Laptop.lk සහ Technocity Pvt Ltd සමාගම් එක්ව, හලාවත ආනන්ද විද්‍යාලයේ නවීන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් යුත් IT පර්යේෂණාගාරයක් සාර්ථකව ස්ථාපිත කර තිබේ. අලුතින් පිහිටුවන ලද මෙම රසායනාගාරය Intel® Core™ i5 ප්‍රොසෙසර මඟින් බල ගැන්වෙන නවතම සන්නාමගත ඩෙස්ක්ටොප් පරිගණක ඒකක 25 ක්, නවීන ගෘහ භාණ්ඩ, 75″ Technoview Al Smart Board, සියල්ල එකකින් මුද්‍රණ යන්ත්‍ර සහ UPS පද්ධතිවලින්…
ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 30 ක දළ ලිඛිත වාරික (GWP) අගය ඉක්ම වූ පළමු සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත් වේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 30 ක දළ ලිඛිත වාරික (Gross Written Premium – GWP) අගයක් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත්ව ඇත….
DIMO හි දිගුකාලීන සහ තාක්ෂණික වශයෙන් විශේෂිත වූ මෙහෙයුම් ඒකකයක් වන Engine Care අංශය, සුවිශේෂී පරිවර්තනයක් හරහා නව අදියරකට පිවිසී ඇත. පසුගිය කාලය පුරාවට engine overhaul කිරීම සහ machining සේවාවන්හි විශ්වාසනීය නාමයක් ලෙස පවත්වාගෙන ආ මෙම අංශය, දැන් නවීන, පාරිභෝගික අවශ්‍යතා මූලික කරගත් ඉංජිනේරු පහසුකමක් ලෙස වර්ධනය වී තිබේ. මෙම පරිවර්තනයත් සමඟ, DIMO Engine Care…
සෙලාන් බැංකුව සහ DIMO සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. DIMO යනු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ වසර 85 කට අධික පළපුරුද්දක් හිමි සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ DIMO වෙතින් TATA වාණිජ රථවාහන මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ. විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි TATA රථවාහන මිලදීගන්නා පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට තරගකාරී මූල්‍ය පහසුකම් කඩිනමින් හා පහසුවෙන් ලබාදීමේ…
Associated Motorways (AMW) වෙතින් මෙම මැයි මාසයේ දී නිසාන් මැග්නයිට් (Nissan Magnite) සහ නිසාන් ඇල්මේරා (Nissan Almera) මිල දී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සීමිත කාලසීමාවක් සඳහා ‘නොමිලේ ඉන්ධන‘ ලබා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයා වාහනය රැගෙන යන මොහොතේ සිටම ඔවුන්ට ඉහළ වටිනාකමක් සහතික කෙරේ. 2026 අප්‍රේල් 02 දා ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනට…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. විසින් ‘ශක්ති’ නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙය කිසිදු භේදයකින් තොරව සැමට මූල්‍ය සේවාවන් පිරිනැමීම සහ දීර්ඝකාලීන ධන උත්පාදනය දිරිගැන්වීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් තහවුරු කරන හඳුන්වා දීමකි. සාම්ප්‍රදායික ස්ථාවර තැන්පතුවක් නොවන ‘ශක්ති’ ස්ථාවර…
තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබමින් ග්ලෝබල් ෆයිනෑන්ස් හයවන වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව, චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් විය. මෙම සම්මානය මගින් අගය කරනු ලබන්නේ ද්‍රව්‍ය හා සම්පත් නැවත භාවිතය සහ පුනර්ජනනය දිරිමත් කරන, පාරිසරික වශයෙන් තිරසර වූත්, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූත් නිෂ්පාදන…
කෙනිල්වර්ත් වතුයායෙහි 1942 වසරට පෙර පැවති ගොඩනැගිලි ව්‍යුහය මත 1947 දී ඉදිවූ වර්තමාන තේ කර්මාන්තශාලාව අද දක්වාම ක්‍රියාත්මක වන අතර නිසි ප්‍රමිතියකට අනුව අඹරා ගන්නා ලද දිගු සිහින් කොළ මගින් පැය 2 කුත් විනාඩි 30ක කාලයක් ගත වන සාම්ප්‍රදායික ඔතඩොක්ස් තේ නිෂ්පාදනය කරයි. එමගින් ලැබෙන තඹ පැහැති පෑස්සුනු උකු තේ දියරය පිරිපුන් උසස් ගුණයෙන් යුක්ත…
KALBE සිය ප්‍රධාන පෝෂණ සන්නාමය වන ඩයබිටසෝල් (Diabetasol) සමඟින් එක්ව පසුගියදා පැවති විශේෂ තේ පැන් සංග්‍රහයකදී ඔවුන් සමඟ දිගුකාලීනව විශ්වාසයෙන් රැඳී සිටි ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කළේය. මෙම විශේෂ උත්සවය කොළඹ Cinnamon Life at City of Dreams හි Celestine හි උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා ඩයබිටසෝල් හි විශ්වාසනීය පාරිභෝගිකයින් 50 දෙනෙකු…
විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සංවිධානය කළ ජාතික බල ශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී 2025 වසරේ විශිෂ්ටම බල ශක්ති කාර්යක්ෂමතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ඉංජිනේරු ගයා සිරිවර්ධනගේ හා අජන්ත මුහන්දිරම්ගේ අධ්‍යක්ෂකත්වයෙන් යුත් Maxtherm ලංකා පෞද්ගලික සමාගමට හිමි විය. සමාගම සම්මාන උළෙලේදී විශිෂ්ටම තාක්ෂණික සැපයුම්කරු අංශයේ ප්‍රමුඛයා වීම සුවිශේෂ වේ….
Video Story