2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙහි මූලික පරාමාර්ථය වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් අදාළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම් කටයුතු සඳහා…
2018 ඔක්තෝබර් 31 සිට 2018 නොවැම්බර් 07 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 9.99 ක විදෙස් ආයෝජන, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2018 ඔක්තෝබර් 31 දිනට රජයේ සුරැකුම්පත්වලින් විදෙස් ආයෝජකයින් සතුව පැවති ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 221,134 ක් බව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (13) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4082 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.3061 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමාව අභිබවා ගිය දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පළමු වරට පසුගිය නොවැම්බර් 01 දා ඩොලරයේ විකුණුම්…
තම ආසියානු ජාලය පුළුල් කරමින් සිටින ලබන සවිස්ටර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සංචාරක ගුවන් සේවාවක් වන එඩල්වේස් (Edelweiss) ඉතිහාසයේ ප්‍රථම වරට සූරිච් සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් මෙම මස සිට ක්‍රියාත්මක කරයි. ප්‍රථම ගුවන් යානය ලෙස මගීන් 314ක් රැගත් A340-300 ගුවන් යානය 2018 නොවැම්බර් මස 4 වන දින ලංකාවට පැමිණියේය. දෙවන ගුවන් යානය නොවැම්බර් මස 10…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (12) දින ගනුදෙනු ආරම්භ වී කෙටි කාලයක් ඇතුළත රුපියල් බිලියන 6.35 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය දෙන ලද්දේ ඔඩෙල් පීඑල්සී හි ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු කිහිපයකි. ඔඩෙල් පීඑල්සී හි කොටස් 248,976,458 ක් මෙහිදී ගනුදෙනු වී ඇති අතර එමඟින් රුපියල් බිලියන 6.22 (6,224,411,450.00) ක පිරිවැටුමක් පෙරවරු…
මෙරටට BMW මෝටර් රථ ආනයනය කිරීමට සහ බෙදාහැරීමට බලයලත් එකම සමාගම වන ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම BMW ආසියා සමග එක්ව ශ‍්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට අති නවීන සුඛෝපභෝගී BMW 6 Series Gran Turismo (GT) රථය එළි දැක්වීමට සමත් විය. පසුගිය 6 වැනි දා කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත්ව එළි දැක් වූ මෙම රථය දිගු දුර ධාවනය සදහාම නිර්මාණය කර…
ඉන්දියාවේ ප්‍රමුඛතම දුම්රිය එංජින් හා මැදිරි නිෂ්පාදකයෙකු වන Integral Coach Factory (ICF) විසින් නිෂ්පාදනය කරනු ලැබූ නවතම දුම්රියක් නුදුරේදීම ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය අනාවරණය කර සිටී. පැයට කිලෝමීටර 100 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම දුම්රිය, මගීන් 800 කට පමණ එකවර සේවා සැලසිය හැකි එකක් බව එම වාර්තා වැඩිදුරටත් පවසයි….
2018 වසරේ හත්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය බදාදා (14) උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. රට තුළ පවතින දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ මෙහිදී මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත තීන්දු තීරණ කෙරෙහි මේ වන විට බොහෝ පාර්ශවවල අවධානය යොමුව තිබේ. මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද සයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනය තුළ දී ඒකක 48.04 ක් වර්ධනයක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,978.63 ක් ලෙසින් වාර්තා විය. කෙසේ වෙතත් සතිය ආරම්භයට සාපේක්ෂව මෙම සතිය තුළ දී ඒකක 113.58 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ. මේ අතර අද…
2018 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස 10 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,885,045 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. කෙසේ වෙතත් පූර්ව මාස හා සැසඳීමේ දී පසුගිය ඔක්තෝබර් මාසයේ දී පැමිණ ඇති සංචාරක සංඛ්‍යාවෙහි වර්ධනය මන්දගාමී වී තිබේ. එය 2017 වසරේ ඔක්තෝබර් මාසයට වඩා 0.5% ක්…
Video Story