කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 50.6හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද 2023 වසරේ දී උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ….
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, 2022 ජූලි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා කාලසීමාවට අදාළ අර්ධ වාර්ෂික ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත. මෙම කොමිෂන් සභාව, කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ට, ව්‍යාපාරවලට සහ පදිංචිකරුවන්ට අවශ්‍ය සියලුම සහයෝගයන් එකම ස්ථානයකින් ලබාදීම සඳහා බලය පවරා ඇති ආයතනයයි. කොළඹ වරාය නගරය යනු දකුණු ආසියාවේ ක්‍රමෝපායික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක…
අප කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළද, එම ප්‍රමිතිය සහ ප්‍රමිති ක්‍රියාවලිය හා බැඳුනු කරුණු සම්බන්ධයෙන් සමස්ත සමාජය තුළ ඇත්තේ අඩු අවබෝධයකි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප සමඟ එක්වනනේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂ ලලිත් චිත්‍රගේ මහතා ය. ප්‍රමිති ආයතනයේ අරමුණ සහ වගකීම පිළිබඳව…
පසුගිය 2022 වසෙර් දී මෙරට ආර්ථිකය 7.8% ක පසුබෑමක් වාර්තා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ සිදුවූ ඉහළම සංකෝචන අගය ලෙසින් හැඳින්විය හැකිය. මීට පෙර 2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.6%කින් පරිහානියට ලක්විය. 2020 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 16.3% ක පරිහානියක් වාර්තා කළ අතර ඉන්…
2023 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,001.9 දක්වා 8.98% කින් අඩුවී ඇත. කෙසේ වෙතත් එය 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 6.97% ක වර්ධනයකි.
ඉඩම් තක්සේරු දර්ශකය – 2022 වසරේ දෙවන භාගය කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය සියයට 14.8ක වාර්ෂික වර්ධනයක් සමඟ 2022 වසරේ දෙවන භාගයේ දී දර්ශකාංක 205.2 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකය සියයට 15.7ක ඉහළම…
රට යන අත ගැන ජනතාව තවත් කළකිරේ! ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබුණ තැනම! වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2023 පෙබරවාරි ප්‍රතිඵල වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 2022 ඔක්තෝබර් මාසයේ පැවති මට්ටමේම පවතින…
ChatGPT (චැට්GPT) – කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් රාජ්‍ය අංශයේ මෙහෙයුම් විධිමත් කිරීම කෘතිම බුද්ධියේ ආගමනය විවිධ කර්මාන්තවල නවෝත්පාදන, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවයේ නව යුගයක ආරම්භය මේ වන විටත් සනිටුහන් කොට හමාරය. ශ්‍රී ලංකාවේ රජයේ කාර්යාල තුල මෙහෙයුම් විධිමත් කිරීමට සහ පුරවැසියන්ට වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence / AI) තාක්‍ෂණය භාවිතා කිරීම…
2023 ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. 2022 මාර්තු මාසයෙන් පසු මාසයක් තුළ ලක්ෂයක් ඉක්මවා සංචාරකයින් පිරිසක් පැමිණි පළමු මාසය මෙයයි. මෙම මාසය තුළ පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් 25% ක් හෙවත් 25,254 ක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.
2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්‍රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 25,210.7 ක් ලෙසින් වාර්තා වේ. මෙලෙස ශ්‍රී ලංකා…
Video Story