Analysis

උද්ධමනය වේගයෙන් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

(0)Comments | November 23, 2021 10:14 am

2021 ඔක්තෝබර් මාසයේ දී වාර්තාගත අපනයන ආදායමක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 35.9% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,160.62 දක්වා වැඩි වී තිබේ. මෙය 2021 වසරේ මාසයක් තුළ දී ඩොලර් බිලියනය ඉක්මවූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වූ පස්වැනි අවස්ථාව වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන…

(0)Comments | November 22, 2021 8:13 am

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ ආර්ථිකමය දායකත්වය ඩොලර් බිලියන 1.2 ක් දක්වා ඉහළට

පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ  මෙරට  තොරතුරු සන්නිවේදන හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ ආර්ථිකමය දායකත්වය ඩොලර් බිලියන 1.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ” ‘Sri Lanka: Asia’s next IT/ITES destination’  ” ’ වාර්තාව පෙන්වාදෙයි. මෑතකාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කල අතර එය තවදුරත් ඉදිරියට යමින්  ඩිජිටල් තාක්ෂණ අංශයේ පුද්ගල ,ආයතනික ,හා කර්මාන්ත සදහා …

(0)Comments | November 17, 2021 12:03 pm

නිෂ්පාදන ක්‍රියාකාරකම් වේගයෙන් ඉහළට

2021 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් යථාවත් වීම පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 7ක් තුළ ලබාගත් ඉහළම අගය 2021 ඔක්තෝබර් මාසයේදී වාර්තා කරන ලදී. සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ඔක්තෝබර් මාසයේදී 57.9ක දර්ශක අගයක් දක්වා ඉහළ ගිය අතර, ඒ…

(0)Comments | November 17, 2021 10:03 am

ඇඟළුම් කර්මාන්තයට සිදුව ඇති හදිසි හා අමිහිරි තත්වයෙන් මිදීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පද්ධතිය ගැන නැවත සිතන්න

කඩිසරකම, අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඇඟළුම් කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ලක්ෂණ වේ. එය තවදුරටත් ගොඩනඟා ගැනීමට කාලයයි මේ. ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ භාණ්ඩාගාරික සහ Estilo ඇපරල් හි කළමනාකාර අධ්‍යක්ෂ රන්ත තිසේරා මහතා විසිනි. ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් යනු සැලකිය යුතු සාධකයකි. සංඛ්‍යාත්මක දත්ත ඒ පිළිබඳව හෙලිදරවු කරයි. ජනලේඛන…

(0)Comments | November 15, 2021 11:36 am

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ගමන් මග

දත්ත පෙන්වා දෙන පරිදි සෑම වසරකම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරු 38,000 ක් නිසා මරණ 3,000ක් සහ බරපතල තුවාල වීම් 8,000 ක් වාර්තා වේ. මාර්ග අනතුරු වලින් සිදුවන මරණ සහ තුවාල වීම් නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් 3% – 5% අතර ප්‍රමාණයක් අහිමි වේ. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයට එරෙහිව කටයුතු…

(0)Comments | November 5, 2021 11:43 am

කොටස් වෙළෙඳපොළ ‘පුස්සක්‘ නොවීමට නම්

පසුගිය බදාදා (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 140.31 කින් ඉහළ යන ලදී. මේ අනුව නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයට කොටස් වෙළෙඳපොළ පැමිණ ඇත. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය සටහන් වූයේ ඒකක 10,412.02 ක් ලෙසිනි. කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ද්‍රවශීලතාවයෙන් යුතු සමාගම්…

(0)Comments | November 5, 2021 10:32 am

උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළට

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේදී සියයට 7.6 දක්වා ඉහළ යන ලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 ඔක්තෝබර්  මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ…

(0)Comments | November 1, 2021 10:50 am

නැව් ගාස්තු අහස උසට නගී. ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යන ලකුණු

ගෝලීය භාණ්ඩ ප්‍රවාහන නෞකා ගාස්තු මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් පාහේ ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයකට මුහුණ පා සිටී. මක් නිසාද යත් භාණ්ඩ ආනයනය වෙනුවෙන් අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙම තත්ත්වය භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ ලොජිස්ටික් කර්මාන්තයේ නිරත සමාගම්වලට ඉතා සුබදායී පරිසරයක් නිර්මාණය…

(0)Comments | October 18, 2021 2:02 pm

නාමල් ගේ ක්‍රිප්ටොකරන්සි යෝජනාවට මහ බැංකුවේ සහාය ලැබේවි ද?

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී නිවේදනය කරන ලදී. ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන්…

(0)Comments | October 8, 2021 12:58 pm