හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා, ප්‍රථම වරට පවත්වන ලද 2025 CPM කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා (MLE) සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන හතරකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, “දූරදර්ශීභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය” (vision, resilience…
DFCC බැංකුව 2025 SLIM Digis 2.5 සම්මාන උළෙලේදී ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයුමට පාත්‍ර විය. AI තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් කුසලතා සම්මානයක් (Merit Award) සහ ‘හොඳම SEO/SEM ව්‍යාපාරය‘ වෙනුවෙන් රිදී සම්මානයක් (Silver Award) හිමි කරගනිමින්, DFCC බැංකුවේ නව්‍යකරණ ඩිජිටල් උපායමාර්ගික ගමන් මගේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙලෙස SLIM Digis 2.5 හීදී දිනාගත්…
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ජාතික සැමරුම් මාලාවේ ප්‍රධාන අංගයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමේ වැඩමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තත්ත්ව සහතිකකරණ අංශය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය එය සංවිධානය කර තිබිණි. ව්‍යාපාර…
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම් හි තුන් වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය….
Honda යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම විසින් නවතම Honda Dio 110cc ස්කූටරය මෙරට වෙළඳපොලට එළිදැක්වීම සාඩම්බරයෙන් නිවේදනය කර සිටියී. මෙම නව ස්කූටරය උසස් තාක්ෂණයෙන් සහ නවතම විශේෂාංගවලින් සමන්විත වන අතර, මුදලට සරිලන අසමසම වටිනාකමක් ලබා දෙයි. වසර ගණනාවක් තිස්සේ, Honda Dio සන්නාමය මෙරට පාරිභෝගිකයන්ගේ සමීපතම ගමන් සගයා ලෙස…
Delmege සමූහය විසින් 2025 ලෝක ළමා දින සැමරුම් උළෙල වඩාත් අර්ථවත් අයුරින් කොළඹ 09, වෙළුවන විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම විද්‍යාලයේ 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 600ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබයි. Delmege සමූහයේ මව් සමාගම වන Vallibel One හි කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මියගේ මූලිකත්වයෙන් යුත් Delmege හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලය මෙහිදි විදුහල්පති…
මෙරට කිරි නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී වූ අත්දැකීම් සමඟ මුසු වූ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. සිය විශිෂ්ටත්වයේ උරුමයට සැබෑ වටිනාකමක් එක් කරමින්, අඹේවෙල දැන් සිය විශ්වාසනීය පාරිභෝගිකයින්ට එම සන්නාමයේ ගුණාත්මකභාවයටම සමාන වටිනා අත්දැකීමක් තිළිණ කිරීමට ඉදිරිපත් වී සිටී. රට පුරා සිටින සිය පාරිභෝගිකයින්ට අමතක නොවන සුඛෝපභෝගී…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා අවශ්‍ය සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් පැවති මෙම සමුළුවට වයඹ හා උතුරු…
පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතනය (SLITHM) සමග එක්.වී සංවිධානය කරනු ලැබූ ඊට පළාත් නවයම නියෝජනය කරමින් සිසු සිසුවියෝ රැසක් සහභාගී වූහ. එහිදී ආහාර පිසීම, ආහාර පිළිගැන්වීම, ගෘහ පාලනය සහ අනෙකුත් අංශවලට අදාළ දැනුම…
මොරටුව-පානදුර කලාපයේ පළමු තරු හතරේ හෝටලය වන රමාඩියා ග්‍රෑන්ඩ් පසුගියදා උත්සවාකාරයෙන් විවෘත ව්ය. ඒ සමගම අමුත්තන් 1,500 කට අධික සංඛ්‍යාවකට එකවර පහසුකම් සැලසිය හැකි උත්සව ශාලාවද විවෘත ව්ය. එය ඉහළ මට්ටමේ ආගන්තුක සත්කාර යටිතල පහසුකම්වල දිගුකාලීන හිඩැසක් පිරවීම අරමුණු කරගත් රොඩේෂා සමූහය විසින් සිදු කරන ලද සන්ධිස්ථාන සංවර්ධනයකි. මහල් 11 කින් යුත් මෙම දේපළෙහි සුඛෝපභෝගී…