ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන සිදු කරන්නක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය පොහොය දින ඇතුළු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින…
ජපාන අග‍්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක Dr. Hiroto Izumi මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය. ජනාධිපතිතුමාගේ ජපාන නිල සංචාරයේදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී සඳහන් කෙරුණු කරුණුවලට අදාළව ශ‍්‍රී ලංකාව තුළ දියත් කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන්…
රුපියල කඩා වැටීම ජිවන වියදම ඉහල යාමට ප්‍රබල බලපෑමක් ඇති කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොදු මහජනතාව පරිහරණය කරන ඉන්ධන, කිරිපිටි ඇතුළු අතවශ්‍ය භාණ්ඩ රාශියක මිල තීරණය වන්නේ රුපියලේ වටිනාකම අනුව බවයි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම රටට බලපාන අකාරය පිළිබඳව අදහස් දක්වමින්…
ආහාරපාන ක්ෂේත්‍රෙය් ලොව ප්‍රසිද්ධ සමාගමක් වන Délifrance හි මෙරට මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාම සඳහා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් (පුද්) සමාගම වෙත පූර්ණ නියෝජිතත්වය හිමි වී තිබේ. Délifrance ප්‍රංශයේ ලියාපදිංචි සමාගමකි. මේ සඳහා අදාළ ගිවිසුම් 2018 මැයි 02 වන දින සම්පූර්ණ කරන ලද බව සොටේලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කොළඹ කොටස්…
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන ඖෂධ ලියාපදිංචි කිරීම බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවාවන් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට පහසුකම් සැළසේ. ඖෂධ ලියාපදිංචි කිරීම,බලපත්‍ර ලබාදීම,වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීම ඇතුළු සේවාවන් රැසක් වඩාත් කාර්යක්ෂම සහ විනිවිද භාවයකින් සිදු කර කර ගැනීමට මේ අනුව හැකිවේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කිහිපයක ඇති වූ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් මැයි මස 3 වන දින ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදු වී තිබේ. ඒ අනුව UL884 කොළඹ-මෙල්බන්, UL281 කොළඹ-ජෙඩා, UL314 කොළඹ-ක්වාලාලම්පූර්, UL406 කොළඹ-බැංකොක් සහ UL 604 මෙල්බන් කොළඹ යන ගුවන් ගමන් වල ප්‍රමාදයන් සිදුවිය. මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානයේ සිටි මගියකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන්…
මෙම ප‍්‍රකාශය නිකුත් කෙරෙන්නේ මිරිස්ස වෙරළ තීරයේ තිබෙන බවට හඳුනා ගත් අනවසර ඉදි කිරීම් 17ක් ඉවත් කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (CCD) ගෙන ඇති තීරණයට ප‍්‍රතිචාර වශයෙනි: මිරිස්ස වෙරළබඩ බීම හලක දී නෙදර්ලන්ත සංචාරකයන් දෙදෙනෙකුට දරුණු ලෙස පහර දීම නිසා සංචාරක ව්‍යාපාරය තුළ හට ගත් අර්බුදයෙන් පසුව පමාවකින් තොරව සාකච්ඡාවකට පැමිණෙන…
2017 වර්ෂයේ දී ආර්ථිකය තුළ ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 270 ක් මුද්‍රණය කිරීමටත්, කාසි මිලියන 970 ක් ටංකනය කිරීමටත් අවශ්‍ය කටයුතු ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කළ අතර සංසරණය තුළ ගුණාත්මක තත්ත්වයේ නෝට්ටු පැවතීමත්, මහජන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තොග පැවතීමත් තහවුරු කිරීම සඳහා අදාළ සැපයුම් ගෙන්වීම ඉදිරි වර්ෂවල…
සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ආයෝජන ආදායම 2017 වසරේ දී රුපියල් බිලියන 222.6 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී සියයට 15.4 ක වැඩිවීමකි. ආයෝජන ආදායමින් සියයට 84.6 ක්වූ පොලී ආදායම, අඛණ්ඩව අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවය ලෙස පවත්වාගෙන යාමට හැකිවූ අතර, එය 2016 වසරේ උපයන ලද රුපියල් බිලියන 165.5 ට සාපේක්ෂව 2017…
ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින් මෙල්වා හොටේල්ස් හි ඇමරිකානු ඩොලර් මිලියන 27 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී. මෙම ආයෝජනය මගින් යාල, කොස්ගොඩ හා මීගමුව යන ප්‍රදේශවල නවතම හෝටල් 3 ක් ගොඩනැගීමට නියමිතය. මෙකී හෝටල්වල මෙහෙයුම් කටයුතු හිල්ටන් හොටේල්ස් විසින් සිදුකරනු ඇත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව වැඩිදුරටත්…
Video Story