Top News

ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලයට තවත් ඉහළ පෙළේ වෘත්තිකයින් දෙදෙනෙක්

මෙරට ඉහළ පෙළේ වෘත්තිකයින් දෙදෙනෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා හා ජොහාන් විජේසිංහ, ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ නව අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා පත්කරනු ලැබූ අතර මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පල, ආචාර්ය රොෂාන් පෙරේරා හා එයාර් මාර්ෂල් කපිල ජයම්පති එහි සෙසු…

(0)Comments | May 21, 2018 12:06 pm

රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට කටයුතු කරනවා

“රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි කටයුතු කරනවා.කර්මාන්ත, සේවා, සංචාරක තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන, වරාය, ගුවන්තොටුපල ආදී මේ සියලූ අංශයන්වල නවීකරණය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා“ යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්ටනැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳපොළ යොමු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසිය. “අද…

(0)Comments | May 21, 2018 10:58 am

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 453

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධානතම වැඩසටහන් අතුරින් එකකි. මෙහි සමස්ථ ආයෝජන පිරිවැය ඇ.ඩො. මිලියන 675 ක් වන අතර එයින් ඇ.ඩො. මිලියන 453 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මගින් බහුඅදියර මූල්‍යයන පහසුකම යටතේ සපයනු ලැබේ. ශ්‍රී ලංකා රජය මෙහි පළමු අදියර සදහා ඇ.ඩො….

(0)Comments | May 21, 2018 10:56 am

ETI ඩොලර් මිලියන 75 කට විකුණයි. මිලියන 32 ක් දැනටමත් ලැබිලා. තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම ජූනි 05 සිට

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ…

(0)Comments | May 20, 2018 8:29 pm

කාලගුණ අවදානම මුළු රටටම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 මැයි මස 21 වන දින පෙ.ව. 09.00 තෙක් වලංගු වන පරිදි  පවතින තද වැසි සහ අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනයත් සමඟ ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකා සිතියම, අවදානම් මට්ටම් අනුව එක් එක් ප්‍රදේශ වර්ණ ගන්වා ඇත. ඊට අනුව…

(0)Comments | May 20, 2018 7:03 pm

එක තීරයක් – සේද මාවතක් චීන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ප්‍රධාන වෙළෙඳ සන්ධිස්ථානයක් වෙනවා

“එක තීරයක් – සේද මාවතක් චීන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන වෙළෙඳ සන්ධිස්ථානයක් වන බවත්, ඒ යටතේ පවතින පෝට් සිටි(Port City) වැනි මහා පරිමාණ ව්‍යාපෘති නිසා ශ්‍රී ලංකාව ආසියාවේ දීප්තිමත්ම ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද…

(0)Comments | May 20, 2018 10:05 am

ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි. මෙය පසුගිය 18 දා ආරම්භ විය. පෙරවරු 10.00 සිට පස්වරු 8.00දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රදර්ශනකරුවන් සහභාගිවන මෙම ප්‍රදර්ශනය ක්ෂේත්‍රයේ ප්‍රවීණ පාර්ශවකරුවන් මෙන් ම තීරණ ගනු ලබන්නන්ද ඒකරාශි කරමින් නව…

(0)Comments | May 20, 2018 10:01 am

වසර අවසානයේ දී ඩොලර් මිලියන 11,000 ක විදෙස් සංචිතයක් බිහි කරන බව අගමැති කියයි

එදා ආර්ථිකය බිද වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පලාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි අපෙන් විමසීම පුදුමයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. 2018 මැයි මස 17 වන දින අරලියගහ මන්දිරයේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ…

(0)Comments | May 18, 2018 3:46 pm

ඉන්ධන සහනාධාරවලින් දුප්පතුන්ට වඩා පොහොසතුන් වාසි ගැනීම මිල සූත්‍රයෙන් වැළකෙනවා – IMF

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල ප්‍රතිසංස්කරණය සඳහා ස්වයංක්‍රීය මිල සූත්‍රයක් හඳුන්වාදීම විශාල ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. දෙසතියකට වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී (17) එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගැරී රයිස් මේ බව කියා සිටියේය. “මිල සූත්‍රය නිසි පරිදි ක්‍රියාවට නැංවෙනවා නම්, ඉන්ධන සහනාධාර හරහා දුප්පතුන්ට වඩා පොහොසතුන් ප්‍රතිලාභ…

(0)Comments | May 18, 2018 11:52 am

රුපියලේ සිදුවන අනිසි අවප්‍රමාණය වීම වැළැක්වීමට මහ බැංකුව තීරණය කරයි

වර්තමානයේ ආර්ථිකයේ පවතින මූලධර්මයන්ට අනුව, ශ්‍රී ලංකා රුපියල මත ඇති වී තිබෙන ආකාරයේ අවප්‍රමාණය වීමේ පීඩනයක් ඇති විය නොහැකිය. වර්තමානයේ දී දළ විදේශීය සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක හිතකර මට්ටමක පවතින අතර මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක මගින් රුපියලේ තරගකාරිත්වය පිළිබිඹු කෙරේ. එබැවින්, විනිමය අනුපාතිකය මත ඇති වී තිබෙනුයේ අනිසි පීඩනයකි. දැනට පවතින සංචිත…

(0)Comments | May 18, 2018 10:48 am