Featured News

හේලීස් සමූහයට අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සමාගම, ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීඑල්), පසුගියදා හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමට ආරක්ෂක අමාත්‍යාංශය වෙත ආරක්ෂිත අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ආරක්ෂක…

(0)Comments | December 16, 2025 3:04 pm

රසල්ස් ආයතනයේ නොවැම්බර් විශිෂ්ටයන් ඇගැයේ

නොවැම්බර් මාසයේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගැයීම පසු ගිය දා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැළැකිල්ලට ගනු ලැබීය. විශිෂ්ටම සූපවේදීයා ලෙස පේස්ට්‍රි අංශයේ ප්‍රධාන සූපවේදී ජුඩ් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. මෙහෙයුම් කටයුතුවල සාර්ථකත්වය සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන සජීව රුක්මාල් මහතා වඩාත්…

(0)Comments | December 15, 2025 11:20 am

Sinopec සමාගමේ Clear Spring ව්‍යාපෘතිය වෙතින්, ගංවතුරින් ආපදාවට ලක්වූ ජනතාවට කඩිනම් ජල පහසුකම්

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට බෝතල් කළ පානීය ජලය ලීටර් 75,000ක් පරිත්‍යාග කරමින් සහන කටයුතු සඳහා සහාය වීමට Sinopec සමාගම කටයුතු කරනු ලැබීය. ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල පිහිටා ඇති Sinopec පිරවුම්හල් ජාලය හරහා මෙම වැඩසටහන රට පුරා දියත් කරන ලදී. රටේ බොහෝ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විවිධ බාධාවන් මතුව තිබූ තත්ත්වයක් යටතේ, පිරිසිදු…

(0)Comments | December 15, 2025 11:15 am

The Golden Mirage, City of Dreams Sri Lanka වෙත අසමසම චමත්කාරයක් එක් කරයි

ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදයක් සමඟින් සංස්කෘතික හා සුඛෝපභෝගී සැමරුමක් සනිටුහන් කළ සුවිශේෂී The Golden Mirage පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. City of Dreams Sri Lanka වෙත පැමිණ සිටි සුවහසක් අමුත්තන් හට අරාබි සංස්කෘතියක හා සැමරුමක අත්දැකීමක් ශ්‍රී ලංකාවේදී විඳ ගැනීමට මෙහිදී හැකි විය. ආකර්ෂණීය ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු නර්තන ශිල්පීන්, ඇක්‍රොබැට්වරුන් සහ රංගන ශිල්පීන්…

(0)Comments | December 15, 2025 10:51 am

උතුරු පළාතෙහි අධ්‍යාපනික නිම්වළලු පුළුල් කරමින්, ESOFT UNI නවතම ශාඛාව – ESU Jaffna විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT හි ජාතික මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. මෙමගින් වසර 15කට අධික කාලයක් පුරාවට උතුරු පළාත් ප්‍රජාවගේ උසස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙයක් කළ ESOFT UNI හි අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු…

(0)Comments | December 15, 2025 10:48 am

තාක්ෂණික අධ්‍යාපනයේ අභිලාශයන් කරා යාමට ඩිමෝ ඇකඩමි සමඟ එක්ව කොමර්ෂල් බැංකුව තරුණයින්ට අතහිත දෙයි

නව පරපුරේ තාරුණ්‍යයේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඔවුන්ගේ අරමුණු කරා යාම සවිබල ගැන්වීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින්, බැංකුව විසින් තාක්ෂණික අධ්‍යාපනය සඳහා වන ඩිමෝ ඇකඩමි (DATS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. උසස් තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකුවේ අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රචලිත කිරීම…

(0)Comments | December 12, 2025 4:40 pm

උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහය වන “GRIT Accelerator” හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර…

(0)Comments | December 12, 2025 10:54 am

ශ‍්‍රී ලංකාව පුරා විදුලි වාහන වල අනාගතය සවිමත් කරමින් NDB බැංකුව Brown EV සමාගම සමඟ අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාව තුළ තිරසාර සහ අවම මිල ගණන් යටතේ ජනතාවට ලීසිං විසඳුම් ලබාදීම සඳහා සහාය වන සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව Brown EV (Pvt) Ltd සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාවය මඟින් පාරිභෝගිකයින්ට Brown EV සමාගම අලූතින්ම දියත් කරන ලද Wuling විදුලි වාහන පෙළ සඳහා ආකර්ශණීය සහ නම්‍යශීලී මූල්‍ය විසඳුම් ලබාදේ. ඒ සමඟින් …

(0)Comments | December 12, 2025 10:52 am

Vegolicious වෙතින් බහු ධාන්‍ය අධි ප්‍රෝටීන් නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා හා කුකීස් රැසක්

මෙරට පළමු ශාක ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious ධාන්‍ය වර්ග රැසකින් නිෂ්පාදනය කරන අධි ප්‍රෝටීන් සපිරි නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා සහ කුකීස් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් සිය නිෂ්පාදන පරාසය පුළුල් කර තිබේ. දේශීය ධාන්‍ය සැපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Vegolicious සිය නිෂ්පාදන සඳහා තිරිඟු පිටි වෙනුවට මුං ඇට, කඩල, රතු කව්පි, වටානා පරිප්පු, රතු පරිප්පු වැනි…

(0)Comments | December 12, 2025 10:29 am

වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා කිරුළ නැවතත් MAS Holdings දිනා ගනී

40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී නිමාව දුටු අතර එහි ජවන හා පිටිය ඉසව්වලදී සිය ආධිපත්‍ය පතුරුවමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට MAS Holdings සමත් විය. ආයතනික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන් ප්‍රමුඛයින් බව නැවතත් සනාථ කරමින් මෙම සමස්ත තරගාවලියේදී තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කිරීමට MAS හට හැකි විය. මෙහිදී තරගාවලියේ සමස්ත…

(0)Comments | December 12, 2025 9:51 am