Hutchison Telecommunications Lanka (Private) Limited (“Hutch Lanka”) සහ Etisalat Lanka (Private) Limited සමාගම් ද්විත්වයෙහි කටයුතු ඒකාබද්ධ කිරීමට අදාළ සමාගම් දෙකේ මව් සමාගම් තීරණය කර තිබේ. මේ සමබන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ CK Hutchison Group (“CKHH Group”) සහ Emirates Telecommunications Group Company PJSC (“Etisalat Group”) සමාගම්වල ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදන මෙහෙයුම් ඒකාබද්ධ කිරීම…
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 10 මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මේ වන විට එය ඩොලර් බිලියන 9.9 ක් බවයි. “විනිමය අනුපාතිතය පාලනය කරනවාඩ වඩා මහ බැංකුවේ වැඩි අවධානය…
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙසින් රනෙල් ටී. විජේසිංහ මහතා පත්කිරීමට නියමිත බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී විජේසිංහ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බවත්ය. “දැනට මේ ගැන confirm කරන්න බැහැ. ඒ ලියකියිවිලි තාම finalize වෙලා…
විදේශ විනිමය අනුපාත තීරණය වීම වෙළෙඳපොළ මත සිදුවන්නක් බවත්, පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම ඒ වෙනුවෙන් අඩුමට්ටමක පැවතීම නිසා, විනිමය උච්ඡාවචනය වැඩි වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඊයේ (26) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ…
ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීමේ දිනට පෙර අදාල ගෙවීම් සිදුකිරීමට නොහැකි බව ඉස්මතුකර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තාපළවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත. ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවයෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩව සිදුකිරීම මගින් ඉතා…
විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ඊයේ (25) එම කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් දැක්වීය. 2018 වසරේදී කොමිෂන් සභාව විසින් වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව…
කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් හාට්මන් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එරට දායකත්වය, ආයෝජන සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු විය. මෙම අවස්ථාවට නව කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, දේශපාලන උපදේශක ජෙන්…
පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්බන්ධතා න්‍යාය පත්‍රයේ වෙළෙඳාම හා ආයෝජනය සංවර්ධනය කිරීම අරමුණු තර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙදාම වර්ධනය කළ යුතු වෙනවා “යැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් රටක ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ අවශ්‍යතා මග හැරීයනවා. එම නිසා පොදු රාජ්‍ය…
අයවැය පොරොන්දු ක්‍රියාත්මක වීමේ දී රජය පොරොන්දු වූ ආකාරයට ජනතා මුදල් වියදම් කර ඇතිදැයි සොයා බැලීමේ ක්‍රමවේදයක් වර්තමානයේ නැති බවත්, මේ නිසා සෑම වසරකම පාහේ රජයන් අයවැය කතාව කරන විට ජනතාවට දෙන සුන්දර පොරොන්දුවලින් බොහොමයක් ඉටු නොකරන පරිසරයක් අද වන විට නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන Verité Research පවසයි. 2017…
වත්මන් රජය බලයට පත් වූ 2015 ජනවාරි 09 දින සිට මේ දක්වා කාලය තුළ දී, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 19.74% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මේ බව අනාවරණය වේ. 2017 ජනවාරි 08 දින එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම රු. 131.25 ක් වූ අතර අද (25) දිනයේ දී…
Video Story