Top News

පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර තහනම දීර්ඝ කෙරේ

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, 2018 පෙබරවාරි මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු…

(0)Comments | February 15, 2018 3:10 pm

අක‍්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින් පත්වීම් ලබයි

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සහ සි/ස මිහින් ලංකා යන සමාගම්වල 2006 ජනවාරි මස 06 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරික්ෂණ කොට වාර්තා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ (14) පෙරවරුවේ…

(0)Comments | February 15, 2018 12:54 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (14) පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වී තිබේ. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත පරිදි වේ.

(0)Comments | February 15, 2018 12:36 pm

ඡන්ද ප්‍රතිඵලෙන් පසු දෙවන දිනටත් කොළඹ කොටස් බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,532.26 ක් ලෙසින් වාර්තා වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 10.73 ක වර්ධනයකි. මීට පෙර ගනුදෙනු දිනය වූ පෙබරවාරි 12 වන දින ඒකක 29.30 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය. මේ අතර S&P SL20 දර්ශකය ද අද දිනය තුළ ඒකක…

(0)Comments | February 14, 2018 6:24 pm

දින 14 කදී සොෆ්ට්ලොජික් කොටස් මිල 75% කින් නගී

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් මිල පසුගිය ගනුදෙනු දින 14 තුළ දී සියයට 75 කින් ඉහළ ගොස් තිබේ. පසුගිය ජනවාරි 23 දින වන රු. 12.70 ක්ව පැවති සමාගමේ කොටසක මිල අද (14) දින රු. 22.60 ක් දක්වා වූ මිල ගණන් යටතේ ගනුදෙනු විය. පසුගිය ජනවාරි 24 දින සමාගම විසින් අනාවරණය කරනු ලැබූ පුද්ගලික නිකුතුවක් හා…

(0)Comments | February 14, 2018 1:55 pm

පුංචි ඡන්දයෙන් පසු රුපියල තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 152.97 ක් හා විකුණුම් මිල රු. 156.74 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ගැනුම් හා විකුණුම් මිල මට්ටම් වේ. මේ අතර විනිමය අනුපාතිකයන්…

(0)Comments | February 14, 2018 1:09 pm

RIL Property රුපියල් බිලියන 1.6 ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන RIL Property Plc සමාගම රුපියල් බිලියන 1.6 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් සිදුකරනු ලබන බව දැනුම් දී සිටී. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කරනුයේ මෙහිදී රු. 8.00 බැගින් කොටස් මිලියන 200 ක් හිමිකම් නිකුතුව හරහා නිකුත් කිරීමට කටයුතු කරන…

(0)Comments | February 14, 2018 12:36 pm

අධිවේගයේ නව වේග මාපක අද සිට ක්‍රියාත්මකයි

අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන  වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත. ඒ අනුව අද සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙනු ඇත. අධිවේගී මාර්ගය තුළ…

(0)Comments | February 14, 2018 11:29 am

හම්බන්තොට වරායට සල්ලි හොයන්න ‘පැන්ඩා‘ බැඳුම්කර කරළියට

චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් විසින් රෙන්මිඹි මිලියන 500 ක ‘පැන්ඩා‘ බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබේ. මෙය ඇමරිකානු ඩොලර් 79.5 කට සමාන මුදලකි. වසර තුනක පරිණත කාලයකින් යුතු මෙම බැඳුම්කරවලින් රැස් කරන ලද අරමුදල් හම්බන්තොට වරාය අත්පත් කරගැනීමේ ඉතිරි මුදල් පියවීම සඳහා යොදා ගැනීමට නියමිතය. හොංකොං හි ලැයිස්තුගත සමාගමක් වන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් විසින් චීනයේ මුදල්…

(0)Comments | February 13, 2018 1:31 pm

නාවිකයින්ට පොළී රහිත ණය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොළී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය දා දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම්, රියර් අද්මිරාල් (සැපයුම්) විජිත මැද්දගොඩ මහතා හා…

(0)Comments | February 13, 2018 11:11 am