ශ්රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා ශ‍්‍රී ලංකාවට පැමිණි ජපාන වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් අද (25)පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය. වසර 140 ක දීර්ඝ ඉතිහාසයක් ඇති ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ටෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරමින් 77 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක්…
දේශීය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. www.imexport.gov.lk සහ www.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිවේ. මේ…
2017 වසරේ තේ නිෂ්පාදනය ශක්තිමත් ලෙස ඉහළ නැංවීමට හැකි වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යරයා මේ බව සඳහන් කළ අතර තුර්කිය 2017 වසරේ ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් ප්‍රධාන ගැනුම්කරුවා ලෙස වාර්තා වන බව ද සඳහන් කළේය. පසුගිය වසරේ තේ කිලෝ ග්‍රෑම්…
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි…
2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා ලංකා IOC සමාගමේ මූල්‍ය වාර්තා මේ වන විට නිකුත් කර තිබේ. අදාළ වාර්තාවලට අනුව 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සමාගමේ බදුගෙවීමෙන් පසු අලාභය රුපියල් මිලියන 340 ක් ලෙසින් සටහන් වී ඇත. මේ අනුව දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා IOC වාර්තා…
ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා හදුනා ගැනීම සදහා දීප ව්‍යාප්ත සමීක්‍ෂණයක් ක‍්‍රියාත්මක කර ඇත. රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ සාර්ථකත්වය, ව්‍යාප්තිය සහ සංවර්ධනය සහතික කරවීම සදහා ප‍්‍රතිපත්ති රාමු සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීම මෙහි මූලික අරමුණවේ. දීප ව්‍යාප්තව උගත් තරුණියන් සහ තරුණයන්…
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික…
ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරුව අතර අද (23) දිනයේ දී නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු ජනරජයේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඉස්වරන් යන මහත්වරුන් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම,…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.4 ට සාපේක්ෂව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3 ක් දක්වා පහළ ගියේය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතුවිය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු…
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය දිවයින පුරා කඩිනමින් ව්‍යාප්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී…
Video Story