පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාවේ සිට කඩුවෙල කොතලාවල දක්වා කොටස මේ වනවිට විවෘත කර තිබුණත් කොතලාවල පිවිසුම යොදා තිබෙන්නේ තාවකාලික පිවිසුමක් ලෙසත් අතුරුගිරිය පොරේ වෙල්යාය පිහිටි ස්ථානයේ නව පිවිසුමක් පැමිණෙන බවත් අප මෙයට පෙර වාර්තා කළේය. මේ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට අතුරුගිරිය පොරේ වෙල්යායේ කොටසක් ගොඩ කරමින් එම නව පිවිසුම ගොඩනැගීම ආරම්භ කර…
විදේශීය සංචාරකයින්ට දේශීය භාණ්ඩ අලෙවි කිරීමේ මූලික අරමුණෙන් නිර්මාණය කළ පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳ සැල් 92 කින් සමන්විත “පාවෙන වෙළඳ පොළේ“ (Floating Market) ඉදිකිරීම් අවසන් කළ බවත් එය ළඟදීම විවෘත කිරීමට නියමිත බවත් ව්‍යාපෘතිය භාර ගෘහ නිර්මාණ ශිල්පිනී, තුෂාරි කාරියවසම් මහත්මිය පවසයි. ඇය අප සමග සඳහන් කළේ මෙම වෙළඳ සැල් 92 කට අමතරව තවත් පාවෙන…
ශී‍්‍ර ලංකාවේ ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ අරමුණින් වඩාත් ඵලදායි ව්‍යාපෘති වෙනුවෙන් අනුග‍්‍රාහකත්වය දැක්වීමේ අරමුණින් කි‍්‍රයාත්මක බ්ලූ ඕෂන් ව්‍යාපාරය (Blue Ocean Ventures) හා ඉන්දියන් ඒන්ජල් ජාලයේ (Indian Angel Network) ඒකාබද්ධව පවත්වනු ලබන වෙන්චර් එනජින් 2014 (Venture Engine 2014) අඛණ්ඩව තුන්වැනි වරටත් කි‍්‍රයාත්මක කෙරේ. පසුගිය දෙවසකර කාලය තුළ ව්‍යාපාරික අවස්ථා 12ක් පණ ගැන්වීමට සිය දායකත්වය සපයමින් රුපියල් මිලියන…
කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට හොංකොං හි, ෂැන්ග්‍රි-ලා සමාගම විසින් ඉදිකරන හෝටලයේ පෙර සැලසුම වෙනස් කර තිබෙන බවත් නව සැලසුමට අනුව හෝටලය ඉදිකරන ස්ථානය අසලින් ගමන් කරන අධි ධාරිතා විදුලි රැහැන් පවා ඉවත් කිරීමට සිදුව තිබෙන බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “හෝටලයේ මුලින් තිබූ…
සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ පිහිටි ප්‍රධාන දත්ත මධ්‍යස්ථානයේ අද ඇතිවූ ගින්නෙන් වූ හානිය නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත සමාගම විසින් සපයන සේවා වලට ගැටලුවක් ඇතිවී නැතැයි සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ මෙරට නියෝජිතයින් කියයි. අප සමග අදහස් දක්වමින් සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ශාඛාවේ ජංගම දුරකතන අංශයේ, නිෂ්පාදන කළමනාකරු, කපිල පෙරේරා මහතා මේ බව සඳහන් කළේය. සැම්සුන්ග් නිෂ්පාදන…
පසුගියදා පැවති ඉස්ලාමීය ජාත්‍යන්තර මූල්‍ය පුවත් සම්මාන ප‍්‍රදානෝත්සවයේදී, අමානා බැංකුව නැවතත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර වී තිබේ. ගෝලීය වෙළඳ පොළ තුළ ඉස්ලාමීය මූල්‍ය සේවා සපයන බැංකු වෙත සම්මාන ප‍්‍රදානය කිරීම සඳහා මැලේසියාවේ රෙඞ්මනි සමූහය විසින් මෙම සම්මාන උළෙල පවත්වන ලද අතර ජාත්‍යන්තර ඉස්ලාමීය මූල්‍ය සමාගම් සඳහා වන මත විමසුම තුලින් අදාළ…
සුප්‍රකට Land Rover සමාගම විසින් සිය නවතම සුපිරි ජීප් රථය වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බවත් එය 2014 නිව් යෝර්ක් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දැක්වූ බවත් වාර්තා වේ. මෙම ජීප් රථය නම්කර තිබෙන්නේ The Discovery Vision concept නමිනි. මෙය සමාගමේ Range Rover ජීප් රථයට වඩා කුඩා වුවත් සුපිරි පහසුකම් වලින් සමන්විත බව සඳහන්ය. මෙම…
විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගැනීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයන් සහ ක්‍රිකට් තරග විකාශ අයිතීන් පවතින මිලට වඩා වැඩියෙන් විකිණීමේ හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා කියයි. අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා මේ බව පැවසීය. “අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවයන් වැඩිවන විට…
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නවතම RDB ඉතුරුම් වාසනා දිනුම් ඇදීම පසුගියදා කැළණියේදී සිදුකළ අතර එහි ත්‍යාගය වූ රුපියල් මිලියන 2.65 ක් වටිනා සුසුකි එස්ටිලෝ මෝටර් රථය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මාවතගම ශාඛාවේ ගිණුමක් පවත්වාගෙන යන ඩබ්ලිව්.එම්. අමරාවතී මහත්මිය විසින් දිනා ගන්නා ලදී. මෙම අවස්ථාවට බැංකුවේ සභාපතිනී කේෂලා ජයවර්ධන මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධිවේගී මාර්ගවල ගාස්තු අඩුකර තිබෙන ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු පහත පරිදිය. මෙහි දැක්වෙන්නේ ගාස්තු අඩුකිරීමෙන් පසු නව ගාස්තුයි. මෙම නව ගාස්තු අප්‍රේල් 25 වනදා දක්වා ක්‍රියාත්මක වේ. දකුණු අධිවේගී මාර්ගය Cars, Dual Purpose Vehicles කොට්ටාවේ සිට කහතුඩුවට – රුපියල් 100 කොට්ටාවේ සිට ගැලනිගමට…
Video Story