Featured News

දැයට අභිමානය ගෙනා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට බොඩිලයින් වෙතින් උපහාර

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම් පිරිනමන ලද බොඩිලයින්, 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා හොරණ පිහිටි සිය ආයතනය…

(0)Comments | October 23, 2023 4:04 pm

නව Diva රෙදි සේදුම් නිෂ්පාදන පෙළ පෙරළිකාර මුහුණුවරකින් වෙළඳ පොළට නැවත දියත් කරයි

  සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් සත්කාර පිළිබඳ විශිෂ්ටත්වය තහවුරු කරමින් වැඩි දියුණු කළ නව Diva Fresh රෙදි සෝදන කුඩු, Diva Power රෙදි සෝදන කුඩු සහ දියර, Diva රෙදි සෝදන සබන් ප්‍රභේදයන් සාඩම්බරයෙන් නැවත දියත් කරයි. දේශීය වෙළඳපොළ තුළ වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්, මෙම නිෂ්පාදනවල ක්‍රියාකාරී සංයෝගයන්…

(0)Comments | October 23, 2023 4:00 pm

TikTok හරහා විලාසිතා ලොව කළඹන ඩොන් කෙවන්

ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවාගේ සාර්ථකත්වය පිටුපස…

(0)Comments | October 23, 2023 3:06 pm

DIMO Healthcare සහ ZEISS එක්ව ZEISS CT LUCIA 621P Monofocal IOL ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, දෘෂ්ටි විද්‍යාව සහ දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් යන ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වන ගෝලීය වශයෙන් කීර්තිමත් ව්‍යාපාරයක් වන ZEISS සමඟ එක්ව ZEISS CT LUCIA 621P Monofocal Intraocular Lens (IOL) ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් ක්‍රියාවලියට නව…

(0)Comments | October 23, 2023 2:47 pm

Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්

හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ. වසර 30කට නොඅඩු දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍යය…

(0)Comments | October 23, 2023 2:05 pm

සම්පත් බැංකුව ශ්‍රී ලාංකේය ළමා පරපුරේ නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ‘සිත්තර සම්පත්’ දියත් කරයි

සම්පත් බැංකුව විසින් මෙරට ළමා චිත්‍ර ශිල්පීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා සුවිශේෂී චිත්‍ර තරඟාවලියක් සංවිධානය කරන ලදී. ‘හෙට දින හැඩ කරන සිත්තර සම්පත්’ යනුවෙන් නම් කර තිබූ එම චිත්‍ර තරඟාවලිය සැප්තැම්බර් 23 වන දින සිට 30 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා…

(0)Comments | October 20, 2023 9:12 am

DFCC Junior ළමා ඉතුරුම් ගිණුම සුවිශේෂී තෑගි ක්‍රම සමඟින් නව ප්‍රතිලාභ රැසක් හඳුන්වාදෙයි

DFCC බැංකුව දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කරවීමේ අරමුණින් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දීමට මෑතකදී පියවර ගෙන ඇත. ඒ යටතේ දරුවන්ට විද්‍යුත් ත්‍යාග වවුචර් හෙවත් E-vouchers පිරිනැමීමටත්, Robotics සහ Coding ඉගෙනුම් කට්ටල පිරිනැමීමටත් DFCC බැංකුව සැලසුම් කර තිබේ. DFCC Junior E-Vouchers දිවයින පුරා අලෙවිසැල් 110 අධික ප්‍රමාණයකින් භාවිතා…

(0)Comments | October 19, 2023 4:19 pm

කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ සහන මිලට ලබාදීමට සියපත ෆිනෑන්ස් සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් අතර අවබෝධතා ගිවිසුමක්

සම්පත් බැංකු සමූහයට අයත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවට කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමෙහිලා අත්වැලක් වෙමින් හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම යටතේ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ස් විසින් වෙළෙඳපොළට ඉදිරිපත්කොට ඇති කුබෝටා කම්බයින් හාවස්ටර්, කුබෝටා ෆෝවීල් ට‍්‍රැක්ටර්, ඊ – කුබෝටා ට‍්‍රැක්ටර්…

(0)Comments | October 19, 2023 4:13 pm

අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන හා ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය එක්ව සූප ශාස්ත්‍ර පිළිබඳ ඩිජිටල් කෘතියක් එළිදක්වයි

අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන ශ්‍රී ලංකා සූපවේදී සංසදය හා එක්ව සැකසූ, තරුණ සූපවේදීන් විසින් පිළියෙළ කරනු ලබන සහ ශ්‍රී ලංකාවට ආවේණික කෑම වර්ග 40ක් ඇතුළත් ඩිජිටල් ඉවුම් පිහුම් ග්‍රන්ථය පසුගියදා එළිදක්වන ලදී. එය ඉහත ආයතන දෙකෙහි ප්‍රවීණත්වය හා හවුල්කාරීත්වය තුළින් බිහි වූ ප්‍රතිඵලයකි. එක්සත් ජනපද සහයෝගීතා ආයතනය (USAID) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී…

(0)Comments | October 19, 2023 4:10 pm

කෘතීම බුද්ධිය උපයෝගී කරගත් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ ගිණුම WIM සම්මානය දිනයි

කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන ප්‍රචාරක ව්‍යාපාරය, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය කෙරෙහි තිබූ ආශාව නැවත…

(0)Comments | October 19, 2023 9:29 am