Featured News

තවත් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට ‘ෆැමිලි සවාරි’ රන් තිලිණ

ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, කැරට් 22 රන් ප‍්‍රභාවෙන් තවත් රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනෙකුගේ දිවි ආලෝකමත් කිරීමට පසුගියදා සමත් විය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිලිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් විය. ප‍්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා රත්තරන් මාතර…

(0)Comments | May 3, 2021 11:26 am

ආචාර්ය ජයන්ත ධර්මදාස සිංගප්පූරුවේ කීර්තිමත් මහජන සේවා තරු සම්මානයෙන් පිදුම් ලබයි

  සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිංගප්පූරු ජනතාව වෙත සිදු කළ ධානාත්මක සහ අමිල වූ දායකත්වය වෙනුවෙන් එරට කීර්තිමත් මහජන සේවා තරු සම්මානයෙන් පිදුම් ලැබීය. සිංගප්පූරුවේ ජනාධිපතිනි ගරු හලීමා යාකුබ් මහත්මිය විසින් අපේ‍්‍රල් 4වන දිනට යෙදුනු එරට ජාතික දින සම්මාන උළෙලේදී මෙම සම්මානය ප‍්‍රදානය කරනු ලැබුවාය. ‘‘ ජීවිතකාලයට…

(0)Comments | April 29, 2021 11:43 pm

හේමාස් රෝහල් සමූහය මෙරට පළමු කෝවිඞ් 19න් ආරක්ෂිත රෝහල් සමූහය ලෙසින් සහතික ලබයි

ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 න් ආරක්ෂිත ශ‍්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබීය. කෝවිඞ් 19 න් ආරක්ෂිත ව්‍යාපාර, භාණ්ඩ හා සේවා පවත්වාගෙන යනු ලබන ආයතන සහ කර්මාන්තයන්…

(0)Comments | April 29, 2021 1:05 pm

‘Tikiri Toys’ කාබනික (Organic) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ ලොව ප්‍රථම කාබනික (Organic) රබර් සෙල්ලම් බඩු නිෂ්පාදන සන්නාමය බවට පත්වෙයි

ස්වාභාවික සෙල්ලම් බඩු සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රිය ශ්‍රී ලාංකික සන්නාමයක් වන ‘Tikiri Toys’, Global Organic Latex Standard (GOLS) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ ලොව ප්‍රථම කාබනික (Organic) රබර් සෙල්ලම් බඩු නිෂ්පාදන සන්නාමය බවට පත්වී තිබේ.   සෙල්ලම් බඩු කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවක් අනුව හඳුන්වා දී ඇති මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ Control Union Certifications මගිනි. පුරෝගාමී සහතිකකරණයක්…

(0)Comments | April 29, 2021 11:29 am

The Grand Ward Place සූර්ය මංගල්‍ය සමරමින් සිංහල දෙමළ සංස්කෘතික හදවත් යා කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප‍්‍රයිම් සමූහය විසින් ඉදිකරනු ලබන සිය අද්විතීය අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන The Grand Ward Place මෙරට සංස්කෘතික අනන්‍යතාවන් සිහිපත් කරමින් සිංහල හා හින්දු අලූත් අවුරුදු සැමරුම් උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගිය අපේ‍්‍රල් 8වන දින පවත්වන ලදි. The Grand Ward Place, සිංහල හා හින්දු අලූත් අවුරුදු සැමරුම් උත්සවය…

(0)Comments | April 29, 2021 11:26 am

උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය සපුරාලීම සඳහා සොෆ්ට්ලොජික් IT සහ SLTC අත්වැල් බැඳගනී

උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය යථාර්තයක් බවට පත් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ  තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මේ හරහා, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (SLTC) 2021 අධ්‍යන වර්ෂය සඳහා ප්‍රවේශ වන සිසුන් 1000කට අධික පිරිසක් සඳහා නවතම ලැප්ටොප් පරිගණක සුවිශේෂී වට්ටම් මිලකට…

(0)Comments | April 27, 2021 3:59 pm

සෙලාන් බැංකුව WNPS සමග හවුල්කාරීත්වයකට එළඹෙමින් “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතිරි කිරීමේ ගිණුම වන සෙලාන් ටිකිරි සහ වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (Wild life and Nature Protection Society) අතර එලඹෙන ලද හවුල්කාරීත්වය අනුව ශ්‍රී ලාංකික දූ දරුවන්ට ප්‍රතිචක්‍රීකරණයෙහි හා පරිසරය පිළිබඳව ඔවුන් සතු වගකීම පිළිබඳව අවබෝධය ඇතිකිරීම වෙනුවෙන් “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” (Up-cycled Waste Items Competition) නමින් සුවිශේෂී තරඟයක් පැවැත්වීම සඳහා…

(0)Comments | April 27, 2021 2:49 pm

යුරෝමනි සහ ඒෂියාමනී සම්මාන රැසක් දිනාගනිමින් හැටන් නැෂනල් බැංකුව සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරයි

ජාත්‍යන්තර වෙළෙඳ සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව මැනවින් විදහා දක්වමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී හා ඒෂියාමනී සඟරා විසින් අඛණ්ඩව තුන්වන වරටත් ශ‍්‍රි ලංකාවේ ‘‘හොඳම වෙළෙඳ මූල්‍ය සේවා සපයන්නා ලෙසත් ඒෂියාමනී සඟරාව විසින් ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ ලෙස අඛණ්ඩව තුන්වන…

(0)Comments | April 27, 2021 12:18 pm

ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ සේවා අඛණ්ඩව ශක්තිමත් කිරීමට යූනියන් ඇෂුවරන්ස් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සිය ජීවිත රක්ෂණ කළඹේ වටිනාකම ඉහළ නැංවීමට සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයට ශක්තිමත් උපායමාර්ගික පියවරක් වශයෙන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (NTB) සමඟ වන සමාගමේ දිගුකාලීන හවුල්කාරීත්වය පසුගියදා තවත් වසර පහකට දීර්ඝ කළේය. යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් සහ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී/අධ්‍යක්ෂ…

(0)Comments | April 27, 2021 12:16 pm

නවතම  ‘Ocean Aqua+’ සායම් පද්ධතිය සමඟින් ඕෂන් ලංකා සිය තිරසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරයි

නව දේශීය සායම් ක්‍රමය පරිසරයට වඩාත් හිතකර සහ ඉහළ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයකින් යුක්තයි. ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා විසින් ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ පරිසර හිතකාමී බවකින් යුත් දේශීය සායම් පද්ධතියක් (Dyeing System) ‘Ocean Aqua+ ලෙස හඳුන්වා දී ඇත. මෙම නවතම සායම් ක්‍රමවේදය නිසැකයෙන්ම ඇගලුම් කර්මාන්තයේ වෙනසක් ඇති කිරීමට සමත් වනුයේ, එය අවම…

(0)Comments | April 27, 2021 5:37 am

Video Story

Stock Market

Exchange Rates