Top News

මහ බැංකුව බරටම ඩොලර් මිල දී ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 පෙබරවාරි මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 461 ක් බව වාර්තා වේ. නවතම වාර්තාවක සඳහන් වන්නේ පසුගිය පෙබරවාරි මාසය තුල කිසිදු ආකාරයක ඩොලර් විකිණීමක් මහ බැංකුව සිදුකර නොමැති බවයි. මේ අතර 2026 ජනවාරි මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර්…

(0)Comments | March 7, 2026 3:23 pm

වසරේ පළමු මාස දෙක තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි. 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ…

(0)Comments | March 7, 2026 10:21 am

කොටස් වෙළෙඳපොළ ඒකක 131කින් පහළට

මැදපෙරදිග යුධ උණුසුම හමුවේ මෙම සතිය පුරාවට ඉමළ උච්ඡාවචනයන් ප්‍රදර්ශනය කළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (06) දිනයේ දී පහළ යාමක් නිරූපණය කරමින් මෙම සතිය නිමාකළේය. අද (06) දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 131.62කින් පහළ ගොස් ඒකක 22,701.91ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 65.05කින් පහළ ගොස් ඒකක 6,360.75ක් ලෙසින්…

(0)Comments | March 6, 2026 6:46 pm

වසර 5 1/2කට පසු විදෙස් සංචිතය ඩොලර් බිලියන 7 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ. නවතම දත්ත වාර්තාවලට අනුව 2026 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 7,284ක් වන අතර එය 2026 ජනවාරි මාසයේ පැවති සංචිත වත්කම් ප්‍රමාණයට…

(0)Comments | March 6, 2026 4:39 pm

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සතියකට ඩොලර් මිලියන 10-15ක පාඩුවක්

මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින යුධමය ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර සතියකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 සිට 15 දක්වා ආදායම් අහිමි වීමක් සිදුවිය හැකි බව තේ අපනයනකරුවෝ පවසති. ඔවුන් සඳහන් කරන්නේ මැදපෙරදිග වෙළඳපොළට යැවීමට ඇණවුම් ලැබී තිබුණද යුධ අවදානම් සහ නාවික ප්‍රවාහන ගැටලු හේතුවෙන් ඒවා සැපයීමට නොහැකි තත්ත්වයක්…

(0)Comments | March 6, 2026 2:11 pm

නේෂන් ලංකා සමාගමට ආයෝජකයෙකු සොයයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි ආයෝජනය කිරීම සඳහා ආයෝජකයන් හෝ ආයෝජකයන්ගේ එකමුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා කර සිටී. නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව කඩ කිරීම/ පටහැනිව කටයුතු…

(0)Comments | March 6, 2026 1:43 pm

මේ ආයතනවල හැර මුදල් තැන්පත් කරන්න එපා – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවගෙන් මුදල් තැන්පත් භාර ගැනීම සඳහා බලපත්‍ර ලබා දී ඇති ආයතන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට බලපත්‍රලාභී වානිජ බැංකු 24ක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක් සහ මුදල් සමාගම් 32ක් ඇතුළත් වේ. කෙසේවෙතත් මුදල් සමාගම් 32 තුළ තිබෙන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන…

(0)Comments | March 6, 2026 1:30 pm

ලියාපදිංචි CDS ගිණුම් ප්‍රමාණය මිලියනය ඉක්මවයි

මෙරට ලියාපදිංචි මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් සංඛ්‍යාව මිලියනය සීමාව ඉක්මවා ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ අනුබද්ධිත සමාගමක වන Central Depository Systems (Pvt) Ltd නිවේදනය කර සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා සෑම තනි පුද්ගලයකු හෝ සංස්ථාපිත ආයතනයක් විසින් මධ්‍යම තැන්පතු ගිණුමක් පවත්වා ගත යුතු අතර එලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ලියාපදිංචි ගිණුම් ප්‍රමාණය මේ…

(0)Comments | March 6, 2026 1:07 pm

මැදපෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම පිළිබඳව මහ බැංකුවෙන් අදියර තුනක වාර්තාවක් ජනපතිට

යුධමය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම පිළිබඳව අධ්‍යයනය කරමින් ඊට අවශ්‍ය තීන්දු තීරණවලට එළඹෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (05) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී යි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විටත් මෙරට මූල්‍ය වෙළඳපොළෙහි සිදු විය හැකි දේ පිළිබඳව පුරෝකථනයක් අදියර…

(0)Comments | March 6, 2026 10:58 am

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ. ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන…

(0)Comments | March 6, 2026 9:17 am