් විය.

Arpico කළමනාකරණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී ඔවුහු කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියලුම දෙනාට උණුසුම් නත්තල් සුබපැතුම් පිරිනැමූහ. ඔවුන්ගේ සහභාගීත්වය තුළින්, පාරිභෝගිකයන් සමඟ නත්තලේ සතුට හා අසිරිය බෙදාහදා ගැනීම සඳහා Arpico දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු විය.

දිගු ඉතිහාසයක් ඇති නත්තල් සම්ප්‍රදායක් වන කේක් මිශ්‍ර කිරීම, සෞභාග්‍යය, සතුට සහ බෙදාහදා ගැනීමේ උතුම් ගුණාංග සංකේතවත් කරයි. සාම්ප්‍රදායික සැමරුම්වලින් ඔබ්බට ගොස් පවුල් සහ ප්‍රජාවන් අතර බැඳීම් ශක්තිමත් කරමින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට Arpico දක්වන කැපවීමටද මෙය මනා සාක්ෂියක් විය.

ශ්‍රී ලාංකේය පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් ප්‍රමුඛතම පාරිභෝගික වෙළෙඳ සන්නාමයක් ලෙස Arpico ගුණාත්මක නිෂ්පාදන, පහසුව සහ මුදලට සරිලන වටිනාකම සමඟින් පාරිභෝගික ජනතාවට වඩාත් සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

මෙවර නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයත් සමඟ ආරම්භ වූ උත්සව සමය පුරා Arpico Supercentre වෙළෙඳසැල් හරහා විශේෂ නත්තල් ප්‍රවර්ධන වැඩසටහන්, උත්සව සමයටම වෙන් වූ නිෂ්පාදන සහ පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීම් ලබාදෙන විවිධ ක්‍රියාකාරකම් රැසක් හඳුන්වාදීමට නියමිතය.

රිචඩ් පීරිස් සමූහයේ ශක්තිමත් ව්‍යාපාරික පසුබිම සහ දිගුකාලීන විශ්වාසය සමඟින්, නවෝත්පාදන, පාරිභෝගික අවශ්‍යතා කේන්ද්‍ර කරගත් වැඩසටහන් සහ සාප්පු සවාරි අත්දැකීම් ඔස්සේ ශ්‍රී ලාංකික පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට Arpico අඛණ්ඩව කැප වී සිටී.

එළඹෙන නත්තල් සමයේදී ආදරණීයයන් සමඟ සතුට බෙදාගනිමින්, වටිනා සම්ප්‍රදායන් සමරමින් සහ අමතක නොවන සුන්දර මතකයන් නිර්මාණය කරගනිමින් එකම වහලක් යටදී නත්තලේ සැබෑ අරුත අත්විඳීමට Arpico සිය පාරිභෝගික ජනතාවට ආරාධනා කරයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%