Top News

විදේශ සේවයට 21 ක් බඳවා ගනී

ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ 2018 නිලධාරී කණ්ඩායම ඊයේ (මැයි 02) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාරගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 2016 ශ්‍රී ලංකා විදේශ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව හා 2017 මාර්තු මස 17 වැනි දිනැති අංක 2011 දරන ගැසට් නිවේදනය අනුව 2017 වසරේදී විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවෘත තරග…

(0)Comments | May 3, 2018 11:01 am

මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල නොපියවූ ණය රු. බිලියන 844 ඉක්මවයි

දේශීය බැංකු අංශය සතු නොපියවූ ණය හා ව්‍යාපෘති සම්බන්ධ විදේශීය ණය ඇතුළත් ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ ණය ප්‍රමාණය 2017 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයත් ලෙස අඩුවිය. ඒ අනුව, ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල ණය ප්‍රමාණය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 6.9 සිට 2017 වසර අවසානය වන විට සියයට 6.4…

(0)Comments | May 2, 2018 2:04 pm

ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් නිෂ්පාදනයට ජපාන දූතයෝ ලංකාවට එති

ජපානයේ ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන Future science research incorporation ආයතනයේ සභාපති අකිහිකෝ මත්සුමුරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි ජපන් දූත පිරිසක් ඊයේ (01) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණගැසුණි. තාක්ෂණයෙන් ඉහළ පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි. මෙම දූත පිරිස සමග ජපානයේ අග්‍රාමාත්‍යතුමාගේ…

(0)Comments | May 2, 2018 1:04 pm

IMF පස්වැනි වාරිකය ලැබෙන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුමත කිරීම මතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති අතර, ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය අනුමත කිරීම මත, 2018 ජූනි මාසයේ දී එහි පස්වැනි ණය වාරිකය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2017 ජූනි මාසයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීතාව හා ඉදිරි දැක්ම පිළිබඳව ධනාත්මක ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර…

(0)Comments | May 2, 2018 11:18 am

ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ඉදිරි ගමන පිළිබඳව විශ්වාසය විදේශ ආයෝජකයෝ තහවුරු කර ඇති බව මහ බැංකුව කියයි

මෑත කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ. මෙවැනි වාතාවරණයක් තුල, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝගයේ ස්වභාවය මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලෙඳපොළ මත පදනම් මිනුම් දඬු තාර්කික හා යථාර්ථවත් වන අතර මෙවැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකිය….

(0)Comments | May 2, 2018 11:12 am

රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය රුපියල කඩා වැටෙන්න හේතුවෙලා – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

රුපියලේ කඩා වැටීමට ප්‍රධානතම හේතුව රජයේ දුර්වල ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය බව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. අද දෙරණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “පසුගිය වසරේ ආර්ථික වර්ධණ වේගය 3.1% ක්. ප්‍රතිපත්තිවල දුර්වලතාවන් හා නිතර වෙනස්වන ප්‍රතිපත්ති තත්ත්වයන් යටතේ මේ ආකාරයට රුපියල අවප්‍රමාණය…

(0)Comments | May 1, 2018 4:43 pm

ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇත්තන් අතර පවතින සේවා වියුක්තිය දිගුකාලීන ගැටලුවක් වෙලා – මහ බැංකුව

සමස්ත සේවා වියුක්ති අනුපාතිකය අඩු මට්ටමක පැවතියද, තරුණ ප්‍රජාව, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයින් සහ කාන්තාවන් අතර පවතින ඉහළ සේවා වියුක්තිය දීර්ඝකාලීන ගැටලුවක් වී ඇති බව 2017 මහ බැංකු වාර්ෂික වාර්තා පෙන්වා දේ. මේ අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සේවා වියුක්ති අනුපාතිකය, පෙර වසරේ දී පැවති සියයට 4.4 සිට 2017 වසරේ දී සියයට 4.2 ක්…

(0)Comments | May 1, 2018 12:39 pm

ඉදිකිරීම්, කැණීම් පසුබසී

ඉදිකිරීම් සහ පතල් හා කැණීම් ක්‍රියාකාරකම්වල පසුබෑමත් සමඟ 2017 වසරේ දී කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් මන්දගාමී විය. යුද්ධය නිමා වීමෙන් පසු අවධිය තුළ සමස්ත ආර්ථික වර්ධනයට සැලකිය යුකු දායකත්වයක් සැපයූ ඉදිකිරීම් අංශය 2016 වසරේ දී වාර්තා කරන ලද සියයට 8.3 ක වර්ධනය හා සැසඳීමේ දී 2017 වසරේ දී සියයට 3.1 ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී විය….

(0)Comments | May 1, 2018 11:15 am

HNB නව සභාපති දිනේෂ් වීරක්කොඩි

හැටන් නැෂනල් බැංකු සමාගමේ නව සභාපතිවරයා ලෙසින් දිනේෂ් වීරක්කොඩ් මහතා පත් කර තිබේ. මෙම පත්කිරීම 2018 මැයි 26 දින බලපැවැත්වීමට නියමිතය. හැටන් නැෂනල් බැංකුවේ වත්මන් සභාපතිවරයා වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා 2018 මැයි 25 දින අදාළ තනතුරින් විශ්‍රාම යාමට නියමිතය. දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකා මානව සම්පත්…

(0)Comments | May 1, 2018 10:25 am

නව සංචාරක ඇමති රවී?

අද (01) දින සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී යළිත් වරක් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට ද තනතුරක් ලැබීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. මේ අනුව යහපාලන රජයේ නව සංචාරක අමාත්‍යවරයා ලෙසින් රවී කරුණානායක මහතා පත්වීමට ඉඩකඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතා 2017 මැයි…

(0)Comments | May 1, 2018 5:38 am