ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (International Finance Corporation – IFC) විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 166ක ආයෝජන වැඩසටහනක් අද (25) දින නිවේදනය කළේය. ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර වර්ධනය දක්වා රට පරිවර්තනය වීම වේගවත් කිරීම වෙනුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව විසින් මෙම ආයෝජනය සිදුකරනු ලැබේ. මෙය ලෝක බැංකු…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී ඩොලර් බිලියන 1 ක විදේශ සෘජු ආයෝජන (FDI) ඉක්මවා යමින් එහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යක් වෙත පැමිණ ඇත. 2024 වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමක් නියෝජනය කරමින් 2025 වසර සඳහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 1,057 ලෙස…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (23) දින නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයයන් වාර්තා කිරීමට සමත් වූ අතර එහිදී කැපීපෙනෙන කාරණය වූයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණීමයි. කෙසේවෙතත් දිනය නිමාවේ දී එහි අගය ඒකක 23,956.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.74ක ඉහළ…
LankaPropertyWeb (LPW) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික ඉඩම් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී තදාසන්න නගරවල ඉඩම් මිල ශක්තිමත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ. එහි දැක්වෙන පරිදි කොළඹ 1-15 නගර සීමාව තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල (Average land prices per perch) රු. මිලියන 12ක් දක්වා 4%ක…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 24,000 සීමාවට අද (23) දින පැමිණෙන ලදී. අද දිවා ගනුදෙනු සැසිය තුළ පස්වරු 1.20ට පමණ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණ තිබුණි.
හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බවයි. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ…
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් අද (23) දිනය වන විට රුපියල් බිලියන 8.5 ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, අද (23) පෙරවරුව වන විට රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන්ව ඇති බවයි. එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වේ. මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින්, වසර අවසානය වන විට රන් මිල,…
මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රීරෝද රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හරහා කැපවෙනු ඇත. නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හදුන්වාදීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ…
චීන – ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පෙරවරුවේ පැවැත්විණි. චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ගැටලු විසඳමින් ඵලදායීතාව…
Video Story