Top News

උද්ධමනය – වසර දෙකක් තුළ අඩුම අගයයට පැමිණෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 නොවැම්බර් මස සිට අඛණ්ඩ ව පහළ යන නැඹුරුවක් පෙන්නුම් කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.2ට සාපේක්ෂ ව 2016 අප්‍රේල් මස සිට වාර්තා…

(0)Comments | April 24, 2018 8:25 am

2018 මුල් කාර්තුවේදී දූෂණය අඩුවන බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 මුල් කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු)     රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව – ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2018 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක්…

(0)Comments | April 23, 2018 1:46 pm

Crypto currencies අපරාධ සඳහා යොදා ගැනීමේ අවදානමක් Video

මුදල් පථය හඳුනා ගැනීමට හැකියාවක් නොමැති වීමත්, සිදුකෙරෙන ගනුදෙනු නිර්නාමික ඒවා වීමත් නිසා Crypto currencies අපරාධ සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බව ආර්ථික විද්‍යාඥ ලලින්ද සුගතදාස මහතා පවසයි. පසුගිය වසර තුළ සිදුකරන ලද Bitcoin ගනුදෙනුවලින් භාගයක්ම යොදාගෙන ඇත්තේ නීතිවිරෝධී වැඩ සඳහා බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්…

(0)Comments | April 23, 2018 1:32 pm

මෙරට හෙදියන්ට ඇමරිකා රැකියා වරම් – ඉල්ලුම් කරන්නේ මෙහෙමයි

ඇමරිකා එක්සත් ජනපදයේ බලයලත් බඳවා ගැනීමේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ KARMA සේවය ශ්‍රී ලංකාවේ වෙසෙන හෙදියන් (ගැහැණු සහ පිරිමි)  සඳහා ඇමරිකාවේ රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා හෙදි බලපත්‍රය ලබා සිටීම සහ අවම වශයෙන් අවුරුදු දෙකක රෝහල් හෙදි අත්දැකීම, හෙදි ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හෝ හෙදි ඩිප්ලෝමාවක් ලබා තිබීම මේ…

(0)Comments | April 23, 2018 11:16 am

නිදහස් කුසලානයෙන් රු. මිලියන 943 ක ශුද්ධ ලාභයක්

පසුගිය දා ශ්‍රී ලංකාවේ පවත්වන ලද නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියෙන් රුපියල් බිලියන 940 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ බව අනාවරණය කළේය. “ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති සාර්ථකම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මෙයයි. මීට පෙර මේ වගේ සාර්ථක…

(0)Comments | April 23, 2018 10:57 am

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුත් වෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත. වෙබ් අඩවියේ ලිපිනය වන http://www.mfa.gov.lk නොවෙනස්ව පවතියි. මෙම නව අතුරු මුහුණත, වෙබ් පරිශීලකයාට හා මහජනතාවට භාවිතා කිරීමට පහසු වන අයුරින්, ජංගම දුරකථන ඔස්සේ සහ විවිධ උපාංග හා බ්‍රවුසර හරහා ප්‍රවේශ විය හැකි වන පරිදි නිර්මාණය කර ඇත. වෙබ් අඩවියේ ප්‍රධාන අංශවලට අදාළ විස්තරාත්මක යාවත්කාලීන තොරතුරු, එනම් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ…

(0)Comments | April 22, 2018 11:37 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමෙහි සිව්වැනි සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

කොළඹ දී  සහ වොෂින්ටන් නුවර පැවති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුරදී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ ජා.මූ. අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී, මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී. “ජා.මූ. අරමුදලේ නිලධාරි කණ්ඩායම, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි සිව්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී…

(0)Comments | April 20, 2018 8:41 pm

මැයි 07 වෙළෙඳ නිවාඩු දිනයක්

2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුයි; ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි. ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කර ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු…

(0)Comments | April 20, 2018 1:10 am

බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින යෙදුණු අප්‍රේල් 14 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් ඒ වෙනුවෙන් වූ  දින භාගයක බැංකු නිවාඩුවක් හෙට (20) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් හෙට (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහ්න…

(0)Comments | April 19, 2018 4:14 pm

ඇන්ටනොව් යානයෙන් මත්තලට රුපියල් මිලියන 13 ක ආදායමක්

ඊයේ (18) දිනයේ දී මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් An-225 යානයට සේවා සැපයීම තුළින් රුපියල් මිලියන 13 කට වැඩි විදේශ විනිමයක් ඉපයීමට අවස්ථාව ලැබුණු බව ගුවන්තොටුපළ බලධාරීන් පවසයි. ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සහ කාර්ය මණ්ඩලයට විවේක ගැනීම පිණිස මෙලෙස මෙම ඇන්ටනොව් An-225 ගුවන් යානය…

(0)Comments | April 19, 2018 3:21 pm