ශිරේන්ද්‍ර ලෝරන්ස් විසිනි ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ඇඟළුම් සහ රෙදිපිළි කර්මාන්තය 1948 නිදහසින් පසු ආරම්භ වූයේ පුරෝගාමී කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු ඒ සඳහා දේශීය වෙළඳපොලේ අවස්ථා දැකීමෙන් පසුවය. 70 දශකයේ මුල් භාගය වන විට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒම සඳහා අපනයනය වෙත යොමු වූ අතර, ගුණාත්මක නිෂ්පාදන නිෂ්පාදකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමය…
ශ්රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ඩොලර් මිලියන 611.7…
2021 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක සෘණාත්මක වර්ධන වේගයක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි. තවද, 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,497,489…
2021 නොවැම්බර් මාසයේ දී කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.3 දක්වා ද ඉහළ ගියේය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය. රොයිටර්ස් මාධ්‍ය…
වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා විසිනි ලෝක දියවැඩියා දිනය සෑම වසරකම නොවැම්බර් 14 වන දිනට යෙදී ඇත. අද වන විට ලොව පුරා සිටින වැඩිහිටි දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 463 කි. දියවැඩියා රෝගීන්ව සහ සෞඛ්‍ය ආරක්ෂණ උපදේශකයින්ව මෙම සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනුවත් කර මෙම රෝගී තත්වයෙන් මිදීමට පෙළඹවීම සඳහා හොදම කාලයයි මේ. ඒ වෙනුවෙන් දියවැඩියා රෝගීන් සඳහා…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 35.9% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,160.62 දක්වා වැඩි වී තිබේ. මෙය 2021 වසරේ මාසයක් තුළ දී ඩොලර් බිලියනය ඉක්මවූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වූ පස්වැනි අවස්ථාව වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන…
පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ මෙරට තොරතුරු සන්නිවේදන හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ ආර්ථිකමය දායකත්වය ඩොලර් බිලියන 1.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ” ‘Sri Lanka: Asia’s next IT/ITES destination’ ” ’ වාර්තාව පෙන්වාදෙයි. මෑතකාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කල අතර එය තවදුරත් ඉදිරියට යමින් ඩිජිටල් තාක්ෂණ අංශයේ පුද්ගල ,ආයතනික ,හා කර්මාන්ත සදහා …
2021 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් යථාවත් වීම පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 7ක් තුළ ලබාගත් ඉහළම අගය 2021 ඔක්තෝබර් මාසයේදී වාර්තා කරන ලදී. සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ඔක්තෝබර් මාසයේදී 57.9ක දර්ශක අගයක් දක්වා ඉහළ ගිය අතර, ඒ…
කඩිසරකම, අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඇඟළුම් කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ලක්ෂණ වේ. එය තවදුරටත් ගොඩනඟා ගැනීමට කාලයයි මේ. ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ භාණ්ඩාගාරික සහ Estilo ඇපරල් හි කළමනාකාර අධ්‍යක්ෂ රන්ත තිසේරා මහතා විසිනි. ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් යනු සැලකිය යුතු සාධකයකි. සංඛ්‍යාත්මක දත්ත ඒ පිළිබඳව හෙලිදරවු කරයි. ජනලේඛන…
Video Story