Top News

මහ බැංකුවට නව සහකාර අධිපතිවරුන් 6 ක්

මුදල් මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 31 වැනි දින පැවති රැස්වීමේ දී කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය, එස් ගුණරත්න මහත්මිය, එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා, ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය, ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සහ කේ. ගුණතිලක මහත්මිය යන මාණ්ඩලික පන්තියේ IV වන ශ්‍රේණියේ නිලධාරීන් සහ දෙනා 2017 අගෝස්තු මස 31 වැනි දින සිට සහකාර අධිපති තනතුරට උසස් කරනු ලැබ තිබේ.

(0)Comments | September 18, 2017 12:58 pm

මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 ජුනි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ජුනි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | September 18, 2017 12:33 pm

කොටස් මිල ඉහල යාම ගැන ලංකෙම් ඩිවලොප්මන්ට්ස් වෙතින් කරුණු විමසයි

පසුගිය සතිය තුළ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී වෙතින් කරුණු විමසීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 15 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අනාවරණය නොවූ කිසිදු මිල සංවේදී තොරතුරක් නොමැති බවයි. තවද කොළඹ…

(0)Comments | September 18, 2017 12:01 am

ලංගමය CEAT ටයර් මිල දී ගනී. රුපියල් මිලියන දහසක කොන්ත්‍රාත්තුවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ඒ සඳහා මිලගණන් ඉදිරිපත් කරනු ලැබ තිබිණ. එම මිල ගණන් ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය…

(0)Comments | September 17, 2017 11:20 pm

Global Seafoods ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලබයි

2016 වසර සඳහා ඉහළම අගය එකතු කළ මුහුදු ආහාර අපනයනකරුවාට හිමි ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබූමට Global Seafoods (පුද්) සමාගම පසුගිය දා සමත්විය. ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද ජනාධිපති අපනයනය සම්මාන 2016 ප්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය Global Seafoods (පුද්) සමාගමට හිමිවිය. ශ්‍රී ලංකාවේ විශාලතම මුහුදු ආහාර අපනයනකරුවකු වන Global Seafoods (පුද්) සමාගම,…

(0)Comments | September 15, 2017 2:43 pm

මුදල් ඇමති ලංකා බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකරයි

ලංකා බැංකු ආඥාපනතේ 7 වැනි වගන්තියේ 2 වැනි උපවගන්තියේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ලංකා බැංකුවේ ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 15 දක්වා වැඩි කළ යුතු බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිශ්චය කර තිබේ. මේ සම්බන්ධයෙන් අංක 2036/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.

(0)Comments | September 15, 2017 11:58 am

නව විදේශ විනිමය පනත ඔක්තෝබර් 17 සිට ක්‍රියාත්මකයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානයන් 2017 ඔක්තෝබර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (14) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත.

(0)Comments | September 15, 2017 11:49 am

හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් අයිතිය අද (15) පෙරවරුවේ දී මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය. මේ සඳහා හේලීස් පීඑල්සී විසින් එක් කොටසකට රු. 47.00 බැගින් ගෙවනු ලැබූ අතර මිල දී ගත් කොටස් ප්‍රමාණය 231,864,362 කි. මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල්…

(0)Comments | September 15, 2017 10:37 am

ලිට්‍රෝ ගෑස් සඳහා අවශ්‍ය දියර පෙට්‍රෝලියම් ගෑස් මිල දී ගැනීමට තරඟකාරී ලංසු ක්‍රමයක්

80%ක වෙළඳපොළ කොටසක් හිමි, මෙරට විශාලතම එල්පී ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මඟින් බෙදාහැරීම සඳහා අවශ්‍ය එල්පී ගෑස් අන්තර්ජාතික තරගකාරී ලංසු ක්‍රමය මඟින් මිල දී ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 1ක් සවුදි ඇරැම්කෝ ගිවිසුම් මිලට ඇමරිකානු ‍ඩොලර් 47.50ක් එක්…

(0)Comments | September 14, 2017 5:29 pm

අඛණ්ඩව පස්වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වසරේ අපනයනකරු සම්මානය බ‍්‍රැන්ඩික්ස් දිනාගනී

ජාතික ආර්ථිකයට සිදුකළ අනගි දායකත්වය වෙනුවෙන් 2016 වසරේදී බ‍්‍රැන්ඩික්ස් සමූහයට ජනාධිපති අපනයන සම්මාන පහක් ශ‍්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත‍්‍රයේ අංක එකේ සමාගම් සමූහය බවට අඛණ්ඩව පස්වන වතාවටත් පත්වීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය 2016 වසරේදී සමත්වී තිබෙන අතර ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අද පැවැත්වූ උත්සවයෙහි ‘වසරේ ශ‍්‍රී ලාංකේය අපනයනකරු’ සම්මානය බ‍්‍රැන්ඩික්ස් වෙත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා…

(0)Comments | September 14, 2017 2:35 pm