නව රජයේ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන, අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන 42 ක්…
කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත. විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද, විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති මහතා එහි සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ ඇත….
මහා භාණ්ඩාගාරයේ හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය දා පත්වීම් ලැබූ එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වශයෙන් උසස් වීම් ලැබ තිබේ. එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙසින් මීට පෙර කටයුතු කරනු ලැබීය. මේ අතර මහ බැංකුවේ තවත් සහකාර අධිපතිවරයෙකු වූ එච්.ඒ. කරුණාරත්න මහතා…
නව රජයේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධණ මහතා පත් කර තිබේ. මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පත් කර ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එස්.පී. කොඩිකාර මහතා පත් කර ඇත. තවද නව රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා…
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි වශයෙන් මුදල් අච්චු ගැසූ බවට මෑතකදී පළවූ පුවත්පත් ලිපි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. එවැනි ලිපිවල අඩංගු සංකල්ප සහ කරුණු ඉතා සාවද්‍ය සහ නොමඟ යවන සුළු බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අදහස් කරයි. මෙම පුවත්පත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 74.88 ක පසුබැස්මක් වාර්තා කළේය. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.24% ක පහළ යාමකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 5,987.21 ක් ලෙසිනි. මේ අනුව යළිත් වරක් ඒකක හය දහසෙන් මෙපිටට සියලු කොටස් මිල…
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහලු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා සඳහා අදාළ වන ගාස්තු වර්තමාන වෙළඳපළ තරගකාරිත්වය සහ වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට සහ වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිදුව ඇති විදුලි බිඳවැටීමක් හේතුවෙන් එහි සාමාන්‍ය දෛනික කටයුතු මේ වන විට මන්දගාමී වී ඇති බව වාර්තා වේ. අද පෙරවරු 11.30 ට පමණ මෙම විදුලි බිඳවැටීම සිදුව ඇති අතර මේ වන තෙක් එය යථා තත්ත්වයට පත් වී නොමැති බව එහි ප්‍රකාශකයෙකු අද දෙරණ වෙත කියා සිටියේය. මේ වන විට එහි බොහෝ…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පිරවීම සඳහා පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය අත්හිටුවිමට, ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කිරීමට පෙර පැවති අමාත්‍ය…
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙටර විශ්‍රාම වැටුප් ලබන ජනගහනය හය ලක්ෂයේ සීමාව ඉක්මවා තිබේ. 2017 වසර අවසාන සංඛ්‍යාලේඛනවලට අනුව එම ප්‍රමාණය 600,867 ක් වන අතර 2018 ඔක්තෝබර් මාසය අවසානයේ දී එය 614,288 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර 2017 වසර තුළ දී විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ගෙවා ඇති…
Video Story