Featured News

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී Neptune Recyclers ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Neptune Recyclers, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධනය/ප්‍රතිචක්‍රීකරණය’ යන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්විණි. Neptune…

(0)Comments | August 7, 2024 12:17 pm

බැංකු පහසුකම්හි විප්ලවීය වෙනසක් සිදු කිරීම වෙනුවෙන් LB Finance PLC, Huawei සමඟ එක්වේ

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LB Finance PLC, සිය මූලික බැංකු පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා Huawei සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඩිජිටල් මුදල් පසුම්බි, ඩිජිටල් බැංකුකරණය, ණය, ලීසිං, ඉතුරුම් සහ තැන්පතු, ක්ෂුද්‍ර මූල්‍ය සහ ගෙවීම් කාඩ්පත් ඇතුළු LB Finance හි සේවා පහසුකම්, Huawei හි අති නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් වැඩිදියුණු…

(0)Comments | August 7, 2024 8:52 am

NDB බැංකුව තාරුණ්‍යයේ ක‍්‍රීඩාශීලිත්වය සවිබල ගන්වමින් ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන් සමඟ හවුල්කාරිත්වය අලූත් කරයි

NDB බැංකුව ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන් (SLSRFR) සමඟ ‘නිල බැංකු සහකරු’ ලෙස නැවත වතාවක් අත්වැල් බඳගත් බවට සතුටින් නිවේදනය කර සිටියි. මෙමඟින්, ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ක‍්‍රීඩාශීලීත්වය සඳහා සහාය දැක්වීමට සහ ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් NDB බැංකුවෙහි ඇති කැපවීම තහවුරු කරයි. මෙම හවුල්කාරිත්වය පිළිබඳව NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා සිය…

(0)Comments | August 6, 2024 3:17 pm

2024 පැරිස් ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා සඳහා ගෝලීය රක්ෂණ හවුල්කරු ලෙස අලියාන්ස් කටයුතු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් වන  අලියාන්ස්  SE අනුබද්ධිත අලියාන්ස් ලංකා, 2024 පැරිස්  ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ගෝලීය රක්ෂණ සහකරු ලෙස කටයුතු කරන අලියාන්ස් සමූහය වෙත සහයෝගය දක්වන බව අභිමානයෙන් යුතුව ප්‍රකශ කරයි. මෙම සහයෝගීතාව යටතේ 2024 පැරිස් ඔලිම්පික්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙන් ම ඔලිම්පික් සහ පැරාලිම්පික් තරඟාවලි හරහා සමාජගත කෙරෙන වටිනාකම් වන විශිෂ්ටත්වය,…

(0)Comments | August 6, 2024 1:37 pm

LMD හි වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී 2024 වර්ෂයේ ‘වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය’ ලෙස හොන්ඩා කිරුළු පළඳයි

ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා  ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින්…

(0)Comments | August 6, 2024 12:49 pm

Groundworth Partners හෝකන්දර දී Groundworth St. Katherine Gardens එළිදක්වයි

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Groundworth Partners විසින් සිය නවතම  ව්‍යාපෘතිය වන හෝකන්දර පිහිටි Groundworth St. Katherine Gardens හි අලෙවි කටයුතු ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මඟින් පාරිභෝගිකයන් හට දැරිය හැකි මිලකට St. Katherine Gardens හි වටිනා බිම් කොටසක් මිලට ගැනීමට අවස්ථාව ලබා දෙයි. දැනට බිම් කොටස්…

(0)Comments | August 6, 2024 12:32 pm

DFCC බැංකුව Online Digital Onboarding පහසුකම හඳුන්වා දෙයි

බැංකු ශාඛා වෙත පැමිණීමෙන් තොරව 100% ක් අන්තර්ජාලය ඔස්සේ බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 100% Online Digital Onboarding පහසුකම හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ගිණුම් විවෘත කිරීමේදී සහ වෙනත් සේවාවන් ලබාගැනීමේදී ඊට අදාළ කටයුතු සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට…

(0)Comments | August 6, 2024 12:28 pm

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  45වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 45 වන සංවත්සරය අගෝස්තු මස 01  දිනට යෙදී තිබුණි. මීට සමගාමිව සර්ව රාත්‍රි පිරිත් සජ්ඣායනාව ක් සහ මහා සංඝරත්නය උදෙසා සිදුකළ දානමය පින්කමක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  ප්‍ර‍ධාන කාර්යාලයේදි  පසුගිය අගෝස්තු 02 සහ 03 වෙනිදා සිදුකරන ලදි. ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍ර‍වර්ධනය සිදුකරන ප්‍ර‍මුඛම රාජ්‍ය ආයතනය වන අපනයන…

(0)Comments | August 6, 2024 12:22 pm

ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මොරිසන් සමාගම සමග එක් වී මෙරට දියවැඩියාවට එරෙහි සටනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

මෙරට තුළ දියවැඩියාව පාලනය සහ ඒ සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමෙහිලා  සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (Sri Lanka College of Endocrinologists – SLCE) සහ, මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ  පුරෝගාමියෙකු වන මොරිසන් සමාගම (Morison Ltd.) එක්ව ක්‍රියාවට නැංවූ දියවැඩියා පාලනය පිළිබඳ  පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ ප්‍රථම කණ්ඩායමට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය මෑතකදී…

(0)Comments | August 5, 2024 11:44 am

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සහ HNB එක් වී කැස්බෑව ප්‍රදේශයේ නව ATM යන්ත්‍රයක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා හැටන් නැෂනල් බැංකුව (HNB) සමග එක් වී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ඒ පිළියන්දල SOS ළමා ගම්මානය තුළ හැටන් නැෂනල් බැංකුවේ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමත් සමගිනි. හැටන් නැෂනල් බැංකුව ස්ථාපිත කළ 817 වන ATM යන්ත්‍රය මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික…

(0)Comments | August 5, 2024 11:35 am

Video Story

Stock Market

Exchange Rates