Top News

ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත පිරිනැමෙයි

ජර්මානු ජනරජය විසින් පිරිනමන විශේෂ ගෞරව සම්මානයෙන් රංජිත් පණ්ඩිතගේ මහතා පිදුම් ලබයි   ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ  රංජිත් පණ්ඩිතගේ මහතා පිදුම් ලැබුවේය. පසුගියදා කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයේදී මෙම සම්මානය පිරිනැමීම සිදුකෙරින. මෙම ගෞරව සම්මාන පිරිනැමීම වර්ෂ 1951 වසරේ එවක ජර්මානු ජනාධිපති තියඩෝර්…

(0)Comments | May 14, 2018 10:17 am

රටේ දේශපාලන ස්ථාවරත්වය ගැන මහ බැංකු අධිපතිගේ මතය මෙන්න

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති වීමට නම්, දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීම ඉතා වැදගත් කරුණක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මීට පෙර අවස්ථා කිහිපයක දීම කියා සිටියේය. මෙහිදී පවතින තත්ත්වය තුළ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබේ දැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය. “රජයේ අස්ථාවරත්වය…

(0)Comments | May 12, 2018 9:15 am

රුපියල බේරගන්න ඩොලර් මිලියන 100 කින් මහ බැංකුව මැදිහත් වෙයි

පසුගිය කාලයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම වළක්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 136.65 ක් වෙළෙඳපොළට නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (11) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. එසේම මෙම කාලපරිච්ඡේදයේ දී ඩොලර් මිලියන 30 ක් වෙළෙඳපොළෙන්…

(0)Comments | May 11, 2018 2:37 pm

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි

පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා පහසුකම් සැලසීමට අරමුණු කෙරේ. සැපයුම් අංශයේ බලපෑම…

(0)Comments | May 11, 2018 2:26 pm

ටාටා අභිබවා යාමට මහින්ද්‍රා ඔටෝ සමත්වෙයි

”සමස්ත කොටස් මිල 2% කින් ඉහළයාමත් සමඟින්, බොම්බේ කොටස් වෙළෙඳපොළේ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවූ ප‍්‍රාග්ධන වත්කම් සහිත සාමාජිකයන්ගේ හවුලට එක්වීමට මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම පසුගියදා සමත් වුණා. ආනන්ද මහින්ද්‍රා මහතාගේ නායකත්වයෙන් ඉදිරියටම යන මුම්බායි නගරය කේන්ද්‍රකරගත් මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමත්, අයිඩියල් සමූහයේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් සමාගමත් එක්ව නුදුරේදීම රථවාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් මෙරට…

(0)Comments | May 11, 2018 10:49 am

සුරැකුම්පත් කොමිසමේ නව සභාපති පත් කිරීම ලබන සතිය මුල දී

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් රනෙල් විජේසිංහ මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (10) පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය. එසේම සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ තිලක් කරුණාරත්න…

(0)Comments | May 10, 2018 5:26 pm

ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රයකට අනුව නොවෙයි – ඇමති රාජිත කියයි

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාම, මිල සූත්‍රයක් අනුව සිදුකරන ලද්දක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඉන්ධන පිළිබඳව ඊයේ අපි රැස්වුණා. නැවත කැබ්නට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් තිබුණා. ඒකේදි අපි…

(0)Comments | May 10, 2018 3:13 pm

ජාත්‍යන්තර පාසල්, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම යලි ඇරඹේ

ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය, අක්ත ගැන්වීම හා නියාමනය සම්බන්ධයෙන් මේ දක්වා නීතිරීති හා රෙගුලාසි සකස් කරනු ලැබ නොතිබීම හේතුවෙන් විවිධාකාර අවධිමත් ලියාපදිංචි කිරීමේ මාර්ග ඔස්සේ සීමාවකින් තොරව නිසි ප්‍රමිතියක් රහිත ජාත්‍යන්තර පාසල් රටපුරා ස්ථාපනය වීමේ අවදානමක් පවතී. මෙම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් 95%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික දරුවන් බැවින් රටේ අවශ්‍යතාවන්ට ගැ‍ළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් මෙම සිසුන්…

(0)Comments | May 10, 2018 12:56 pm

කාන්තා ව්‍යවසායකයින් දිරිගන්වන්න දෙන ණයෙන් 20%-30% ආපසු ගෙවිය යුතු නැහැ – කැබිනට් මණ්ඩලය තීරණය කරයි

කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ‘කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන’ නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති මූල්‍යාධාර උපයෝගි කරගනිමින්, දැනටමත් ක්‍රියාත්මක කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පහත…

(0)Comments | May 10, 2018 11:29 am

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සංචාරක කටයුතු ඉහළ නැංවීමට පියවර

පුළුල් පරාසයකට අයත් ද්විපාර්ශ්වික සහ ගෝලීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර සාකච්ඡාවට බඳුන් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ආයෝජන අවස්ථා, විශේෂයෙන්ම, කෘෂිකාර්මික, ආහාර සැකසුම්, හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ශ්‍රීලංකාවේ පවතින ආයෝජන අවස්ථා; අධ්‍යාපන, ක්‍රීඩා, ප්‍රවාහන, හා…

(0)Comments | May 10, 2018 10:41 am