මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (2018 අප්‍රේල් 24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159.0445 ක් වශයෙනි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම…
ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් සුදුසු ආයෝජකයින් තෝරාගනු ලැබේ. ඒ අනුව, කරන්දෙණිය, බටඅත, නූරාණි, පුත්තලම, ලක්ෂ උයන හා මඩකලපුව යන කර්මාන්තපුරයන්හි පවතින හිස් ඉඩම් කොටස්වල කර්මාන්ත ඇරඹීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම පිණිස පුවත්පත් දැන්වීම් පළ කර…
2018 අප්‍රේල් 01 සිට මාස අටක කාලයක් සඳහා මර්බන් බොරතෙල් බැරල් 7,000,000 ක් මිල දී ගැනීම සඳහා, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 1.69 ක් බැගින් වන මුදලකට M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd වෙත පිරිනැමීමට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්…
2018 මාර්තු මාසය තුළ දී නිල සංචිත වත්කම්වල අඩුවීමක් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික විමර්ෂන වාර්තාවෙහි මේ බව සඳහන් වේ. 2018 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,309.11 ක් ලෙසින් වාර්තා වී ඇත. මේ අනුව…
HVA Foods PLC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් දිනුක් හෙට්ටිආරච්චි මහතා පත් කර තිබේ. 2018 අප්‍රේල් 19 දින සිට බලපැවැත්වෙන පරිදි HVA Foods PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දිනුක් හෙට්ටිආරච්චි මහතා පත්කර ඇති බව සමාගම් ලෙකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගමේ කළමනාකරණ හවුල්කරු ලෙසින් කටයුතු කරන…
අද (24) දින පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී යෝජිත ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ සාකච්ඡා කෙරුණේ නැති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. කැබිනට් හමුව අවසන් වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් 5432ක් මැයි 15දා වන විට බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ.බී.පී.එම්.ජේ. ගමගේ මහත්මිය පවසයි. ඒ අනුව සීමිත අංශයෙන් මෙම සේවාව සඳහා නිලධාරීන් 1377ක් ද, විවෘත අංශයෙන් 4055ක් ද බඳවාගැනීමට නියමිතව ඇත. පසුගිය වසරේ දෙසැම්බර් 31දා වන විට රාජ්‍ය කළමනාකරණ සේවයේ…
උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලංකා ධීවර සංස්ථාව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පාරිභෝජනය කෙරෙන මත්ස්‍ය විශේෂ 04ක් විශේෂ සහන මිලක් යටතේ අලෙවි කිරීමට තීරණය කළේය. ධීවර හා ජලජ…
කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් 4 ක ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් මෙම පියවර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. මෙලෙස ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් වී ඇති තැරැව්කාර සමාගම් වනුයේ, 1. නේෂන් ලංකා ඉක්විටීස්…
ශ්රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබඳ සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවිය. පාකිස්ථානයේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළත්වන අතර සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රයන්හි ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා තමන්…
Video Story