Featured News

එයාර්ටෙල් කණ්ඩායමේ දායකත්වය සමඟින් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් වෙයි

රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ…

(0)Comments | June 10, 2020 11:02 am

ප්‍රයිම් සමූහය Prime Grand, Ward Place ගොඩනැගිලි ව්‍යුහය නිම කිරීම (Topping Off) සමරයි

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මීළහ අදියරයේ (Finishing Stage) ඉදිකිරීම් යළි ඇරඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSL ක්‍රියාපටිපාටියට…

(0)Comments | June 9, 2020 3:30 pm

ප‍්‍රමිතිගත මුව ආවරණ පැළඳීම තුළින් සුවපත් බව රැක ගනිමු

මුළු මහත් ලෝකයම කෝවිඞ් 19 වසංගතයට නතු වූ බැවින් විවිධ වූ නව ජීවන චර්යාවන්ට හුරු වීමට ලෝකයේ සියලූම රටවල පුරවැසියන්ට සිදු විය. සියලූ දෙනාට හුරු වීමට සිදු වූ මේ නව සාමාන්‍ය තත්වය තුළ කරළියට පැමිනි උපාංගයන් අතර මුව ආවරණයන්ට හිමි වුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි. කෝවිඞ් 19 වසංගතය පැතිර යත්ම මුව ආවරණ පැළඳීම සඳහා සමාජය තුළ යම්…

(0)Comments | June 8, 2020 3:24 pm

වයිබර් සමූහ වීඩියෝ ඇමතුම් පහසුකම ඔස්සේ එකවර පුද්ගලයින් 20දෙනෙකු සම්බන්ධ කරගැනීමේ අවස්ථාව හිමිවෙයි

වයිබර් පාරිභෝගිකයන්ට තම කාර්යාලයීය සගයින්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයින් 20 දෙනෙකු දක්වා පිරිසක් සමඟ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම උදාවේ. සිය නවතම සමූහ වීඩියෝ ඇමතුම් සේවාව (Group Video Calls) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වයිබර් පසුගියදා පියවර ගත්තේය. මෙම නව සේවාව හරහා එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා පිරිසකට එක් වයිබර් වීඩියෝ ඇමතුමකට සම්බන්ධ විය හැකි අතර ඒ…

(0)Comments | June 8, 2020 1:54 pm

ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 20 වන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි කිරුළ කොමර්ෂල් බැංකුවට පිරිනමයි

ඇමරිකාව පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම සඟරාව විසින් ගෝලීය බැංකු වෙනුවෙන් සම්මාන ලබාදුන් පසුගිය වසර 27 තුළදී 20 වතාවක්ම කොමර්ෂල් බැංකුව මෙම සම්මානයට පාත‍්‍රකර තිබීම කැපී පෙනේ. ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියානු පැසිෆික් කළාපයේ ගෞරවණීය බැංකු 28 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන…

(0)Comments | June 8, 2020 12:42 pm

YAN Sri Lanka තරුණ ජාලය සිය පළමු සංවත්සරය සමරයි

සතුටින් හා රටේ සංවර්ධනයට දායක වන ක්‍රියාශීලී තරුණ ප්‍රජාවක් බිහිකිරීම මඟින් තරුණ හඬ බලගැන්වීම දැක්ම කරගත් YAN Sri Lanka තරුණ ජාලය වසරක් තුල ඔවුන්ගේ මෙහෙය සපුරාලමින් සිය පළමු සංවත්සරය එළබෙන ජුනි 10 වනදා සමරනු ලබයි. 2019 ජූනි 10 වන දින ආරම්භ වූ YAN Sri Lanka තරුණ ජාලය 10 වන දින පළමු උපන්දිනය සමරන අතර ඉතා…

(0)Comments | June 8, 2020 12:13 pm

කොමර්ෂල් බැංකුවේ ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් සේවා ICBT විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල විදේශ විනිමය ගෙවීම් බලගන්වයි

ශ‍්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපන සැපයුම්කරුවන් අතර සිටින ප‍්‍රමුඛයෙකු වන ICBT විශ්ව විද්‍යාලය විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය මගින් දේශීය සහ විදේශීය සිසුන්ට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල මුදල් වලින් ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ. බැංකුව විසින් මෙම විශ්ව…

(0)Comments | June 5, 2020 1:45 pm

COVID-19 මෙරටින් තුරන් කිරීමේ සටනට ජෝන් කීල්ස් සමූහයේ සහය

ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි ඇති කැපවීම සහ ආයතනික වගකීම ඉටු කිරීමට, ජෝන් කීල්ස් සමූහය එහි ආයතනික සමාජ වගකීම් අංශය ඔස්සේ, ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී.  වසංගතයේ ව්‍යාප්තියත් සමග,  ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ආයතනය වන ජෝන් කීල්ස් සමූහයේ, සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමත්, ඊට අනුබද්ධ වෙනත්…

(0)Comments | June 2, 2020 12:49 pm

රාත්‍රි කාලයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට Super Night Selfie Mode රැගත් V19 ස්මාර්ට් දුරකතනය ළඟදීම වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ නව්‍යතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo, ක්ෂේත්‍රයේ හොඳම විශේෂාංග ඇතුළත් සෙල්ෆි කැමරාව සහිත නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V19 උපාංගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් වෙයි. මෙම නවතම V19 ජංගම දුරකතනය ශ්‍රී ලංකාවේ සෙල්ෆි ඡායාරූප ලෝලීන් අමන්දානන්දයට පත් කරන විශේෂාංග රැසකින් අනූන උපාංගයකි. කුමන ආලෝක තත්ත්වයක් පැවතියද, මෙහි සෑම කැමරා දසුනකින්ම හොඳම…

(0)Comments | June 1, 2020 1:43 pm

SLIIT 2020 උපාධි ප්‍රදානෝත්සවය මහත් හරසරින් පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT, සිය 2020 උපාධි ප්‍රදානෝත්සවය මාලබේ පිහිටි සිය ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී, පෙබරවාරි 25 සිට 28 දක්වා සිව් දිනක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය. මූලික උපාධි, පශ්චාත් උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී සිසුන් 1,200 දෙනෙකුගේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරුණු, මේ සෑම දිනයකදීම ප්‍රධාන ආරාධිතයින් ලෙස සුවිශේෂී පුද්ගලයෝ රැසක්…

(0)Comments | June 1, 2020 10:52 am