Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විද්‍යාගාර උපාංග කට්ටලයක් පරිත්‍යාග කරයි. ඉංජිනේරු අධ්‍යාපනය සහ ප්‍රයෝගික පුහුණුව වඩාත් ශක්තිමත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි. පසුගියදා භාර දුන් එම උපාංග කට්ටලයට Bar Bending යන්ත්‍රයක් (මිලිමීටර් 8-40), කිරුම් තරාදි තුනක්, Vernier Caliper යන්ත්‍ර 6ක් (මිලිමීටර් 150-300) සහ Steel Tape පහක් (මීටර් 5)…
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තරඟාවලිය පුරා අපරාජිත කණ්ඩායමක් ලෙස කැපී පෙණුනු අතර අර්ධ අවසාන තරඟය වරාය අධිකාරියට එරෙහිව 1-0 ලෙසත් අවසාන මහා තරඟය ලංකා ගමනා ගමන මණ්ඩලයට එරෙහිව 2-1 ලෙසත් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. මෙම තරඟාවලිය 2025 සැත්තැම්බර්…
හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම සම්මානය මගින් ගනුදෙනු බැංකු සේවා (ව්‍යාපාර සඳහා ගෙවීම් සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය),…
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග කළ අතර මේ වන විට එය…
මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත් පවත්වන ලද සේවා සත්කාරය “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම …
ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල්…
තර්ස්ටන් විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුමට සමගාමීව විද්‍යාල පරිශ‍්‍රයේ පැවැත්වුනු “Knight Ro” අධ්‍යාපන හා නවෝත්පාදන ප‍්‍රදර්ශනය සමඟ NDB බැංකුව සම්බන්ධ විය. මෙම ප‍්‍රදර්ශනය සිසු දරු දැරියන්, දෙමාපියන්, ගුරුවරුන් සහ මහජනතාව වෙනුවෙන් විවෘතව තබන ලදී. මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අනාගත පරම්පරාවන්ට ආස්වාදයක් ලබා දෙමින් නිර්මාණශීලිත්වය, අධ්‍යාපනය සහ නවෝත්පාදනය උපරිමයෙන් ප‍්‍රදර්ශනය කිරීමට මනාව සැකසූ වේදිකාවක් බවට පත්විණි….
රූපලාවණ්‍ය සහ පුද්ගල ආරක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Oproma Cosmetics පෞද්ගලික ආයතනය Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Best Innovative Skincare and Haircare Product Developer of the Year සම්මානය දිනා ගත්තේය. එම ආයතනය Entrepreneurial Excellency 2024 ඇතුළු සම්මාන උළෙල රැසකදී මීට පෙරද ඇගැයීමට ලක් වී තිබේ. සම සහ හිස කෙස් ආරක්ෂණ නිෂ්පාදන ඇතුළු රූපලාවණ්‍යය නිශ්පාදන…
සියලුම වාහනවල විදුලි කාර්මික සේවා පිළිබඳව කීර්තියක් උසුලන කැස්බෑව විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් පසුගියදා අඛණ්ඩව 6 වැනි වරටත් පැවැත්වූ Sri Lankan Top 100 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. කලාකරුවන්, වෘත්තිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් සහභාගි වූ Sri Lankan Top 100 සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. මීට වසර 25කට පෙර තම පියා වන විජයරත්න මහතා…
Video Story