රජයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා වන ප්‍රසම්පාදන වෙනුවෙන් රජය විසින් වැය කරනු ලබන මුදල් සඳහා නියම වටිනාකමක් ලැබීම තහවුරු කරගැනීමත් එම කටයුතු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සිදු කර තිබේද යන්න තහවුරු කරගැනීමත් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව රජයේ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කරනු ලබන පසු විපරම් කිරීම…
මෑතකදී අමාත්‍යාංශවල සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් 2019 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් මීට පෙර මේ හා සමාන අවස්ථාවලදී අනුගමනය කරන ලද පූර්වාදර්ශවලට අනුකූල වන පරිදි 2019 වර්ෂය සඳහා වන අයවැය අනුමත වන තෙක් 2019 මුල් මාස 04 සඳහා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය වන අයවැය ප්‍රතිපාදන අතුරු…
මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 180 සීමාව අද (23) දිනයේ දී ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 176.7204 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 180.6606 ක් ලෙසින් සටහන් විය. මේ අතර පසුගිය ඔක්තෝබර් 26 වන දා මෙරට…
2018 නොවැම්බර් මස 20 වන දින මූඩීස් ආයෝජන සේවා ආයතනය (මූඩීස්) විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (සෘණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීම රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වන අතර, එබැවින් එම තීරණය සාධාරණ…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2016 ජනවාරි මස සිට වාර්තා වූ පහළම අගය වන සියයට 0.1 ක අගයක් වාර්තා කරමින් 2018 ඔක්තෝබර් මාසයේ දී තෙවන වරටත් අඛණ්ඩව පහළ ගියේය. ඉහළ ආහාර මිල ගණන් හේතුවෙන් පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති ඉහළ පදනම් අගය 2018 ඔක්තෝබර් මාසයේ දී…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට උත්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන තුන්…
පසුගිය ඔක්තෝබර් 26 වන දා මෙරට ඇති වූ දේශපාලන බල පෙරළියෙන් පසු රුපියල් බිලියන 30 ක් ඉක්මවූ විදෙස් ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් හා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවතට ඇදී ගොස් ඇති බව වාර්තා වේ. මෙම වකවානුව තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන විදේශීය ගැනුම් රුපියල් බිලියන 4.9 ක් වන අතර විදේශීය විකුණුම් රුපියල් බිලියන 12.5…
ඩිජිටල් යුගයේ අභියෝගයන්ට සක්‍රිය ලෙස මුහුණදීමේ හැකියාව ඉහළ නැංවීම තුළින් ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඉදිරිය සඳහා හැඩගැස්වීම“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සියළු බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ දැණුම් මට්ටම් තව දුරටත් වැඩිදියුණු කිරීම…
විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ මෑත කාලීන ව ව්‍යාප්ත වන ජනතාව මුලා කරවන සුලු මූල්‍ය වංචාවන්ට අදාළ පණිවිඩ පිළිබඳ ව මහජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති දුක් ගැනවිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට මහජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් විසින්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනසක් සිදුකරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 75කින් 8.00% දක්වා ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් 9.00% ක් දක්වා ද ඉහළ දැමීමට ඊයේ (13) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ…
Video Story